December, 15, 2022
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්රී ලංකා සමාගම 2022 දෙසැම්බර් 31 දක්වා පාරිභෝගිකයින්ට සෑම දිනකම රුපියල් 50,000ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දෙන 'Airtel Smartphone Bonanza' ප්රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. ස්මාර්ට්ෆෝන් devices ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති මොහොතක පාරිභෝගිකයින්ට සහාය දැක්වීමේ අරමුණින් මෙම ප්රවර්ධනය ක්රියාත්මක කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
දිනපතා රුපියල් 300කට වඩා recharge කරන සෑම එයාර්ටෙල් පාරිභෝගිකයෙකුම මීට අදාල දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර එසේ සුදුසුකම් ලබන පාරිභෝගිකයින් අතරින් සෑම දිනකම අහඹු ලෙස ජයග්රාහකයින් තෝරා ගනු ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”අපගේ වටිනා පරිශීලකයින්ට ඔවුන් ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා එයාර්ටෙල් ශ්රී ලංකා සෑම අවස්ථාවක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් බොහෝ දෙනෙක් මේ වන විට මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අපගේ ජාලය ශක්තිමත් කිරීම සහ අපගේ නිෂ්පාදන හා සේවා නැවත නිර්මාණය කිරීමට අමතරව අපගේ පරිශීලකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දීම සඳහා අපගේ සමස්ත ව්යාපාරය නැවත සංවිධානය කිරීමට අප කටයුතු කළා. Airtel Smartphone Bonanza යනු අප විසින් හඳුන්වා දෙනු ලබන වටිනාකම මත පදනම් වූ නව්ය සේවාවන් මාලාවේ නවතම අංගයයි. මෙම දිනුම් ඇදීමට එක් වී වාසනාවන්ත ජයග්රාහකයෙකු වන ලෙස අපගේ සියලූම පාරිභෝගිකයින්ට අප ආරාධනා කරනවා.’’ යනුවෙනි.
එයාර්ටෙල් විසින් සෑම සතියකම දිනපතා මෙම Airtel Smartphone Bonanza වැඩසටහනේ ජයග්රාහකයින්ව Airtel Life username සහිතව නිවේදනය කරන අතරම එයාර්ටෙල් කණ්ඩායමක් විසින් අදාල ජයග්රාහකයින්ට ඍජුවම ඇමතුමක් ලබා දීමෙන් සුබ පතනු ඇත.
ශ්රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම ලබා දෙන ආයතනයක් ලෙස මෙන්ම සමාන ජාල අතර අසීමිත ඇමතුම් හඳුන්වා දීම සහ ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය. එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.
December, 14, 2022
මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප්රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්රී ලංකා අයෝජන මණ්ඩලය (BOI) සමඟින් පසුගියදා එළැඹුණි.
ඒ අනුව, ඉදිරි වසර දෙක තුළදී, එයාර්ටෙල් විසින් සිය නවතම ආයෝජනයන් සිය ජාලයේ අමතර වැඩිදියුණු කිරීම් සඳහා යොමු කරනු ඇති අතර දිවයින පුරා විසිර ඇති 2G සහ 4G සේවාවන් තවත් ශක්තිමත් කිරීම සඳහා වන සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් සඳහා ද යොදා ගනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”2007 දී ශ්රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට ජාත්යන්තර මට්ටමේ ජාල අත්දැකීමක් ලබා දීම සඳහා වන වැඩිදියුණු කිරීම්වලට එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා. අප ගනු ලැබූ මෙම සියලූම ප්රයත්නයන් තුලින් අද වන විට මිලියන තුනක ශ්රී ලාංකික ජනතාවක් සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලබා දී තිබෙනවා. මීට අමතරව සෘජු හා වක්ර රැකියා අවස්ථා 2,000 කට වැඩි සංඛ්යාවක් ලබා දීමට අප කටයුතු කර තිබෙන අතර අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය හරහා තවත් ශ්රී ලාංකිකයන් 65,000 කට ජීවත් වීමට ආදායම් උත්පාදනය කර දී තිබෙනවා.’’ යනුවෙනි.
