• Ada Derana BIZ Sinhala
  • ComBank
  • LANKAQR
  • Q+ Payment App
  • SLT-MOBITEL
  • sri lanaka

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට 30% ක් දක්වා ආපසු මුදල් සහ දිනපතා රුපියල් 10,000 ක ත්‍යාගයක්

June, 23, 2022

කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් එක් කාල සීමාවන් වලදී කීල්ස් සුපිරි වෙළෙඳසැල්, සෙන්-සාල් අවන්හල්, ෆැෂන් බග් (ප‍්‍රයිවට්) ලිමිඩට් සහ SLT-Mobitel වෙත ගෙවීම් කිරීමේදී මෙම දීමනා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, වීසා කාඞ්පත් පිළිගන්නා  ඕනෑම LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් ගෙවීම් කටයුතු කරන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ මුලින් කරන ගනුදෙනු තුන සඳහා එක් ගනුදෙනුවකට උපරිම රුපියල් 300 ක් දක්වා මුදල් ආපසු ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ අතර, සැප්තැම්බර් මාසය අවසන් වනතුරු LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් බිල්පත් ගෙවීමේදී මෙම දීමනාව ලබාගත හැකිවේ.

කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයද මෙම LANKAQR ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින අතර ජූලි 07 වනදා දක්වා මෙම ඇප් පහසුකම මගින් ස්කෑන් කර ගෙවීම් කරන වාසනාවන්ත ගනුදෙනුකරුවෙකුට දිනකට රුපියල් 10,000 ක් ලබාදීමට කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය ඉදිරිපත් වී තිබේ.

එසේම, ඊ-බිල් පතේ තිබෙන LANKAQR කේතය ස්කෑන් කර Q+ ඇප් පහසුකම භාවිතා කරමින් SLT-Mobitel බිල්පත් ගෙවන ගනුදෙනු කරුවන්ට 5GB නොමිලේ ඬේටා සහ මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට කතා කිරීමට නොමිලේ මිනිත්තු 300 ක කතා කාලයක් ලබාගැනීමටත්  මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට නොමිලේ කෙටි පණිවුඩ 300 ක් යැවීමටත් අවස්ථාව හිමිවේ. මෙම දීමනාව හිමිවන්නේ බිල්පතේ වටිනාකම රුපියල් 1000 කට වැඩිනම් පමණක් බව බැංකුව සඳහන් කරයි.

Q+ ගෙවීමේ ඇප් පහසුකම මේ වනවිට ශ‍්‍රී ලංකාවේ තිබෙන වේගයෙන්ම ව්‍යාප්ත වන QR ඇප් සේවාව වන අතර LANKAQR යටතේ ආරම්භ කළ මෙරට පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම මෙය වේ. එසේම, නවතම දත්ත විශ්ලේෂණය කරමින් LANKAQR සඳහන් කළේ මෙය ශ‍්‍රී ලංකාවේ දැනට තිබෙන අංක එකේ ගෙවීමේ ඇප් සේවාව බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තේ වෙළෙඳුන් විසින් නිකුත් කළ LANKAQR කේත ස්කෑන් කර සිදුකළ සාර්ථක ‘ස්කෑන් ඇන්ඩ් පේ’ ගනුදෙනු පිළිබඳව ලංකාපේ විසින් රැස්කර ගත් දත්ත පදනම් කරගනිමිනුයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • HelpAge
  • sri lanaka

AIA ඉන්ෂුවරන්ස් හි අඛණ්ඩ සමාජ මෙහෙවර හරහා වෙසක් ඩිජිටල් දානය ඔස්සේ HelpAge ශ්‍රී ලංකා වෙත පරිත්‍යාගයක්

June, 23, 2022

AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී.

මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර  දෙමින්, ඒ ඔස්සේ  සියලු ශ්‍රී ලාංකිකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීම යන AIA ඉන්ෂුවරන්ස් හී සන්නාම ප්‍රතිඥාව සාක්ෂාත් කරගැනීම ද අපේක්ෂා කෙරිණි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම ඩිජිටල් දානමය පුණ්‍යකර්මය ඔස්සේ ඒ හා සම්බන්ධ වූ සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම රු.100/-ක මුදල් පරිත්‍යාගයක් සිදුකල අතර එමගින් එකතු වූ මුදලින් සහ AIA හි අනුග්‍රහයෙන් HelpAge ශ්‍රී ලංකා ආයතනය වෙත රෝද පුටු 10ක පරිත්‍යාගයක් කිරීමට සමාගමට හැකිවිය.  එම සංවිධානය සඳහා මෙම රෝදපුටු අත්‍යවශ්‍ය අංගයක් වන අතර ඒවා රෝගීව අසරණව සිටින වැඩිහිටියන් වෙත ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනිය වන චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ "දන්දීම සහ අනුන්ට උදව් උපකාර කිරීම  ශ්‍රී ලාංකිකයන් වන අපගේ ජීවිත හා බැඳී පවතින දෙයක්.  ඒ වගේම දේශීය සම්ප්‍රදායන්ට ගරු කරන සමාගමක් වශයෙන් එවන් කරුණු සඳහා ප්‍රමුඛත්වයක් දෙමින් ඒවා ඉස්මතුවන අයුරින් කටයුතු කිරීමට අප උත්සුක වෙනවා.  මෙවන් ගැටලුකාරී වාතාවරණයක් පවතින අවස්ථාවක දී වුවත් සමාජයීය සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්ඩව අප කැපවීමෙන් කටයුතු කරනවා. මෙවර වෙසක් සමයේ දී අප අරමුණු කරගත්තේ HelpAge ආයතනය සමගින් සහයෝගීතාවයෙන් වැඩිහිටියන් හට උපකාර කිරීමට අප කටයුතු කළා.  සමාජ මාධ්‍ය ඔස්සේ අපගේ එම සද්ක්‍රියාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික ජනතාවගෙන් අපට විශාල වශයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණ අතර ඔවුනට අපගේ හදපිරි ස්තුතිය සහ ප්‍රණාමය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා."

