January, 14, 2023
කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කර ඇති STEM (විද්‍යා, තාක්‍ෂණ, ඉන්ජිනේරු සහ ගණිත) අධ්‍යාපනික වැඩසටහන් තවත් වැඩිදියුණු කිරීම උදෙසා ජාතික විද්‍යා පදනම සමග හවුල්කාරිත්වයකට එළඹවී ඇත. ශ‍්‍රී ලංකාවේ තෝරාගත් පාසල් වෙත STEM අධ්‍යාපනය ලබා දීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වෙයි.
ඩිජිටල්කරණය වූ අධ්‍යාපනික අන්තර්ගතයක් ලබා දීම සඳහා දිවයින පුරා STEM ‘ස්මාර්ට්’ පන්ති කාමර 100ක් පිහිටුවීමට බැංකුව සහාය ලබා දීමෙන් වසරකට පසුව, අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහයෝගයෙන් මෙම පියවර ගෙන ඇත. කොමර්ෂල් බැංකුව, ජාතික විද්‍යා පදනම සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බැංකුවේ සමාජ සත්කාර භාරය විසින් පාසල් ලැයිස්තුවක් සපයනු ඇති අතර, ඉන්පසුව STEM වැඩසටහන දියත්කිරීමට සහ ප‍්‍රතිඵල තක්සේරු කිරීම් සිදුකිරීමට අවශ්‍ය සැපැයුම් සහාය ලබාදෙනු ඇත.
ජාතික විද්‍යා පදනමේ කාර්යභාරය යටතේ STEM අධ්‍යාපනය ලැබිය යුතු පාසල් නිර්දේශ කිරීම සිදුකරනු ලබන අතර, ජාතික මට්ටමින් බලපෑමක් ඇතිකරන අධ්‍යාපන ව්‍යාපෘති තෝරා ගැනීමට සහ ඇගැයීමටද බැංකුවට සහාය වනු ඇත. ඒ අතරම පුහුණු වැඩසටහන් සැලැසුම් කිරීමට බැංකුවට සහාය වීම සහ ක‍්‍රියාත්මක කිරීමෙන් පසු ප‍්‍රගතිය තක්සේරු කිරීම් ද සිදුකරනු ඇත.
මෙම නවතම STEM අධ්‍යාපන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. ‘බැංකුව STEM අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිය උත්සාහයන් පුළුල් කිරීමට තීරණය කළේ, එය අනාගත රැකියා සඳහා සිසුන් සූදානම් කිරීමට උපකාරී වන බැවිනුයි. නවීන ආර්ථිකයේ වේගයෙන් වර්ධනය වන සහ ඉහළම වැටුප් ලබන රැකියා බොහොමයක්ම ඇත්තේ STEM ක්ෂේත‍්‍රයේ තුළයි. පරිගණක විද්‍යාව, ඉන්ජිනේරු විද්‍යාව සහ දත්ත විශ්ලේෂණය යන විෂයයන් සඳහා සිසුන්ට ශක්තිමත් පදනමක් ලබා දීම අපගේ පරමාර්ථයයි. ශ‍්‍රී ලංකාවේ ඊළග පරම්පරාවට ඉල්ලූමේ පවතින වෘත්තීයයන් සඳහා හොඳින් සන්නද්ධව සිටින බව අපට මෙයින් සහතික කළ හැකියි’.