”විශේෂයෙන්ම ශ්රී ලංකාව වෙත කෙරෙන සෑම සෘජු විදේශ ආයෝජනයක්ම අත්යවශ්ය වී ඇති අවස්ථාවක, අපගේ මෙම ආයෝජනය මගින් මෙරට ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ගැන එයාර්ටෙල්හි ඇති අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කරනවා. ඒවගේම ශ්රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවීමට දීප ව්යාප්තව අප දරන උත්සාහයන් සඳහා අප නැවත නැවතත් කැපවී සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
තවද එයාර්ටෙල් හි ප්රධාන ජාලය ද ඇතුළුව දැනට පවතින ජාල යටිතල පහසුකම් වෙනස් කිරීම හෝ වැඩිදියුණු කරනු ඇති අතර සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් ද හඳුන්වා දෙනු ඇත.
ඉදිරියේදී එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත්රයේ සංවර්ධනයට අවශ්ය සහාය ලබා දීමට ලැබෙන සෑම අවස්ථාවක් පසුපස හඹා යන බවද අශීෂ් මහතා මෙහිදී පැවසුවේය. එමෙන්ම ලෝකයේ විශාලතම විදුලි සංදේශ සේවා සමාගම් තුනෙන් එකක් ලෙස රට රටවල් අතර සහයෝගීතාවයන් ඇති කර ගැනීමටත් ශ්රී ලංකාව තුළ ක්රියාකාරී 5G ජාල නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික ආයෝජන සඳහා පහසුකම් සැලසීමටත් එයාර්ටෙල් සතු සුවිශේෂී ශක්තිය උපරිමයෙන් භාවිත කරන බව ද ඔහු විශේෂයෙන් සඳහන් කළේය.
”රට මේ වන විට මුහුණ දී සිටින තීරණාත්මක මොහොතකදී මෙවැනි සැලකිය යුතු සෘජු විදේශ ආයෝජනයක් ලබා දීමට පියවර ගැනීම පිළිබඳව අපි එයාර්ටෙල් ලංකා සමාගමට කෘතඥ වෙනවා. ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැදගත් දායකත්වයක් ලබා දීම මගින් ආර්ථිකයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නව අවස්ථා නිර්මාණය කිරීමට හැකි වන අතර සෘජු විදේශ ආයෝජන රට තුලට ගලා ඒම සඳහා අප ගන්නා උත්සාහයන් සඳහා එය කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් ශ්රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා පැවසුවේය.
සෑම ශ්රී ලාංකික පුරවැසියෙකුගේම ජංගම දුරකතන අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා එයාර්ටෙල් ශ්රී ලංකා විසින් සිදු කරන ලද සෘජු විදේශ ආයෝජන මාලාවේ නවතම පියවර ලෙස මෙම මෙම එකඟතාවය පෙන්වා දිය හැකිය. එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා වෙළෙඳපොල තුළ සිය පැවැත්ම, ධාරිතාව සහ අත්දැකීම්/හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ක්රියාමාර්ග ගනු ලැබීය. ඒවා අතර එයාර්ටෙල් හි විප්ලවීය 4G Freedom Unlimited පැකේජ සහ මෙරටදී සිදු කළ වාර්තා ගත 5G අත්හදා බැලීම කැපී පෙනේ.