HelpAge ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක මහතා අපගේ පරිත්‍යාගය වෙනුවෙන් ස්තුති කරමින් කියා සිටියේ "HelpAge ශ්‍රී ලංකා ආයතනය, මෙරට ජීවත්වන අඩු ආදායම් සහිත වරප්‍රසාද නොලත් වැඩිහිටි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ආධාර උපකාර කරන රාජ්‍ය නොවන පුණ්‍යායතනයක්.  මෙම කටයුතු සඳහා අප ත්‍යාගශීලී ආයතන සහ පුද්ගලයන්ගේ අනුග්‍රහය ඉතාමත් සතුටින් භාරගන්නා අතර බොහෝවිට අපගේ කටයුතු රඳා පවතින්නේ එවන් ආධාර මතයි. දැනට පවතින වාතාවරණය තුළ අපට එලෙස ලැබෙන ආධාර වල අඩුවක් පවතින අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙලෙස අපට අවශ්‍යම මොහොතක දී අප හා සම්බන්ධ වීම සතුටක්.  මෙවර වෙසක් සමයේ දී  AIA සමාගම කළ මේ පරිත්‍යාගය ඔස්සේ රෝගීව හරියාකාර ඇවිද ගැනීමට නොහැකිව ඇඳකට සීමා වී  අසරණව සිටින වැඩිහිටියන් 10 දෙනෙකුට යම් සහනයක් අත්කර දීමට හැකිවීම මහත් වූ පුණ්‍යකර්මයක්".

  • 2021 Emerging Asia
  • Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanaka

ජනශක්ති ලයිෆ් ‘2021 Emerging Asia’ රක්ෂණ සම්මාන උළෙල විජයග්‍රහණය කරයි

June, 23, 2022

ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 3 වැනි ICC නැගී එන ආසියානු රක්ෂණ සම්මාන (2021) උළෙලේ දී  'රක්ෂණ සේවා ව්‍යප්තිය සඳහා අනුගමනය කළ හොඳ ම උපායමාර්ග' සඳහා වන සම්මානය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම විසින් දිනා ගන්නා ලදී.

ඉන්දියාවේ කල්කටාහි දී පැවැත්වුණු මෙම සම්මාන උළෙල ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ අතර, එහි දී ඉන්දියානු රක්ෂණ ආයතනය, ඉන්දීය ජීවිත රක්ෂණ කවුන්සිලය, ඉන්දීය සාමාන්‍ය රක්ෂණ සභාව, ජාතික රක්ෂණ ඇකඩමිය සහ PWC යන ආයතන  ආසියානු කලාපයේ රක්ෂණ කර්මාන්තය නඟාසිටුවීමට ක්‍රියාකරන රක්ෂණ සමාගම් තෝරාගැනීමේ ක්‍රියාවලියේ සමාලෝචකයින් ලෙස කටයුතු කරන ලදී.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී.  හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. " අප සමාගම ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් අපගේ ව්‍යාපාරික උපාය මාර්ගවල විශිෂ්ටත්වය පිළිබිඹු වෙනවා. ඒ වගේ ම සාමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගාත්මක පසුගිය වකවානුවක පවා මේ රටේ තරඟකාරී රක්ෂණ වෙළෙඳපොළ තුළ අපගේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීමට අපට හැකි වුණු බව මේ සම්මානය තහවුරු කරනවා. ඊට අමතරව මෙමගින් අපගේ සමාගමේ වර්තමාන ආයතනික ශක්තිමත් බව සහ අනාගත ස්ථාවරත්වය ගැන ගනුදෙනුකරුවන්ට ඉතා හොඳ පණිවුඩයක් ලබා දෙන බවත් මම විශ්වාස කරනවා. මෙම සම්මානය අපගේ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා ම පසුගිය අභියෝගාත්මක කාලවකවානුවල දී පවා ආයතනයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව කැප වුණු අතිදක්ෂ අපගේ සමස්ත කාර්‍යමණ්ඩලයට  මගේ සුභාසිංශන එක් කිරීමට මෙය මම අවස්ථාවක් කරගන්නවා."

'ජනතාවගේ ජීවිත නගා සිටුවමින්, ඔවුන්ගේ සිහින බලගැන්වීම'  යන ආයතනික අරමුණ පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක වන විශ්වාසවන්ත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, සෑම විට ම සිය ගනුදෙනුකරුවන් වෙත මූලිකත්වය ලබා දෙමින්, ආචාරධර්මයන්ට අනුකූලව සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන ආයතනයක් බව පැවසිය යුතු ම කරුණකි. එමෙන් ම සිය ගනුදෙනුකරුවන්ගේ සියලු ම රක්ෂණ අවශ්‍යතා සඳහා සරිලන රක්‍ෂණ විසඳුම් හා සේවාවන් රැසක් ජනශක්ති ලයිෆ් සමාගම සතු වන බව ද සිහිපත් කළ යුතු ම ය. සිය ආයතනික අරමුණු තවත් පුළුල් කරමින් තම සේවක මණ්ඩලයේ සිහින හා අපේක්ෂාවන් වර්ධනය කරගැනීමට සහයෝගය ලබා දීමට මෙන් ම ඒ සඳහා සරිලන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම කටයුතු කරන බව ද සඳහන් කළ යුතුමය.

ජනශක්ති රක්ෂණ සමාගම Brand Finance ආයතනය මගින්  ශ්‍රී ලංකාවේ ශක්තිමත් ම සන්නාම 100 අතරට නම් කර ඇති ආයතනයකි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්,  වේගයෙන් ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාම 10 (TOP 10) අතරින් එකක් ලෙස ශ්‍රේණිගත වීමට සමත් වූ ජනශක්ති ලයිෆ්,  A+ ශ්‍රේණිගත කිරීම හා සන්නාම ප්‍රබලතා දර්ශකයේ (BSI) ලකුණු 569 ක ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්, TOP 10 සන්නාම අතරට එක් වූ එක ම රක්ෂණ සන්නාමය ද වේ. ඊට අමතරව ජනශක්ති රක්ෂණ සමාගම 2022 වසර තුළ වෙළෙඳපොළේ ඇති සියලු ම ජීවිත රක්ෂණ සමාගම්වල මුළු සන්නාම වටිනාකමට සාපේක්ෂව  22% ක කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත. මෙම සන්නාම වටිනාකම් වර්ධනය සඳහා 2021 වසර තුළ දී ජනශක්ති රක්ෂණ සමාගම මෙරට රක්ෂණ වෙළෙඳපොළ තුළ පවතින තරඟකාරිත්වය අභිබවමින්,  අඛණ්ඩව රුපියල් බිලියන දෙකක ශක්තිමත් වෙළෙඳපොළ කොටස් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වීම ද බෙහෙවින් බලපෑ බව පැවසිය යුතුමය.

සිය සිංහ බලකායේ කාර්යශූරත්වය සහ කැපවීම සමගින්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම 2021 වර්ෂයේදී සමත් විය. එමෙන් ම සිය සේවකයින් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකම් සහිත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම ( Great Place To Work – GPTW) වෙනුවෙන් ජනශක්ති රක්ෂණ සමාගමේ කැපවීම අගයමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ද එම සමාගම නම් කොට ඇත.  වසර 27ක කාලයක් පුරා, ජනශක්ති රක්ෂණ සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ඉදිරියට ම ගමන් කරන සමාගමක් වන බවත්, දිවයින ම ආවරණය වන පරිදි පිහිටා ඇති 75 කට අධික ජනශක්ති ශාඛා ජාලය සෑම තරාතිරමක ම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමමේ හැකියාව ලබා දෙන බවත් සිහිපත් කළ යුතුමය.

