• 269th branch
  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • Kirilla
  • sri lanka

කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව කිරිල්ලවලදී විවෘත කරයි

November, 30, 2022

කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව පසුගියදා කිරිල්ලවල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සීග‍්‍රයෙන් සංවර්ධනය වන, එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන බහුලව ඇති සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන කිරිල්ලවලට එම නම ලැබී ඇත්තේ, කිරිල්ල ගස් බහුලව තිබුණු ප‍්‍රදේශයක් යන අර්ථයෙනි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ, 122/B පහළ ඉඹුල්ගොඩ, කිරිල්ලවල යන ස්ථානයෙහි අලූතින් විවෘත කරන ලද මෙම ශාඛාව අංගසම්පූර්ණ බැංකු මෙහෙයුම් ක‍්‍රියාවලියකින් යුක්ත වෙයි. ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (ATM). මුදල් ප‍්‍රතිචක‍්‍රීකරණ යන්ත‍්‍රයක් (CRM), සහ චෙක්පත් තැන්පත් යන්ත‍්‍රයකින්ද (CDM) සමන්විත මෙම බැංකු ශාඛාව පාරිභෝගිකයන්ට පැය 24 පුරාවටම ඩිජිටල් සේවාවන් සපයයි. මෙම නවතම ශාඛාවේ විවෘත කිරීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර පර්යන්ත ජාලය 943ක් දක්වා වර්ධනය වෙයි.

ආර්ථික ක‍්‍රියාකාරකම් මධ්‍යස්ථානයක පිහිටා ඇති ශාඛාවක් ලෙස මෙම කිරිල්ලවල ශාඛාව ප‍්‍රදේශවාසීන්ට මෙන්ම ව්‍යවසායකයින්ටද, බහුකාර්ය අංගසම්පූර්ණ සේවාවක් ලබාදෙයි. පුද්ගල ණය, නිවාස ණය, ලීසිං පහසුකම් සහ උකස් පහසුකම් වැනි සේවාවන් රාශියක් ලබා දීමට මෙම ශාඛාව ප‍්‍රවේශයක් ලබාදෙන අතර, SME බැංකු සේවා සහ විශාල පරාසයක ඇති ගිණුම් සේවාවන් රැසක්ද මෙහිදී ලබාගත හැකිය.

 

සේයාරු සටහන : කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන (දකුණේ සිට දෙවැන්නා), කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග (වමේ සිට දෙවැන්නා) සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රබාගර් (වම් කෙළවරහි) යන මහත්වරුන් සමග ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින්ද කිරිල්ලවල කොමර්ෂල් බැංකුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු දැක්වෙයි.