• Ada Derana BIZ Sinhala
  • December
  • sri lanka
  • tourists

දෙසැම්බරයේ පැමිණි සංචාරකයින් ගණන අනූඑක්දහස ඉක්මවයි

January, 3, 2023

පසුගිය 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978 ක් වේ.

2022 දෙසැම්බර් මාසය තුළ දී රුසියාවෙන් 19,963 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකාවට 2022 වසර තුළ දී හත් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.

මීට අමතරව දෙසැම්බර් මාසය තුල දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 17,350 ක් වේ.

2022 සමස්ත වර්ෂය සැලකීමේ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එය 123,004 ක් වේ. එය වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරක ප්‍රමාණයෙන් 17% කි.

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Dayana Gamage
  • December
  • huge show
  • sri lanka

සොනු සූඩ්, විජේ සේතුපති ඇතුළු ඉන්දීය සිනමා තරු රැසක් ශ්‍රී ලංකාවට. දෙසැම්බරයේ දී දැවැන්ත සංදර්ශන පෙළක්

October, 26, 2022

විනෝදාස්වාද, සංස්කෘතික හා ක්‍රීඩා අංගයන්ගෙන් සමන්විත දැවැන්ත සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී දියත් කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

පසුගිය (23) දැ පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ බව සඳහන් කළ අතර මෙහි පළමු සංදර්ශනය දෙසැම්බර් 08 දින යාපනයේ දී පැවැත්වීමට නියමිතය. දෙසැම්බර් 09,10 හා 11 තෙදින තුළ කොළඹ දී සංදර්ශන පැවැත්වේ.

TOURNIVAL යනුවෙන් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන නම් කර තිබේ.

මෙම සංදර්ශන පෙළ සඳහා බොලිවුඩ් සිනමා කර්මාන්තය නියෝජනය කරමින් රංගන ශිල්පි සොනු සූඩ්, දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය නියෝජනය කරමින් විජේ සේතුපති, කර්ණාටක සිනමා කර්මාන්තය නියෝජනය කරමින් ප්‍රියංකා උපේන්ද්‍රා සහ සුපිරි ගායිකා ශ්‍රෙයා ගෝෂාල් ඇතුළු ඉන්දීය සිනමා තරු රැසක් එක්වීමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් වුණි.

මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරියා කියා සිටියේ මෙම ඉසව් සඳහා ශ්‍රී ලංකා රජය හෝ සංචාරක අමාත්‍යංශය කිසිදු වියදමක් සිදුනොකරනු බවයි.

TOURNIVAL සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යාපනයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම ප්‍රදේශයක්ම මේ වැඩසටහනට එක්කර ගැනීමට අපේක්ෂා කරනවා. මේ සංදර්ශන මාලාව දෙසැම්බර් මස 8 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් 10,000ක පමණ පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. පසුගිය කාලයේ දිනකට ඉන්දීය සංචාරකයන් 7,000ක් පමණ මෙරටට පැමිණියත් අද වන විට එය 2,000 දක්වා පහත වැටී තිබෙනවා. මේ සඳහා සංචාරක අමාත්‍යාංශය හෝ රජය කිසිදු මුදලක් වැය කරන්නේ නැහැ. අපිට වියදම් කරන්න සල්ලි නැහැ. එය අනුග්‍රාහකයින්ගෙන් සපුරා ගන්නවා. ඒ වගේම ටිකට් අලෙවියෙන් ආදායමක් ලබන්න සැලසුම් කර තිබෙනවා. ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරනවා.