• Ada Derana BIZ Sinhala
  • Beach Cleaning Day
  • C.W. Mackie PLC
  • sri lanka

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

September, 27, 2022

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දූෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක් පාර්ශ්වයක් ශක්තිමත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ අගය පිළිබඳ මහජනතාව උනන්දු කරවීමේ  “Beach Cleaning Day” වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා සංවිධානය කරන ලදී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) හා ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගයෙන් Clean Ocean Force" වන අරණ යන පරිසර සංවිධාන හා පරිසරවේදීන් රැසක් සමග එක්වෙමින් සී. ඩබ්ලිව් මැකී පීඑල්සී කාර්ය මණ්ඩලයේ ශ‍්‍රම දායකත්වයෙන් “Beach Cleaning Day” වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී ක‍්‍රියාත්මක කෙරිණ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සභාපති හේමක අමරසූරිය මහතා වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින්  “රට වටකර පවතින මුහුදෙන්, ලස්සන වෙරළ තීරයකින් හා ස්වභාවික සෞන්දර්යකින් අපේ රට පොහොසත්. පරිසර දූෂණය හා කාලගුණ විපර්යාසයන් ගැන දිනෙන් දින නරක ආරංචි වැඩි වැඩියෙන් ලැබෙනවා. නිරන්තරයෙන් ආයතනික සමාජ වගකීම් නොපිරිහෙලා ඉටුකරමින් කටයුතු කරන අප ආයතනයට එය මහත් කම්පනයක් ඇති කළා. ඒ නිසාම ව්‍යාපාර ආයතනයක් විදිහට පරිසරය සුරක්ෂිත කිරීමේ මෙහෙවරට දායකත්වයක් හා නායකත්වයක් දීමේ අරමුණෙන් අප Beach Cleaning Day වැඩසටහන ආරම්භ කළා. ” යැයි පැවසීය.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා මුහුදු තීරය හා වෙරළ දූෂණය වීමේ අවදානමට මුහුණ පෑවේ ජල ජීවී හා මනුෂ්‍ය ජීවිත වෙත මහත් තර්ජනයක් එල්ල කරමිනි. මෙම තත්ත්වය මත වගකිව යුතු රාජ්‍ය ආයතනයන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන හා සංවිධානයන්ගේ දායකත්වය ලබාදීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “අපගේ මෙම කටයුත්තට පුද්ගලයන් රැසක් සහයෝගය ලබාදීම ගැන මා බෙහෙවින් සතුටු වනවා. සාර්ථකත්වය හඹා යන ව්‍යාපාර සමූහයක් වුවත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් වෙනස් තිරසර ක‍්‍රමවේදයකින් අප ව්‍යාපාර පවත්වාගෙන යනවා. අපගේ සය වැදෑරුම් තිරසර නිෂ්පාදන ක‍්‍රමවේදය හරහා තත්ත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝගිකයා වෙත ලබාදෙන අතර පාරිභෝගිකයාත් අපත් ජීවත්වන පරිසරයේ සුරක්ෂිතතාවය රැකගැනීම ගැනත් අවධානය යොමුකොට තිබෙනවා.” යැයි පැවසීය.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ ජනප‍්‍රිය සන්නාම රැසක ආනයන, අපනයන, නිෂ්පාදන, අලෙවිකරණ හා බෙදාහැරීම් සේවා ඉටු කරන කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සිදුවන්නේ පරිසර ආරක්ෂණය තහවුරු කළ තිරසර ක‍්‍රමවේදයක් යටතේ ය. PET එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය, ජල පිරිපහදුව, වීදුරු පානීය ජල බෝතල් නිෂ්පාදනය, ISO 14001:2015 සහතික ලත් නිෂ්පාදනාගාරයක්, හරිත වාර්තාකරණය හා සමුද්‍ර දූෂණය වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග යන සය වැදෑරුම් තිරසර නිෂ්පාදන ක‍්‍රමවේදයක් සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී තුළ ක‍්‍රියාත්මක වේ.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් “Recycle for Future Generation” ව්‍යාපෘතිය යටතේ ,”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” EPR ප‍්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd. සමග එක්ව පරිසරයේ ඇති ප්ලාස්ටික් නැවත එකතු කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ආයතනික හා සමාජ වගකීමක් ලෙස ඉටුකරමින් සිටියි.

තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විමේ දී ආයතනික කාර්යසාධනය මැනිම සඳහා වන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙන හරිත වාර්තාකරණය භාවිතා කිරීමෙහිලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය සමග ලියාපදිංචිය ලබා ඇත.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින්  “Recycle for Future Generation” ව්‍යාපෘතිය යටතේ “නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” EPR ප‍්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd.  සමග එක්ව පරිසරයේ ඇති ප්ලාස්ටික් නැවත එකතු කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ආයතනික හා සමාජ වගකීමක් ලෙස ඉටුකරමින් සිටියි.

තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විමේ දී ආයතනික කාර්යසාධනය මැනිම සඳහා වන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙන හරිත වාර්තාකරණය භාවිතා කිරීමෙහිලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහය විසින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය සමග ලියාපදිංචිය ලබා ඇත.

