November, 23, 2022
ශ්රී ලාංකේය PVC කර්මාන්තයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන Anton, සිය ජල ටැංකි සහ සෙවිලි නිෂ්පාදන පෙළ මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. 1958 වසරේ දී නිෂ්පාදනය ආරම්භ වූ Anton මහාපරිමාණ ආයෝජනයන් හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ පුරෝගාමී නිෂ්පාදනායතනය බවට පත් වෙමින් දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වර්තමානය වන විට PVC පයිප්ප හා සවිකිරීම් උපාංග නිෂ්පාදනයේ ප්රමුඛයා වන Anton, පීඩන පයිප්ප (Pressure Pipes) හා සවි කිරීමේ උපාංග, ජල ටැංකි, Thermo CPVC පයිප්ප හා සවි කිරීමේ උපාංග, වැහි පීලි හා සවි කිරීමේ උපාංග, වෑල්, ඇලවුම් ද්රව්ය / මැලියම් හා සීලන්ට්, කොන්ඩියුට් හා ට්රක්, දැල් සහ හෝස් යනාදී වශයෙන් පුළුල් නිපැයුම් පරාසයක් නිෂ්පාදනය කරයි. එමෙන් ම උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කරන Anton විසින්, Armor uPVC සෙවිලි තහඩු, uPVC දොරවල් හා ජනෙල් සහ ධ්රැවීය පරිවාරක වැනි නව නිෂ්පාදන කිහිපයක් ද හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත ගුණාත්මක නිෂ්පාදන ලබා දීම සඳහා තම කැපවීම තහවුරු කිරීමට සමත් වී ඇත.
වත්මන් අභියෝගාත්මක කාලවකවානුව තුළ දී මාලදිවයින් වෙළෙඳපොළ වෙත සාර්ථකව පිවිසීමට සමත් වන Anton වෙත සිය හවුල්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් දිරිගන්වන සුළු ධනාත්මක ප්රතිචාර හා ප්රශංසා නිරන්තරයෙන් ලැබෙන බව ද පැවසිය යුතු ම ය.
Anton සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිණි. " අපගේ නිෂ්පාදන හා සේවා මාලදිවයින දක්වා පුළුල් කිරීමට හැකි වීම ගැන මම ඇත්ත වශයෙන් ම සතුටට පත් වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ශ්රී ලංකාව තුළ ස්ථාවර වීමට හැකි වූ අපට, අපගේ ව්යප්තිය තවදුරටත් පුළුල් කරගැනීම වෙනුවෙන් ගෝලීය වෙළෙඳපොළ වෙත පිවිසීමට සුදුසුම කාලය මෙය බව අපි විශ්වාස කරනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත නව නිෂ්පාදන ගෙන ඒම හරහා අපගේ නිෂ්පාදන කළඹ පුළුල් කරගැනීමට වගේ ම ගුණාත්මක නිෂ්පාදන මගින් ලොව පුරා වෙසෙන ජනතාවගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් එල්ලකිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වගේ ම දිනෙන් දින වෙනස් වන ගනුදෙනුකරුවන්ගේ අවශ්යතා ඉතා හොඳින් හඳුනාගනිමින්, එම අවශ්යතාවලට වඩාත් කාර්යක්ෂමව හා ආරක්ෂිතව ගුණාත්මක විසඳුම් ලබා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කෙරෙහි අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා."
වර්තමානය වන විට Anton නිෂ්පාදන රැසක් මාලදිවයින වෙත අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන මාලදිවයිනේ කාර්මික හා පාරිභෝගික ක්ෂේත්රවල අවශ්යතා සපුරාලමින් වාරිමාර්ග, යටිතල පහසුකම් හා නල මාර්ගවල සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීමට ද සමත් වී ඇත. එය ශ්රී ලාංකේය සන්නාමයක් වන Anton දේශීය වශයෙන් මෙන් ම ජාත්යන්තරව ද ප්රචලිත වීමට ප්රධානතම හේතුවකි.
හොඳ ම අමුද්රව්ය හා නවීන තාක්ෂණය භාවිතයෙන් ඉහළ ගුණාත්මක භාවය හා ආරක්ෂාව තහවුරු කිරීමට සමත්ව ඇති Anton සිය පරිසර හිතකාමී, තිරසාර නිෂ්පාදන පෙළ හරහා පාරිභෝගිකයන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කිරීමේ අරමුණින් ක්රියාත්මක වේ.