 

ඡායාරූප විස්තරය :  ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී.  හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ

  • Ada Derana BIZ Sinhala
  • SOS
  • SOS Children’s Villages
  • sri lanaka

SOS ළමා ගම්මාන වැඩසටහන ශ්‍රී ලංකාවේ හතළිස් වසරක මෙහෙවර සමරයි

June, 23, 2022

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා සිය වසර 40 ක මෙහෙවර සැමරීම සඳහා විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ 12,000 කට අධික පිරිසකට SOS ළමා ගම්මාන වැඩසටහන මගින් සෘජු ප්‍රතිලාභ හිමි වී ඇති අතර, ඊට අමතරව විවිධාකාර සමාජ සුභසාධන වැඩසටහන් ඔස්සේ සෙත සැලසුණු සංඛ්‍යාව 50,000 කට අධික වේ.

මෙම සැමරුම වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය පිළියන්දල SOS ළමා ගම්මානයේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, එදින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ මුද්දරයක් හා මුල්දින කවරයක්ද නිකුත් කරන ලදි. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති නන්දසිරි පොන්නම්පෙරුම, තැපැල්පති රංජිත් ආරියරත්න, SOS තානාපති රොෂාන් මහානාම, SOS ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ තවත් සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

“අපගේ 40 වන සංවත්සරය වෙනුවෙන් මෙලෙස සමරු මුද්දරයක් නිකුත් වීම අපට මහත් ආඩම්බරයක්. ඒ වෙනුවෙන් අප ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට ස්තූතිවන්ත වනවා. ජාත්‍යන්තර SOS වැඩසටහන ආරම්භ කරන ලද්දේ ‘සෑම දරුවෙකුම පවුලකට අයත් විය යුතු අතර ආදරය, ගෞරවය සහ ආරක්ෂාව ඇතිව හැදී වැඩීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු ය’ යන දැක්ම මුල්කරගෙනයි.  මෙම විශ්වීය අරමුණ හා වගකීම පෙරදැරිව ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුර නගාසිටුවීම සඳහා අප මෙතෙක් ඉටුකර ඇති මෙහෙවර සම්බන්ධයෙන් අපට නිහතමානීව සතුටු වන්නට පුළුවන්. ඒ වෙනුවෙන් SOS මවුවරුන්, සහය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන හයෙහි අධ්‍යක්ෂවරුන් සහ නන් අයුරින් මේ වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ අනෙකුත් සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

සමරු මුද්දරය සහ විශේෂ මුල්දින කවරය

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරය, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිල වශයෙන් නිකුත් කරන ලද අවස්ථාව

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනෙ 40 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කරන ලද ලාංඡනය සහ මේ දක්වා එම වැඩසටහන විසින් පසුකරන ලද සුවිශේෂී සන්ධිස්ථාන මෙම සමරු මුද්දරයට ඇතුළත් වී තිබේ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, පවුලේ රැකවරණයට සමාන රැකවරණයක් ඔවුන්ට ලබාදීම, පුළුල් සමාජයක් තුළ සහෝදර සහෝදරියන් සමග හැදී වැඩීමට අවස්ථාව සලසා දීම, සහ විශේෂයෙන්ම SOS දරුවන්ට ‘අම්මා’ ලෙස ආමන්ත්‍රණය කළ හැකි මවුවරුන්ගේ රැකවරණය හිමිකර දීම මෙම වැඩසටහනේ කැපීපෙනෙන මෙහෙවර අතරින් ප්‍රධාන තැනක් ගනී.

JOY නමින් සිහිවටන ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කිරීම

තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත්වීමට සමත් වූ SOS දරුවන් පිළිබඳ තොරතුරු ‘JOY’ (Journey of Our Youth) ග්‍රන්ථයට ඇතුළත් වී ඇත. ශ්‍රී ලංකාවේ SOS ළමා වැඩසටහන මගින් දරුවන්ට ලබාදෙන, පවුලකට සමාන රැකවරණයේ සුවිශේෂීත්වය මෙම පොතේ ඇතුළත් ඡායාරූප හා තොරතුරු මගින් මනාව පැහැදිලි වේ.  

විශේෂ වර්ණ ප්‍රදානය

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වල රැකවරණය යටතේ හැදී වැඩී ඉන් නික්ම ගොස්, ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණයන් හිමිකරගත් පිරිසක් වෙනුවෙන් මෙහිදී විශේෂ වර්ණ ප්‍රදානයක්ද සිදුකරන ලදි.

වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ SOS සේවක සේවිකාවන් පිරිසකගේ සේවය අගයමින් ඔවුන්ට සමරු ඵලක පිරිනැමීමක්ද සිදු විය.

  • Ada Derana BIZ Sinhala
  • IYAP
  • sri lanaka
  • SYA

සමාජ ඒකාබද්ධතාව සඳහා තරුණ පරිවර්තනය සිදු කරමින්, SYA වැඩසටහනෙහි සීමාවාසික පුහුණුව පැවැත්වේ

June, 23, 2022

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප් නංවමින් පැවැත්වෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මගින්, දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක තරුණ තරුණියන් 280 දෙනෙකු සඳහා ජීවිතය වෙනස් කරන මාහැඟි සීමාවාසික පුහුණු අවස්ථාවන්  පිරි නමා තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්‍රියාත්මක කෙරෙන සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන දිවයින පුරා සිටින තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් ඔප් නැංවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි. වයස අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා දායක කර ගැනීමට මෙන්ම, සිවිල් දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙය මාස 12 ක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන මගින්, පූර්ව සීමාවාසික පුහුණු කඳවුරු වලින් අනතුරුව සීමාවාසිකයින් 280 දෙනෙකු මාස ​​4 ක කාලයක් සඳහා සිය දිස්ත්‍රික්කය තුළ විවිධ ආයතනවලට අනුයුක්ත කෙරිණි. එහිදී, පුහුණුකරුවන් දෙදෙනකුගේ මග පෙන්වීම යටතේ ඔවුනට සතියට දින හතරක් සත්කාරක ආයතනයේ වැඩ කිරීමටත්, අනෙක් දින එනම්, සිකුරාදා දිනයෙහි නැවතත් පුහුණු කටයුතුවල නියැලීමටත් අවස්ථාව ලැබී තිබිණි. සමස්තයක් වශයෙන් ගත් කල, සමාජ ක්‍රියාකාරිකයින් ලෙස තරුණයින්ට මෙම සීමාවාසික පුහුණුව මගින්, විවිධ සමාජ ගැටලු හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කර තිබේ.

