December, 1, 2022
ශ්රී ලංකාවේ වඩාත් ම ජනප්රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි සිය නිෂ්පාදනවල ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නංවමින්, තත්ත්වයෙන් වඩාත් උසස් ළදරු සත්කාරක නිෂ්පාදන පෙළක් ලබා දීමේ අරමුණින් බේබි ෂෙරමි Safety Institute නමින් නව ආයතනයක් ස්ථාපිත කෙරුණි. නවීනතම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලින් සමන්විත මෙම ආයතනය රටේ සමස්ත ළදරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී ආයෝජනයකි. ශ්රී ලංකාවේ වඩාත් ජනප්රිය මෙන් ම අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි, ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රයේ ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නැංවීමේ පුරෝගාමියා ද වේ. නිෂ්පාදන සුරක්ෂිතතාවයේ දිනෙන් දින වෙනස්වන හා විකාශනය වන ස්වභාවය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බේබි ෂෙරමි සන්නාමය විසින් මෙම නව Safety Institute ආරම්භ කිරීම මගින්, මෙරට ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රය ආශ්රිත ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා සිය කැප වීම තහවුරු කිරීමට සමත් වූ බව පැවසිය හැකිය.
නව බේබි ෂෙරමි Safety Institute මගින් වඩාත් ආරක්ෂිත ළදරු සත්කාරක නිෂ්පාදන සැපයීම සඳහා පියවර 8කින් යුත් ආරක්ෂණ ක්රියාවලියක් හඳුන්වා දෙයි. මෙම පියවර අටේ ආරක්ෂණ ක්රියාවලියට පාරිභෝගිකයින් සමඟ නිෂ්පාදන සම-නිර්මාණය කිරීම, අමුද්රව්ය ප්රවේශමෙන් තෝරා ගැනීම, අමුද්රව්යවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තක්සේරු කිරීම, ඇසුරුම් ප්රමිතිය හා ආරක්ෂාව තහවුරු කිරීම ,නිෂ්පාදන ආරක්ෂිත බවට සායනිකව පරීක්ෂා කර තහවුරු කර ගැනීම, ජාත්යන්තර මට්ටමේ නිෂ්පාදන ක්රියාවලියක් අනුගමනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආයු කාලය තක්සේරු කිරීම සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් හා ඇගයීමේ ක්රියාවලිය ආදිය අයත් වේ.
බේබි ෂෙරමි Safety Institute ශ්රී ලංකාවේ ළදරුවන් වෙනුවෙන් ආරක්ෂිතම ළදරු සත්කාරක නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් ම කැප වූ පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයකින් සමන්විත වේ. සුරක්ෂිතබව සහතික කළ බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින්, ළදරු සත්කාරක නිෂ්පාදන කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන් ම නිෂ්පාදන සුරක්ෂිතතාව වෙනුවෙන් ඉහළ ප්රමිතීන් සැකසීම සඳහා ද බේබි ෂෙරමි Safety Institute ඇරඹීම ඉදිරි පිම්මක් ලෙස හැඳින්විය හැකිය.
බේබි ෂෙරමි Safety Institute පිළිබඳව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා ඒසුෆලි මහත්මිය පැවසුවේ, “බේබි ෂෙරමි ළදරු සත්කාරක නිෂ්පාදනවල ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නැංවීමට අපි නිරන්තරයෙන් කැපවෙනවා. මෙම නව Safety Institute ආයතනය ආරම්භ කිරීමත් සමඟ ම, ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව අපගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සහ ශ්රී ලංකාවේ ළදරුවන් සඳහා වඩාත් සුරක්ෂිත නිපැයුම් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට ඇති අපගේ කැපවිම තුළින් සමස්ත ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රයට ඉතා හොඳ ආදර්ශයක් සැපයීමට අපට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. දශක හයක් පුරා අපි ශ්රී ලාංකේය දෙමාපියන්ගේ ළදරු සත්කාරක නිෂ්පාදන අවශ්යතා සපුරාලමින් සිටිනවා. ඒ වගේ ම ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගනිමින් ඔවුන්ගේ ළදරුවන් වෙනුවෙන් හොඳ ම දේ ලබා දීමට අපි හැකි උපරිමයෙන් කටයුතු කරනවා." යනුවෙනි.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ දිමුතු ජයසිංහ මහතා පැවසුවේ, " බේබි ෂෙරමි Safety Institute ආයතනය ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්රය සංවර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ සුවිශේෂී පියවරක්. එම ආයතනය, ගෝලීය වශයෙන් හොඳ ම භාවිතයන් සහ ආරක්ෂණ ප්රමිතීන් සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත, ඒ වගේ ම විශ්වසනීය ළදරු නිෂ්පාදන හඳුන්වා දීමට අවශ්ය නවීන තාක්ෂණික හා අනෙකුත් පහසුකම්වලින් සමන්විතයි." යනුවෙනි.
