• Ada Derana BIZ Sinhala
  • Amana Takaful Insurance
  • sri lanka

අමානා තකාෆුල් අඛණ්ඩව 7වන කාර්තුවටත් වේගයෙන්ම වර්ධනයවන රක්ෂණ සමාගම බවට පත්වෙයි

January, 4, 2023

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් 2022 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා වන මූල්‍ය වර්තා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ 2021 වසරේ සිට අඛණ්ඩව 7වන කාර්තුවටත් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත්වෙමින් සිය ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත්ව ඇත. අමානා කකාෆුල් සමාගම විසින් මෙම තුන්වන කාර්තුව තුළ 46%ක ආදායම් වර්ධනයක් වාරතා කර ඇති අතර, ආයතනයේ 2022 වර්ෂය සඳහා වන මුළු ආදායම රු. බිලියන 2.547ක් දක්වා වර්ධනය වී ඇත.

අමානා තකාෆුල් සමාගමේ පසුගිය වසර කීපය තුළ තුන්වන කාර්තුවේ වර්ධනය සම්බන්ධයෙන් සැසඳීමේදී සහ විශ්ලේෂණය කිරීමේදී වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර, 2020 ට සාපේක්ෂව 2021 වසරේ තුන්වන කාර්තුවේ 26%ක වර්ධනයක්, 2021 වසර සාපේක්ෂව 2022 වසරේ තුන්වන කාර්තුවේදී 46%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත. මෙයින් පෙන්නුම් කරණ කරුණක් වන්නේ අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ගෙවුනු වසර දෙකක කාලය තුළ 72%ක අති විශිෂ්ට සමුච්චිත වර්ධනයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බවයි.

මෙම සමාගමේ මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් ෆයිසාල් මහතා මෙසේ අදහස් දැක්වීය. '' සමාගමක් විදිහට අපි අපගේ කොටස් හිමියන්, පාරිභෝගිකයන් සහ කාර්යමණ්ඩල සමාජිකයන් ඇතුළු අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට සුවිශේෂ සම වටිනාකමක් ලබාදීමට කටයුතු කළ අතර, එම පොරොන්දුව අඛණ්ඩව පවත්වාගැනීමටත් සමත්වුනා. ඒ වගේම සමාගමක් විදිහට අපි ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම තේරීම් අතර ස්ථානගත කිරීම වෙනුවෙන් සේවා සැපයීම් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන් එක්බද්ධ කරනු ලැබූ ඵලදායී උපායමාර්ගික සැළසුම් ක්‍රියාත්මක කිරිමටත් සමත් වී සිටිනවා. අපේ මේ ජනතා හිතවාදී ප්‍රවේශය ඔස්සේ ක්‍රියතාමක කළ ව්‍යාපාරික ආකෘතීන් සාර්ථක ප්‍රතිඵල අප පසුගිය වසර දෙක තුළ ඉහළ සාර්ථකත්වයක් අත්රකරගත් අතර, එය වර්ධණීය අනුපාත වලින් මැනවින් පෙන්නුම් කරනවා. මෙය අමානා තකාෆුල් රක්ෂණ සමාගම  විදිහට සියලුම ශ්‍රී ලාංකීකයන් සහ අපගේ ගනුදෙනුකරුවන් හට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමක් විදිහටයි මම දකින්නේ."

අමානා තකාෆුල් හි ආයතනික උපායමර්ග ප්‍රධානි රජිත ඔබේසේකර අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, ''කෙටි කාලීන හා මධ්‍ය කාලීනව අඛණ්ඩව තිරසාර වූ අතිවිශිෂ්ට වර්ධනය වේගයක් ලබා දීම අපේ ජයග්‍රාහී උපායාමාර්ය යි. ඒ වගේම 2023 වසරෙදි වර්ධනයට සහාය වෙමින් අපේ මේ ප්‍රවේශයන් තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කරමින් ඒ සඳහා වන නව ක්‍රියාමාර්ගයන් මේ වන විටත් අප සැළසුම් කර තිබෙනවා. විශේෂයෙන් අපේ විවෘත දැක්ම සහ පොරොන්දුවූ පිරිදි නියමිත වේලාවට හිමිකම් ගෙවීම්, පහසු සහ විනිවිදභාවයක් සහිත ප්‍රතිපත්ති ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. විශේෂයෙන් අපව විශ්වාස කරමින් අපත් සමඟ එක්වූ සියලුම් ගනුදෙනුකරුවන්ට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා වගේම, අපේ ජනතා හිතවාදී මෙම නව ව්‍යාපාරික සැළසුමත් එක්ක එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටිනවා."

