• Ada Derana BIZ Sinhala
  • Blood Donation Campaign
  • Industrial Security Foundation
  • sri lanka

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නාරහේන්පිට දී

September, 29, 2022

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ සමාජ මෙහෙවරක් ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානය හා සම්බන්ධව සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 17 වන දින පෙ.ව 10 සිට ප.ව 03 දක්වා නාරහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාසයේ සුභ සාධක සංගම් ශාලාවේ දී 100 ට ආසන්න පරිත්‍යාගශීලී ආරක්ෂක නිලධාරීන්, ආරක්ෂක ආයතනවල සාමාජිකයින් හා අසල් වාසීන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනම 1999 අංක 51 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරන ලද ලංකාවේ පුද්ගලික ආරක්ෂක කර්මාන්තය හා එහි වෘත්තිකයින් නියෝජනය කරනු ලබන රාජ්‍යය අනුග්‍රහය සහිත එකම සංවිධානය යි. වාර්ෂිකව තෝරාපත් කරගන්නා සභාපති ඇතුළු විධායක කමිටුව අදාළ රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමග කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.

රට තුළ පසුගිය කාල වකවානුවේ දී ඇති වූ නොයෙකුත් ව්‍යසනයන් හා කලබලකාරී අවස්ථාවන්හි දී පෞද්ගලික ආරක්ෂක අංශය හා එහි නිලධාරීන් රජය හා පෞද්ගලික දේපළ මෙන්ම ජීවිත ආරක්ෂාවට කරන ලද විශිෂ්ට සේවය අගය කරන අතරතුර මෙවන් සමාජ මෙහෙවරකට තමන්ගේ රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණීමෙන් කරන ලද දායකත්වය ඉතා අගය කොට සලකන අතර ජාතික රුධිර මධ්‍යස්ථානයේ සහභාගී වූ වෛද්‍යවරුන් හා හෙද කාර්යය මණ්ඩලයට කාර්මික ආරක්ෂක පදනමේ විධායක කමිටුවේ හා එහි සාමාජිකයින්ගේ හෘදයාංගම ස්තූතිය කෘතවේදීව පිරිනමන බව එහි වත්මන් සභාපති විශ්‍රාමික විංග් කමාන්ඩර් ඩී ප්‍රදීප් එස් කන්නන්ගර මහතා ප්‍රකාශ කර සිටී.