මෙම වසර මුල දී, බේබි ෂෙරමි විසින් සිය 60 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඊට සමගාමීව ශ්රී ලාංකේය ළදරුවන්ට ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ අරමුණින් ‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් දියත් කෙරිණි. බේබි ෂෙරමි Safety Institute එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ක්රියාත්මක කෙරුණු තවත් සුවිශේෂී පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.
බේබි ෂෙරමි යනු හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගමේ ප්රධානතම ළදරු සත්කාරක සන්නාමය වන අතර, එම සන්නාමය පුළුල් පරාසයක විහිදුණු ළදරු සත්කාරක නිෂ්පාදන පෙළකින් සමන්විතය. මෙරට අංක 1 ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි සබන් සහ ක්රීම්වල සමට සුමුදු බව හා එහි සුරක්ෂිත බව සායනිකව තහවුරු කර ඇත. බේබි ෂෙරමි ළදරු සබන් නිෂ්පාදන SLS ප්රමිති සහතිකය ද හිමි කර ගෙන ඇත. IFRA අනුකූල සුවඳ පමණක් භාවිත කරමින්, ගෝලීය හා දේශීය ආරක්ෂණ ප්රමිතීන් අනුගමනය කරමින් නිෂ්පාදනය කෙරෙන බේබි ෂෙරමි ජාත්යන්තර වශයෙන් කීර්තිමත් LMD සඟරාව මගින් 2020 හා 2021 වසරවලට අදාළව සිදුකරන ලද සන්නාම ශ්රේණිගතකිරීම් හි ඉදිරියෙන් ම සිටින සන්නාමයකි. ඊට අමතරව බේබි ෂෙරමි Brand Finance Lanka විසින් සිදුකරනු ලබන වාර්ෂික සන්නාම ශ්රේණිගත කිරීමෙහි අඛණ්ඩව වසර 2ක් ළදරු සත්කාරක නිෂ්පාදන අංශයේ වඩාත් ආදරය දිනූ සන්නාමය ලෙසින් ද නම් කෙරිණි.

November, 21, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ ජනප්රියම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් බණ්ඩාරගම, පානදුර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, වාද්දුව, මතුගම හා අගලවත්ත යන ප්රදේශ ආවරණය වන පරිදි කළුතර දී පවත්වනු ලැබූ මාපිය සායන වැඩසටහන් මාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම මාපිය සායන වැඩසටහන් මාලාව මගින් ළදරු රැකවරණය, මුල් ළමා විය සංවර්ධනය සහ සාම්ප්රදායික සමාජ වපසරිය වෙනස් කිරීම අරමුණු කරමින් දෙමාපියන් දෙදෙනාම තම දරුපැටියා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් දරුවන් ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව යනා දී වශයෙන් පුළුල් ක්ෂේත්රයක් ආවරණය කරමින් දෙමාපියන් දැනුවත් කළ අතර, සාර්ථක දෙමාපියන් වීමට අවශ්ය දැනුම හා ආකල්ප වර්ධනය ද මෙහි දී අරමුණු කෙරිණි. මෙම මාපිය සායන හරහා දරුවාගේ කායික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම වෙනුවෙන් දරුවාගේ උපතේ දී මෙන් ම මුල් ළමාවිය සංවර්ධනයේ දී ද ක්රියා කළ යුතු ආකාරය පිළිබඳව දෙමාපියන්, විශේෂයෙන් පියවරුන් දැනුවත් කිරීමට බේබි ෂෙරමි විසින් කටයුතු කෙරිණි.
මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සුවිශේෂී වැඩසටහනට සහභාගි වූ දෙමාපියන් අමතනු ලැබූ අතර, මාතෘ හා ළමා සෞඛ්ය උපදේශිකා ශ්යාමලී පතිරගේ මහත්මිය ළදරු රැකවරණය හා ළදරු පෝෂණය සහ දරුවාගේ යහපැවත්ම කෙරෙහි මව සහ පියා දෙදෙනාගේම දායකත්වය පිලිබඳව දෙමව්පියන් දැනුවත් කරන ලදී. එමෙන් ම එහි දී ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත අධ්යක්ෂක ජගත් වටවල මහතා සහ ඇල්පිටිය කලාප අධ්යාපන කාර්යාලයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය විසින් සංගීත චිකිත්සක සැසියක් ද පැවැත්විණි. ඊට අමතරව බණ්ඩාරගම, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී මධුෂානි අමරසූරිය මහත්මිය, දරුවන්ගේ මුල් ළමාවිය එක් එක් අදියරයන් සාර්ථකව වර්ධනය කිරීම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කළාය.
මෙම සායනය අවසානයේ දී, මව්වරුන්ට වටිනා බේබි ෂෙරමි ත්යාග පාර්සලයක් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය විසින් අනුමත කරන ලද මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව සම්පාදිත පොත් පිංචක් ද පරිත්යාග කෙරිණි. කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය, සෞඛ්ය අමාත්යාංශය සහ මුල් ළමාරක්ෂක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේ දී ප්රාදේශීය වෛද්ය කාර්යාලයේ වෛද්යවරුන් ද දෙමාපියන් ඇමතූ අතර, සහභාගී වූ දෙමව්පියන්ගෙන් එම වැඩසටහනට ඉතා හොඳ ඇගයීමක් ලැබිණි.
‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ බේබි ෂෙරමි විසින් දියත් කරන මෙම වැඩසටහන් මාලාවට යටතේ සායන 30ක් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත් කේන්ද්ර කර ගනිමින් පැවැත්වීමට සැළසුම් කර තිබේ. ශ්රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, මෙරට වඩාත් ආදරය දිනාගත් ළදරු සත්කාරක සන්නාමය බවට පත්වෙමින් සිය 60 වැනි සංවත්සරය සමරන බේබි ෂෙරමි, අධ්යාපනික වැඩසටහන් දියත් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යයි. බේබි ෂෙරමි නිෂ්පාදන හා මෙම සුවිශේෂී වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට www.babycheramy.lk වෙබ් අඩවියට හෝ https://www.facebook.com/BabyCheramy/ මගින් බේබි ෂෙරමි Facebook පිටුවට පිවිසෙන්න.
September, 22, 2022
Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්රමුඛතම සන්නාමයක් මෙන් ම, මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වන සංවත්සරය පසුගිය දා සමරන ලදි. දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්රී ලාංකේය ළදරු සත්කාරක නිෂ්පාදන වෙළෙඳපොළ තුළ අංක 1 ස්ථානය අඛණ්ඩව රැක ගැනීමට සමත් වී ඇති අතර, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කිරීම ද සිදු කරයි.