"ශ්රී ලංකා රුපියල ස්ථාවර කිරීමට අත්යවශ්ය මේ මොහොතේ, ඉදිකිරීම් ක්ෂේත්රය සීඝ්රයෙන් වර්ධනය වන මාලදිවයින වැනි රටක වෙළෙඳපොළ වෙත පිවිසීමට ලැබීම ඇත්තවශයෙන් ම විශාල ජයග්රහණයක්. මෙය අපගේ වර්ධනයේ විශාල පිම්මක් වගේ ම ශ්රී ලාංකේය ජාතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදියටත් හඳුන්වා දීමට පුළුවන්. " යනුවෙන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
June, 27, 2022
100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට සහ අඛණ්ඩ අභියෝග ජය ගැනීමට ඔවුන් පෙළඹවීමේ අරමුණ ඇතිවයි. වසර ගණනාවක් පුරා සිය සේවකයින් සවිබල ගැන්වීමට Anton විසින් දියත් කල ව්යාපෘති අතුරින් මෙය සුවිශේෂී ස්ථානයක් ගනී.
‘හිතවත්කමට මුල්තැන’ ව්යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Anton ආයතනයේ සේවකයකු වන, කේ.ටී.ඩී. විජේසේකර මහතා පැවසුවේ මෙවැන්නකි. "මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ සමාගම නිරන්තරයෙන් අපට අවශ්ය සහය සහ මඟපෙන්වීම ලබා දීම ගැන මම කෘතඥ වෙනවා. සෑමවිටම අපට දිරියක් සහ සවියක් වන Anton පවුලේ සාමාජිකයෙකු වීමට ලැබීම අප ලද වරප්රසාදයක්. වර්තමානයේ රටේ පවතින තත්වයට සාර්ථකව මුහුණ දීමට අප ආයතනයෙන් ලැබෙන සහය කියා නිමකළ නොහැකියි."
Anton විසින් 2017 වසරේදී ‘හිතවත්කමට මුල්තැන’ ව්යාපෘතිය හඳුන්වා දුන් අතර, සේවකයින් සවිබල ගැන්වීම සහ ඔවුන් ආයතනයේ සතු වටිනාම සම්පත බව තහවුරු කිරීම මෑතකාලීන ව්යාපෘතියේ අරමුණ විය. සිය සේවකයින්ගේ යහපැවැත්ම නංවාලීමේ අවශ්යතාවය අවබෝධ කරගත් Anton සමාගම, ඔවුන්ට සහාය වීම සඳහා ක්රියාත්මක කරන ලද බොහෝ මුලපිරීම් වලින් එකක් ලෙස මෙම වියළි ආහාර සලාක ලබාදීම හැඳින්විය හැකිය.
මේ පිළිබඳ අදහස් දක්වමින් Anton හි ප්රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙලෙස පවසා සිටියි. “'හිතවත්කමට මුල්තැන' ව්යාපෘතිය අපි අපගේ සේවකයන්ගේ යහපත වෙනුවෙන් දියත් කරන ලද ව්යාපෘති වලින් එකක්. ඔවුන්ට අවශ්ය වියළි සලාක සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය ලබාදීම මඟින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම අපගේ අරමුණයි. මෙවැනි දුෂ්කර කාලයකදී, අප සියලු දෙනා මුහුණ දෙන අභියෝග සාර්ථකව ජය ගැනීමට අපි එකිනෙකාට උපකාර කරගත යුතුයි."
ආරම්භයේ සිටම Anton සමාගමේ සාර්ථකත්වයට ශක්තියක් වුයේ සිය සේවකයන් බව Anton තරයේ විශ්වාස කරයි. එමනිසා සිය සේවකයින් සවිබල ගැන්වීමටත් ඔවුන්ට පැමිණෙන අභියෝග සාර්ථකව ජයගැනීමට අවශ්ය සහය ලබාදීමටත් 'හිතවත්කමට මුල්තැන' ව්යාපෘතිය ඇතුළු තවත් ව්යාපෘති රැසක් Anton මෙලෙස දියත් කර ඇත.
Video Story