• 5G-Ready Gaming
  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • Nonvoice
  • sri lanka

Dialog සහ Nonvoice එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G-Ready Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාදය සඳහා Metaverse මාධ්‍යයක් හඳුන්වාදෙයි

December, 26, 2022

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම Nonvoice LLC සමග සහයෝගීතාවයෙන්, ශ්‍රී ලාංකිකයින්ට Augmented Reality (AR) සහ Virtual Reality (VR) අත්දැකීමක් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G Ready Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාද Metaverse මාධ්‍ය හඳුන්වාදීමට කටයුතු කරන ලදී.

ඩයලොග් විසින් බලගන්වන Nonvoice Metaverse හරහා සෑම මසකම නොමිලේ NFT (Non-fungible Token) ලබාගැනීමට අවස්ථාව මෙන්ම, මසකට රු.289 ක් + බදු මිලකට Metaverse Apps 10කට ප්‍රවේශවීමට ඉඩ සලසයි. එහි දී පාරිභෝගිකයන්ට games, වැඩිදියුණු කළ Esports සහ උසස් ඉගෙනුම් අත්දැකීම්ක් සඳහා අවස්ථාව ලැබේ. ඊට ඇතුළත් Apps ලෙස අධ්‍යාපනය ලැබිය හැකි ලොව විශාලතම 3D/AR පුස්තකාලය වන Bookfull, AR වලින් භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමට අවස්ථාව සලසන LearnX මෙන්ම මිතුරන් සමඟ AR තාක්ෂනය සමගින් හොකී ක්‍රීඩා කළ හැකි SCOAAR, ලොව සොකර් ක්‍රීඩා සමාජ සමඟ එක්විය හැකි World League Live Soccer, InvadARsX නමැති AR අභ්‍යවකාශ යානා සම්බන්ධ Game එකක් ඇතුළු තවත් Game රැසක් මීට අන්තර්ගත කර ඇත. Dialog විසින් සියලුම නව ග්‍රාහකයින්ට දෙසැම්බර් 31 දක්වා Nonvoice Metaverse නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාවක් ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.“‘අනාගතය අදයි’ යන අපගේ තේමාවට අනුව Nonvoice LLC සමඟ ඇතිකරගත් සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ පළමු 5G-ready AR සහ VR සහිත Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාදයෙන් පිරි මෙම මාධ්‍ය අපි හඳුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයෙන්. දකුණු ආසියාවේ පළමු වරට 5G අත්හදා බැලීමේ ජාලයක් හඳුන්වා දුන් අපි එතැන් පටන්ම අපගේ ජාල හැකියාව සහ තාක්ෂණය පුළුල්ව ස්ථාපිත කරමින් නවෝත්පාදනයෙන් යුත් යුගයක් නිර්මාණය කරන්නට උත්සාහ කළා.ඩයලොග් විසින් බලගන්වන ලද Nonvoice Metaverse, ඒ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා. එමගින් අපගේ පාරිභෝගිකයන්ට කිසිදා අත් නොවිඳි තාක්ෂණයක් නව මුහුණුවරකින් ලබාගන්න පුළුවන් වෙනවා.”

වැඩි විස්තර සඳහා හෝ සේවාව ලබාගැනීමට dialog.nonvoice.com වෙත පිවිස, ඔබේ ඩයලොග් මොබයිල් අංකයෙන් ලියාපදිංචි වන්න.

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • Dialog Home Broadband
  • Dialog Television
  • Dialog Television Budget
  • Dialog.lk
  • sri lanka
  • ඩයලොග්

ඩයලොග් වෙතින් නොවැම්බරයේ Online ඇණවුම් සඳහා ආකර්ෂණීය දීමනා රැසක්

November, 19, 2022

Dialog.lk වෙතින් 11.11 සහ Black Friday වෙනුවෙන් ඔබට සුවිශේෂී දීමනා රැසක් පිරිනමයි. Dialog Home Broadband, Dialog Television සම්බන්දතාවයක් ලබා ගැනීමට ඔබ අදහස් කරන්නේනම් හෝ ඔබට නව Smartphone එකක් මිලදී ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා සුවිශේෂී දීමනා ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම සුවිශේෂ දීමනා ලබාගත හැක්කේ Dialog.lk ඔස්සේ online ඇණවුම් කිරීමෙන් පමණි.