November, 16, 2022
ශ්රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සහ එහි 23,000 ක් වන සාමාජිකයින්ට සුවිශේෂී සන්නිවේදන විසඳුම් සැපයීම සඳහා එම සංගමය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට GMOA නියෝජනය කරමින් එහි සභාපති, වෛද්ය දර්ශන සිරිසේන, ලේකම්, වෛද්ය හරිත අලූත්ගේ, උප සභාපති, වෛද්ය චන්දික එපිටකඩුව, සහකාර ලේකම්, ආචාර්ය ප්රභාත් සුගතදාස සමඟින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා, විකුණුම් ප්රධානී, අතුල දිසානායක, ප්රධාන අලෙවි නිලධාරී, ශාන්ත ප්රනාන්දු, ප්රධාන සේවා නිලධාරී, ෆවාස් නිසාම්ඞීන් සහ කළමනාකාර, පසුගෙවුම් පැකේජ විකුණුම්, ඉඳුනිල් සඳරුවන් යන මහත්වරුන් සහභාගී විය.
මෙම හවුල්කාරීත්වය හරහා, දිවයින පුරා ඇති ජාතික රෝහල් 126 සිටින GMOA හි සාමාජිකයින් සියලූ දෙනාට වසර 1 ක කාලයක් සඳහා අසීමිත ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම එයාර්ටෙල් හි ව්යවසාය විසඳුම් සහ අමතර අගය එකතු කිරීමේ සේවාවන් හරහා එයාර්ටෙල් විසින් GMOA වෙත කාර්යාලීය සම්බන්ධතා සහ අනෙකුත් සේවාවන් ද සපයනු ඇත. එයාර්ටෙල් හි නව්ය ව්යවසාය සේවා මගින් වැඩි කාර්යක්ෂමතාවයක් සහ ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුනු ව්යාපාර සවිබල ගන්වනු ලබයි. මේවා සෞඛ්ය ක්ෂේත්රයේ තීරණාත්මක අවශ්යතාවයන් ලෙස මූලිකව පිළිගැනේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ‘‘එයාර්ටෙල් හි අපගේ සේවාවන් සහ ජාලය ඔබගේ ප්රියතම විදුලි සංදේශ සැපයුම්කරුවෙකු ලෙස තෝරා ගැනීමට අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අප GMOA වෙත කෘතඥ වෙනවා. සෞඛ්ය සේවාව යනු ඉතා අත්යවශ්ය රාජ්ය සේවාවත්. එබැවින් රජයේ වෛද්ය නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට සහාය වීම අප ගෞරවයක් ලෙස සලකනවා. දීප ව්යාප්තව සෞඛ්ය සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික ප්රමුඛතාවයන් සමඟ පෙලගස්වමින් සහ GMOA හි සුවිශේෂී අවශ්යතා මත පදනම්ව මෙම සහයෝගීතාවය ගොඩනැගීමට එයාර්ටල් හි ඇති කැපවීම නැවත අවධාරණය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යනුවෙනි.
මූලික සෞඛ්ය සේවා ඩිජිටල්කරණය කිරීමට සහාය වීම සඳහා එයාර්ටෙල් හි ජාත්යන්තර තාක්ෂණ විශේෂඥ සහාය ලබා ගනිමින්, GMOA සමඟ ඇති සහයෝගීතාවය සැලකිය යුතු ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පරිශීලකයින් සඳහා පරිපූර්ණ වටිනාකමක් ලබා දෙන අතරම උසස් තත්වයේ විදුලි සංදේශ සේවා අත්දැකීම් වෙත පුළුල් ප්රවේශය ලබා දීම අරමුණු කරගත් සමාගමේ පුරෝගාමී මුලපිරීම්වල නවතම අවස්ථාව ලෙස එයාර්ටෙල් සහ GMOA ඇති කරගත් මෙම සහයෝගීතාවය පෙන්වා දිය හැකියි.

September, 27, 2022
එයාර්ටෙල් ලංකා හි පෙරළිකාර පෙරගෙවුම් පැකේජ ‘Freedom’ හඳුන්වා දීමෙන් වසරකට පසුව, 2022 අගෝස්තු අග වන විට මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්යාවක් Airtel Freedom වෙත මාරු වී ඇති බව සමාගම නිවේදනය කර සිටී.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”ප්රධාන වශයෙන් අපගේ මෙම අද්විතීය Freedom පැකේජවල සහායෙන් ශ්රී ලංකාවේ මිලියන තුනක පමණ පාරිභෝගික සංඛ්යාවකට පමණ අප සේවය ලබා දෙනවා. ඒ සඳහා ලැබුණු අතිමහත් වූ පාරිභෝගික පිළිගැනීම අපගේ නිෂ්පාදන හරහා සරල බව සහ වටිනාකම ගෙන ඒමේ අපගේ උපායමාර්ගය නැවතත් අවධාරණය කරනවා.’’ යනුවෙනි.
ජාත්යන්තර මට්ටමේ 5G-ready ජංගම බ්රෝඞ්බෑන්ඞ් ජාලයකින් බලගැන් වී ඇති එයාර්ටෙල් විසින් ගෙවන මුදලට වටිනාකමක් සහ උසස් තත්වයේ ජාල අත්දැකීමක් සහතික කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සමස්ත දීමනා සහ අත්දැකීම් ප්රතිනිර්මාණය කර ඇත. මෙම සාධක නිසැකවම බොහෝ ලෙස data භාවිත කරනු ලබන හෝ calls ගනු ලබන පරිශීලකයින්ට උපකාරී වේ.
එයාර්ටෙල් ලංකා හි පෙරගෙවුම් Freedom Packs සහ පසුගෙවුම් Freedom Plans යන දෙකටම ලෝක මට්ටමේ නව විශේෂාංග හඳුන්වා දීමත් සමඟින් Freedom පැකේජ හරහා දැරිය හැකි මිලකට, අසීමිතව අන්තර්ජාලය වෙත පිවීසීම සඳහා පහසුකම් සැලසීමේ සමාගමේ මූලික නවෝත්පාදනය ක්රමයෙන් වර්ධනය විය.
තවද සිය පෙරගෙවුම් පරිශීලකයන් ඉලක්ක කරගත් Freedom Unlimited රු. 749 පැකේජය හඳුන්වා දීමත් සමඟින් ජංගම විදුලි සංදේශ සේවා වෙළෙඳපොලේ පෙරළියක් ඇති කිරීමට එයාර්ටෙල් සමත් විය. එමගින් පරිශීලකයින්ට ඕනැම වෙලාවක භාවිත කළ හැකි අමතර 30GB වලට අමතරව වෙනත් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ Facebook, Messenger, WhatsApp වැනි සමාජ මාධ්ය ජාලවල අසීමිතව සැරි සැරීමට සහ දින 30ක් සඳහා Youtube හි ඉතා උසස් තත්වයේ වීඩියෝ නැරඹීමට හැකියාව ලබා දී ඇත.
පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දෙමින් පසුගෙවුම් පාරිභෝගිකයින් සඳහා වෙනත් ඕනෑම ජාලයකට අසීමිතව ඇමතුම් ලබා ගත හැකි Unlimited 1098 පැකේජයක් හඳුන්වා දුන් පළමු ජංගම විදුලි සංදේශ සේවා සමාගම වන්නේ එයාර්ටෙල්ය. රු. 1098 ක් වැනි මිලකට එයාර්ටෙල් පරිශීලකයෙකුට වෙනත් ඕනෑම ජාලයකට අසීමිතව ඇමතුම්, සමාජ මාධ්ය ජාල පහසුකම් සඳහා ඕනෑම වෙලාවක භාවිත කළ හැකි 40GB සමඟ ඕනෑම ජාලයකට යැවිය හැකි SMS පහසුකම් හිමි වේ. මීට අමතරව එයාර්ටෙල් යනු පසුගෙවුම් පරිශීලකයින්ට ‘Data Rollover’ පහසුකම අඛණ්ඩව ලබා දෙන එකම සමාගම වන අතර 200GB ක් දක්වා එම මාසයේ භාවිතයට නොගත් data ඊළඟ මාසය දක්වා ගෙන යාමට ඉඩ සලසමින් data ඉතිරි කර ඔබගේ වියදම් ද සීමා කරයි.