 

ඡායාරූපය - සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී ව්‍යාපාර සමූහයේ සභාපති හේමක අමරසූරිය මහතා සහ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා එම අවස්ථාවට එක්වෙමින්

  • Ada Derana BIZ Sinhala
  • C.W. Mackie PLC
  • Recycle for Future Generation
  • sri lanaka

‘Recycle for Future Generation’ EPR වැඩසටහනක් අරඹයි

July, 12, 2022

සී ඩබ්ලිව් මැකී පීඑල්සී  - Scan Products Division

නිෂ්පාදන සමාගම්වල ක‍්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හා දේශීය ව්‍යාපාර ආයතනයන් විසින් ”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” (extended producer responsibility - EPR) යන ප‍්‍රතිපත්තිය මත පිහිටමින් තම නිෂ්පාදන ආයතනයන්ගෙන් පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් නැවත එකතු කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ආයතනික හා සමාජ වගකීමක් ලෙස ඉටුකරමින් සිටියි.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ ආනයන හා අපනයන කටයුතු, නිෂ්පාදන කටයුතු, අලෙවි හා බෙදාහැරීම් සේවා සමග විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන සී ඩබ්ලිව් මැකී පීඑල්සී හි Scan Products Division විසින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd. සමග එක්ව හිස් PET (ප්ලාස්ටික්) බෝතල් එකතුකරමින් ‘Recycle for Future Generation’ ලෙස EPR ක‍්‍රමයේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩසටහනක් අතිසාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා ‘Recycle for Future Generation’ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින්  “ප‍්‍රතිචක‍්‍රීයකරණය හා නැවත භාවිතය කියන්නේ ගෝලීය වශයෙන් මිනිසාට හමුවේ ඇති දැවැන්ත අභියෝගයක්. පසුගිය වසර ගණනාව තිස්සේ අප තනිවම සිදු කළ දෙය සමාජයට අත්‍යවශ්‍යම මොහොතකදී Eco Spindles (Pvt) Ltd සමග සහයෝගීතාවයෙන් වඩාත් ශක්තිමත් වී තිබෙනවා. සමාගමක් ලෙස අප මේ සම්බන්ධයෙන් සතුටට පත්ව සිටිනවා වගේම ඉදිරි කාලයේදී අපේ සියළු මෙහෙයුම් අංශ වලට මේ සමාජ මෙහෙවර ව්‍යාප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකාරභවතුන්ටත් ආයතනික පාර්ශ්වකරුවන්ටත් මෙන්ම මුළුමහත් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ආයතනික සමාජ වගකීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතා ගෞරවය දිනාගත් කීර්තිමත් සමූහයක් විදිහට අපි තිරසර පැවැත්ම තහවුරු කරගැනීමට විශේෂ අවධානයක් යොමුකොට තිබෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, ඩෙංගු වළක්වාගැනීමේ වැඩසටහන් මෙන්ම මහජන සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කොට තිබෙන අප සුරක්ෂිත හරිත අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් සැමවිටම දායකත්වය ලබා දෙනවා. Eco Spindles සමග ඇති කරගත් මෙම නවතම සහයෝගීතාවය සමග පරිසරය සුරැකීම වෙනුවෙන් අප මෙතෙක් දැක්වූ දායකත්වය තවදුරටත් ශක්තිමත්ව තිබෙනවා. අපගේ EPR ප‍්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට තනි තනි වශයෙන් අපේ පාරිභෝගික ජනතාවත් එක් වන්නේ නම් අප සියළු දෙනාට ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය සුරක්ෂිත කරන්න දැවැන්ත දායකත්වයක් ලබාදෙන්න පුළුවන්” යැයි පැවසීය.

මෙම ක‍්‍රියාදාමය තුලින් කාබන් විමෝචනය හා අප ජල නිෂ්පාදනය අවම කරගනිමින් හරිත අනාගතයකට සක‍්‍රීය දායකත්වයක් සපයන්නට ‘Recycle for Future Generation’ ව්‍යාපෘතිය දායක වේ. තම ආයතනික පාරිසරික ප‍්‍රතිපත්තිය වඩාත් අර්ථවත් කරමින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය (National Green Reporting System) සමග ලියාපදිංචිව කටයුතු කරන ඔවුන් සුරක්ෂිත පරිසරයක ගොඩනැගෙන තිරසර අනාගතයක් උදෙසා පුළුල් දැක්මක් ඇතිව කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලාංකීය පෞද්ගලික අංශයේ සමාගම් ඉලක්ක කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා Biodiversity Sri Lanka එකමුතුවෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ USAID මූල්‍යමය අනුග‍්‍රහය යටතේ පරිසර අමාත්‍යාංශයේ සහයෝගීතාවය යටතේ “Collect-Back” ආකෘතියේ උපාය මාර්ගික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් මෑතකදී යෝජනා කොට තිබීම පිළිබඳ සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම සිය කෘතඥතාව පළ කරනු ලබයි.

 

ඡායාරූප විස්තරය: වමේ සිට: ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් - අපද්‍රව්‍ය කළමනාකරණ - මධ්‍යම පරිසර අධිකාරිය), මංගල පෙරේරා (විධායක අධ්‍යක්ෂ - සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමූහය) සහ ජෙරොම් ජයසිංහ (ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී - සී ඩබ්ලිව් මැකී පීඑල්සී හි SCAN Products Division) යන මහත්වරුන් EPR සමාජ සත්කාරය අරඹමින්