මෙම සුවිශේෂ දීමනාවලට අමතරව සියලුම Online ඇණවුම් දීපව්‍යාප්තව කිසිදු බෙදාහැරීම් ගාස්තුවක් නොමැතිව ඔබ වෙතටම ගෙන ඒමට පහසුකම් ද ක්‍රියාත්මක කර තිබේ. එමඟින් ඔබේ කාලයත් මුදල් නාස්තිවීම වලක්වා ඇති අතර මේ සඳහා ඔබ කල යුත්තේ https://dlg.lk/3X9nZ1F වෙත පිවිස ඔබේ ඇණවුම් ලබාදීම පමණි.

2022 නොවැම්බර් 30වන දිනය දක්වා ක්‍රියාත්මක මෙම සුවිශේෂ 11.11 සහ Black Friday දීමනාවන් ඔස්සේ රු.5990/-ක වටිනාකමකින් යුත් Dialog Home Broadband සම්බන්ධතාවයක් රු.2990/-කට ලබා ගත හැකිය. එසේම Apple iPhones, Samsung Galaxy S22 Ultra ඇතුළු තෝරාගත් නවතම smartphone සහ අනෙකුත් උපාංග සඳහා දීමනා හිමිකර ගැනීමේ අවස්ථාව ද මෙහිදී ලබා දී ඇත.

මීට අමතර රූපවාහිනී රසිකයන්ට මෙමගින් රු. 5990/- වටිනා Dialog Television Budget සම්බන්ධතාවයක් රු.4490/- වැනි අඩු මුදලකට ලබාගත හැකිය. තවද පසුගෙවුම් සබඳතාවයක් රු.8090/-ක මිලකටත් Dialog Television ViU Mini සම්බන්ධතාවයක් රු.8090/-ක මිලකටත් මෙහිදී ලබාගත හැකිවේ. මෙම විශේෂ වට්ටම 2022 නොවැම්බර් 30වන දින දක්වා ක්‍රියාත්මක වේ.

ඔබ සොයන්නේ නව Home Broadband සබඳතාවයක්, TV සබඳතාවයක් හෝ smartphone එකක් නම් දැන්ම https://dlg.lk/3X9nZ1F වෙත පිවිස නොවැම්බරයේ පිරිනමන මෙම ආකර්ෂණීය දීමනාවෙන් උපරිම ඵල නෙලාගන්න.

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • sri lanka

ඩයලොග් ටෙලිවිෂන් සමග කිසිදු අමතර ගාස්තුවකින් තොරව  මුළු T20 ලෝක කුසලාන තරගාවලියම නරඹන්න

October, 26, 2022

 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්‍රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට  කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබා දී තිබේ.

ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ලෝක කුසලාන තරගාවලිය ඔස්‌සේද පන්දුවෙන් පන්දුවට රිසි සේ විඳගැනීමට Dialog Television Star Sports 1 (නාලිකා අංක 73) ඔස්සේ සජීවීව, කිසිදු අමතර ගාස්තුවකින් තොරව විකාශය කෙරෙන අතර, එලෙසම සියලුම තරඟ HD (High Definiton) දසුන් වලින්ද නැරඹීමට ඔබට Star Sports Select 1 HD (Channel 130) චැනලය ඔස්සේ අවස්ථාව සළසා දී ඇත. මෙම නාලිකාව MyDialog App හෝ SMS මගින් ඉතාමත් පහසුවෙන් සක්‍රීය කරගත හැකි අතර, On <හිස්තැනක්> Dialog Television ගිණුම් අංකය <හිස්තැනක්> 130 ලෙස ටයිප් කර 0770 679 679 අංකයට SMS පණිවිඩයක් යොමුකිරීම මගින් හෝ Dialog ජංගම දුරකථනයකින් 679 අංකයට SMS පණිවිඩයක් යොමුකිරීම මගින් Star Sports Select 1 HD සක්‍රීය කරගත හැකි වේ.

 එමෙන්ම, ඔබ කොහේ සිටියත් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ තරගයේ එක් පන්දුවක් හෝ මගහැරීමට ඉඩ නොදී තරග උණුසුම රිසි සේ විඳගැනීමට ඔබට Dialog ViU app හරහා අවස්ථාව හිමි වේ. ඔබ කළ යුතු වන්නේ Dialog ViU app එක  ඩවුන්ලෝඩ් කර, ඔබේ Dialog TV  ගිණුම් අංකය ලියාපදිංචි කිරීම පමණි . කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව සම්පූර්ණ ලෝක කුසලාන තරගාවලියම නැරඹීමට මෙමගින් ඔබට අවස්ථාව හිමිවේ.