  • Ada Derana BIZ Sinhala
  • Amana Takaful Insurance
  • Lifestyle Savings App
  • sri lanka

අමානා තකාෆුල් ඉනුෂුවරන්ස් ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය වෙත SLASH වෙතින් 20%ක ආකර්ෂණීය ඉතුරුමක්

November, 29, 2022

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවන ඉතුරුම් විලාසිතා (Lifestyle Savings) යෙදවුම වන SLASH සමඟ අත්වැල් බැඳගනිමින් සිය SLASH සැළසුම් සේවා පාරිභෝගිකයන් වෙත වාර්ෂික සහ මාසිකව  20% ක සුවිශේෂී වට්ටමක් ලබා දීමට කයුතු යොදා ඇත. මේ සඳහා වන නිල ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම එම ආයතනික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු වූ අතර, එමඟින් අමානා තකාෆුල් පාරිභෝගිකයින්හට එකකට එකක් ඉතුරුම් සහ ජීවන රටා කාණ්ඩ 8ක් ඔස්සේ වට්ටම්, 120 ඉක්ම වූ සේවා ස්ථාන සහ 300කට අධික ගනුදෙනු සහ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි අලෙවිකරණ සහ සන්නිවේදන අංශයේ ප්‍රධානී ෂමිල් අක්බාර් මහතා පැවසුවේ, “SLASH හි සම-නිර්මාතෘවරුන් අප හමුවී මේ යෙදවුම අප වෙත ඉදිරිපත් කරනවිට, අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් එක විදිහට අපට එය වැඩි නව්‍යතාවයක් තිබෙන, සිත් ඇදගන්නා සුළු සහ පාරිභෝගික හිතැති නිෂ්පාදනයක් බව අපට අවබෝධ වුනා. එමනිසා අපේ පාරිභෝගිකයින්ට මෙම සේවාව ලබාදීමේ පළමු ආයතනය බවට පත්වීමට අපට අවශ්‍ය වුුනා. ඒ වගේම අද වෙනකොට එය සාර්ථකත්වයට පත්ව තිබෙනවා. මීට අමතරව අමානා ඉන්ෂුවරන්ස් හි සියලුම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයින්ට SLASH සැලැස්ම සක්‍රීය කිරීමේ පිරිවැයෙන් 20% ක වට්ටමක් ලබාදී ඔවුන්ට මේ අත්දැකීම ලබාගැනීමට ඉහළ සහයෝගයක් දැක්වීම වෙනුවෙන් SLASH කණ්ඩායම කළ කැපවීම මම මෙහිදී සතුටින් සිහිපත් කරනවා.''

SLASH හි සම-නිර්මාතෘන් වන Hussain සහ Tasneem Turabally මෙම සහයෝගිතාවය සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය. “අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ට වැඩිපුර ඉතිරි කර ගැනීමට, වැඩිපුර අත්දැකීම් ලබා ගැනීමට සහ වැඩියෙන් ජීවිතය අත්විඳීමට අවස්ථාව ලබාදීමටයි. මෙතනදී ජනතාවගේ මුදල් පසුම්බියට ගැළපෙන ආකාරයෙන් ජීවිතය විඳීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අප අවබෝධ කර ගත්තා. විශේෂයෙන් වසංගත තත්වයෙන් පසුව භාණ්ඩ මිල විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ජනතාවට ජිවිතය විඳීමට අවස්ථාව අහිමිවී තිබෙනවා. අපි මූලිකව කයුතු කළේ මේ තත්වය වෙනස් කරන්නයි. එම අදහස තමයි අපිට SLASH ආරම්භ කිරීම සඳහා මූලික වුනේ. අද වෙනකොට මේ අවකාශය ජනප්‍රියත්වයට පත්වෙමින් බොහෝ දෙනෙකුට තමන්ගේ සිහින ජීවිත රටාව ළඟාකාර ගැනීමට උපකාර වෙල තිබෙනවා. අමානා SLASH සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අප ඉතා සතුටු වෙනවා. මෙයින් අපගේ පාරිභෝගිකයින්ට සිය වාර්ෂික දායකත්වය ඉතිරි කර ගැනීමට අවස්ථාවක් හිමිවනවා. ඒ වගේම SLASH සඳහා වර්ෂයකට රුපියල් 5,000 ක් වැය කිරීමෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සියලුම ගනුදෙනු සහ දීමනා හරහා රුපියල් මිලියන 1.8 කට වඩා වටිනා ඉතිරි කිරීමේ අවස්ථාව ලැබීම අප ආඩම්බරයෙන් පවසන දෙයක්. ඇත්ටම මේක සමකල නොහැකි වටිනාකමක්.”

