October, 26, 2022
විනෝදාස්වාද, සංස්කෘතික හා ක්රීඩා අංගයන්ගෙන් සමන්විත දැවැන්ත සංචාරක ප්රවර්ධන වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී දියත් කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
පසුගිය (23) දැ පැවති මාධ්ය හමුවක දී ඇය මේ බව සඳහන් කළ අතර මෙහි පළමු සංදර්ශනය දෙසැම්බර් 08 දින යාපනයේ දී පැවැත්වීමට නියමිතය. දෙසැම්බර් 09,10 හා 11 තෙදින තුළ කොළඹ දී සංදර්ශන පැවැත්වේ.
TOURNIVAL යනුවෙන් මෙම සංචාරක ප්රවර්ධන වැඩසටහන නම් කර තිබේ.
මෙම සංදර්ශන පෙළ සඳහා බොලිවුඩ් සිනමා කර්මාන්තය නියෝජනය කරමින් රංගන ශිල්පි සොනු සූඩ්, දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය නියෝජනය කරමින් විජේ සේතුපති, කර්ණාටක සිනමා කර්මාන්තය නියෝජනය කරමින් ප්රියංකා උපේන්ද්රා සහ සුපිරි ගායිකා ශ්රෙයා ගෝෂාල් ඇතුළු ඉන්දීය සිනමා තරු රැසක් එක්වීමට නියමිත බව මෙම මාධ්ය හමුවේ දී සඳහන් වුණි.
මෙහිදී වැඩිදුරටත් රාජ්ය අමාත්යවරියා කියා සිටියේ මෙම ඉසව් සඳහා ශ්රී ලංකා රජය හෝ සංචාරක අමාත්යංශය කිසිදු වියදමක් සිදුනොකරනු බවයි.
TOURNIVAL සංචාරක ප්රවර්ධන වැඩසටහන යාපනයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම ප්රදේශයක්ම මේ වැඩසටහනට එක්කර ගැනීමට අපේක්ෂා කරනවා. මේ සංදර්ශන මාලාව දෙසැම්බර් මස 8 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් 10,000ක පමණ පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. පසුගිය කාලයේ දිනකට ඉන්දීය සංචාරකයන් 7,000ක් පමණ මෙරටට පැමිණියත් අද වන විට එය 2,000 දක්වා පහත වැටී තිබෙනවා. මේ සඳහා සංචාරක අමාත්යාංශය හෝ රජය කිසිදු මුදලක් වැය කරන්නේ නැහැ. අපිට වියදම් කරන්න සල්ලි නැහැ. එය අනුග්රාහකයින්ගෙන් සපුරා ගන්නවා. ඒ වගේම ටිකට් අලෙවියෙන් ආදායමක් ලබන්න සැලසුම් කර තිබෙනවා. ප්රවේශපත්ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම ශ්රී ලංකා රජයට පරිත්යාග කරනවා.
September, 14, 2022
ශ්රී ලංකාවේ මන්නාරම් දූපත සංචාරක කර්මාන්තය සඳහාම නිර්මාණය වූ විනෝදාස්වාද දූපතක් බවට පරිවර්තනය කළ හැකි බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. මැකාඔ දූපත මෙන් එය සංචාරක එය ඩොලර්වලින් පමණක් ගනුදෙනු කරනු ලබන තැනක් පමණක් විය යුතු බවත් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.
සංචාරක රාජ්ය අමාත්යවරිය වශයෙන් ඊයේ (13) නව තනතුරේ වැඩ භාර ගනිමින් පවත්වනු ලැබූ මාධ්ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
තව ද සංචාරක කර්මාන්තය විවිධ කාණ්ඩයන්ට වෙන් කල හැකි බවත්, ඒ කාණ්ඩ අතරින් Entertainment Tourism යනු විනොදාස්වාදය වෙනුවෙන්ම පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් වෙනු වූ කාණ්ඩයක් බැවින් සංචාරකයින් වෙනුවෙන් ඒ තුළ වූ ඔවුනට විනෝද වීම සඳහා අවශ්ය අවස්ථාවන් නිර්මාණය කර දිය යුතු බවත් ඇය පවසා සිටියාය.
එමඟින් මුදල් වියදම් කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ හිතැඟි පරිදි මුදල් වියදම් කිරීම වෙනුවෙන් අවස්ථාවන් සැලසෙන බව ද රාජ්ය අමාත්යවරිය එහි දී වැඩිදුරටත් පවසා සිටියා ය.
"Entertainment Tourism කියන්නේ, ඒ ගොල්ලෝ එන්නේ Night Club යන්න, කන්න බොන්න විනෝද වෙන්න ඒ වගේ Entertainment වලට. අද අපේ රටේ ඇත්තටම ඒක අඩුයි. මොකද අපි රටක මේ එන සංචාරකයින්ගෙන් සල්ලි ගන්න ඕනනම්, අපිට ඒ ගොල්ලන්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැනේ. අපිට ඒ ගොල්ලන්ට වියදම් කරන්න Opportunity එකක් දෙනන් ඕන. ඒ Opportunity එක නැත්තන්, දැන් රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ නම්, අපිටත් පේනවනේ ගියාම රෑ 10න් පස්සේ ගියොත් කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියනවා වියදම් කරන්න තැනක් නැහැ. මිනිස්සුන්ට ගහලා සල්ලි ගන්න බැහැනේ. ඒ නිසා අපි මේකට Opportunity දෙන්න ඕන වියදම් කරන්න. මේ Opportunity හදන්න ඕන අපි. මොකද ඒකට තමයි Night Life කියන්නේ, Night Economy කියන්නේ. ඉතින් ඒක අපි හදන්න ඕන."
"මන්නාරම දූපත අපට සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් Entertainment Macau කියන රට වගේ. ඒ රට ඔක්කොම Entertainment. Macau දූපත වගේ මන්නාරම් දූපත සම්පූර්ණයෙන් Entertainment එකක් කරන්න පුළුවන්, Entertainment දූපතක් ඩොලර් වලින් පමණක් Business කරන, රුපියල් නැහැ, ඩොලර් පමණයි. මේක අපි convert කරලා බලන්න ඕන ඩොලර් වියදම් කරන තැනක් විදිහට විතරක්. වියදම් කරන්න ඕන තරම් රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා, එහෙම හැදුවොත්. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දේවල්, එතකොට ඒ වට පිටාවේ තියන අපේ එයාර්පොර්ට් ටික, අපේ airport ටික Develop කරන්න පුළුවන් ඒ හේතුව හින්දා. ඉතින් එතනට එන ලඟම පලාලි තියනවා, ජැෆ්නා තියනවා, KKS තියනවා. ඒ වගේ Airport තියනවා. එතකොට ඒවා අපිට සම්පූර්ණයෙන්ම Develop වෙනවා."
Video Story