Hemas මැනුෆැක්චරින් සමාගම 1962 වසරේ දී මුලින් ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. එම සන්නාමය වෙතින් ගෙන ආ සුවඳ මෘදු, ආදරණීය මෙන් ම විශ්වසනීය හැඟීම නිසා ම අද පවා බොහෝ ශ්රී ලාංකේය දෙමාපියන් තුළ එම සුවඳ කෙරෙහි දැඩි ආකර්ෂණීය බවක් දක්නට ලැබේ. බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්රීම් සහ ලෝෂන්, ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇති අතර, එම නිෂ්පාදන සියල්ලක් ම ගුණාත්මක හා ආරක්ෂිත අමුද්රව්ය යොදා ගනිමින්, සංවේදී ළදරු සමට හිතකර අයුරින් ම නිපදවයි. එමෙන් ම දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව බේබි ෂෙරමි විසින් මෑතක දී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් 'ස්වාභාවික අමුද්රව්ය' යොදා නිෂ්පාදනය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.
Hemas Holdings සමූහයේ වත්මන් සභාපති හුසේන් එසුෆලි මහතා 1982 වසරේ දී මෙම ව්යාපාරයට සම්බන්ධ වූ අතර, බේබි ෂෙරමි සන්නාමයේ ස්වභාවය මනා ලෙස හඳුනාගත් එතුමා, සන්නාමයේ මෙන් ම නිෂ්පාදනවල ද ගුණාත්මක බව වර්ධනය කරමින්, විශ්වසනීයත්වයෙන් ඉහළ ළදරු සත්කාරක සන්නාමයක් නිර්මාණය කිරීම සඳහා කැප විය. මෙම ව්යාපාරික පවුලේ හතරවන පරම්පරාවේ ප්රමුඛ සාමාජිකාවක වන Hemas මැනුෆැක්චරින් සමාගමෙ හි වැඩ බලන කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය වර්තමාන පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබා දීම සඳහා නිෂ්පාදනවල සංවර්ධන හා නවෝත්පාදන අංශය වෙත දැඩි අවධානයක් යොමු කරයි.
බේබි ෂෙරමි සන්නාමයේ ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් Hemas Holdings PLC සමාගමේ සභාපති හුසේන් එසුෆලි මහතා පැවසුවේ, "ආදරය සහ විශ්වාසය වටා ගොඩ නැගුණු උරුමයන් සමඟින් බේබි ෂෙරමි 60වන සංවත්සරය අපි සමරන්නේ මහත් ආඩම්බරයෙන්. ළදරු වියේදී මව්වරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ සුව පහසුව සැලසීම වෙනුවෙන් උපකාර කිරීමේ දැක්මකින් යුතුව අපගේ ගමන ආරම්භ වුනා. අද අපි ආපසු හැරී බලන විට, ඔවුන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමෙන් පමණක් නොව, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට ශ්රී ලාංකේය මව්වරුන් දැනුවත් කිරීම සඳහා අපගේ සන්නාමය ලබා දී තිබෙන දායකත්වය තුළින් අපගේ අරමුණ සැබෑවක් බවට පත්ව තිබීම ගැන මම ආඩම්බර වෙනවා. වසර ගණනාවක් පුරා මව්වරුන්ගේ විශ්වාසය සහ හොඳ හිත දිනා ගනිමින් අපගේ නිෂ්පාදනවල ආරක්ෂාව සහ තත්ත්ව ප්රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා සන්නාමය අඛණ්ඩව නව්යකරණයන් සිදු කර තිබෙනවා. යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas මැනුෆැක්චරින් හි වැඩ බලන කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය, “බේබි ෂෙරමි සන්නාමය ශ්රී ලංකාවේ පරම්පරා ගණනාවක දෙමාපියන්ගේ ආදරයේ සංකේතයක්. දිනෙන් දින වර්ධනය වන අපගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය, පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා අප තුළ පවතින ශක්තිය පෙන්නුම් කරනවා. අපි බේබි ෂෙරමි සන්නාමයේ මීළඟ පියවර දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේ ම බේබි ෂෙරමි මේ රටේ දෙමාපියන් සමඟ ශක්තිමත්ව බැඳෙමින් ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් ගොඩ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙනවා." යනුවෙන් ප්රකාශ කළාය.
සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීම හා උපාය මාර්ග සැකසීම සම්බන්ධව කීර්තිමත් සමීක්ෂණ ආයතනයක් වන Brand Finance Lanka විසින් නිකුත් කරන ලද LMD හි 2020 හා 2021 වාර්ෂික සන්නාම ශ්රේණිගත කිරීම මගින් බේබි ෂෙරමි සන්නාමය අඛණ්ඩව වසර 2ක් මෙරට ළදරු සත්කාර නිෂ්පාදන අංශයේ වඩාත් ම ආදරය දිනූ සන්නාමය ලෙස නම් කෙරුණු අතර, එමගින් බේබි ෂෙරමි සන්නාමයේ විශිෂ්ටත්වය මනාව තහවුරු වෙයි.
රටේ වග කිව යුතු ආයතනයක් ලෙස හේමාස් සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්ය මග සැලසීම සඳහා රටේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින්නේ, සෑම පවුලකටම වඩා හොඳ හෙටක් ලැබිය යුතු බව අප විශ්වාස කරන බැවිනි. බේබි ෂෙරමි විසින් පවුල් සෞඛ්ය සේවිකාවන්, මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන නිලධාරීන්, ළමා හා කාන්තා කටයුතු අමාත්යාංශය, වෛද්යවරුන් සහ ළමා රෝග විශේෂඥයින් වැනි පාර්ශ්වකරුවන් සමඟ එක්ව වසර 10 කට වැඩි කාලයක් පුරා මාතෘ සායන 300 කට අධික ප්රමාණයක් පවත්වා ඇති අතර, එම සෑම වැඩසටහනකට ම ගැබිණි මව්වරුන් 450කට අධික පිරිසක් සහභාගි ව ඇත.
සාම්ප්රදායික සමාජ වපසරිය වෙනස් කිරීම අරමුණු කරමින් දෙමාපියන් දෙදෙනාම තම දරුපැටියා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව බේබි ෂෙරමි රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි.
විශ්වාසය, පිවිතුරු ආදරය සහ මෘදු බව යන සංකල්පයන් පෙරදැරි කර ගනිමින්, ආරක්ෂිත මෙන් ම ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන පෙළක් ගෙන එන බේබි ෂෙරමි සිය දශක 6ක විශිෂ්ටත්වය සමරන්නේ සාර්ථකත්වයේ මිළඟ ක්රියාන්විතය වෙනුවෙන් අති සාර්ථක සැලසුම් කිහිපයක් ද සමඟිනි.
June, 27, 2022
දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්රියතම තේරීම වූ දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්රියාකාරීව සහභාගී විය යුතුයි යන, "සමසහභාගි දෙමාපියත්වය" සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි.
පසුගිය වසරේ මෙරට ප්රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක් පුරාවට අවශ්ය ඩයපර්ස්, ෂැම්පු, සබන්, ක්රීම් සහ කොලොන් වැනි ළදරු සත්කාර නිෂ්පාදන රැසක් ලබාදීමට ක්රියා කිරීම, බේබි ෂෙරමි විසින් සිදු කරන ලද ආදරණීය කර්තව්යකි.
බේබි ෂෙරමි විසින් ලබාදුන් මෙම ආදරණීය අනුග්රහය පිළිබඳව සහ පසුගිය මාස කිහිපයේ සිය අත්දැකීම බෙදාහදා ගනිමින්, බිළිඳුන්ගේ පියා වන උදයංග මරවනාගොඩ මෙලෙස පවසා සිටියි. "මගේ සහ දිලිනිගේ ජීවිතයට මෙය අපූර්ව අත්දැකීමක් කියල මම මුලින්ම කියන්න ඕනේ. දරුවන් සය දෙනෙකුගේ දෙමව්පියන් වීම ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක් වගේම, ලොකු වගකීමක්. විශේෂයන්ම දරුවන් සය දෙනෙකු රැකබලා ගැනීමේදී අපට කායික, මානසික මෙන්ම මූල්ය අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මෙම සියලුම අපහසුතා සහ අභියෝග සඳහා අප දෙදෙනාම එක්ව මුහුණ දුන්නා. දරුවන් වෙනුවෙන් මගේ කාලය කැප කරමින්, මගේ බිරිඳට සහ දරුවන්ට අවශ්ය සුවපහසුව ලබාදීමට මම සෑම විටම උත්සහ කළා. මේ ගමනේදී, අපට බේබි ෂෙරමි විශාල සහයෝගයක් ලබා දුන්නා. ඇත්තටම අපේ දරුවන් වෙනුවෙන් බේබි ෂෙරමි සෙනෙහසින් ලබාදුන් එම සහයෝගයන් අප බෙහෙවින් අගය කර සිටිනවා."
