November, 28, 2022
ගෝලීය රථවාහන නිෂ්පාදකයින්ගේ මෙරට බලයලත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් එකම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමය (CMTA) විසින් සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් උදෑසන භෝජන සංග්රහයක් සහ විශේෂ සැසියක් ඔක්තෝබර් මස 26 වන දින මූවන්පික් හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්යාංශ ඇතුළු රාජ්ය ආයතන, රාජ්ය නොවන සංවිධාන සහ මෙරට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වෙනත් ආයතන රැසක නියෝජිතයෝ සහභාගි වූහ. මෙම උත්සව අවස්ථාවේ ආරාධිත කථිකයා ලෙස සහභාගි වූයේ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා යි.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින සබඳතාව, ඉන්දියාව සමඟ එක්ව මෙරට දේශීය මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සහ ඉන්දියානු වාහන උපාංග ශ්රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට ඇති ශක්යතාව ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේ ය. එහි දී බාග්ලේ මහතා මේ අයුරින් අදහස් දැක්වීය. "ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තයේ සාර්ථකත්වයට පාරිභෝගික ජනතාවට පහසුවෙන් මිල දී ගැනීමට හැකි නිෂ්පාදන පරාසය වගේ ම ගෝලීය රථවාහන වෙළෙඳනාම සඳහා අමතර කොටස් හා උපාංග නිෂ්පාදනයත් ප්රධාන හේතුවක්. මෝටර් රථ උපාංග සඳහා අමතර කොටස් නිෂ්පාදනය ශ්රී ලංකාවට ඉතා හොඳ අපනයන ආදායමක් ලබාගැනීමට හැකි මාර්ගයක්. එමගින් මේ රටේ ගැටලු රැසක් දිගු කාලීනව විසඳාගත ගැනීමට හැකි බව මම විශ්වාස කරනවා. ඒ නිසා ශ්රී ලංකාව තුළ මෝටර් රථ උපාංග නිෂ්පාදනායතන පිහිටුවීමේ ශක්යතාව පිළිබඳ විමසා බැලීමට ඉන්දියාවේ මෝටර් රථ ක්ෂේත්රය ආශ්රිත නියෝජිත පිරිසකට මම ආරාධනා කිරීමට කැමති යි."
මෙහි දී පැවැත්වුණු දෙවන දේශනය ලෙස සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා මහතා සභාව ඇමතූ අතර, ඔහු වෙනත් රටවල් හා සසඳන විට රථ වාහන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම, පාරිභෝගිකයා හා පරිසරය ආරක්ෂා කිරීම මෙන් ම ආනයන බදු හා ආයතනික බදු මගින් රජයේ ආදායම ප්රශස්ථ කිරීම සඳහා මෙරට මෝටර් රථ කර්මාන්තය දැඩි ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව, යන කරුණු පිළිබඳව අවධාරණය කළේය. " භූගෝලීය පිහිටීම සහ රටවල් බොහොමයක් සමඟ පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා උපයෝගී කර ගනිමින් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයක් ඉතා සාර්ථකව වර්ධනය කර ගැනීමේ හැකියාව ශ්රී ලංකාවට තිබෙනවා. අපගේ මෝටර් රථ කර්මාන්තය දියුණු සහ ශක්තිමත් කරමින්, රටේ ආර්ථිකය වර්ධනය කිරීමට ඉන්දියාවේ සහාය වගේ ම මඟ පෙන්වීම අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙන් චාරක පෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.
කථිකයන් දෙදෙනා තම දේශන අවසන් කිරීමෙන් අනතුරුව දේශීය මෝටර් රථ කර්මාන්තයේ පාර්ශවකරුවන් රැසකගේ නිලධාරීන්ගෙන් සමන්විත ප්රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර, මෙම සැසියේ අරමුණ වූයේ සමස්ත මෝටර් රථ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ක්රමවේද සැකසීම සඳහා එම ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් හා ප්රධානීන් සම්බන්ධ කර ගැනීමයි.
ප්රශ්නෝත්තර සැසියේ දී අවධානය යොමු වූ ප්රධානතම කරුණක් වූයේ සියලු ම පාර්ශ්වයන්ට මෙන් ම රටට ද ප්රතිලාභ ලබා දීම වෙනුවෙන් වාහන ආනයනය සම්බන්ධව නිසි නියාමනයක් හා පාලනයක් ඇති කිරීම අත්යවශ්ය කරුණක් බව යි.