 එමෙන්ම තරගයේ අතපසු වුන සුවිශේෂී අවස්ථාවන් Catch up සහ rewind TV පහසුකම් තුලින් පැය 72 ක කාලයක් තුළ නැවත නැරඹීමේ හැකියාව Dialog ViU App සහ Dialog Television ViU Hub හරහා පහසුවෙන්ම  ලැබෙනු ඇත.

ඔබත් Dialog Television සමග ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම සිත් සේ විඳගැනීමට එකතු වෙන්න.

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • SLC
  • sri lanka

ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේ සිංහයන් හට සුබපැතුම් එක්කරන Wishing Portal එක දියත් කරයි

September, 9, 2022

2022 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ සිංහයන් හට ජයග්‍රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක්කළ හැකි ඩිජිටල් ‍වේදිකාවක් හඳුන්වාදීමට, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ.

වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජයගනිමින් මව්බිමට ආසියානු කුසලානය රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, මෙම  Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක.

https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුවෙන්ම එක්කිරීමට ඔබට හැකිවනු ඇත. මෙලෙස සුබ පැතුම් එක් කරන අය අතුරින් වාසනාවන්තයින් 1000 දෙනෙකුට වටිනා Cricket ට shirts ලබා දීමටද Dialog සූදානමින් සිටියි.

මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ වන අතර එදා එම අවසන් සටනේ ප්‍රතිවාදීන් වූ පකිස්තානයම මෙවර අවසන් සටනේත් අප ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. එදා 2014 ආසියානු කුසලාන ජයගත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු අප වත්මන් ජාතික කණ්ඩායමේ නොවීමද කැපී පෙනෙයි.

සුපිරි හතරදෙනාගේ වටය යටතේ නැගී එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඉකුත්වර ශූරයන් මෙන්ම මෙවර ශූරතාව දිනාගැනීමේ වැඩිම සම්භාවිතාවක් සහිත කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ද පරදවමින් කල් ඇතිවම අවසන් මහා තරග අවස්ථාව තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

“දශකයට ආසන්න කාලයක් පුරා අප ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් සහයෝගය සහ අප තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.” යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා පැවසීය.“මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන්ම අප ක්‍රීඩකයන්ටද අත්‍යවශ්‍ය වන චිත්ත  ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවැන් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළබඳව ඩයලොග් වෙත මාගේ කෘතඥතාව පළකරනාවා'යි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.

ආසියානු කුසලාන අවසන් තරගය Dialog Television නාලිකා අංක 73 (SD), 130 (HD) ඔස්සේ සහ Dialog Viu mobile app සජීවීව විකාශය වේ.

ඡායාරූපය : ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කුසලානය ගෙන ඒම සඳහා වන Wishing Portal එක වෙත පිවිස පළමු පැතුම එක්කළ අයුරු
ඡායාරූපයේ වමේ සිට - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ජෙරම් ජයරත්න , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සහකාර  ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ඩයලොග් ආසිආටා හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක.

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • sri lanaka
  • Zero Worries on Data

ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමඟ සුවිශේෂී ඔන්ලයින් ඉගෙනුම් අත්දැකීමක් වෙනුවෙන් අධ්‍යාපන ආයතන වෙති ‘Zero Worries on Data’ විසඳුම හඳුන්වා දෙයි

August, 22, 2022

ඩයලොග් ආසියාටාහි ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සේවාවක් වන ‘Zero Worries on Data’ (ZWOD) දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. අධ්‍යාපන ආයතනයන් වෙත ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම සේවාව හඳුන්වාදීමට ඩයලොග් එන්ටර්ප්‍රයිස් කටයුතු කර ඇත. විශේෂයෙන් නිවසේ සිට ඉගෙනීමේ ක්‍රමවේදය ජනප්‍රිය වීමත් සමඟ බොහෝ අධ්‍යාපන ආයතන අන්තර්ජාලය හරහා සිය සේවාවන් ලබා දීමට කටයුතු කරන ලදී. දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය ප්‍රජාවකගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන මෙරට ප්‍රමුඛ පෙළේ විශාල හා මධ්‍ය පරිමාණ අධ්‍යාපන ආයතන සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි මෙම නවතම සේවාව කදිම විසඳුමක් වනු නිසැකය.

