• Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB, වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් ලෙස කිරුළු පළඳී

January, 19, 2023

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි කාන්තා රග්බි කණ්ඩායම පසුගියදා නිමා වූ වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් බවට පත්විය. සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා CDB කණ්ඩායම MAS සහ සම්පත් බැංකු කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් 5-0 සහ 20-0 ලෙස තරඟ ලකුණු ලබාගනිමින් ඉදිරියෙන් පසුවීය. මෙහිදී, CDB හි ඉමල්කා ෆොන්සේකා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගන්නා ලදී.

මෙවර වෙළෙඳ සේවා ෆුට්බෝල් සංගමය මඟින් මෙම වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලිය, පවත්වනු ලැබුවේ වසර දෙකකට පසුව වන අතර එය CR & FC ක්‍රීඩාංගනයේදී පසුගියදා නිමාවට පත්විය.මෙවර වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලිය, පිරිමි ශුරතාවට සමගාමීව  පැවැත්වෙන 50 වෙනි තරඟාවලිය වූ අතර CDB කණ්ඩායම 2018 වසරේද මෙහි ශුරතාව දිනාගත් අතර 2019 වසරේදී අනුශුරතාව දිනාගන්නා ලදී.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB, ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

December, 3, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20 කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන මෙහි මූලික අරමුණ වන්නේ, ළමා පරපුරේ තාක්ෂණ දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින් වඩාත් සුහුරු හා තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වීම ය.

මීට වසර 13 කට පෙර ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ කළුතර, කුරුවිට, කෙහෙල්පන්නල, මොණරාගල, මදුරන්කුලිය, කඳපොළ, කුරුණෑගල, අනුරාධපුර, යාපනය සහ තිස්සමහාරාමය යනාදී ප්‍රදේශවල පිහිටි පාසල් 11 ක් වෙත මේ ආකාරයේ සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනමා තිබේ.

ග්‍රාමීය ප්‍රජාවන් තුළ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමෙන් පසු, ළමා පරපුරට ඩිජිටල් ලෝකය හා සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ කුසලතා සහ දැනුම ලබා ගත හැකි වන පරිදි දිවයින පුරා පිහිටි පාසල් වෙනුවෙන් තවත් සුහුරු පරිගණක විද්‍යාගාර 20ක් කඩිනමින් පරිත්‍යාග කිරීමට CDB ප්‍රතිඥයා දී තිබේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර සිව්වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්න පදනම් කරගත් ව්‍යාපෘතියකි. මේ ඔස්සේ ගුණාත්මක භාවය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ පහසුකම් සපයන අතරම රටේ පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම CDB සමාගමේ බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ නවතම අදියරේ පළමු සුහුරු පරිගණක විද්‍යාගාරය කොළොන්නාව ශාන්ත ජෝසප් විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අතර, තවත් විද්‍යාගාර දෙකක් ඌව පළාතේ කුරුවිතැන්න මහා විද්‍යාලයේ සහ මධ්‍යම පළාතේ අටබාගේ උඩුගම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදි. මෙම පරිත්‍යාගයන් සිදුකිරීමට සුදුසුම පාසල් තෝරාගැනීම සඳහා CDB සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ඒ සඳහා විශේෂ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කෙරේ.

CDB සමාගම ක්‍රියාවට නංවා ඇති තිරසාරත්ව සවිබල ගැන්වීමේ සහ දැනුම ව්‍යාප්ත කිරීමේ මෙහෙවර තුළින් රටේ සෑම පුරවැසියෙකුටම සුවිශේෂී අවස්ථා රැසක් විවර වේ. මෙය හුදෙක් ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ පරපුරේ තොරතුරු තාක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ මෙහෙවරක් පමණක් නොව, ආකල්ප පුළුල් කරමින්, ඔවුන්ට අනාගතයේ ජීවිතය ජයගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය සහ අනෙකුත් කුසලතා වැඩිදියුණු කිරීමේ ජාතික මට්ටමේ මෙහෙවරකි.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB ආයතනය ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයේදී තවත් සමාජ සත්කාරයක

November, 16, 2022

මෝදර - පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා 150 කට ආසන්න කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් එක්වෙති

පසුගියදා සැමරූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර - පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක පමණ  ප්‍රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු කළහ. මේ සඳහා Biodiversity Sri Lanka (BSL) සංවිධානයේ සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහයෝගයද හිමි විය. එගොඩ උයන ප්‍රදේශයේ සිට දකුණු දෙසට විහිදෙන මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා CDB කාර්යමණ්ඩලයේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ද දායක වීම විශේෂත්වයකි.