STEM අධ්‍යාපනය මගින් විවේචනාත්මක චින්තනය සහ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වෙයි. දත්ත විශ්ලේශනය කිරීම, අත්හදා බැලීම් සැලැසුම් කිරීම සහ සංකීර්ණ ගැටළු විසඳීම සඳහා සිසුන්ට ඉගැන්වීමෙන්, ඕනෑම ක්ෂේත‍්‍රයේ සාර්ථක වීමට අවශ්‍ය කුසලතාවලින් ඔවුන්ව සන්නද්ධ කිරීමට STEM අධ්‍යාපනය ප‍්‍රයෝජනවත් වෙයි. අනාගත ව්‍යාපෘතීන් සඳහා සිසුන් සූදානම් කිරීමට සහ විවේචනාත්මක චින්තන කුසලතා පෝෂණය කිරීමට අමතරව, STEM අධ්‍යාපන වැඩසටහන මගින් නවෝත්පාදන ප‍්‍රවර්ධනය කිරීමට සහ රට තුළ ආර්ථික වර්ධනයටද දායක විය හැකි බැව් බැංකුව ප‍්‍රකාශ කරයි.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා සහ ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ මහත්මිය ගිවිසුම් හුවමාරු කරගන්නා අයුරු සේයාරුවෙන් දැක්වෙයි. සේයාරුවේ (දකුණේ සිට) ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න සහ කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී තිරසාර, කාන්තා බැංකු කටයුතු සහ සමාජ සත්කාර භාරය, කමලිනී එල්ලාවල මහත්මිය සහ සංවිධාන දෙකෙහි නියෝජිතයන්ද එම අවස්ථාවට සහභාගි වූහ.
January, 4, 2023
ගොඩනැගිලිවල පරිසර හිතකාමී අංගයන් ඇගයීමට ලක්කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් ලබාදෙන හරිත ගොඩනැගිලි සම්මාන අතුරින් රන් වර්ගීකරණයක් සිය ත‍්‍රිකුණාමලයේ පිහිටි ශාඛාව වෙනුවෙන් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව පසුගියදා සමත්ව තිබේ.
ශ‍්‍රී ලංකාවේ ගොඩනැගිලි වෙනුවෙන් දේශීය නිර්දේශ අන්තර්ගත ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් හඳුන්වා දී තිබෙන GREENSL® වර්ගීකරණයේ ප‍්‍රමිතීන්ද භාවිතා කරමින් කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලයේ පිහිටි ශාඛාව අංක 420, අධිකරණ පාර, ත‍්‍රිකුණාමලය යන ස්ථානයේ යළි ස්ථාපිත කිරීමට බැංකුව විසින් කටයුතු කරන ලදී.
මෙම ගොඩනැගිල්ලේ වහලයේ බලශක්තිය විශාල ප‍්‍රමාණයක් උත්පාදනය කරගැනීම වෙනුවෙන් සූර්ය පැනල පද්ධතියක් සවිකර තිබෙන අතර මෙහි වැසි ජලය එක් රැස් කිරීමේ ස්ථානයක්ද ගොඩනගා තිබේ. මීට අමතරව, අප ජලය ගෙවත්තේ පැල වලට යළිත් දැමිය හැකි පරිදි පිරිසිදු කිරීමේ අප ජලය පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාරයක්ද මෙහි ස්ථාපිත කර ඇත. එසේම, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව මෙම ගොඩනැගිල්ල මගින් 30% ක බලශක්ති පිරිමැස්මක් සිදුකරන අතර පානීය ජලය ගෙවත්තට සහ අනිකුත් කටයුතු සඳහා යොදාගැනීම මෙහිදී වලක්වා තිබේ.
මෙම හරිත ගොඩනැගිලි රන් වර්ගීකරණය මගින් මෙම ගොඩනැගිල්ලේ එක් එක් මහල්වල වවා තිබෙන ගස්වැල්, දිවා කාලයේදී ගොඩනැගිල්ල තුළට ස්වභාවික ආලෝකය උපරිමව ලබාගන්නා ආකාරය සහ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී තිබූ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබෙන ආකාරයද ඇගයීමට ලක්කර ඇත. මෙහි බලශක්ති පරිභෝජනය තවදුරටත් අඩුකර ගැනීම සඳහා බලශක්ති පිරිමැසුම්දායක වායු සමීකරණ යන්ත‍්‍ර සවිකර තිබෙන අතර ගෙවතු විදුලි පහන් ආලෝකකරණය සඳහා වෙනමම සූර්ය පැනල වෙන්කර තිබීම කැපී පෙනේ. මීට අමතරව, මෙම ශාඛාව සඳහා හරිත ප‍්‍රවාහන විසඳුම්ද දිරිමත් කර ඇත.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන : (ඉහළ) කොමර්ෂල් බැංකු ප‍්‍රධානී - පරිශ‍්‍ර, තිලක් වාකිෂ්ට මහතා (වමේ සිට දෙවැන්නා) ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු මහේන්ද්‍ර එස්. ජයලත් මහතා වෙතින් සම්මානය ලබාගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) හරිත ව්‍යාපෘති වෘත්තීයවේදිනී සමන්තා මානවඩු මෙනෙවිය, ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු චන්දන දළුගොඩ මහතා සහ කොමර්ෂල් බැංකුවේ විධායක නිළධාරී - බලශක්ති සහ පාරිසරික, රවීන්ද්‍ර කඹුරවල මහතා සහභාගී විය. (පහළ) කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමල ශාඛා ගොඩනැගිල්ල.
December, 21, 2022
එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප‍්‍රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි.
කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට අදාල ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. ප‍්‍රතිලාභ ලබා දීමට, උපාය මාර්ගික වාසි ලබා ගැනීමට සහ වෙළෙඳ පොළට සේවය කිරීමට බැංකුව සතු හැකියාව අගය කරමින් මෙම විශිෂ්ඨ සම්මානය බැංකුව වෙත පිරිනමා ඇත.
‘වර්ෂයේ බැංකුව’ යන නාමය පිරිනමනු ලබන්නේ, වර්ධනය සහ කාර්ය සාධනය, උපාය මාර්ගික මුලපිරීම්, තාක්‍ෂණයේ නවෝත්පාදනයන්, නව හෝ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන සහ සේවා මෙන්ම, ක්ෂේත‍්‍රයේ අනෙකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණවලින් විශිෂ්ඨ වූ මූල්‍ය ආයතන වෙතය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ‘12 වතාවක් වර්ෂයේ බැංකුව ලෙස නම් කිරීම ඕනෑම ප‍්‍රමිතියකට අනුව කැපී පෙනෙන ජයග‍්‍රහණයක් වෙනවා. 2022 වසරට අදාළව මෙම සම්මානය දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනෙන කරුණක් වන්නේ පවතින තත්ත්වයන් යටතේදීයි. දැඩි පීඩනය යටතේ වුවද අපගේ කාර්ය සාධනය අඛණ්ඩව ලබාදුන් සමස්ත කොමර්ෂල් බැංකු කණ්ඩායමට මෙය උපහාරයක් වන අතර, එම මෙහෙවර වසරේ දිනාගත් ජයග‍්‍රහණයන් රැසකටම මගපාදනු ලැබුවා’ යැයි ප‍්‍රකාශ කර සිටියේය.
ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රයේ අද්විතීය මිණුම් ළකුණක් මෙන්ම, පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ වත්කම් 2022 පළමු මාස 09 තුළ රුපියල් ටි‍්‍රලියන 2.390 දක්වා 20.51%කින් වර්ධනය වූ අතර, එය රටේ ප‍්‍රබලතම බැංකුවක් ලෙස එහි තත්ත්වය යළි තහවුරු කළේය. බැංකුව පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 195.573ක දළ ආදායමක්ද, 2022 තුන්වන කාර්තුව සඳහා රුපියල් බිලියන 76.056ක්ද ලබාගත් අතර, එය පිළිවෙළින් 62.91%ක සහ 89.58%ක ශක්තිමත් වර්ධන අනුපාතයක්ද පිළිබිඹු කරමින්, රුපියල් බිලියන 6.283ක ශුද්ධ ලාභයක්ද එම කාල සීමාව සඳහා වාර්තා කළේය.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන : කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා (මැද) සම්මානය ලබා ගන්නා අයුරු සේයාරුවෙන් දැක්වෙයි.
December, 9, 2022
විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත.
මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන අතර දැනටමත් බැංකුව විසින් සාර්ථකව පවත්වාගෙන යන ‘Millionaire Investment Plan’ මේ සඳහා ආදර්ශය බවට පත්කර ගෙන තිබෙන බව බැංකුව සඳහන් කරයි. මෙම ආයෝජන සැලසුමේ මුදල් තැන්පතු කරන්නන්ට දැනට වෙළෙඳපොළ තුළ තිබෙන තරගකාරී ආයෝජන සැලසුම් වලින් ලබාදෙනවාට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර අවුරුදු තුන, අවුරුදු හතර සහ අවුරුදු පහ යන කාල සීමාවකින් කල්පිරෙන පරිදි මෙම ආයෝජන සැලසුමේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් සහ ඕස්ටේ‍්‍රලියානු ඩොලර් තැන්පත් කළ හැකිවේ.
මෙම සැලසුමට අනුව තැන්පතු කරුවන්ට තමන් තෝරා ගන්නා කාලයකදී කොපමණ මුදලක් ඉතිරි කළහැකි දැයි තීරණය කරගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් සහ ඕස්ටේ‍්‍රලියානු ඩොලර් වලින් 10,000 ක්, 25,000 ක්, 50,000 ක්, 100,000 ක් සහ 250,000 ක් ලෙස තමන්ගේ හැකියාව අනුව ආයෝජනය කිරීමට කොමර්ෂල් බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ.
උදාහරණයක් ලෙස වසර පහකින් කල් පිරෙන ලෙස යම් විදේශීය මුදලකින් 10,000 ක් ආයෝජනය කරන්නේ නම් ගනුදෙනුකරුවන්ට මාසිකව තැන්පත් කිරීමට සිදුවන්නේ ඇමරිකානු ඩොලර් වලින් නම් 133.50 ක්, යූරෝ වලින් නම් 146.50 ක්, ස්ටර්ලිං පවුම් වලින් නම් 142.75 ක් සහ ඕස්ටේ‍්‍රලියානු ඩොලර් වලින් නම් 139 ක් බව බැංකුව සඳහන් කරයි.
මෙම විශේෂ විදේශ මුදල් ආයෝජන සැලසුම විදේශීය රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට, ඕනෑම තැනක සිටින ශ‍්‍රී ලාංකේය ද්විත්ව පුරවැසියන්ට, වෙනත් රටක ස්ථීර නේවාසික තත්ත්වය හෝ පුරවැසිභාවය හිමි ශ‍්‍රී ලාංකිකයින්ට, ශ‍්‍රී ලාංකාවෙන් පිට හෝ ඇතුළත නේවාසිකව සිටින අයට සහ ශ‍්‍රී ලංකාවේ සිටින විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට විවෘත කළ හැකි බව බැංකුව සඳහන් කරයි. මෙම ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ගනුදෙනුකරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කර හෝ එයට වඩා වැඩි වයසකින් යුක්ත විය යුතු අතර තමන්ගේ කැමැත්ත පරිදි මාසිකව විදේශ මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව මෙහි තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.
මෙම ආයෝජකයින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික විදේශීය මුදල් ගිණුමක් (PFC) පවත්වාගෙන යා යුතු අතර මාසිකව තැන්පත් කිරීමට එකඟ වන මුදල එය මෙම ආයෝජන සැලසුමට විදේශ මුදල් වලින් පේ‍්‍රෂණය කළ හැකිවේ. මෙහිදී, කල් පිරීමේදී ලබාදීමට එකඟවී තිබෙන ආයෝජන මුදල ගනුදෙනුකරුවාගේ පුද්ගලික විදේශීය මුදල් ගිණුමට බැංකුව විසින් බැර කරනු ඇත.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
November, 30, 2022
කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව පසුගියදා කිරිල්ලවල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සීග‍්‍රයෙන් සංවර්ධනය වන, එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන බහුලව ඇති සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන කිරිල්ලවලට එම නම ලැබී ඇත්තේ, කිරිල්ල ගස් බහුලව තිබුණු ප‍්‍රදේශයක් යන අර්ථයෙනි.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ, 122/B පහළ ඉඹුල්ගොඩ, කිරිල්ලවල යන ස්ථානයෙහි අලූතින් විවෘත කරන ලද මෙම ශාඛාව අංගසම්පූර්ණ බැංකු මෙහෙයුම් ක‍්‍රියාවලියකින් යුක්ත වෙයි. ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (ATM). මුදල් ප‍්‍රතිචක‍්‍රීකරණ යන්ත‍්‍රයක් (CRM), සහ චෙක්පත් තැන්පත් යන්ත‍්‍රයකින්ද (CDM) සමන්විත මෙම බැංකු ශාඛාව පාරිභෝගිකයන්ට පැය 24 පුරාවටම ඩිජිටල් සේවාවන් සපයයි. මෙම නවතම ශාඛාවේ විවෘත කිරීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර පර්යන්ත ජාලය 943ක් දක්වා වර්ධනය වෙයි.
