November, 8, 2022
2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙරට තුළ සක්රීය ක්රෙඩිට් කාඩ්පත් 1,917,839 ක් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය 2022 අගෝස්තු මාසය අවසානයේ පැවති 1,963,705 ක්වූ ක්රෙඩිට් කාඩ් ප්රමාණය හා සැසඳීමේ දී ක්රෙඩිට් කාඩ්පත් 8,134 ක ඉහළ යාමකි.
මේ අතර 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙකී ක්රෙඩිට් කාඩ්පත් සඳහා හිඟව පැවති මුළු මුදල් ප්රමාණය රු. මිලියන 136,766 ක් ලෙසින් වාර්තා වේ.
මෙය 2022 අගොස්තු මාසය අවසානයේ පැවති රු. මිලියන 135,949 ට වඩා රු. මිලියන 817 ක වැඩිවීමක් වේ.

September, 26, 2022
මෙරට භාවිතයේ පවතින සක්රීය ක්රෙඩිට් කාඩ්පත් ප්රමාණය පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කර නවතම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව 2022 ජූලි මාසය අවසන් වන විට මෙරට භාවිතයේ පැවති 1,965,745 ක්වූ සත්රීය ක්රෙඩිට් කාඩ්පත් ප්රමාණය 1,963,705 ක් දක්වා කාඩ්පත් 2,040 කින් අඩු වී ඇත.
කෙසේවෙතත් මෙම කාලය තුළ දී මෙකී ක්රෙඩිට් කාඩ් සඳහා හිඟව ඇති මුළු මුදල් ප්රමාණය රු. බිලියන 132.72 සිට රු. බිලියන 135.94 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

Video Story