Biodiversity Sri Lanka, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හා සංවිධාන රැසක් සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන ‘Life to our Beaches’ ව්‍යාපෘතියෙහි තවත් අදියරක් ලෙස මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක කරන ලදි. රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර මෙන්ම ප්‍රජාව සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වයක් වන මෙය, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය රැකගැනීම පිළිබඳව මෙන්ම වෙරළාශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන්ගේ යහපත පිළිබඳවද දැඩි අවධානයක් යොමුකරයි.

වෙරළ තීරයේ ජනාවාස සීමිත වුවත්, මෝසම් සමයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වෙරළ තීරයට ගොඩගසයි. මේ නිසා සාගර ජීවීන්ට මෙන්ම වෙරළබඩ ජනතාවටද ගැටලු රාශියකට මුහුණපෑමට සිදු වේ. මෙම ගැටලු හඳුනා ගනිමින්, සාගර දූෂණය මෙන්ම වගකීම් විරහිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට CDB කණ්ඩායමට  සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ හරහා අවස්ථාව ලැබිණි.

“ශ්‍රී ලංකාවේ බස්නාහිර හා දකුණු වෙරළ ආශ්‍රිතව මෙරට ජනගහනයෙන් 40% ක වැඩි ප්‍රමාණයක් ජීවත් වනවා. එමෙන්ම එය රටේ වැඩියෙන්ම පරිසර දූෂණයට මුහුණ පා ඇති වෙරළ තීරයන්ගෙන් එකක්. දිගු කාලයක පටන් පරිසරයේ යහපත වෙනුවෙන් අර්ථවත් මැදිහත්වීම් සිදුකිරීමට අප උත්සාහ කරනවා. එය සමාගමක් වශයෙන් අපගේ යුතුකම් හා වගකීම් ඉටුකරමින්, සමාජ, ආර්ථික හා පාරිසරික වශයෙන් යහපත උදාකිරීම සඳහා අප ගන්නා උත්සාහයේ එක් වැදගත් අංගයක්. අපගේ අරමුණ වන්නේ, මානව හා සාගර ජීවය මෙන්ම වෙරළ තීරයන්හි වෙසෙන ප්‍රජාවන්ගේ ජීවනාලිය වන සාගරයන් ඇතුළුව සමස්ත පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා දායක වීමයි. වෙරළ පිරිසිදු කිරීම යනු එම උත්සාහයේ එක් ප්‍රධාන අංගයක්. එය සරල ක්‍රියාවලියක් ඔස්සේ  පාරිසරික තිරසාරත්වය සම්බන්ධ අපගේ න්‍යායපත්‍රය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට මහෝපකාරී වනවා. මේ සියලු උත්සාහයන් මිහිමත ජීවය ආරක්ෂා කරගැනීමට කේන්ද්‍රීය දායකත්වයක් දක්වන බව අපගේ විශ්වාසයයි.” CDB සමාගමේ අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.

CDB සමාගමේ කණ්ඩායම් සාමාජිකයන් නිරතුරුවම මෙවන් වූ ආයතනික ප්‍රජා සත්කාරයන් සඳහා නොමඳව දායක වන අතර මෙහිදී තිරසාරත්වය යන මූලික සංකල්පය යටතේ කණ්ඩායම් සාමාජිකයන් අතර විනිවිදභාවය, වගවීම, වගකීම්සහගත බව සහ අවංකභාවය යනාදී ගුණාංග වල වැදගත්කම ප්‍රවර්ධනය කරනු ලබයි. එසේම, CDB 'Engaging Mindful Team Members' යන තේමාව යටතේ කණ්ඩායම් සාමාජිකයින් එකමුතු කරගනිමින් සමාගමේ කාබන් පියසටහන අවම කිරීමටත්, සමස්තයක් ලෙස සමාගමේ තිරසාරත්ව මෙහෙවරෙහි නායකයන් හා ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීමටත් ඔවුන් දිරිගන්වනු ලබයි.

