නෙස්ලේ ලංකා සමාගමේ People-First Culture, 2025/26 SLITAD People Development සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වෙයි

    October, 20, 2026

    ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් සංවිධානය කරන ලද 2025/26 People Development සම්මාන උළලේදී, නෙස්ලේ ලංකා සමාගම රන් සහ ප්ලැටිනම් සම්මානවලින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. මේ තුලින් නැවත නැවතත් තහවුරු වූයේ තමන් සමඟ කටයුතු කරන සේවක ප්‍රජාවට දියුණුව හා සාර්ථකත්වය සලසා ගත හැකි වටිනා සේවා සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම සතු කැපවීමයි.

    මෙම සම්මාන උළලේදී සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ආයතන දෙකකට පමණක් ගෞරවනීය ප්ලැටිනම් සම්මානය හිමි වූ අතර ඉන් එක් සමාගමක් බවට පත් වීමට නෙස්ලේ ලංකා සමාගමට හැකියාව උදා විය. මෙම සම්මාන වැඩසටහන යටතේ පිරිනමන ඉහළම ඇගයීම වන ප්ලැටිනම් සම්මානය හිමිවන්නේ අඛණ්ඩව වසර තුනක් රන් සම්මානයන්ගෙන් පිදුම් ලද ආයතනයන්ට පමණක් වන අතර මේ වසරේදී එම විශිෂ්ටත්වය තුලින් ප්ලැටිනම් සම්මානය තමන් සතු කර ගැනීමට නෙස්ලේ ලංකා සමාගම සමත් වූයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ සිය කැපවීමද පිළිබිඹු කරමිනි.

    මෙහිදී නෙස්ලේ ලංකා  සමාගම ඉගෙනුම් හා සංවර්ධනය, නායකත්වය, පුද්ගල කළමනාකරණය, සේවක බලගැන්වීම්, ඇගයීම්, කාර්යසාධනය මැනීම සහ අඛණ්ඩ දියුණුව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර දහයක් ඔස්සේ ඉහළ ඇගයීමකට ලක් වීමද විශේෂත්වයකි.

    සුවහසක් ශ්‍රී ලාංකේය ජීවිත පොහොසත් කරමින් සිය 120 වැනි වසර සමරන නෙස්ලේ ලංකා සමාගමේ දිගුකාලීන සාර්ථකත්වයේ රහස වන්නේ මිනිසුන් වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කිරීමට ඇති කැපවීමයි. ජනතාව සහ කණ්ඩායම් සමඟින් සාර්ථකත්වය අත්කර ගැනීමේ සිය ගෝලීය අභිලාෂය පෙරදැරි කරගනිමින්, අඛණ්ඩ ඉගෙනීම, නායකත්ව සංවර්ධනය සහ අර්ථවත් වෘත්තීය අත්දැකීම් ලබා දීම හරහා තම සේවකයන්ගේ සැඟවුණු දක්ෂතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට නෙස්ලේ ලංකා සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.

    මෙම කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනු ලබන්නේ සේවා පළපුරුද්ද, හැකියාවන් සහ විධිමත් අධ්‍යාපනය සමඟින් ක්‍රියාත්මක 70:20:10 ඉගෙනුම් ක්‍රමවේදය තුලිනි. එහිදී සියලුම සේවකයන්ට Microsoft Copilot සහ LinkedIn Learning වැනි නවීනතම ඩිජිටල් ක්‍රමවේදයන් තුලින් ඩිජිටල් සහ වෙනත් ක්ෂේත්‍රවලට මාරු කළ හැකි කුසලතා වර්ධනය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් එක් අයෙකුට පැය 40ක ඉගෙනුම් කාලයක් ලබා දීමට සමාගම පියවර ගෙන ඇත. මීට අමතරව, පසුගිය වසර තුන ඇතුළත 100කට ආසන්න ජාත්‍යන්තර පුහුණු අවස්ථා සහ 300කට අධික අභ්‍යන්තර වෘත්තීය උසස්වීම් ලබා දී ඇති නෙස්ලේ ලංකා සමාගම සේවක ප්‍රජාවට තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත්, ගෝලීය අත්දැකීම් සමඟින් නෙස්ලේ සමාගම තුළම ඉහළටම ගමන් කිරීමටත් වැඩි අවස්ථාවන් නිර්මාණය දී ඇත.

    සිය ආහාර පාන නිෂ්පාදනයන් තුලින් වර්තමානයේ මෙන්ම අනාගතයේත් මෙරට සියලු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම මූලික අරමුණ කරගත් නෙස්ලේ ලංකා සමාගම වසර 120ක් තිස්සේ දිවයින පුරා සිටින පරම්පරා ගණනාවක ජනතාව රසවත් හා පෝෂණීය නිෂ්පාදනවලින් පෝෂණය කරමින් ලාංකිකයන්ගේ ජීවිත නගා සිටුවීමට දායක වී ඇත.  වඩාත් සෞඛ්‍ය සම්පන්න පවුල්, දියුණු ප්‍රජාවන් සහ වඩාත් තිරසර පරිසරයක් උදෙසා නිරන්තරයෙන් කැපවන නෙස්ලේ ලංකා සමාගම තම නිෂ්පාදනවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් උසස්ම ආරක්ෂණ සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව කුරුණෑගල පිහිටි තම නවීනතම කර්මාන්තශාලාව තුළ දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.