• Ada Derana BIZ Sinhala
  • Alan Smee
  • Allianz Insurance
  • CEO
  • Country Manager
  • sri lanka

අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා වැඩ භාර ගනියි

November, 11, 2022

2022 නොවැම්බර් මස පළමු (01) දින සිට අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා පත කර ඇති බව අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් නිවේදනය කර ඇත. 2015 ජුනි මස සිට ස්මී මහතා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවක කළ අතර 2022 මාර්තු මාසයේ සිට 2022 ඔක්තෝබර් මාසය දක්වා එහි සභාපති ධූරයද හෙබවීමට කටයුතු කර ඇත. මින් පෙර අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා දේශීය කළමනාකරු ලෙස කටයුතු කළ සහ වර්තමානයේ අලියාන්ස් අසියා පැසිෆික් කලාප කාර්යාලයේ නව තනතුරක් සඳහා පත් කර ඇති සහ ගානි සුබ්‍රමනියම් මහතා වෙනුවට ඇලන් ස්මී මහතා පත් කිරීම සිදුව ඇත.

ඇලන් ස්මී මහතා දීර්ඝ කාලයක් ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ තනතුරු දරා තිබේ. 1999 වසරේදී ඕස්ට්‍රේලියාවේ අලියාන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආයුගණක නිලධාරී ලෙස එම සමූහය සමග එක් වූ ඒ මහතා, 2003 වසරේ අගෝස්තු මස සිට 2006 වසර දක්වා කෙටි කාලයක් Ernst & Young Australia හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

2006 වසරේ සිට 2008 වසර දක්වා අලියාන්ස් ප්‍රධාන කාර්යාලයේ මිලකරණ ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස කටයුතු කළ ඇලන් ස්මී මහතා එහි පරිවර්තන තිරසාරත්ව ව්‍යාපෘතියටද දායක විය. ඉන් අනතුරුව ඒ මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා, තුර්කියේ අලියාන්ස් සමාගමේ පාරිභෝගික විකුණුම් ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස සහ තාක්ෂණික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, එම සමාගම එරට සාර්ථකම රක්ෂණ සමාගමක් බවට පත්කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළේ ය.

මෑතකාලීනව අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපයේ මෙහෙයුම් කටයුතු වලට දායක වූ ඇලන් ස්මී මහතා, මීට පෙර එම කාර්යාලයේ තාක්ෂණික ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස කටයුතු කළේ ය. එමෙන්ම කමිටු හා මණ්ඩල රැසක සාමාජිකත්වය දරා ඇති ඒ මහතා, කලාපීය සම්මන්ත්‍රණ හා මාර්ගගත වැඩසටහන් රැසකටද නායකත්වය දී තිබේ. ඊට අමතරව ඒ මහතා කලාපීය මිලකරණ, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ක්‍රමෝපායික අධ්‍යයන, ඒකාබද්ධකරණ ක්‍රියාකාරකම් සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති රැසක් සාර්ථක ලෙස මෙහෙයවා ඇත.

ප්‍රවීණ රක්ෂණ වෘත්තිකයෙකු වන ඇලන් ස්මී මහතා ඕස්ට්‍රේලියාවේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙකි. ඒ මහතා ඕස්ට්‍රේලියාවේ Macquarie University වෙතින් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් සහ ව්‍යවහාරික සංඛ්‍යාලේඛන පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකරගෙන තිබේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • CEO
  • Lina Manufacturing
  • sri lanaka
  • Sunshine Healthcare
  • T. Sayandhan

ටී. සයන්ධන් ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වෙයි

August, 22, 2022

සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina Manufacturing) ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ටී. සයන්ධන් මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. මේ වන විට Sunshine Medical Devices හි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සයන්ධන් මහතා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකිx 2017 දී සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ එක් වන ඔහු Sunshine Medical Devices හි නායකත්වයට පත් වූ අතර දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වසර කිහිපයක් පුරා සන්ෂයින් හෙල්ත්කෙයාර් හට සිය වර්ධනය පවත්වා ගැනීමට උපකාර කරමින් සමූහයේ මූල්‍ය ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රධාන අංශයක් බවට හෙල්ත්කෙයාර් ව්‍යාපාරය සංවර්ධනය කිරීමට විශාල කාර්යභාරයක් සිදු කළේය.