මෙවැනි පුහුණුවකින් සැලසෙන වැදගත්ම ජයග්‍රහණයක් නම්, රටෙහි අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකටයුතු කිරීමට තරුණ ප්‍රජාව තුළ උද්යෝගය වර්ධනය කිරීමයි. “සීමාවාසික පුහුණුවෙන් පසුව මම මෙහිදී ලැබූ අත්දැකීම් සමග රටේ සංවර්ධනය සඳහා දායක වීමට කැමතියි. මම ත්‍රිමාණ සජීවිකරණ සහ වෙබ් සංවර්ධන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට තෝරා ගත්තෙත්,  ඒ නිසයි. මම ඒ ඔස්සේ සාර්ථක වුණොත්, මට ඊළඟ පරම්පරාවටත් ඒ මාර්ගය විවෘත  කරන්නත් පුළුවන්.” යනුවෙන් පුහුණුව සාර්ථක ලෙස නිමා කළ යාපනය ප්‍රදේශයේ සීමාවාසිකයකු සඳහන් කළේය.

සිය වෘත්තිය ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමටද ඇතැම් තරුණ පිරිස් මෙම පුහුණු අත්දැකීම් උපයෝගී කර ගෙන ඇත. සිමාවාසික පුහුණුව ලැබූ මාතර ප්‍රදේශයෙන් තෝරා ගැණුනු තරුණියක් සඳහන් කළේ මෙවැන්නකි. “ගණකාධිකාරිවරයකු වීම මගේ අරමුණ නිසා මම ආධුනික ගණකාධිකාරිවරයෙක් ලෙස සත්කාරක ආයතනයේ සේවය කළා. ආයතනයෙන් ලැබූ එම පුහුණුව නිසා, මට විදේශ සමාගමක කනිෂ්ට ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා.” අතැමකුට සිය සිහින වෘත්තියට පිය නැගීමට මෙම පුහුණුව හිණි මගක් වී තිබේ. මෝස්තර නිරූපණ වෘත්තිය ස්වකීය සිහින වෘත්තිය ලෙස තෝරා ගත් මුලතිව් ප්‍රදේශයේ තරුණියක පුහුණුව සඳහා මැහුම් ආයතනයකට බැඳී තිබිණි. එමෙන්ම නවකතා රචිකාවක වීමේ සිහිනයට පණ දෙන මොණරාගල තරුණියක සීමාවාසික පුහුණුව සඳහා පොත් සාප්පුවකට බැඳී, නවකතා කියවීමට මෙන්ම ඇගේම නවකතාව ලිවීමටත් අවස්ථාව සලසා ගෙන තිබිණි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත් තරුණ තරුණියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් මෙම වැඩසටහන ඊට සුදුසුම කාලයේදී හඳුන්වා දුන් බව පොදු පිළි ගැනීමයි.  “වසංගතය නිසා සෑහෙන කාලයක් නාස්ති වී යාම ගැන මම හිටියෙ කණස්සල්ලෙන්. ඒ වුණත්, SYA මගින් පැවැත්වූ පුහුණු කඳවුර, මාස 4 සීමාවාසික පුහුණුව, සිකුරාදා දිනවල පැවැත්වූ පුහුණු සැසි සඳහා සහභාගි වෙන්න අවස්ථාව සැලසුවා. ” තමන්ට මෙම පුහුණුව ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳව තරුණ තරුණියෝ IYAP වෙත සිය කෘතඥතාව පළ කළහ. එමෙන්ම, තමන්ට ආදර්ශමත් පුරවැසියන් බවට පත් වීමේදී සිය හැකියාවන් සහ දුර්වලතා හඳුනා ගැනීම සඳහා මෙම පුහුණුව මගින් මාහැඟි පිටුබලයක් සැලසුණු බවද ඔවුහු ප්‍රකාශ කළහ.

2013 වසරේ කොළඹ පදනම් කරගනිමින් පිහිටුවා ගැනුණු සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP), තරුණ ප්‍රජාව ගේ හැකියාවන් සවිබල ගන්වමින් ඔවුන් සතු කුසලතා ප්‍රජාවට සහ රටට දායාද කරලීමට අවස්ථාව සලසන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයකි. එහි අරමුණු අතර, තරුණ නියෝජනය ශක්තිමත් කර සමාජයට සහ රටට බලපාන ගැටලු විසඳීම සඳහා නායකත්ව භූමිකාවන් කරා ඔවුන් යොමු කිරීම කැපී පෙනේ.

  • Ada Derana BIZ Sinhala
  • DELL
  • Softlogic IT
  • sri lanaka

Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

June, 22, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් හා සේවා සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින්, පසුගියදා අවසන් වූ නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී (Dell Technologies FY23 Partner Business Conference) සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. මෙහිදී හිමිකරගත් සුවිශේෂී සම්මාන වන්නේ වසරේ පළමු පෙළ ව්‍යාපාරික සහකරු - ශ්‍රී ලංකාව සහ මාලදිවයින (Tier 1 Partner of the Year – Sri Lanka and Maldives) සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා නැගී එන ආසියානු වෙළඳ පොළ තුළ හොඳම පාරිභෝගික විසඳුම් සපයන්නාට (Asia Emerging Markets Solution Provider of the Year- Client Solutions Group) හිමි සම්මානයයි.

මෙම සම්මාන සඳහා Softlogic IT නාමය නිර්දේශ වීමට පෙර විශ්ලේෂණාත්මක තේරීම් ක්‍රියාපටිපාටියකට භාජනය වී ඇත. මෙහිදී විශේෂයෙන්ම DELL විසින් හොඳම ව්‍යාපාරික සහකරු තෝරා ගැනීමේදී, අදාළ සන්නාමයන් විසින් ලබාගෙන ඇති පාරිභෝගික ජයග්‍රහණ, ඔවුන් හඳුන්වා දී ඇති නව්‍ය වෙළඳපල උපාය මාර්ග, වසරින් වසර ව්‍යාපාර වර්ධනය සහ ඉලක්ක වෙළඳපල තුළ නායකත්ව යන සාධක සැළකිල්ලට ගෙන ඇත.

නැගී එන ආසියානු වෙළඳ පොළ තුළ හොඳම පාරිභෝගික විසඳුම් සපයන්නාට හිමි සම්මානය සඳහා රටවල් 14කින් සමාගම් 100කට අධික සංඛ්‍යාවක් විනිශ්චය කර ඇත. එම රටවල් වනුයේ, ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංගලාදේශය, මොංගෝලියාව, මාලදිවයින, නේපාලය, භූතානය, බෲනායි, ටිමෝර්-ලෙස්ටේ, ෆීජි, කාම්බෝජය, මියන්මාරය, ලාඕසය සහ පැපුවා නිව්ගිනියාවයි.

