• Ada Derana BIZ Sinhala
  • colombo
  • David Cameron
  • Port City
  • sri lanka
  • visits

ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

January, 4, 2023

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පැමිණියේ ය.

කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූ යන මහත්ම මහත්මීන් සමඟ මෙම ව්‍යාපෘතියේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ව සහ ආර්ථිකය පරිවර්තනය කිරීමේ උත්ප්‍රේරක භූමිකාව පිළිබඳ ව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් මහතා ද මෙම සාකච්ඡාවට එක් විය.

CHEC Port City Colombo (pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, කොළඹ වරාය නගරය කලාපීය ව්‍යාපාරික ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවයි. එමෙන් ම ආකර්ෂණීය නියාමන යාන්ත්‍රණයක් සමඟින්, කොළඹ වරාය නගරය සිංගප්පූරුව සහ ඩුබායි සඳහා විකල්ප ස්ථානයක් වනු ඇති බවත්, පිරිවැය තරඟකාරීත්වය සහ ආකර්ෂණීය ජීවන තත්ත්වය සමඟින් එය වැඩි ජාත්‍යන්තර ආකර්ෂණයක් දිනා ගනු ඇති බවත් අලුවිහාරේ මහතා තව දුරටත් ප්‍රකාශ කළේ ය.

දකුණු ආසියාවේ ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපෘති හා සසඳන විට කොළඹ වරාය නගරයේ ඇති විශේෂත්වය පිළිබඳ විමසූ කැමරන් මහතාට පිළිතුරු ලබා දෙමින් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළේ, කොළඹ වරාය නගරයේ භූගෝලීය වාසියට අමතරව, ආයෝජකයින්ගේ පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් සහිත පුළුල් පැකේජයක් ලබා දීම විශේෂත්වයක් බවයි. ඊට අමතරව කොමිෂන් සභාව ආයෝජන සඳහා පහසුකම් සලසන නම්‍යශීලී නීති හා රෙගුලාසි, සාධාරණ විදේශ විනිමය පාලන තන්ත්‍රයක්, විවෘත ශ්‍රම වෙළඳපොළක් සහ ආකර්ෂණීය ආයෝජන දිරිගැන්වීම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත  ස්වාධීන  ආයතනයක් බවත්, කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රධාන සැලසුම් කළ නගරය ලෙස හරිත හා බුද්ධිමය ජීවන රටාවක් ප්‍රවර්ධනය කරන ආකර්ෂණීය  ජීවන පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් අලුවිහාරේ මහතා එහි දී අවධාරණය කළේ ය.

අනාගත ආයෝජකයින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණය කිරීම සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති භූමියේ සංචාරය කළ කැමරන් මහතා, 2023 වසරේ දී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද වේ.

  • colombo
  • Dubai
  • Emirates
  • එමිරේට්ස්
  • කොළඹ
  • ඩුබායි

ශ්‍රී ලංකාවේ සංචාරයට ඉහළ උනන්දුවක්. එමිරේට්ස් දෛනික සෘජු ගුවන් ගමන් වැඩිකරයි

November, 22, 2022

එමිරේට්ස් වෙතින් දෙසැම්බර් 1 සිට කොළඹට දෛනිකව සෘජු ගුවන් ගමන් දෙකක්

ශී‍්‍ර ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ.

මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයිනේ අගනුවර වන මාලේ හරහා ක‍්‍රියාත්මක කරන එක් ගුවන් ගමනක් අයත් වන බව සමාගම පවසයි.

දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලයේ හැර අනිකුත් දින වලදී මෙම අමතර දෛනික ගුවන් ගමන් ඩුබායි සහ කොළඹ අතර සෘජුව ක‍්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි. දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලය තුල මෙම සේවය මාලේ හරහා කොළඹට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා සහ දෙසැම්බර් 31 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK648 ගුවන් සේවය පැය 16:10 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 21:55 ට කොළඹට ළඟාවේ. මාලේ හරහා දෙසැම්බර් 16 වනදා සිට 30 වනදා ක‍්‍රියාත්මක වන දිනවල මෙම ගුවන් සේවය පැය 10:30 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 14:45 ට මාලේ වෙත ළඟාවන අතර යළිත් මාලේ සිට පැය 17:15 ට පිටත්වී පැය 19:15 ට කොළඹට ළඟාවනු ඇත.

දෙසැම්බර් 01 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK649 ගුවන් සේවය පැය 02:55 ට කොළඹින් පිටත්වී පැය 05:55 ට ඩුබායි වෙත පැමිණෙනු ඇත.

එමිරේට්ස් සමාගම 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළ අතර මේ වසරේ මුල් කාලයේදී කොළඹට ගුවන් ගමන් අරඹා 36 වන වසර සමාගම විසින් සමරන ලදී. ශ‍්‍රී ලංකාවේ සංචාරක සහ වෙළෙඳාම නැවතත් නගා සිටුවීම සඳහා එමිරේට්ස් හි කැපවීම යළිත් සහතික කිරීම වෙනුවෙන් ගුවන් සමාගම 2022 වසරේදී ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

  • Ada Derana BIZ Sinhala
  • colombo
  • Port City
  • sri lanka

කොළඹ වරාය නගරය සිය 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික පුස්තකාලයට ළමා ග්‍රන්ථ 2,500ක පරිත්‍යාගයක්

October, 18, 2022

ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙන ජාතික පුස්තකාලය වෙත ළමා ග්‍රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමාගම විසින් පසුගිය දා කටයුතු කරන ලදී. මෙසේ පරිත්‍යාග කරන ලද්දේ “City Rising from the Ocean” යන ආදර්ශමත් , අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කළ පිටපත් ය. අනාගත පරපුර ප්‍රබෝධමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ඉදිකරන ලද ප්‍රථම හා ප්‍රධානතම සැලසුම් සහිත නගරය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම පිළිබඳ ආකර්ෂණීය කතාවක් මෙහි ඇතුළත් කොට ඇත. 2021 වසරේ දී මුල් වරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථයේ පිටපත් 2,000 ක් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කෙරිණි. එම ග්‍රන්ථ පරිත්‍යාගයට සමගාමීව, CPCC ආයතනය විසින් ජාතික පුස්තකාලයේ චීන ග්‍රන්ථ අංශය නවීන කියවීමේ පහසුකම් සමඟින් ප්‍රතිසංස්කරණය කිරීමද සිදුවිය.

