September, 29, 2022
ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ සමාජ මෙහෙවරක් ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානය හා සම්බන්ධව සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 17 වන දින පෙ.ව 10 සිට ප.ව 03 දක්වා නාරහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාසයේ සුභ සාධක සංගම් ශාලාවේ දී 100 ට ආසන්න පරිත්‍යාගශීලී ආරක්ෂක නිලධාරීන්, ආරක්ෂක ආයතනවල සාමාජිකයින් හා අසල් වාසීන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී.
ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනම 1999 අංක 51 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරන ලද ලංකාවේ පුද්ගලික ආරක්ෂක කර්මාන්තය හා එහි වෘත්තිකයින් නියෝජනය කරනු ලබන රාජ්‍යය අනුග්‍රහය සහිත එකම සංවිධානය යි. වාර්ෂිකව තෝරාපත් කරගන්නා සභාපති ඇතුළු විධායක කමිටුව අදාළ රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමග කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.
රට තුළ පසුගිය කාල වකවානුවේ දී ඇති වූ නොයෙකුත් ව්‍යසනයන් හා කලබලකාරී අවස්ථාවන්හි දී පෞද්ගලික ආරක්ෂක අංශය හා එහි නිලධාරීන් රජය හා පෞද්ගලික දේපළ මෙන්ම ජීවිත ආරක්ෂාවට කරන ලද විශිෂ්ට සේවය අගය කරන අතරතුර මෙවන් සමාජ මෙහෙවරකට තමන්ගේ රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණීමෙන් කරන ලද දායකත්වය ඉතා අගය කොට සලකන අතර ජාතික රුධිර මධ්‍යස්ථානයේ සහභාගී වූ වෛද්‍යවරුන් හා හෙද කාර්යය මණ්ඩලයට කාර්මික ආරක්ෂක පදනමේ විධායක කමිටුවේ හා එහි සාමාජිකයින්ගේ හෘදයාංගම ස්තූතිය කෘතවේදීව පිරිනමන බව එහි වත්මන් සභාපති විශ්‍රාමික විංග් කමාන්ඩර් ඩී ප්‍රදීප් එස් කන්නන්ගර මහතා ප්‍රකාශ කර සිටී.
September, 6, 2022
මෙරට අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දා ඉතා සාර්ථකව පැවැත්විණි.
අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03 වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් පස්වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය හා කාර්ය මණ්ඩලය විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර එය මෙවර පැවැත්වූයේ හත් වැනි වරටය. අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් රටට අවැසි මොහොතක අයිඩියල් මෝටර්ස් විසින් මෙවැනි සත්කාරයක් සංවිධානය කිරීම කාගේත් පැසසුමට ලක් වූ කරුණක් විය.
සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කෝඩිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුභසාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් 19 වෛරසයේ ආරම්භක අදියරේ දී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසල බදුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරිනි.
ඊට අමතරව එම වසරේම ජූනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ හෘද රෝගීන් ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක 6 ක පරිත්‍යාගයක්ද සිදු කෙරිණි.
එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂණ ඇඳුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පරිත්‍යාග කිරීම හා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් මහින්ද්‍ර ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කිරීම ඒ අතර වේ.
මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර පානීය ජල අවස්ථාවෙන් පීඩා විඳි නාමල්පුර ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වල, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලුම පොත් පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානයේ බෝමළුව ඉදිකර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට හා අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍ර ඉලෙක්ට්‍රික් ත්‍රි රෝද රථ පරිත්‍යාග කිරීම ඒ අතර වේ.
Video Story