මෙවැනි තරඟකාරී සම්මාන උළෙලකදී ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිවීම පිළිබඳ අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් IT හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා මෙලෙස පවසා සිටියි. "මෙම මූල්‍ය වර්ෂය තුළ මේ ආකාරයේ සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීම පිළිබඳ අප ආඩම්බරයට පත් වෙනවා සේම ඒ සම්මාන ද්විත්වය ලැබීමට සුවිශේෂී අර්ථයක් තිබෙනවා.   විශේෂයෙන්ම, ව්‍යාපාර විසඳුම් කාණ්ඩය තුළ හොඳම DELL නිෂ්පාදන සැපයීමේ හවුල්කරුට හිමි සම්මානයත්, නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරමින් හොඳම හවුල්කරුට හිමි සම්මානයත් දිනා ගැනීම තුළින් අපගේ සන්නාමයේ විශිෂ්ටත්වය මැනවින් සමාජයට පෙන්නුම් කරනවා යැයි කියන්න පුළුවන්.  කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙන්ම පවතින ආර්ථික අර්බුධය හමුවේ අප ක්ෂේත්‍රය විශාල අර්බුධ රැසකට මුහුණ දෙමින් සිටිනවා.  නමුත් එම අභියෝගයන් හට සාර්ථක අන්දමින් මුහුණ දෙමින් අප ක්‍රියා කරන බව මූල්‍ය දත්ත මගින් මැනවින් පෙන්නුම් කරනවා. පසුගිය වසර හා සැසඳීමේදී DELL ව්‍යාපාරික අදායම 80%කින් වර්ධනය කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙම සම්මානයන්හි පුර්ණ ගෞරවය අපගේ සේවක මණ්ඩලය මෙන්ම පාරිභෝගික කණ්ඩායම් වලට හිමිවිය යුතුයි. වසර දෙකකට පෙර අපගේ අරමුණ වූයේ තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණ වෙළඳපොල අවකාශය තුළ නායකයින් වීම. නමුත් වසර දෙකකටත් වඩා අඩු කාලයක් තුළ එම වෙළඳ පොළ නායකත්වය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත්වෙනවා."

DELL සන්නාමයේ නිෂ්පාදන සහ ව්‍යවසාය විසඳුම් පාරිභෝගිකයින්ට සැපයීමේ ප්‍රමුඛයින් ලෙස, පළමු පෙළ ව්‍යවසාය සහකරු - ශ්‍රී ලංකාව සහ මාලදිවයින (Tier 1 Partner of the Year – Sri Lanka and Maldives) සඳහා වූ සම්මානය සොෆ්ට්ලොජික් IT හට හිමිවූ අතර, මෙම සම්මාන ද්විත්වය හිමිකර ගැනීම පසුපස ඇත්තේ, පාරිභෝගිකයාට ඉහළම විසඳුම් හා සේවාවන් ලබාදීම සඳහා වූ සමාගමේ අඛණ්ඩ උත්සාහය සහ ඉහළ කර්යසාධනයයි.

මෙම සම්මාන ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් IT හි අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ සිධන්ත පීරිස් මහතා මෙලෙස පවසයි. "මෙම සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. මෙම ජයග්‍රහණ පසුපස සිටින්නේ අපගේ සේවාදායකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවී ක්‍රියා කරන දක්ෂ සහ කාර්යක්ෂම සේවක මණ්ඩලය ලෙස මම හඳුන්වා දෙන්න කැමතියි. තවද, අප කෙරෙහි විශ්වාසය තබමින්, අප හා අත්වැල් බැඳ ගනිමින් සිටින සියලුම පාරිභෝගිකයින් හටද ස්තුතී කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම, ඔවුන්ගේ විශ්වාසය තුළින් අපට වෙළඳ පොළ තුළට නවෝත්පාදන රැසක් සිදුකිරීමට හැකි වුණා.  මෙම සම්මාන අපගේ සේවා පිරිනැමීම් තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අනාගතයේදී අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ විසඳුම් සැපයීමට ඉවහල් වනු ඇතැයි අපට විශ්වාසයි.”

විශිෂ්ට සේවා කණ්ඩායමට අමතරව, සොෆ්ට්ලොජික් IT හට ලොවපුරා විසිරුණු ගෝලීය හවුල්කරුවන්ගේ සහ සේවා සපයන්නන්ගේ ජාලයක් ද හිමිය.  මෙම සංකලනය, සොෆ්ට්ලොජික් IT හට තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ඉක්මවීමට පමණක් නොව එහි සියලුම පාර්ශ්වකරුවන් සඳහා වැඩි වටිනාකමක් ඇති කිරීමට හැකියාව ඇති ගෝලීය මට්ටමේ විසඳුම් සපයන්නෙකු වීමට අවශ්‍ය හැකියාව ලබාදෙයි.

  • Ada Derana BIZ Sinhala
  • Erythropoietin (EPO)
  • INSEE
  • Siam City Cement Public Limited
  • sri lanaka

INSEE සිමෙන්ති මෙරට රක්තහීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් 10,000ක් පරිත්‍යාග කරයි

June, 22, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ හදිසි ඉල්ලීමකට අනුව INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා) සමාගමේ මව් සමාගම වන තායිලන්තයේ සියම් සිටි පොදු සමාගම (Siam City Cement Public Limited) විසින් රුපියල් මිලියන 40 ක් වටිනා මෙම ඖෂධ තොගය පරිත්‍යාග කෙරිණි.

මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ස හභාගි වූ අතර, එම අවස්ථාවට තායිලන්ත තානාපති පොජ් හර්න්පොල් හා රාජකීය තායි තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් පීරපත් ටොන්ග්‍රොඩ් යන මහත්වරු සමගින්, INSEE සිමෙන්ති පාර්ශ්වය නියෝජනය කරමින් එම සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරු සහභාගි වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා මෙසේ පැවසුවේය. "වගකිවයුතු වගේ ම, ආදර්ශමත් ආයතනික පුරවැසියෙකු විදියට INSEE සිමෙන්ති සමාගම ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, නව මානයන් ඔස්සේ මේ රටේ ජනතාවට විවිධ අයුරින් සහයෝගය දක්වනවා. තායිලන්තයේ Siam Bioscience සමාගමෙන් මෙම එන්නත් තොගය මිල දී ගැනීම සඳහා තායිලන්තයේ සියම් සිටි සිමෙන්ති පොදු සමාගම (Siam City Cement Public Limited) දැක්වූ සහයෝගය අපි ඉතා අගය කොට සලකනවා. ඒ වගේ ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ තොගය ලබා දීමට කටයුතු කිරිම මගින් වර්තමානයේ දී මෙ රටේ පවතින බරපතල ඖෂධ හිඟයට යම් පමණක හෝ විසඳුමක් ලබා දීමට වගේ ම, ජීවිත ගණනාවක් බේරා ගැනීමටත් හැකි වේවි කියල මම විශ්වාස කරනවා."

ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමින් මෙන් ම ප්‍රාදේශීය වශයෙන් ද ජනතාවගේ සිත් සතන් තුළ තදින් ම කාවැදී ඇති වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු වන INSEE සිමෙන්ති සමාගම, මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන් ම වෙළෙඳපොළ ස්ථාවර භාවය පවත්වා ගැනීම සඳහා ද අඛණ්ඩව සිය දායකත්වය ලබා දී ඇති ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන් ම එම සමාගම COVID-19 ව්‍යසනය අවස්ථාවේ දී රට යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ආයතනවලින් එකකි. පසුගිය කාලවකවානුව තුළ දී සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වූ INSEE සිමෙන්ති සමාගම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන පරිදි සිය නිෂ්පාදන කටයුතු හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බව ද සිහිපත් කළ යුතුමය.

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • Mastercard
  • Mastercard Payment Gateway
  • sri lanaka

DFCC බැංකුව සහ Mastercard එක්ව ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දෙයි

June, 22, 2022

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්‍රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් අවස්ථාව හිමි වී ඇත.

Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම ක්‍රියාත්මක කිරීම DFCC බැංකුවේ ඩිජිටල් පරිවර්තනයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. රටම ඩිජිටල් ආර්ථිකයක් වෙත යොමුවෙමින් සිටින මේ මොහොතේ DFCC බැංකුව දිගින් දිගටම මේ ආකාරයට බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් ඉදිරි ගමන තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

විශේෂයෙන්ම එකිනෙකට වෙනස් වටිනාකම් අනුව තම නිෂ්පාදන සඳහා මිල නියම කරන සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මෙම සේවාව භාවිතා කළ හැකි වේ. මෙය එම ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගනිමින් රටේ ඩිජිටල් ආර්ථිකයට දායක වීමට ලැබෙන මහඟු අවස්ථාවකි. Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම භාවිතා කිරීම මගින් මෙම ව්‍යාපාර වලට තමන් නිතිපතා ව්‍යාපාර කටයුතු සිදුකරන මාධ්‍ය වලදී ඉලෙක්ට්‍රොනිකව ගෙවීම් භාරගැනීමට හැකියාව ලැබේ. මේ යටතේ එක් එක් ව්‍යාපාරයේ අවශ්‍යතාවන්ට අනුව සේවාව සැලසුම් කිරීමට DFCC බැංකුවට අවස්ථාව ලැබෙන අතර, එය එම ව්‍යාපාර වලට විශාල පහසුවක් සලසමින් අවදානම් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමටද ඉඩකඩ සලසා දෙයි.

“පුළුල් පරාසයක ගෙවීම් විකල්ප සහිත විශ්වාසනීය හා සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් සඳහා දැඩි අවශ්‍යතාවක් පවතින බව අප හොඳින් දන්නවා. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ ආකාරයට, ලොව ජනප්‍රියම ගෙවීම් සේවාවක් වන Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් සේවාවන් සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම දෙනාට විශාල පහසුවක් අත්කර දෙනු ඇතැයි කියා අප සිතනවා. මෙමගින් එම ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පුළුල් කරගැනීමටත්, රට පුරා තම නිෂ්පාදන හා සේවාවන් ව්‍යාප්ත කිරීමටත් අවස්ථාව ලැබේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය හරහා සේවා සම්පාදකයන් සමග අත්වැල් බැඳගනිමින් ගෙවීම් භාරගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටත්, නැගී එන වෙළඳපොළ කාණ්ඩ වෙත පිවිසීමටත් DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

“ව්‍යාපාර වලට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් භාරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කරමින් සිටින DFCC බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය එම ව්‍යාපාර වලට වැඩි පාරිභෝගික පිරිසක් සමග ගනුදෙනු කිරීමටත්, නව ඩිජිටල් ගෙවීම් යුගයේ තරගකාරීත්වයට මුහුණ දීමටත් ලැබෙන අගනා අවස්ථාවක්. Mastercard සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි සුරක්ෂිත මුදල් ගෙවීම් සේවාවන් පිරිනැමීමටයි.” Mastercard හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා පැවසී ය.

අලුතින් ක්‍රියාවට නංවන ලද Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකමෙහි ඇති අතිනවීන හා ඉහළ තලයේ API නිසා එය ඉතාමත් පහසුවෙන් විද්‍යුත් වාණිජ වෙබ් අඩවි හා ජංගම යෙදවුම් සමග සම්බන්ධ කළ හැකි වේ. මෙහි එක් ප්‍රධානතම අංගයක් වන 'Simplified Commerce' සේවාව, එලෙස වාණිජ වෙබ් අඩවියක් හෝ ගිණුමක් ඉතාමත් පහසුවෙන් Mastercard ගෙවීම් ද්වාරය සමග සම්බන්ධ කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙමගින් සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මෙහෙයුම් පිරිවැය අවම වන අතර, ඔවුන්ට තම ව්‍යාපාර වල වඩාත් වැදගත් අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ හැකි වේ. මෙහි අතිනවීන සුරක්ෂිත ත්‍රිමාණ ගෙවීම් ක්‍රමයක් වන 3DS 2.0 (EMV 3DS) විසඳුම් භාවිතා කළ හැකි අතර එමගින් ගනුදෙනුව සිදුකරන විට කාඩ්පත් හිමියාගේ අනන්‍යතාව තහවුරු කිරීම අතිශයින් පහසු කරයි.

මෙම අතිරේක ආරක්ෂක ක්‍රමවේදය, අනවසර ගනුදෙනු සහ වංචාවන්ගෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීමට සමත් ය. එමෙන්ම මේ සමග WooCommerce, OpenCart, Prestashop සහ Magento වැනි ජනප්‍රිය plug-ins භාවිතා කළ හැකි අතර, නැවත නැවත සිදුකරන ගෙවීම් සඳහා tokenization විසඳුමක් භාවිතා කළ හැකි වේ. තවද Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම නවීනතම තාක්ෂණයන්ගෙන් යුක්ත වන නිසා එය මුහුණට මුහුණ ලා සිදුකරන ගෙවීම් භාරගැනීම සඳහා Android Point of Sale (PoS) යන්ත්‍ර සමගද සම්බන්ධ කළ හැක.