November, 15, 2022
ශ්රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය තුළින් ආයතන දෙක අතර පවතින උපාය මාර්ගික සබඳ තාව මත CMTA සාමාජිකයින් හට HNB හි පුළුල් පරාසයක විහිදුණු ලීසිං පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘වත්මන් ආර්ථික තත්වය මගහරවා ගැනීම සඳහා මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමට අවශ්ය නව ක්රියාකාරකම් රැසක් ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මෙය එහි එක් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ වන විට අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් සිටියද මෙම හවුල්කාරීත්වය තුළින් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට හැකියාව උදා වනවා’’ යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ CMTA සභාපති චරක පෙරේරා මහතා සඳහන් කර සිටියේ ‘‘නිෂ්පාදනයක කාර්යක්ෂමතාවට බොහෝ විට බලපානු ලබන ප්රාග්ධන භාණ්ඩයක් ලෙස ප්රවාහනය සඳහන් කළ හැකියි. තවද රටේ වත්මන් තත්වය අනුව ආනයන තහනම පවතින විටත් කර්මාන්තය මුහුණ දෙන බාධාවන්ට අවශ්ය සහයෝගය ලබා දීමට හා ඒවා විසඳීමට මේ ආකාරයේ සහයෝගීතාවයන් තුළින් අත්යාවශ්ය මැදිහත්වීමක් සිදු කළ හැකියි’’ යනුවෙනි.
1919 වසරේදී පිහිටුවන ලද Ceylon Motor Traders Association යනු ලංකා වාණිජ මණ්ඩලය හා සම්බන්ධ මෙරට මෝටර් රථ කර්මාන්තයේ නියෝජිතයා ලෙස පිළිගනු ලබයි. කලාපයේ ජ්යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන එය තම නියෝජිතයින් හරහා සියලූ ප්රධාන ජාත්යන්තර මෝටර් රථ නිෂ්පාදකයින් නියෝජනය කරයි.
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට පස් වැන්නා) සහ CMTA සභාපති, චරක පෙරේරා යන මහත්වරුන් (දකුණේ සිට දවැන්නා) අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB හි පුද්ගලික මූල්ය සේවා ප්රධානී, කාංචන කරුණාගම, HNB ලීසිං ප්රධානී සුසිත් පෙරේරා, HNB සහකාර කළමනාකාර - ලීසිං රොෂාන් ද සිල්වා, ව්යාපාර සංවර්ධන සහකාර කළමනාකාර - ලීසිං මහේෂ් රත්නායක, CMTA ජ්යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා සහ CMTA උප සභාපති ඇන්ඩෲ පෙරේරා යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

October, 19, 2022
ආසියානු කලාපයේ ජ්යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්යුත් රථ වාහන ශ්රී ලංකාවට ආනයනය කිරීම නිසා ඇති විය හැකි අයහපත් බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. විද්යුත් රථ වාහන හරහා මෙරට පාරිභෝගිකයාට, පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ඇති විය හැකි ඍනාත්මක බලපෑම අවම කිරීම සඳහා මෙරට දේශගුණ තත්වයන්ට අනුකූල වන ලෙස නිෂ්පාදකයාගේ නිර්දේෂයන් සහිතව නිෂ්පාදකයා විසින් සෘජුවම කර්මාන්ත ශාලාවෙන් නැව්ගත කරන විද්යුත් වාහන ශ්රී ලංකාවට ආනයනය කිරීමේ වැදගත්කම CMTA පෙන්වා දෙයි.
ශීත දේශගුණයක් සහිත රටවල්වලට අනුකූලව නිපද වූ විද්යුත් රථ වාහන, ශ්රී ලංකාව වැනි නිවර්තන කලාපයක් සහිත රටවල්වලට සුදුසු නොවීමේ හැකියාවක් පවතින්නේ ඒවායේ ඉහළ වෝල්ටීයතා (HV) බැටරිවලට අවශ්ය සිසිලන පද්ධති නොතිබිය හැකි බැවිනි. එනම් CMTA අවධාරණය කරන්නේ ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) සහ විද්යුත් රථ වාහනවල පද්ධති දේශීය තත්වයන්ට යෝග්ය විය යුතු බවයි. අදාළ රථ වාහන සන්නාමයේ බලයලත් ඒජන්තවරුන් නොවන ආනයනකරුවන්ගෙන් මිල දී ගන්නා සහ ආනයනය කරන ලද විද්යුත් වාහන, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට විධිමත් වගකීම් ආවරණයක් සමඟින් නොපැමිණීමට ඉඩකඩ තිබිය හැකි බවට CMTA තවදුරටත් අනතුරු අඟවයි. ශ්රී ලංකාව වෙත නැව්ගත කරන, භාවිතා කළ ලද විද්යුත් වාහනවල HV බැටරිවල පිටතට නොපෙනෙන හානිවීම් පැවතීමේ ඉඩකඩ ඇත. පාරිභෝගික ආරක්ෂාව උදෙසා, බොහෝ විට නිෂ්පාදකයාගේ වගකීම් කාලය මෝටර් රථ වාහන සඳහා අවම අවුරුදු 05ක් දක්වා ද, මෝටර් බයිසිකල් සඳහා අවුරුදු 03ක් දක්වා ද ලබා දෙයි.
