• Ada Derana BIZ Sinhala
  • clogard
  • Mobile Dental Clinic
  • School Children
  • sri lanka

පාසල් සිසු සිසුවියන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ‘ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය’  යළි අරඹයි

December, 12, 2022

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට  වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා දීපව්‍යප්ත ප්‍රචාරණ වැඩසටහනක් ලෙස  සිය ජංගම දන්ත වෛද්‍ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්‍ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි.

ක්ලෝගාඩ්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙම  ජංගම දන්ත වෛද්‍ය සායනය සංවිධානය කළ අතර, අති සාර්ථක ලෙස මාස 2ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු  එම වැඩසටහන මගින් දිවයින පුරා දරු දැරියන්  11,000 කට අධික සංඛ්‍යාවක් ආවරණය කෙරිණි. එමෙන් ම මෙම මාස දෙක තුළ දරු දැරියන් 6,500 කට අධික සංඛ්‍යාවක් නොමිලේ දන්ත පරීක්ෂාව සිදු කරගත්හ.  ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය තුන්වන මාසයේ දී ත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

සීමිත මුඛ සෞඛ්‍ය පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශවල පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන අතරතුර දී දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපනික හා විනෝදාත්මක ක්‍රියාකාරකම් ද ක්‍රියාත්මක කෙරුණු අතර, දන්ත වෛද්‍ය පරීක්‍ෂණය අවසානයේ දී දරු දැරියන්ට සිත් ඇදගන්නා සුළු ත්‍යාග ද ප්‍රදානය කෙරිණි. එහි දී ක්ලෝගාඩ් සුරතලා වන 'චූටි ලේනා' සායනයට සහභාගි වූ දරු දැරියන් දිරිගැන්වීම ද සුවිශේෂී අත්දැකීමක් විය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ අලෙවි  සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා ප්‍රකාශ කළේ, “ අපගේ ජංගම දන්ත වෛද්‍ය සායනය නැවත ආරම්භ කරමින්  මෙම ප්‍රචාරණ වැඩසටහන දියත් කිරීමට හැකිවීම ඇත්තට ම සතුටට කරුණක්.  මේ වන විට, මෙම සායනය හරහා විශාල දරු දැරියන් පිරිසක් වෙත ළඟා වීමට අපට හැකි වූ නිසා එය අතිසාර්ථක වැඩසටහනක් වුණු බව පැවසිය යුතු ම යි. මෙම වැඩසටහනේ මීළඟ අදියරේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ මීටත් වඩා පුළුල් ලෙස ආවරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

ක්ලෝගාඩ් යනු ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන අතර, ශ්‍රී ලාංකේය ජාතිය දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස රට පුරා තවත් මෙවැනි ජංගම දන්ත වෛද්‍ය සායන අඛණ්ඩව පැවැත්වීමට ක්ලෝගාඩ් අරමුණු කරයි.

  • Ada Derana BIZ Sinhala
  • clogard
  • sri lanka

ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය, රට පුරා  ළමුන්ගේ හා පවුල්වල යහපත් මුඛ සෞඛ්‍ය නැංවීමට සහය වෙයි

November, 8, 2022

ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ සිදු කිරීම විශේෂිතය.

පසුගියදා යාපනයේ නල්ලූර් හි දී ක්ලෝගාඩ් ජංගම දන්ත සායනයක් පැවැත්වූ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත චිකිත්සකයින් විසින් විනෝදාත්මක හා සිත් ඇදගන්නා සුළු දැනුවත් කිරීමේ සැසියක් ද පැවැත්වීය.

එම වැඩසටහනේ දී දන්ත පරීක්ෂාවෙන් හා දත් පිරිසිඳු කිරීමෙන් අනතුරුව, වැඩසටහනට සහභාගි වූ දරුවන් මුඛ සෞඛ්‍ය  යහපත්ව පවත්වා ගැනීම සඳහා දිරිමත් කරමින්, ඔවුන්ට ක්ලෝගාඩ් කණ්ඩායම වෙතින්  ආකර්ෂණීය ත්‍යාග ද පිරිනැමිණි.

මෙහි දී දරු දැරියන්ට සායනික සැසිවල දී 'ක්ලෝගාඩ් චූටි ලෙනා' සමඟ ක්‍රීඩා කරමින් විනෝද වීමේ අවස්ථාව ද හිමි වූ අතර, යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ළමුන් දිරිමත් කිරීම එම අංගය මගින් ද ප්‍රවර්ධනය කෙරිණි.

හේමාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) ඩෙරික් ඇන්තනි මහතා මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, "අපි වසර ගණනාවක් තිස්සේ රට පුරා මෙවැනි ජංගම සායන පවත්වනවා. වසංගත තත්ත්වය හේතුවෙන් ලබාගත් විරාමයෙන් පසුව ක්ලෝගාඩ් ජංගම දන්ත සායන මාලාව නැවතත් ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක්.  විශ්වසනීය සන්නාමයක් විදියට ශ්‍රී ලාංකිකයින් දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් හරහා අපි නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.