මීට අමතරව මෙම සේවාව භාවිතා කරන ව්‍යාපාරවලට පහසුවෙන් භාවිතා කළ හැකි කොන්සෝලයක් මගින් තත්කාලීන ගනුදෙනු නිරීක්‍ෂණය කිරීම සහ වාර්තා ලබාගැනීම සිදුකළ හැකි වේ. මෙමගින් ඔවුන්ට අනුමත වූ ගෙවීම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගනිමින්, තම මූල්‍ය කටයුතු නිසි පාලනයකින් යුතුව පවත්වා ගත හැක. එමෙන්ම මාර්ගගත යෙදවුම් බහුතරයක් සමග Mastercard ගෙවීම් ද්වාරය ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කිරීමේ හැකියාව පවතී.

 

ඡායාරූපය (වමේ සිට): DFCC බැංකුවේ කළමනාකරු (අලෙවිකරුවන් සම්බන්ධ කරගැනීම) ක්‍රිෂාන් ජයමාන්න, එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ, Mastercard හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ, DFCC බැංකුවේ උප සභාපති/ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් සහ එම බැංකුවේ සහකාර උප සභාපති (කාඩ්පත් මෙහෙයුම්) ගැමුණු ගුණසුමන යන මහත්වරුන්

 

 

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanaka
  • WorldEnvironmentDay2022

DIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි

June, 22, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, ගොඩබිම ජීවත් වන ජීවීන්ගේ මෙන්ම ජලජ ජීවීන්ගේ ද පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට (SDGs)  සමගාමීව සාගර  පරිසර ආරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියත්මක කරයි. තිරසාර අනාගතයක් ගොඩනැංවීම උදෙසා සාගර පරිසරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් DIMO, ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘති මාලාව සමඟ තවත් සංවිධාන රැසක් අත් වැල් බැඳ ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. "පරිසරය හා ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DIMO නිරතුරුවම ප්‍රමුඛත්වය ලබා දෙනවා.මෙම ව්‍යාපෘති හරහා ඒ අවට ජනතාවගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට සහයෝගය ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්ව   නඟාසිටුවීම මෙන්ම අපගේ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය සුරැකීමටත් අප කැප වී සිටිනවා. "

2012 වසරේ දී කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් ‘පානම ව්‍යාපෘතිය’ දියත් කරමින්  DIMO සමාගම ප්‍රථම වරට සාගර සංරක්ෂණ වැඩසටහන් සඳහා අවතීර්ණ විය. ගෝලීය මට්ටමින් සාගර පරිසර පද්ධතීන් තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මුහුදු කැස්බෑවන් නීති විරෝධී ලෙස වෙළෙඳාම හා දේශගුණික විපර්යාස වැනි  තර්ජන නිසා විනාශ වීම අද වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ. මෙසේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑ විශේෂයන් හා ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඔවුන් වඳ වී යාම වැළැක්විය නොහැකිය.

ඔලිව් රිඩ්ලි (90%), කොළ කැස්බෑවන් (5%) හා ලොගර්හෙඩ් කැස්බෑවන් (5%) ගේ සුප්‍රසිද්ධ වාසභූමියක් වන පානම  සිට ඔකඳ දක්වා වූ ප්‍රදේශය ආශ්‍රිතව ඉහත සඳහන් ගැටලුකාරී තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර, එය වැලැක්වීම සඳහා  DIMO සමාගම,  වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනය (WORC) සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් කැස්බෑ පැටවුන් 150,000කට වැඩි ප්‍රමාණයක් ජලය වෙත මුදා හැරීමට මේ වන විට කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ දී මුලින් ම අනතුරුදායක සතුන්ගෙන් කැස්බෑ බිත්තර ආරක්ෂා කර ගැනීම සඳහා DIMO මූලිකත්වයෙන් සුවිශේෂී කැස්බෑ කොටු නිර්මාණය කෙරුණු අතර, එහි ආරක්ෂාව වැඩිකිරීම සඳහා කැස්බෑ පැටවුන්ට පිටතට පැමිණිය නොහැකි ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය කෙරිණි. එමෙන් ම කැස්බෑ බිත්තර රැක බලා ගැනීම සඳහා DIMO සමාගම, පත් කර ඇති අදාළ ප්‍රදේශයේ ම ජීවත් වන සාමාජිකයින්ට ස්ථාවර වැටුපක් ලබා දීම ද විශේෂිතය. ඊට අමතරව තවත් පියවරක් ඉදිරියට තබමින් කැස්බෑ කොටු ආරක්ෂා කර ගැනීම හා ඒ සඳහා ජනතාවට දායක විය හැකි ආකාරය පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද DIMO සමාගම  කටයුතු කරයි. විශේෂයෙන් කැස්බෑ බිත්තර එකතු කිරීමෙන් වැළකී  කැස්බෑ කොටු ආරක්ෂා කරගැනීම කෙරෙහි එම ප්‍රදේශයේ දරුවන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කිරීමට හැකි වීම මෙම වැඩසටහන්හි විශේෂත්වයකි.

DIMO විසින් දියත් කරන ලද තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස 2017 වසරේ දී ආරම්භ කළ 'Life to Reef' ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. එම ව්‍යාපෘතිය මගින් ගාල්ලට නුදුරු රූමස්සල බොනවිස්ටා කොරල්පරය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කෙරිණි. එහි දී මේ වන විට කිමිදුම්කරුවන් යොදාගනිමින් මුහුදු පතුලේ තැන්පත් කර ඇති සිමෙන්ති ව්‍යුහයන්, ලෝහ රාමු සහ තවාන් රාක්ක මත කොරල් සිටුවීම ඇතුළු කොරල්පර ප්‍රතිසංස්කරණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.  මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා වසර 5ක කාලය තුළ අඛණ්ඩව කොරල්පර සංරක්ෂණ ක්‍රියාකාරකම්වල නිරත වෙමින්, තවාන් පැනල සහ මුහුදු පතුලේ වානේ රාක්ක මගින් කොරල් පර 10ක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කර ඇති  අතර, කොරල් පර කැබලි 3,500ක්  සිටුවා ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මඟින් වර්තමානය වන විට අක්කර 4කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදුණු කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වී ඇත.  ඉහළ ම ජෛව විවිධත්වයකින් යුත් කොරල්පරවලින් එකක් ලෙස හඳුනාගෙන ඇති බොනවිස්ටා කොරල්පරයෙහි සජීවී ආවරණයෙන් 95% ක් 2016 වසරේ දී ඇති වූ එල්-නිනෝ හේතුවෙන් විනාශ විය. ඒ පිළිබඳව අවධානය යොමු කළ DIMO, වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනයේ තාක්ෂණික සහාය ඇතිව, හැකිතාක් ස්වාභාවිකව එම කොරල්  පර ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් 'Life to Reef' ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතියත් සමඟ රූමස්සල ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් ලෙස යළිත් සංවර්ධනය වී ඇති අතර, එමඟින් ඒ අවට ජනතාවට ආදායම් මාර්ග රැසක් උත්පාදනය වී ඇත.