මූලාශ්‍රය: (https://www.researchgate.net/publication/358088080_Pollution_levels_in_Sri_Lanka's_west-south_coastal_waters_Making_progress_toward_a_cleaner_environment)

ඡායාරූප විස්තරය -  CDB සමාගමේ ‘Life to our Beaches’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නැංවූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී එක්රැස් වූ කිලෝග්‍රෑම් 75ක වීදුරු සහ කිලෝග්‍රෑම් 312.5ක අනෙකුත් කසළ ප්‍රමාණය සහ එම වැඩසටහනට දායක වූ පිරිස

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB සමාගමේ 14 වැනි සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන තවත් දක්ෂතා සහිත සිසුන් 150 දෙනෙකුගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගන්වයි

October, 11, 2022

මෙරට සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැප වී සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ‘14 වැනි අදියර යටතේ වන ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙම වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150 දෙනෙකුට සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණ.

පසුගියදා පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී, 2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සහ අ.පො.ස.  සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුසිසුවියන් තම ශිෂ්‍යත්ව හිමි කරගත් අතර එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය  සම්පත් අමරතුංග මහතා සහභාගී විය.

මේ පිළිබද අදහස් දැක්වූ CDB හි විධායක අධ්‍යක්ෂ, කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසුවේ, “CDB හි අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් සෑම කාලයකදීම සවිබල ගැන්වීමයි. වර්තමානයේ පවතින තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වූ CDB අපි ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘හරහා පසුගිය වසර තුළදී ලබාදුන් ශිෂ්‍යත්ව ප්‍රමාණය 100 සිට 150 දක්වා වැඩි කළ අතරම එක් දරුවෙක් වෙත පිරිනමන ශිෂ්‍යාධාර මුදලද ඉහල දැමුවා. එමගින් තවත් දක්ෂතා සපිරි දරුවන් රැසකට උපකාර කිරීමට අපට හැකි වුණා.”  යනුවෙනි.

ඒ අනුව, මේ වසරේ ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘හරහා පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් සියයකට රු. 12,500 බැගින් වසර පහක් දක්වා ශිෂ්‍යාධාර ලබා දෙන අතර එහි මුළු වටිනාකම එක් සිසුවෙකුට රු. 62,500 කි. මේ අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී  ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 50 දෙනකුට රු. 17,500 බැගින් වසර දෙකක් දක්වා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වේ. එම ශිෂ්‍යාධාරයේ මුළු වටිනාකම එක් සිසුවෙකුට රු. 35,000ක් වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් CDB  සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා පැවසුවේ, ”සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන CDB හි තිරසාර න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වන සමාජ අවබෝධය  (Socially Conscious) යටතේ ක්‍රියාත්මක වෙනවා.

එහිදී අප ගුණාත්මක අධ්‍යාපනය නංවාලීමේ උදෙසා වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකුලව ක්‍රියා කරනවා. එමගින් අවසන් ප්‍රතිඵලය ලෙස සමාජීය සහ ආර්ථිකමය බලපෑමක් ඇති කිරීම අපේක්ෂාව කරනවා. CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වූ 2008 වර්ෂයේ සිට මෙම 14වන අදියර දක්වා දක්ෂ දරුවන් 850 කට වැඩි පිරිසකට ශිෂ්‍යත්ව ලබා දී තිබෙන අතර ඉදිරියටත් අනාගත පරපුරේ සිසුදරුවන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් බලගැන්වීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වනවා. එය සංවර්ධනය උදෙසා වූ ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු ඇති අපේක්ෂා කරනවා,”යනුවෙනි.

  • Ada Derana BIZ Sinhala
  • blood bank
  • blood donation program
  • CDB
  • sri lanka

රුධිර පරිත්‍යාග සඳහා ලේ බැංකුව ජනතාවගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් CDB ආයතනය වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්

September, 28, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථක ලෙස පැවැත්විණි. ජාතික රුධිර  පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් ලේ බැංකුවට රුධිර පරිත්‍යාගයන් වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කිරීමට CDB ආයතනය කටයුතු කළේ ය.

CDB මානව සම්පත් (HR) අංශයේ සහයෝගය ඇතිව CDB හි සුභසාධන කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ ව්‍යාපාරයට සම්බන්ධ වන කාර්ය මණ්ඩලය දිරිමත් කරමින් අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමට සමාගම කටයුතු කරන ලදී.

ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් උතුම් වූ පරිත්‍යාගයක් සිදුකිරීමේ අරමුණින් CDB කාර්ය මණ්ඩලයේ 140 කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට දායක වූහ. CDB ආයතනය මෙවැනි වැඩසටහනක් සංවිධානය කළ 5 වන අවස්ථාව මෙය වූ අතර, මේ සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ නොමඳ සහයෝගය හිමි විය.