ශ්‍රී ලාංකික දුවා දරුවන්ට හා තරුණ ප්‍රජාවට නැවුම් වූ අවස්ථා නිර්මාණය කිරීම මූලික කරගනිමින් විවිධ මුලපිරීම් සමඟින් ඉදිරියට යන CPCC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි එකම ආයෝජකයා හා ප්‍රධාන සංවර්ධකයා ද වේ. කියවීම ප්‍රවර්ධනය කිරීම හරහා දරුවන්ගේ නව නිර්මාණාත්මක චින්තනය ගොඩනංවමින් ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව වර්ධනය කිරීම සඳහා ධනාත්මක බලපෑමක් සිදු කිරීමට CPCC දරන උත්සාහය මෙම වසරේ සිදු කළ පොත් පරිත්‍යාගය තුළින් මනා ලෙස පිළිඹිබු වේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් අදාළ පරිවර්තන පිටපත් 2,500 ක කට්ටලය CPCC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජනය කරමින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ CIFC සංවර්ධන ව්‍යාපෘතියෙහි සහකාර විධායක අධ්‍යක්ෂ - ශාලක විජයරත්න මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසින් ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මීට අමතරව මෙම උත්සවයට ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂිකා පද්මා බණ්ඩාරනායක, ව්‍යාපෘති සේවා සහකාර අධ්‍යක්ෂිකා ඉරෝමි විජේසුන්දර, ග්‍රන්ථ නාමලේඛන පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝමා විජේසිංහ සහ පුස්තකාල පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ මෛත්‍රී ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජයරත්න මහතා පැවසූයේ, “කොළඹ වරාය නගරය හුදෙක් නගරයක් පමණක් ම නොවේ. එය අදහසක් යථාර්ථයක් බවට පත්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අදහසක් ඔස්සේ සියල්ල මුල සිට ආරම්භ කර, දක්ෂතාව හා අධිෂ්ඨානය ඔස්සේ  විශිෂ්ඨ  නිර්මාණ බිහි කිරීමට හැකිය. මීළඟ පරපුරට අප ලබාදිය යුත්තේ මෙවැනි ආදර්ශයි. එම නිසා ජාතික පුස්තකාලයට මෙම පරිත්‍යාගය සිදුකිරීමට හැකිවීම අපට මහත් සතුටක් මෙන්ම මෙය අපගේ උත්සාහයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු කිරීමක්. එමෙන්ම මෙය ජාත්‍යන්තර ළමා දිනය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක් ද වේ”. අවසන් වශයෙන් ඔහු පවසා සිටියේ,  ළමා පරපුර මේ ආකාරයට දිරිමත් කිරීම තුළින් ඔවුන්ගේ නිර්මාණශීලී චින්තනය පෝෂණය කිරීම හරහා ශ්‍රී ලාංකික දූ දරුවන්ට ගෝලීය පුරවැසියන් සමඟ එක්ව සාර්ථක, තරඟකාරී ගමනක් යාමට අවස්ථාව උදාකර දිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

2022 වසරේ මුල සිට ඉදිකිරීම් කටයුතු අවසන් කෙරුණු කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන ක්‍රමයෙන් මහජනතාවට විවෘත විය. නිල විවෘත කිරීමෙන් පසුව ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ වාර්තාගත ලෙස 700,000 ක පමණ ජනතාවක්  සැහැල්ලු යාත්‍රාංගණය හා සෘජු පදික මංතීරුව නැරඹීමට පැමිණ ඇති බව වාර්තා වේ. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක  භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග  සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.

 කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියයි.  එය  ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සුවිශේෂී මිත්‍රත්වයේ ප්‍රතිඵලයකි. 2019 දී මෙහි ගොඩකිරීම් සහ නාගරික යටිතල පහසුකම් සම්පූර්ණ කරන ලදි.  2021 මැයි මස සිට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත බලාත්මක කිරීමත් සමඟ එය දකුණු ආසියාවේ මූල්‍ය හා නවීන සේවා සඳහා විශේෂ ආර්ථික කලාපය බවට පත් වීමට සැලසුම්කර ඇත. කොළඹ වරාය නගරයේ එකම ආයෝජකයා සහ ප්‍රධාන සංවර්ධකයා වන CPCC විසින් ඩොලර් බිලියන 1.4 ක මුදලක් මෙහි ගොඩකිරීම් සහ යටිතල පහසුකම් සඳහා මේ වන විටත් ආයෝජනය කර තිබේ. නිශ්චල වත්කම් සංවර්ධනය සඳහා කොළඹ වරාය නගරය තුළ ජනනය වන අපේක්ෂිත සෘජු විදේශ ආයෝජනය  ඇමරිකානු ඩොලර් බිලියන 15 කි. ඉදිකිරීම් කාලය තුළ කොළඹ වරාය නගරය තුළින් රැකියා අවස්ථා 8,000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වූ අතර අනාගතයේ දී ගුණාත්මක රැකියා 83,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට නියමිතය. එමගින් සමස්ත ජනගහනය වන 273,000 කට අවශ්‍ය ජීවන පහසුකම් සැලසීමට හැකිවන අතර,  වසරකට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 13.7 ක් වනු ඇත.