ආර්ථික ක‍්‍රියාකාරකම් මධ්‍යස්ථානයක පිහිටා ඇති ශාඛාවක් ලෙස මෙම කිරිල්ලවල ශාඛාව ප‍්‍රදේශවාසීන්ට මෙන්ම ව්‍යවසායකයින්ටද, බහුකාර්ය අංගසම්පූර්ණ සේවාවක් ලබාදෙයි. පුද්ගල ණය, නිවාස ණය, ලීසිං පහසුකම් සහ උකස් පහසුකම් වැනි සේවාවන් රාශියක් ලබා දීමට මෙම ශාඛාව ප‍්‍රවේශයක් ලබාදෙන අතර, SME බැංකු සේවා සහ විශාල පරාසයක ඇති ගිණුම් සේවාවන් රැසක්ද මෙහිදී ලබාගත හැකිය.
සේයාරු සටහන : කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන (දකුණේ සිට දෙවැන්නා), කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග (වමේ සිට දෙවැන්නා) සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රබාගර් (වම් කෙළවරහි) යන මහත්වරුන් සමග ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින්ද කිරිල්ලවල කොමර්ෂල් බැංකුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු දැක්වෙයි.
October, 19, 2022
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ.
මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම මෙන්ම අපනයනකරුවන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමට පූර්ණ ජාත්‍යන්තර බැංකුකරණ හැකියාවන් සහ විශේෂඥතාවය ලබාදීම සිදු කරන බව බැංකුව සඳහන් කරයි.
මෙම අවබෝධතා ගිවිසුමට කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය විසින් අත්සන් කරන ලදී.
ඉහළ මට්ටමේ දේශීය වැදගත් කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වර්ගීකරණය කර තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය, පුද්ගලික සහ විශේෂිත බැංකු අතුරින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය මුදලක් ලබාදී තිබෙන තනි බැංකුව වන අතර මෙරට අපනයන වලින් 18% කට වැඩි ප‍්‍රමාණයකට කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයනු ලැබේ.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාරීත්වයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.
October, 17, 2022
ඇමරිකාව පදනම් කරගත් වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් (WMA) විසින් ක්ෂේත‍්‍ර 86 ක ලෝකයේ හොඳම වෙබ් අඩවි ගෞරවාදරයට පාත‍්‍ර කරන 2022 WebAwards සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව ‘Bank Standard of Excellence’ නම් කීර්තිමත් සම්මානය දිනා ගන්නා ලදී.
කීර්තිමත් ස්වාධීන අන්තර්ජාල වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන නිර්මාණශීලි විශිෂ්ටත්වය, නව්‍යබව, අන්තර්ගතය, තාක්ෂණය, සංවාදශීලි ලෙස අදහස් හුවමාරුව, හිමිකම් ඇවිරීම සහ පහසුවෙන් භාවිතාකිරීමට හැකිවීම යන කරුණු ඇගයීමට ලක් කෙරුණි. මෙම විනිශ්චය මණ්ඩලයට මාධ්‍ය, වෙළඳ ප‍්‍රචාරණය, වෙබ් අඩවි නිර්මාණය, නිර්මාණශීලී අධ්‍යක්ෂණය, ආයතනික අලෙවිකරණය, අන්තර්ගත සම්පාදනය සහ වෙබ්මාස්ටර්ස් යන ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් සාමාජිකයින් ඇතුළත් විය.
‘වාණිජ අරමුණු වෙනුවෙන් වෙබ් අඩවි භාවිතා කිරීමේ සහ නිර්මාණය කිරීමේ ලොව ප‍්‍රමුඛතම අධිකාරියක් විසින් අපගේ වෙබ් අඩවිය සම්මානයට පාත‍්‍ර කිරීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘මේ වනවිට බැංකුකරණය සඳහා වෙබ් අඩවි ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබෙනවා. මේ නිසා, අපි කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ භාවිතා කිරීමේ පහසුව වර්ධනය කිරීම සඳහා අඛණ්ඩවම නවෝත්පාදනයන් සිදුකරනවා. මෙම සම්මානය මගින් අපි නිවැරදි දිශාවට ගමන් කරන අතරම එම ගමන් කිරීම ලෝක තත්ත්වයේ තිබෙන බව සහතික කරනවා.’
කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී www.combank.lk වෙබ් අඩවිය භාෂා තුනෙන්ම අන්තර්ගතයන් ඇතුළත් කරමින් ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස බොහෝ තොරතුරු සහිතව නැවත එළි දැක්වූ අතර එහි පෙනුම සහ අංගද මෙහිදී වැඩිදියුණු කරන ලදී.
නවතම වෙබ් සංඛ්‍යා දත්ත වලට අනුව මෙම වෙබ් අඩවියට වසරකට පැමිණීම් මිලියන 6.4 ක් පමණ වාර්තා වන අතර අන්තර්ගතයන් මිලියන 4.5 ක් නිදහසේ හුවමාරු (organic searches) වෙයි. එසේම, මෙම වෙබ් අඩවියට වසරකට මිලියන 10 ක පමණ පේජ් වීව්ස් තිබේ. මෙය ශ‍්‍රී ලංකාවේ බැංකුවක් සතු වැඩිම පිරිසක් පැමිණෙන ආයතනික වෙබ් අඩවිය වේ.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
October, 4, 2022
කොමර්ෂල් බැංකුව විසින් සිය මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර එමගින් මෙම කණ්ඩායමේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය වර්ධන අපේක්ෂාවන් ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ. ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් වෘත්තීය සහ රැකියා සංවර්ධන ආයතන විසින් සමාන්තරව සිදුකරන මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහන් දෙකක් සඳහා බැංකුවේ විදේශීය මෙහෙයුම් කටයුතුවල සිටින ඇතැම් විධායක නිළධාරීන්ද ඇතුළුව තෝරාගත් විධායක නිළධාරීන් බැංකුව විසින් ලියාපදිංචි කර තිබේ. මේ අනුව, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) උපදේශන කණ්ඩායමක් සහ බාහිර වෘත්තීයවේදීන් කණ්ඩායමක් විසින් මෙම මැදපෙළ කළමනාකාරීත්වයේ දක්ෂතා, නායකත්වය සහ කළමනාකරණ කුසලතාවයන් වර්ධනය කිරීමට කටයුතු කරන අතර බැංකුව සඳහන් කරන්නේ මෙම වැඩසටහන දෙමුහුන් ආකෘතියකින් ක‍්‍රියාත්මක කරන බවයි.
මෙහිදී, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් මෙම වැඩසටහන වසර දෙකකට වඩා වැඩි කාලයක් ක‍්‍රියාත්මක කරන අතර මේ සඳහා සහභාගී වන කොමර්ෂල් බැංකුවේ විධායක නිළධාරීන්ට තමන්ගේ නායකත්ව කුසලතාවයන් දියුණු කරගැනීමට අවස්ථාව උදාවනු ඇත. මෙම වැඩසටහන පසුගියදා ඒ සඳහා ලියාපදිංචි වූවන් සහ බැංකුවේ මානව සම්පත් මෙහෙයුම් විධායක කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) ශ‍්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

සේයාරුවෙන් පෙනෙන්නේ (ඉහළ) කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇමතූ ආකාරයයි. (පහළ) කොමර්ෂල් බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින්, මෙම වැඩසටහන හැදෑරීමට එක්වූ බැංකුවේ මැදපෙළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග සිටින අයුරු.
September, 7, 2022
කොමර්ෂල් බැංකුවේ ඉතාමත් ජනප‍්‍රිය ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගය තුන්වන වසර සඳහාත් පවත්වන බව නිවේදනය කරමින් දිවයින පුරා සිටින දරුවන්ට තමන්ගේ නිර්මාණශීලී දක්ෂතා භාවිතා කරමින් මෙම චිත‍්‍ර තරගයේදී සිය අදහස් දක්වන ලෙස බැංකුව ආරාධනය කර ඇත.