“මිනිස් රුධිරය යනු වටිනා සම්පතක්. ප්‍රමාණවත් රුධිර සැපයුමක් සහතික කළ හැක්කේ නිතිපතා රුධිරය පරිත්‍යාග කිරීමෙන් පමණයි. රුධිරය පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව රටේ ජනතාවගෙන් කළ ඉල්ලීමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අපගේ යුතුකමක් යැයි අප කල්පනා කළා. ශ්‍රී ලංකාව යනු ස්වේච්ඡා පරිත්‍යාග මගින් රුධිර හා රුධිර නිෂ්පාදන අවශ්‍යතා සපුරාගන්නා රටවල් කිහිපයෙන් එකක්. ඉදිරි දශක වලදීත් මේ තත්ත්වය පවත්වාගැනීමට හැකි වන ආකාරයට, මෙවැනි ලේ දන්දීමේ වැඩසටහන් වලට නිරන්තරයෙන් සහයෝගය ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.” CDB ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) නයන්ති කෝදාගොඩ මහත්මිය පැවසුවා ය.

මෙවැනි ප්‍රජා සත්කාරයන්ට සමගාමීව, නිතිපතා ලේ දන්දීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන්ට හුරුවීමට ජනතාව  දිරිගැන්වීමටද CDB සමාගම කටයුතු කරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanaka

CDB අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දක්වයි

August, 26, 2022

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතර සිටින මූල්‍ය ආයතනයක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) මගින් වසර 30 කට අධික කාලයක පටන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රිය තරගාවලියකි.

මෙම අනුග්‍රාහකත්වය නිවේදනය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී, CDB සමාගමේ විධායක අධ්‍යක්ෂ / Chief Emergent Business Officer කාර්තික් ඉලංගෝවන් මහතා විසින් අදාළ අනුග්‍රාහකත්වය වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදි. මෙම අවස්ථාවට MCA හි සභාපති නලින් වික්‍රමසිංහ, විධායක කමිටු සාමාජික/තොරතුරු හා තාක්ෂණ කමිටුවේ සභාපති හසිත දසනායක, ලේකම් කේ.ඩී.එස්. කණිෂ්ක, අනුග්‍රාහක කමිටුව සහ CDB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම ගෞරවනීය ආරාධිතයා ලෙස CDB සමාගමේ විධායක අධ්‍යක්ෂ/ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන සසින්ද්‍ර මුණසිංහ සහ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ ඇතුළු නිලධාරීන් සහභාගී විය.

මෙම අවස්ථාවේ මාධ්‍ය අමතමින් CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා පැවසුවේ මෙවැනි ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් තරගාවලියක් සඳහා නැවත වරක් අනුග්‍රහය ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය කැපවීම ලබාදීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවයි. "වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නොකඩවා සහය දැක්වීමට හැකිවීම පිළිබඳ CDB සමාගම උද්‍යෝගයෙන් පසුවන අතර එය වඩාත් වැදගත් වන්නේ මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත තරු සවිබල ගැන්වීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ අරමුණ ඇතිව සිදු කිරීමයි. ඒ වගේම සියලුම කණ්ඩායම්වලට අප සුබපැතුම් එක් කරන අතරම ප්‍රබෝධමත් තරගාවලියක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 80කට වැඩි සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ය. A කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගම්, තර්ස්ටන් විද්‍යාලයීය සහ කොල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් 12ක් එක් ක්‍රීඩාංගණයක තරග 15 බැගින් ක්‍රීඩා කරනු ඇත. කණ්ඩායම් 72 කින් සමන්විත B කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගම්, වෙස්ලි විද්‍යාලයීය, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණවල සහ මත්තේගොඩ සැපර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන් තරග 96කට සහභාගී වනු ඇත.

MCA වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එළඹෙන අගෝස්තු 30 වන දින ආරම්භ වන අතර සැප්තැම්බර් 4 වන දින MCA ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයෙන් නිමාවට පත් වේ. තරගාවලියේ ජයග්‍රාහකයින්ට හට කුසලාන සහ ත්‍යාග පිරිනැමීම ද එදින සිදුකෙරේ.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanaka

CDB අනුග්‍රහයෙන් රු. මිලියන 10 ක වියදමින් ඉදිකෙරෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණයේ ප්‍රථම අදියර අවසන්

August, 19, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය. මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කරන ලද අතර, එම මුදල මෙම පුහුණු පාසලේ නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදි.