ශ්රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම ලබා දෙන ආයතනයක් ලෙස මෙන්ම සමාන ජාල අතර අසීමිත ඇමතුම් හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය. එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.
August, 30, 2022
ශ්රී ලංකා තාරුණ්යයේ වඩාත් ජනප්රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්ය ආයතනය (NIMH) සමඟ එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය. මානසික සෞඛ්ය යහපැවැත්ම උදෙසා සහය අවශ්ය ඕනෑම අයෙකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්ය ඕනෑම අයෙකුට දැන් 075 555 1926 ඔස්සේ WhatsApp හරහා NIMH හි මානසික සෞඛ්ය උපකාරක සේවාව වෙත සම්බන්ධ විය හැක.
”කොරෝනා වසංගත කාලයේ පැවති lock down තත්වය නිසා මිනිසුන් හුදකලා වුණා. එය මානසික සෞඛ්ය සම්බන්ධ ගැටළු වැඩි වීමට හේතු වී තිබෙනවා. එබැවින් WhatsApp වැනි අපට සමීප මාර්ගයන් භාවිතයෙන් මානසික සෞඛ්ය යහපැවැත්ම නඟාසිටුවීම කාලීන අවශ්යතාවයක්. දුරකතන මාර්ග හරහා සංනිවේදනය කර තම ගැටළු වලට පිළියම් ලබාගැනිමට තරුණ ප්රජාව ද කැමැත්තක් ඵල කරනවා.”
”Whatsapp පණිවිඩ සේවාව ඇත්තෙන්ම හොඳ විසඳුමක් වන අතර විශේෂයෙන්ම සිය මානසික සෞඛ්යය ගැටළු වලට පිළියම් සොයන තරුණ තරුණියන්ට අපි වෙත පැමිණ හෝ අපි සමඟ කතාබහ කරනවා වෙනුවට මෙම පණිවිඩ සේවාව භාවිතා කිරීම වඩාත් පහසු වෙනවා. ඔවුන් වෙත උපරිම සේවාවක් සැලසීම වෙනුවෙන් ගන්නා වූ අපගේ උත්සාහයට සහාය වීම ගැන අපි එයාර්ටෙල් කණ්ඩායමට කෘතඥ වෙනවා.” යනුවෙන් NIMH ජ්යෙෂ්ඨ මනෝ වෛද්ය විශේෂඥ වෛද්ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවාය.
2020 ජාත්යන්තර මානසික සෞඛ්ය දිනයට සමගාමීව දියත්කල කෙටි පණිවිඩ සේවාව මඟින් ගැටළුකාරී මානසික සෞඛ්යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ මගපෙන්වීම සැපයීමට අමතරව ජීවිත 100කට අධික ප්රමාණයක් ජීවත් කර වීමට උපකාරී වී ඇත.
”NIMH කණ්ඩායම විසින් සිදු කරනු ලබන විශිෂ්ට සේවාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන එයාර්ටෙල් අප ආඩම්බර වන අතර Whatsapp හරහා 1926 සේවාව වෙත පිවිසීමට පහසුකම් සැලසීම මඟින් තමන්ගේ මානසික පීඩාවට සවන් දීමට තවත් කෙනෙකු ඔබ අසලින්ම රැදෙන බව හැඟවෙනවා.” යනුවෙන් එයාර්ටෙල් ශ්රී ලංකා හි ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂක අශිෂ් චන්ද්ර මහතා පැවසුවේය.