දරුවන්ගේ ආදරණීය මව වන දිලිනි වාසනා දයානන්ද සිය අදහස් බෙදාහදා ගනිමින් මෙලෙස පවසා සිටියි. "අපට අවශ්ය සහයෝගයන් ලබාදීම සඳහා, පසුගිය මාස කිහිපයක කාලය පුරාවට බේබි ෂෙරමි අප හා අත්වැල් බැඳගෙන සිටීම විශාල සතුටක්. අපගේ දරුවන් සය දෙනාට අවශ්ය සුවපහසුව සහ ආරක්ෂාව ලබාදීම අප දෙදෙනාගේම එකම බලාපොරොත්තුව. අපේ දරු පැටවුන්ට අත්යවශ්ය ළදරු නිෂ්පාදන ලබා දීමට බේබි ෂෙරමි ක්රියා කළ නිසා, අපට විශාල සහනයක් දැනුනා වගේම අපේ දරු පැටවුන්ගේ ජීවන ගමනට හොඳ ආරම්භයක් ලැබුණා කියලා කියන්න පුළුවන්".
දරුවන් සය දෙනෙකු රැකබලා ගැනීම මවකට විශාල කාර්යභාරයක්. නමුත්, පියාගේ සහයෝගය අඛණ්ඩව හිමිවන්නේ නම්, එය ඉතා පහසු කාර්යයක්. දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම ක්රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම සමාජයට පෙන්වා දෙමින්, "සමසහභාගි දෙමාපියත්වය" යන සංකල්පය දේශීයව ප්රචලිත කිරීම සඳහා බේබි ෂෙරමි දිගින් දිගටම ක්රියා කරයි. මේ අනුව "සමසහභාගි දෙමාපියත්වය" යන සංකල්පය දේශීයව ප්රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි ක්රියාත්මක කරමින් සිටියි. තවද, දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය, ගර්භණී සත්කාර ඇතුලු දෙමව්පියන්ට වැදගත් වන විවිධ මාතෘකා කිහිපයක් පිළිබඳවම දැනුම වර්ධනය කිරීම උදෙසා බේබි ෂෙරමි, ක්ෂේත්ර විශේෂඥයින්ගේ සහයෝගය ඇතුව "දරු පැටියාගේ ලෝකය" ඇතුලු විවිධ වැඩසටහන් ක්රියාත්මක කරමින් සිටියි.
බේබි සබන්, ෂැම්පු, බේබි ක්රීම් සහ ලෝෂන්, ලොන්ඩ්රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. විශිෂ්ට ගුණත්වය සහ ආරක්ෂාකාරී නවීන නිෂ්පාදන ක්රියාවලීන් භාවිතය හේතුවෙන් ශ්රී ලංකාවේ ප්රථම වරට SLS සහතිකය දිනාගත් බේබි සබන් සන්නාමය වන්නේද බේබි ෂෙරමියි. තවද, බේබි ෂෙරමි නිෂ්පාදන බිලිඳු සමට හිතකර බව සායනිකව සනාථ කර ඇති අතර, IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර දේශීය සහ ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව නිපදවා ඇත. ශ්රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්රේණිගත කරන බ්රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ, ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වීමටද බේබි ෂෙරමි හට හැකි විය. සියලුම බේබි ෂෙරමි නිෂ්පාදන පිළිබඳ හෝ “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය පිළිබඳ විස්තර අවශ්ය නම්, www.babycheramy.lk වෙතින් හෝ https://www.facebook.com/BabyCheramy/ වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
Video Story