2020 වසරේ රට පුරා කොවිඩ් වසංගතය උත්සන්න වී තිබු කාලසීමාවේදී, CDB සමාගම තම ආයතනික වගකීමක් වශයෙන් කොවිඩ් පාලන ජාතික ක්‍රියාන්විතයට සහයෝගයක් වෙමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය. එම අවස්ථාවේදී පැවති අවශ්‍යතාව අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, අද වනවිට එය මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලට ඇතුළත් වන සිසුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. කෙසේ වුවද මෙම මධ්‍යස්ථානය තුළ පවතින පහසුකම් නිසා, රටට අවශ්‍ය ඕනෑම මොහොතකදී එය උතුරු මැද පළාතේ ජනතාව සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට කඩිනමින් පරිවර්තනය කළ හැකි වේ.

මේ වනවිට සම්පූර්ණ කර ඇති මුල් අදියර තුළ 64 දෙනෙකුට නවාතැන් පහසුකම් හිමිවනු ඇති අතර, සමස්ත ගොඩනැගිලි සංකීර්ණය ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇත. මෙහි බිම් මහල පසුගියදා එම මධ්‍යස්ථානයේ ප්‍රධානී බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා  විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

“ජාතික මට්ටමේ අවශ්‍යතාවක් ඇති වූ විට, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කළ හැකි ජාතික සම්පතක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙනවා. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් CDB සමාගම දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” CDB හි විධායක අධ්‍යක්ෂ/ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.

CDB සමාගමේ අරමුණු නැවත සනාථ කරමින් අදහස් දැක්වූ බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා “කොවිඩ් -19 වසංගතය පැතිරයමින් තිබු කාලසීමාවකදී ආරම්භ වූ මෙම ඉදිකිරිම් කටයුතු නොකඩවා සිදු කරගෙන යාමට CDB සමාගම සෑම විටම කැප වූ බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.  වසංගත තත්ත්වය තුළදී මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරෝධායන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කරන අතරම අනෙක් ඕනෑම කාලයකදී එය යුද්ධ හමුදා පුහුණුව ලබන ආධුනික සෙබළුන් බොහෝ දෙනෙකුට ළෙන්ගතු නවාතැනක් බවට පත්වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසී ය.

ශ්‍රී ලංකා යුද්ධ  හමුදා පුහුණු පාසලේ සියලුම නිලයන්ට අයත් යුද්ධ හමුදා නිලධාරීන් මෙය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අතර, උත්සවය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanaka

CDB වෙතින් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිලට අනුග්‍රහය

August, 16, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, 2022 අන්තර් පාසල් රග්බි තරගාවලිය වෙනුවෙන් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිළට සම-අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. එම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව පසුගියදා වෙස්ලි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් විශාල උනන්දුවක් දක්වන CDB ආයතනය, පසුගිය දශකය පුරාම වෙස්ලි විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු වල උන්නතිය උදෙසා එම විද්‍යාලය සමග එක්ව කටයුතු කර තිබේ.

ඡායාරූපය: CDB ආයතනයේ අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අවස්ථාව (වමේ සිට) රග්බි උපදේශන කමිටුවේ සභාපති ඉම්තිශාම් මොහිදීන්, ප්‍රථම රග්බි කණ්ඩායම් නායක එඩී බ්යූල්, වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති අවංක ප්‍රනාන්දු සහ CDB ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) අශාඩ් වීරබංස යන මහත්වරුන්

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • CIPM
  • sri lanaka

2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයට CDB ආයතනය විසින් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරයි

August, 5, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) 2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ‘සිද්ධි අධ්‍යයන’ සැසිය වෙනුවෙන්, COVID-19 වසංගතය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා සිය ආයතනය භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වීම සඳහා ව්‍යාපාරය සතු මානව සම්පත් පරිචයන් දේශීය හා ගෝලීයකරණය කිරීම’ (‘Glocalization of HRM Practices for Business Resilience’) යන්නයි. මෙහිදී දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මානව සම්පත් පරිචයන්ගේ ඵලදායී බව සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු විය