DIMO සමාගමේ තිරසාර සාගර පරිසර ආරක්ෂණ වැඩසටහන් මාලාව මගින් අවධානය යොමු කළ තවත් වැදගත් අංගයක් වන්නේ මෙරට සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමයි. එමගින් මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. එමෙන් ම එම ව්‍යාපෘතිය යටතේ,  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL) යන ආයතනවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන දික්ඕවිට ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය සහයෝගය ලබා දීමට ද DIMO සමාගම කටයුතු කළේය. DIMO සමාගම දික්ඕවිට වෙරළේ මීටර් 800 ක් සහ දික්ඕවිට සිට නව පාලම දක්වා මීටර් 800 ක් වශයෙන් මෙරට සුන්දර වෙරළ තීරයන් 2ක් සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර, මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සහයෝගීතාවෙන් මෙන් ම ජනතාවගේ ද සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු, එහි අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන්, තෝරාගත් පවුල් කිහිපයකට එම එක් එක් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කාර්යය පවරා දී, ඒ වෙනුවෙන් ඔවුන්ට දීමනාවක් ලබා දීම ද විශේෂිතය.

සිය ප්‍රායෝගික අත්දැකීම් තුළින්, කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් වෙරළ අවට එකතුවන අපද්‍රව්‍යවලින් ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් කැප වන  DIMO, මෙහිදී එකතු වන කසල ප්‍රතිශක්තිකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් අවට ප්‍රජාවට අවස්ථාවන් නිර්මාණය කර දී ඇති අතර, එකතු වූ කැලි කසල වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  හා ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL)  විසින්  මගපෙන්වනු ලබයි.

DIMO, සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික හවුල්කරුවන් සමඟ එක්ව, අනාගත පරම්පරාවට තිරසාර පරිසරයක් නිර්මාණය කර දීම වෙනුවෙන් විවිධ පාරිසරික සහ ජෛව විවිධත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටියි.

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • Huawei Nova 9 SE
  • MateBook D 15
  • Nova 9 SE
  • sri lanaka

අද්විතීය Huawei Nova 9 SE ස්මාර්ට් දුරකථනය සහ MateBook D 15 ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

June, 21, 2022

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්,  අද්විතීය විශේෂාංග රැසක් එක් කළ  Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ  Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් සමඟින් පාරිභෝගිකයා අතට පත්වේ. තවද, වැඩි දියුණු කල තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් හඳුන්වා දුන් 11වන පරම්පරාවේ MateBook D 15 ලැප්ටොප් පරිගණකය ද විශිෂ්ට නිමවා සහ අන්තර්ගත තාක්ෂණික විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ජනාදරයක් හිමිකරගනු ඇත.

අඟල් 6.78 ක  LCD ස්ක්‍රීන් එකක්,90Hz රිෆ්‍රෙශ් ස්පීඩ්, centre punch-hole සෙල්ෆි කැමරා සහ 3D glass back සහිත Nova 9 SE, ක්‍රිස්ටල් බ්ලූ, පර්ල් වයිට්, මිඩ්නයිට් බ්ලැක් යන මනරම් වර්ණ ත්‍රිත්වයෙන් වෙළඳ පොළට පැමිණේ. මෙහි සුවිශේෂී කැමරා විශේෂාංග අතර, 108MP ක ප්‍රධාන කැමරාව, 2MP Bokeh lens,  2MP macro lens සහ 8MP ultra-wide-angle lens සහිත 108MP AI Quad කැමරා පද්ධතිය  සුවිශේෂී වනුයේ, දවසේ ඕනෑම වේලාවක විශිෂ්ට සහ පැහැදිළි ඡායාරූප ලබා ගැනීමට ලබාදෙන අවස්ථාව හේතුවෙනි.

විශේෂයෙන්ම වර්තමාන තාරුණ්‍යයයේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් නිෂ්පාදනය කළ Nova 9 SE හරහා, front/rear dual-view video, front/rear video recording ඇතුලු බොහෝ නව්‍ය වීඩියෝ විශේෂාංග අත්හදා බැලිය හැකිය. තවද, මතක ධාරිතාවය පිළිබඳ ගැටලු රැසකට විසඳුම් සපයමින් Nova 9 SE, Qualcomm Snapdragon 680 ප්‍රොසෙසර් මඟින් බලගන්වා ඇති අතර, මෙහි 8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් පවතී. තවද, නැවත නැවතත් දුරකථනය චාර්ජ් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන පරිදි Huawei SuperCharge තාක්ෂණය හරහා ඉතාමත් ඉක්මනින් Nova 9 SE චාර්ජ් කිරීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ.

වඩාත් පහසුවෙන් එහාමෙහා ගෙනයාමේ හැකියාව සහිත සැහැල්ලු නිමාවක් සමඟින් වෙළඳ පොලට හඳුන්වා දුන් MateBook D 15, විශිෂ්ට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් මාදිලියකි. කාර්යක්ෂමව වැඩ කිරීමට කැමති සියලු දෙනා වෙනුවෙන් නිපදවා ඇති MateBook D 15 හි සැහැල්ලු  බර වන්නේ කිලෝ ග්‍රෑම් 1.56ක් පමණි. මෙහි Full HD 1920x1080 resolution සහිත අඟල් 15.6 ක Huawei Full View ඩිස්ප්ල්යේ හරහා වඩාත් පුලුල් සහ පැහැදිළි නැරඹුම් අත්දැකීමක් පරිශීලකයාට හිමිකර දෙයි.  වැඩි වෙලාවක් පරිගණකය භාවිත කිරීමේදී ඇස් සඳහා වන හානි අවම කරන තාක්ෂණයන් සමගින් සන්නද්ධ කරමින් නිපදවා ඇති, MateBook D 15, 11වන පරම්පරාවේ Intel Core ප්‍රොසෙසර් සහ 16GB RAM සහිතව පැමිණේ. දත්ත ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් නිපදවා ඇති MateBook D 15, Fingerprint පවර් බටන් සමඟින් නිපදවා ඇති අතර, 65W USB-C චාර්ජර් හරහා කඩිනමින්ම ලැප්ටොප් පරිගණකය චාර්ජ් කරගත හැකිය.

Huawei Nova 9 SE සහ MateBook D 15 දැන් Huawei experience centers, බලයලත් Huawei අලෙවි නියෝජිත ජාලය හරහා සහ සිංගර් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.