මෙම නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෙල්ත්කෙයාර් කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ ”වගකීම් සහගත ශ‍්‍රී ලාංකීය සමූහ ව්‍යාපාරයක් ලෙස ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිවල ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. ඉහළ යමින් පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයන් දේශීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට විශාල පීඩනයක් එල්ල කරන මෙවැනි කාලයක දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට වඩාත් පහසු වන අතර ඉන් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවය අවම වෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙම සමාගමේ නායකත්වයට තේරීපත් වීමට සයන්ධන් මහතාගේ දක්ෂතා සහ කැපවීම් හේතු වූ බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.

සිය පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සයන්ධන් මහතා පැවසුවේ, ”සමාගම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත, නව්‍ය සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් කි‍්‍රයාත්මක කිරීමට සිය උත්සාහයන් ඉදිරියට ගෙන යන අවස්ථාවේදී ලීනා මැනිෆැක්චරින් සමාගමට සම්බන්ධ වීම ඉතා අභියෝගාත්මක වගේම උද්යෝගිමත් කාලයක් ලෙස හැඳින්විය හැකියි. දශකයකට වැඩි කාලයක් ලීනා මැනිෆැක්චරින් සමාගම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ඖෂධ නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා සිය පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශයේ විශේෂඥ දැනුම භාවිතා කර තිබෙනවා. මෙවැනි සමාගමක ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස තේරී පත්වීමට ලැබීම ගැන මා සතුටු වන අතර එහි දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ වර්ගීකරණය තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ ලබාගැනීමේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමට ලීනා මැනිෆැක්චරින් හට නායකත්වය දීමට මා බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

GlaxoSmithKline සමාගම සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සයන්ධන් මහතා එහිදී වසර දහයකට වැඩි කාලයක් වෛද්‍ය නියෝජිතයෙකු, රෝහල් සම්බන්ධීකාරකවරයෙකු, නිෂ්පාදන විධායක, සන්නාම කළමනාකරු සහ කාණ්ඩ කළමනාකරු ලෙස සේවය කළේය. පසුව ඔහු හේමාස් ෆාමසූටිකල්ස් වෙත එක්ව එහි Allergan and Abbott Medical Optics හි මෙරට කළමනාකරු ලෙස පුළුල් කාර්යභාරයක් ඉටු කළේය. සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ එක් වීමට පෙර ඔහු Delmege Forsyth හි හෙල්ත්කෙයාර් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරයා විය. සයන්ධන් මහතා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විධායක කමිටු සාමාජිකයෙකු වේ. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර මේ වන විට ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙයි. සයන්ධන් මහතා වරලත් අලෙවිකරණ ආයතනය (එක්සත් රාජධානිය), ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ශ‍්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ ද සාමාජිකයෙකි.

ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම යනු ශ‍්‍රී ලංකාවේ පළමු ශ්වසන සත්කාර පර්යේෂණ හා නිෂ්පාදන සමාගම වේ. එහි සම්මානලාභී ‘Ventohaler’ නිෂ්පාදනයට අමතරව Beclovent, Flutivent, Salbuvent, Prazolin සහ Winterpan ඇතුළු ශ්වසන නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරයි. ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro (Pvt) Ltd) යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම Metered-Dose ඉන්හේලර්ස් (MDI) නිෂ්පාදන කරන කර්මාන්තශාලාව වන අතර ජාත්‍යන්තර අපනයන සඳහා දොරටු විවර කරමින් WHO-GMP සහතිකය ලත් ශ‍්‍රී ලංකාවේ එකම Metered-Dose ඉන්හේලර්ස් (MDI) නිෂ්පාදකයා ද වේ.

 

ඡායාරූපය : ටී. සයන්ධන් මහතා