‘අභියෝග මධ්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව’ (“Resilience amid challenges”) යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම පර්යේෂණ පත්‍රිකාවේදී, CDB ආයතනය COVID-19 අර්බුදයට සාර්ථක ලෙස සූදානම් වීම හා මුහුණ දුන් ආකාරය විශ්ලේෂණය කර තිබේ. තම කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා ගනුදෙනුකරුවන් යන සියලු පාර්ශව වල ආරක්ෂාව තහවුරු කරමින්, ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතනය සමත් වූ ආකාරයද එහිදී පෙන්වා දී ඇත. එමෙන්ම අභියෝග වලට ඔරොත්තු දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පරිසර හිතකාමීත්වයට මුල්තැන දෙමින්, වඩාත් තිරසාර හා විවෘත සමාජයන් හා ආර්ථිකයන් බිහිකිරීමේ මෙහෙවරට CDB ආයතනය මුලපිරූ ආකාරයද මෙහි පැහැදිලි කර තිබේ. තවද මෙම ගෝලීය අභියෝගය හමුවේ, තිරසාර වර්ධනයක් සඳහා තමන් දරන උත්සාහය නැවත වරක් තහවුරු කරමින්, දීර්ඝකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය ඔස්සේ හරිත ආර්ථිකයක් බිහිකිරීම සඳහා CDB ආයතනය දිගින් දිගටම අවධානය යොමුකළ බවද මෙම පත්‍රිකාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

CDB හි නියෝජ්‍ය කළමනාකාරිනී (මානව සම්පත්) චතුරි වෙත්තසිංහ මහත්මිය ආයතනය වෙනුවෙන් සිද්ධි අධ්‍යයනය ඉදිරිපත් කළ අවස්ථාව

 

ඡායාරූපය : CIPM Sri Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ යූ. ඒ. සී. ඔබේසේකර මහතා CDB හි නියෝජ්‍ය කළමනාකාරිනී (මානව සම්පත්) චතුරි වෙත්තසිංහ මහත්මිය වෙත සමරු ඵලකයක් පිළිගැන්වූ අවස්ථාව. මෙවර ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධානී ලෙස කටයුතු කළ මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ මහත්මියද ඡායාරූපයෙහි සිටී.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • CDB SMB Friday
  • patpat.lk
  • sri lanaka

CDB SMB Friday වැඩසටහන patpat.lk සමග එක්වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

July, 12, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), දේශීය ව්‍යවසායිකාවන් බල ගැන්වීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, patpat.lk සමග එක්ව ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පසුගියදා සංවිධානය කළේ ය. මෙහිදී CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් පිරිනමනු ලබන සේවාවන් භාවිතා කරමින් තම ව්‍යාපාර දියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙම ව්‍යවසයිකාවන්ට මගපෙන්වීමක් ලබාදෙන ලදි.

patpat ඩිජිටල් වෙළඳපොළ (Marketplace), ව්‍යවසායකත්වය වෙනුවෙන්ම වෙන්වූ වේදිකාවක් වන අතර එමගින් දේශීය ව්‍යවසායක ප්‍රජාවට තම නිෂ්පාදන වෙත පාරිභෝගික අවධානය දිනාගැනීමටත් එමගින් තම ව්‍යාපාර දියුණු කරගැනීමටත් මහගු අත්වැලක් සපයනු ලැබේ.  patpat Marketplace හි තවත් කොටසක් ලෙස පසුගියදා පැවැත්වූ වැඩමුළුවේදී හදුන්වාදෙනු ලැබූ 'විරු ලිය' වෙබ් පිටුව මෙම රෙජිමේන්තුවේ ව්‍යවසායිකාවන්ට තම පාරිභෝගිකයන් වෙත වඩාත් සමීප වීම උදෙසා අවස්ථාව උදා කර දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා කියා සිටියේ, CDB ආයතනය කවදත් ව්‍යවසායකයන්ගේ අභිලාෂයන් සවිබල ගැන්වීමට කටයුතු කරන බවයි. " CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace එකාබද්ධව තැබූ ප්‍රථම පියවරක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන්, patpat.lk ඔස්සේ නිර්මාණය වී ඇති සුවිශාල වෙළඳපොළට සම්බන්ධ කිරීමට අප කටයුතු කළා. ‘විරු ලිය’ නමින් හැදින්වෙන එම වෙබ් පිටුව මගින් අදාළ ව්‍යවසායිකාවන්ට මුළු ලෝකයම විවෘත කර දෙමින්, ඔවුන්ට තම භාණ්ඩ අලෙවි කිරීමටත්, එකිනෙකා සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අවස්ථාව සලසා දෙනු ඇත.” දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

පසුගියදා පැවති වැඩමුළුවට සහභාගී වූ ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශනයක්ද එහිදී සිදු කළ අතර ඒ තුළින් ඔවුන්ගේ හැකියාවන් මනාවට පිළිබිඹු වන ලදී. තවද, ජපන් ජබර භාවිතයෙන් සිදුකරන අත්කම් නිර්මාණ වෙනුවෙන් සම්මාන ලැබූ ව්‍යවසායිකාවක වන ආර්. පී. කුසුමාවතී මහත්මිය තම අත්කම් නිර්මාණ සිදුකිරීම පිළිබඳව වන තම දැනුම පිරිස සමඟ බෙදා ගන්නා ලදී.