එයාර්ටෙල් විසින් Whatsapp හරහා මෙම සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් ලබාදීමට ගත් තීරණය voice හෝ සාමාන්ය කෙටි පණිවිඩ භාවිතයට වඩා data භාවිතය සඳහා මනාපයක් ඇති තරුණ පරිශීලකයින්ට වඩාත් සාධනීය ක්රමයකි. මෙම යෙදවුම මඟින් වීඩියෝ ඇමතුම්, බෙහෙත් වට්ටෝරු බෙදාගැනීම සහ හඬ සටහන් ඇතුළුව තවත් බොහෝ විකල්පයන් භාවිතා කළ හැකි අතර එමඟින් 1926 සේවාව වෙත සම්බන්ධව තම මානසික නිදහස ලගාකරගත හැකිය.
”1926 සේවාවේ මෙම නවතම ව්යාප්තිය සමඟින් එයාර්ටෙල් බලාපොරොත්තු වන්නේ මානසික පීඩනයෙන් සිටින තරුණ තරුණියන් වෘත්තීය මනෝ උපදේශකයින් වෙත ළඟා වීමට දිරිගන්වමින් මානසික සෞඛ්යය පිළිබඳ විවෘත සහ අවබෝධාත්මක සංස්කෘතියක අවශ්යතාවය නැවත අවධාරණය කිරීමටයි. ඔවුන් අර්බුදකාරී අවස්ථාවන් අත්විඳින විට මෙය විශේෂයෙන් වැදගත් වන අතර ආරක්ෂිත සහ නිර්නාමික වීම තුළ ඔවුන්ගේ මානසික සෞඛ්ය ගැටළු තම පෞද්ගලිකත්වය රැකෙන අයුරින් විසඳගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබ දන්නා අයෙක් මානසික ගැටළුවකට මුහුණ දෙමින් සිටියද නැතහොත් ඔබට කුඩා සහයෝගයක් අවශ්ය යැයි හැඟුනද දැන් මෙම සේවාව වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව තියෙනවා. මෙම දියත් කිරීම හරහා ඔබ එහි උපරිම ප්රයෝජන ලබාගනීවි යැයි අපි හිතනවා වගේම එහි කොටස්කරුවෙකු වීමට අපට හැකි වීම පිළිබඳව සතුටු වෙනවා.” යනුවෙන් අශිෂ් මහතා තවදුරටත් ප්රකාශ කළේය.
සියලූම එයාර්ටෙල් පරිශීලකයින්ට මෙන්ම ඕනෑම ජංගම දුරකතන ජාලයක සිටින සැමට පහසුවෙන් ප්රවේශ විය හැකි පරිදි සේවාව පුළුල් කිරීමට ලැබීම එයාර්ටෙල්-NIMH 1926 Whatsapp උපකාරක සේවාවේ සැලකිය යුතු සාර්ථකත්වයකි. 1926 මානසික සෞඛ්ය ඇමතුම් මාර්ගය සහ SMS මාර්ගය සියලූම එයාර්ටෙල් භාවිතා කරන්නන් සඳහා නොමිලේ භුක්ති විඳිය හැකිය.
එයාර්ටෙල් සිය සමාජ මාධ්ය වේදිකා සහ My Airtel යෙදවුම හරහා මානසික සෞඛ්යය පිළිබඳව සහ සියලූම NIMH 1926 උපකාරක දුරකථන සේවා පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කැපවන බව නිවේදනය කළේය.
(වමේ සිට) NIMH, නියෝජ්ය අධ්යක්ෂ, වෛද්ය අරෝෂ විජේවික්රම, සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් - සෞඛ්ය සේවා, වෛද්ය සුනිල් ද අල්විස්, සෞඛ්ය අමාත්යාංශය, ලේකම්, ජනක එස්. චන්ද්රගුප්ත, එයාර්ටෙල් ලංකා, ප්රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා, NIMH, අධ්යක්ෂ, වෛද්ය ධම්මිකා විජේසිංහ, NIMH, ජ්යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්ය පුෂ්පා රණසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.
Video Story