CMTA දැඩිව අවධානය යොමු කරන තවත් කරුණක් වන්නේ, ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) බැහැර කිරීමේ ක්රියාවලියයි. මේවා නිසි කළමනාකරණයකින් තොරව බැහැර කළ හොත්, පරිසරයට මෙන්ම භූගත ජල පද්ධතියට ද විශාල ලෙස අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක් ඇති වීමට ද ඉඩකඩ පවතියි. මේ නිසා ඉහළ වෝල්ටීයතා බැටරි සහ අනෙකුත් උපාංග අනිසි ලෙස බැහැර කිරීම නිසා ඇති විය හැකි බලපෑම අවම කිරීමට, විද්යුත් රථ වාහන ආනයනකරුවන් බැටරි ප්රතිචක්රීකරණ / ප්රතිඅපනයන සමාගමක් සමඟ එකඟතාවයකට පැමිණ සිටීම වඩාත් යෝග්ය බව CMTA නිර්දේශයයි. මෙසේ අනිසි බැහැර කිරීම් සිදු කරන පුද්ගලයන්ට නීතීමය රාමුවක් ස්ථාපිත කිරීම ද වැදගත් බව CMTA පවසන්නේ ඒ හරහා ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කළ හැකි බැවිනි.
බොහෝ විද්යුත් වාහනවල ඉහළ වෝල්ටීයතා බැටරි රුපියල් මිලියන 5 සිට ඉහළට හෝ වාහනයේ CIF අගයෙන් (පිරිවැය, රක්ෂණය සහ ප්රවාහනය) ආසන්න වශයෙන් 50%ක් හෝ දක්වා විය හැකි බව සැළකිල්ලට ගැනීම වැදගත් වේ. එබැවින් මෙරටට ආනයනය කරන සෑම විද්යුත් රථ වාහනයක්ම නිෂ්පාදනයෙන් මාස 06ක් ඇතුළත ආනයනය කරන්නේ නම් එය වැදගත් වනු ඇත. එසේ කිරීමෙන් ඉහළ වෝල්ටීයතා බැටරිවලට ඇති විය හැකි අහිතකර බලපෑම් නිෂේධනය කිරීමට ඉඩකඩ හිමිවේ.
CMTA හි සභාපති චාරක පෙරේරා, "භාවිතා කරන ලද විද්යුත් වාහන වෙනුවට නිෂ්පාදකයාගෙන් සෘජුවම නවතම විද්යුත් වාහන ආනයනය කිරීමට දිරිමත් කිරීම අත්යවශ්යයි. රථ වාහන විද්යුත්කරණයෙන් ශ්රී ලංකාවට යහපත් ප්රතිඵල ලැබිය හැකියි. මෙම වාහන නිසි ලෙස ආනයනය කිරීම සහතික කිරීමට අවශ්ය පියවර ගන්නා බවටත්, ඒවා මෙරටට පාරිසරික හෝ ආර්ථික වශයෙන් තර්ජනයක් නොවන බවටත් සියළු බලධාරීන් සහ ආනයනකරුවන් ක්රියා මාර්ග ගත යුතුයි" යනුවෙන් සිය අදහස් දැක්විය.
විද්යුත් රථ වාහන මිල දී ගැනීමට පෙර ඒ සම්බන්ධ සියලු වැදගත් කරුණු පිළිබඳ දැනුවත් විය යුතු බවට, අන්තර්ජාතික විද්යුත් රථ වාහන නිෂ්පාදකයන් නියෝජනය කරන එකම සංගමය වශයෙන් CMTA, මහ ජනතාව දැනුවත් කරයි. විද්යුත් රථ වාහනවල ආනයනය අධික ලෙස සිදු වූ 2014 වසරේ දී විද්යුත් රථ වාහන මාදිලි මිල දී ගත් පාරිභෝගිකයන් මුහුණ දුන් ගැටලු නැවත සිදු නොවීමට මෙවන් දැනුවත් කිරීම් මගින් හැකියාව ලැබෙයි.
ශ්රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය ද වේ. CMTA සාමාජික ආයතන විසින් ශ්රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි.
මීට අමතරව CMTA හි අනාගත වැඩසටහන් සදහා වාර්ෂික ආයතනික අනුග්රහය ලබා දීමට, ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (SLIC), HNB ලීසින් සහ SLT- මොබිටෙල් සමාගම් ඉදිරිපත් වී ඇත.
Video Story