“තම ව්‍යාපාර සාර්ථක කරගනිමින් යහපත් අනාගතයක් උදාකර ගැනීම සඳහා මේ ව්‍යවසායිකාවන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා. ඔවුන් සැබැවින් විරු ලියන් ලෙස හැදින්විය හැකියි. CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් ලැබෙන අත්වැල, ඔවුන්ගේ උත්සාහයන් තවදුරටත් සාර්ථක කරගැනීමට මහෝපකාරී වේවි. මේ වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් අප CDB ආයතනයටත් patpat.lk වෙතටත් අපගේ කෘතඥතාව පළකිරීමට කැමතියි. අපගේ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අප කටයුතු කරනවා.” කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ශාන්ති අබේසේකර මහත්මිය පැවසුවා ය.

2018 වසරේදී ආරම්භ වූ CDB SMB Friday වැඩසටහන, මෙරට කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට තම නිෂ්පාදන සහ සේවා CDB නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය හරහා පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට උපකාර වූ අතර එහි දෙවන අදියර වශයෙන් නගරයට පමණක් සීමා නොවී කොළඹින් පිට පළාත් වල කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් CDB SMB Friday 2.0 වැඩසටහන ආරම්භ කරන ලදි.  මෙමගින් හුදෙක් සමාජ මාධ්‍ය තුළ මෙම ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමෙන් නොනැවතී, patpat Marketplace හරහා ඩිජිටල් වෙළඳපොළටත් භෞතික වෙළඳපොළටත් මෙම නිෂ්පාදන රැගෙන යාමට ව්‍යවසායක ව්‍යවසායිකාවන්ට අත්වැලක් සැපයීම සිදුවේ.

“අප මුලින්ම SMB Friday වැඩසටහන දියත් කළ අවස්ථාවේදී, අප සමග එක්වී සිටි ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාර පිළිබඳ නිර්මාණය කෙරුණු වීඩියෝ දර්ශන වල නැරඹුම් වාර ගණන දළ වශයෙන් 35,000 ක් පමණ වුණා. මෙය අපගේ ආයතනික වෙබ අඩවිය සහ සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් වෙත ආමන්ත්‍රණය කිරීමට ඔවුන්ට ලැබුණු අගනා අවස්ථාවක්. උදාහරණයක් ලෙස, සූපවේදය පිළිබඳව උනන්දුවක් දැක්වූ සහෝදරියන් දෙදෙනෙකු ආරම්භ කළ ‘Tosakanth's Roast Paan and The Sugar Shack’, දරුවන්ට ආවේණික ලෙසට ඔවුන්ට සතුටු වීමට අවස්ථාව සලසා දීම ඉලක්ක කරගත් ‘Creative Play’, බෑග් භාවිතාව අවම කිරීම සහ නැවත භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් ‘Cally Reuasble Bags’, මේ වනවිට අමතක වෙමින් යන සාම්ප්‍රදායික ආහාර නව මුහුණුවරකින් ජනතාව වෙත රැගෙන එන ‘U'r Zest Gami Gedara’ වැනි ව්‍යාපාර රැසකට CDB SMB Friday මගින් ශක්තිමත් අත්වැලක් හිමි වූවා. patpat.lk සමග අප ඇතිකරගත් සහයෝගිතාවය  නිසා පෙරටත් වඩා ප්‍රතිලාභ රාශියක් අත්කරගැනීමට මෙම ව්‍යවසායිකාවන්ට අවස්ථාව ලැබේවි.” දර්ශන ජයසිංහ මහතා තවදුරටත් පැවසී ය.

https://www.cdb.lk/cdbsmbfriday/  වෙත පිවිසීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට CDB SMB Friday වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත්, ඒ සඳහා ලියාපදිංචි වීමටත් අවස්ථාව ලැබේ.