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

  • Ada Derana BIZ Sinhala
  • Amana Takaful Insurance
  • sri lanaka

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම PIM සමඟ එක්ව නායකත්ව විශිෂ්ටතා පුහුණු වැඩසටහන ඔස්සේ පුද්ගල සංවර්ධනයට කැපවෙයි

July, 4, 2022

අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සේවකයින් අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇති සිය කැපවීම තහවුරු කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ කුසලතා සහ නිපුණතා ශක්තිමත් කිරීමේ නව ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කළේය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව දියත් කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතුරින් තෝරාගත් සමාජිකයින් සඳහා මෙම සුවිශේෂ නායකත්ව පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එමගින් ගැටළුකාරී කාල වකවානුවක ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සමාගමේ උපායමාර්ගික පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම නායකත්ව විශිෂ්ටතා වැඩසටහන (Leadership Excellence Programme – LEP) ඔස්සේ වර්තමාන සහ අනාගත නායකයින් සංවර්ධනය කිරීම අරමුණු වන අතර, මෙමගින් ඔවුන්ගේ තාක්ෂණික සහ උපායමාර්ගික දැනුම වර්ධනය කර ගැනීමට මනා අවස්ථාවක් විවර වේ. මෙම සමාරම්භක කණ්ඩායම සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් මාස 6ක කාලයක් තුළ සැසි මාලාවකට සහභාගි වනු ඇත. මෙහිදී තීරණ ගැනීම සහ ගැටළු විසඳීම, යාවත්කාලී වූ කළමණාකරණය, මූල්‍ය, විකුණුම් සහ අලෙවිකරණය, පුද්ගලික විශිෂ්ටත්වය ආදී කළමනාකරණයේ විවිධ උපායමාර්ගික ක්ෂේත්‍රවලට අදාළ බොහෝ ක්ෂේත්‍ර අධ්‍යනය කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙම සමාරම්භක අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් ප්‍රධානී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ෆර්හාන් ජාබීර් මහතා පැවසුවේ, “අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් කියන්නේ සැමවිටම සහයෝගීත්වය සහ ජනතා කේන්ද්‍රීය සංස්කෘතියක් මත වර්ධනය වන සමාගමක්. ඒ වගේම අප වසර ගණනාවක් පුරා අපගේ සේවකයන්ගේ ඇගයීම් කාර්යයේ නිරත වෙමින් ඔවුන් වෙනුවෙන් බොහෝ පුද්ගලික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ යාවත්කාලීන වූ දැනුමින්  ඉදිරියට යාමට අවස්ථාවක් වන බව අපේ විශ්වාසය යි. ඒ වගේම පළමු කණ්ඩායමෙන් පසුව මෙම අවස්ථාව අපේ ආයතනයේ අනෙකුත් ස්ථරවල සාමාජිකත්වයටත් ලබා දීම අපේ අපේක්ෂාව වෙනවා.''

අමානා තකාෆූල් ඉන්ෂුරන්ස් ආයතනය සහ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සමඟ ඇතිකරගත් මෙම සහයෝගිතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා ජීවිත රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය. “සේවකයන් කෙරෙහි සැළකිලිමත්වන, සහයෝගය දක්වන, පෝෂණය කරන සමාගමක් විදිහට ආයතනයේ වර්ධනය සඳහා ඉදිරි නායකයන් නිර්මාණය කිරීම සඳහා අපගේ ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ වැදගත්කම අප වටහාගෙන තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකාව අභියෝගාත්මක කාලයකට අවතිර්ණ වී සිටිනවා වගේම ජනතාව වගේම ව්‍යාපාර පවා පැවතීමේ අරගලයකට මුහුණපා සිටිනවා. වගකිවයුතු සේවායෝජකයෙකු විදිහට අපි අපගේ සේවකයන් දෛනිකව මුහුණදෙන දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් සංවේදී වෙනවා."

2020 වසරේ සිට ජාතික අර්බුධවලට මුහුණදෙන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, සෑම විටම තම සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන් හට ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශක්තිය සහ ධනාත්මක පෙළඹවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන් 'ලාබයෙන් ඔබ්බට ගිය අරමුණක්' ඔස්සේ සිය මෙහෙයුම් කාර්යයන් සිදුකරනා මෙම සමාගම, අර්බුධය හේතුවෙන් කිසිදු ආකාරයක සේවක කප්පාදු කිරීම්, ඉවත්කිරීම් හෝ වැටුප් කප්පාදු සිදු නොකළ සුළු ප්‍රමාණයක් වූ ලාංකීය සේවායෝජකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම සමාගම විසින් සැම විටම සැමගේ රැකියා සුරක්ෂිතතාවය, සමාජශීලී හා හිතවත් සේවාවක් සහ සැමට සමාන අවස්ථා සැමවිටම ඇතිකිරීමට සමත්ව තිබීම සුවිශේෂ කරුණකි.