අවුරුදු 04 ත් 16 ත් අතර දරුවන්ට විවෘත මෙම චිත‍්‍ර තරගය බැංකුවේ ජනප‍්‍රිය ළමා ගිණුම වන ‘අරුණළු’ සන්නාමය යටතේ පවත්වන බව බැංකුව සඳහන් කරයි. මෙම චිත‍්‍ර තරගයෙන් ජයගන්නා දරුවන්ට මුදල් ත්‍යාග 137 ක් ලබාදෙන අතර එම ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 02 ක් වේ. මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ මෙම තරගයට සහභාගීවන තවත් දරුවන් 250 දෙනෙකු සඳහා කුසලතා සහතික පත් ප‍්‍රදානය කරන බවයි. පසුගිය වසරේදී මෙම චිත‍්‍ර තරගය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ අතර එහි සාර්ථකත්වය නිසා 2022 තරගයද අන්තර්ජාලය ඔස්සේම පවත්වන බව බැංකුව පවසයි.
මෙම තරගයේදී දරුවන්ට අංශ 05 ක් යටතේ තම චිත‍්‍ර ඉදිරිපත් කළ හැකිවේ. පෙර පාසැල් (අවුරුදු 4-5), ප‍්‍රාථමික (6-7), පසු ප‍්‍රාථමික (8-10), කණිෂ්ඨ (11-13) සහ ජ්‍යෙෂ්ඨ (15-16) යන කාණ්ඩ මෙම අංශ වලට ඇතුළත් වේ. මෙහිදී, කුඩා දරුවන් තෝරා ගන්නා කැමති මාතෘකාවක් යටතේ චිත‍්‍ර ඉදිරිපත් කළ හැකි අතර A3 ප‍්‍රමාණයේ කොලයක මෙම චිත‍්‍රය නිර්මාණය කළ යුතුවේ. බැංකුව සඳහන් කරන්නේ කණිෂ්ඨ අංශයේ තරුගකරුවන් ‘යහපත් දරුවෙකු දකින්නට නම්’ සහ ජ්‍යෙෂ්ඨ අංශවල තරගකරුවන් ‘මනුෂ්‍යත්වය’ යන මාතෘකා යටතේ අඟල් 14x18 ප‍්‍රමාණයේ කොලයක තම චිත‍්‍රය ඇඳ තරගය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.
මෙම තරගයේදී අයදුම්කරුවන් විසින් සැප්තැම්බර් 01 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා ඕනෑම දිනයක www.arunalusiththam.lk වෙබ් අඩවියට පිවිස තම චිත‍්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ තොරතුරු සමග අප්ලෝඞ් කරමින් තරගය සඳහා ඇතුළත් විය හැකි බව බැංකුව සඳහන් කරයි.
මෙහිදී, පෙර පාසැල් අංශය යටතේ වඩාත්ම නිර්මාණශීලී චිත‍්‍ර 25 ඉදිරිපත් කරන තරගකරුවන්ට රුපියල් 10,000 ක ත්‍යාගයක් සහ සහතික පත‍්‍රයක් බැංකුව විසින් ලබාදෙයි. මීට අමතරව, මෙම අංශය යටතේ තවත් දරුවන් 50 දෙනෙකු වෙත කුසලතා සහතික ලබාදෙනු ඇත.
එසේම, අනිකුත් අංශ වල පළමු ස්ථානය දිනාගන්නා තරගකරුවන්ට රුපියල් 100,000 ක් බැගින් ලබාදෙන අතර දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000 ක්ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000 ක්ද සහතික පත‍්‍රද ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.
මීට අමතරව, පසු ප‍්‍රාථමික, ප‍්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ වලදී සෑම අංශයකම දරුවන් 25 දෙනෙකු සඳහා ඔවුන් කුසලතාවය අගය කරමින් රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන අතර මෙම සිසුන් 100 දෙනා සඳහා සහතික පත‍්‍රද ප‍්‍රදානය කරයි. මෙම අංශවලින් එක් අංශයකින් තවත් දරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පත‍්‍රද ප‍්‍රදානය කරනු ඇත. කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ සියළුම ත්‍යාග මුදල් ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුම් වලට බැර කරන බවයි.

Video Story