ප්‍රතිලාභයන් රැසක් උරුම කරදෙන මෙම නවතම ඉගෙනුම් විසඳුමෙහි සුවිශේෂී ප්‍රතිලාභයක් වන්නේ සැලකිය යුතු ලෙස වියදම් ඉතිරි කිරීමයි. ඒ හේතුවෙන් Data සීමා රහිතව තමන්ගේ ඔන්ලයින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට ගුරුවරුන්ට හැකියාව උදා වේ. එසේම අධ්‍යාපන ආයතනයන්වලට එහි ඉගෙනුම් කළමනාකරණ පද්ධති, වෙබ් අඩවි හා අනෙකුත් ඉගෙනුම් තොරතුරු හරහා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද පහසු හා සමාන ප්‍රවේශයක් ලබා දීමට ඉඩ සැලසීමද මෙහි විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසියාටා පීඑල්සී, ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි සමූහ ප්‍රධාන නිලධාරී නවින් පීරිස් මහතා සඳහන් කර සිටියේ “ මේ වන විට දැඩි බලපෑමකට ලක්ව ඇති මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය Covid -19 වසංගතයෙන් පසු සිදුවීම් හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. වැඩි දියුණු කළ සේවාවක් හරහා බාධාවකින් තොරව ඩිජිටල් ගුරු -සිසු සබඳතාවක් ලබා දීමට හැකි මෙම නවතම අද්විතීය ඉගෙනුම් විසඳුම අධ්‍යාපන ආයතනයන් වෙත ලබා දීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි” යනුවෙනි.

පරිපාලනමය හෝ යටිතල පහසුකම් කිසිවක් නොමැති ආයතන සඳහා වන සුවිශේෂී ඉගෙනුම් විසඳුමක් වන මෙම විසඳුමෙහි අවසාන ප්‍රතිලාභීන් වන ගුරුවරුන්/සිසුන් සඳහා වෙනම පැකේජයන් අවශ්‍ය නොවීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඩයලොග් ජාලය සමඟ සම්බන්ධ වීම තුළින් පමණක් සියලු සිසුන් හා ගුරුවරුන් හට Data පිළිබඳ කිසිඳු ගැටළුවක් හෝ අමතර ගෙවීමකින් තොරව ඔන්ලයින් ඉගෙනුම් අවස්ථාවන් වෙත ප්‍රවේශවීමට නිතැතින්ම හැකියාව උදාවේ. සේවාව සඳහා වන  සියලු ගෙවීම් අදාළ ආයතනයන් වෙත පැවරීමට මෙහිදී කටයුතු කර තිබීම තුළින් ගුරුවරුන්ට හා සිසුන්ට පහසුවෙන් ‘Zero Worries on Data’ සේවාවන් භුක්ති විඳීමේ අවස්ථාව හිමිවීම ඔවුන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.

මෙම සේවාවට අදාළ සියලු වෙනස් කිරීම් හා පරිපාලන කටයුතු ඩයලොග් එන්ටර්ප්‍රයිස් විසින් සිදුකරන හෙයින්  එම විසඳුම කළමනාකරණය කිරීම හා නඩත්තු කිරීම සඳහා වන තාක්ෂණික දැනුම පිළිබඳව සේවාව ලබා ගන්නා අධ්‍යාපන ආයතනයන් කරදර විය යුතු නැත. එමෙන්ම සමස්ත Data භාවිතය සඳහා සහනදායී විශේෂ පැකේජයන්හි ප්‍රතිලාභ ලබා ගැනීමටද ආයතනයන්ට හැකියාව උදා වේ.

වැඩි විස්තර සඳහා business@dialog.lk හරහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමඟ සම්බන්ධ වන්න.

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • govi mithuru
  • sri lanaka

සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ ගොවි මිතුරු

July, 16, 2022

දේශීය සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමඟ මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ ජීවිත සරු කිරීම අරමුණු කර ගනිමින් 'ගොවි මිතුරු' නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇත.

කෘෂිකර්මාන්තයේ නිරත සියලුම දෙනා සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි ඔවුන් වගා බිම් සැකසුම, වගාකරනු ලබන බෝගය සහ බෝගයේ වර්ධන අවධියට අනුව නිවැරදි සවිස්තරාත්මක තොරතුරු ලබාදීම සිදුවේ. ඉතා පුළුල් වූ පරාසයක සේවාවක් සමගින් ක්‍රියාත්මක මෙම සුවිශේෂී ගොවි මිතුරු යෙදවුම Google Play Store ඔස්සේ ජංගම දුරකථනය වෙත බාගත කර ගැනීමෙන් මෙම සේවාව සමඟ සම්බන්ධ විය හැකි අතර, 616 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් ඇමතුම් සේවාව සමඟ ද සම්බන්ධ වීමේ හැකියාව ලබා දී ඇත.

ඩයලොග් සම්බන්ධතාවය ඔස්සේ මෙම ජංගම යෙදවුම් සේවාව සමඟ සම්බන්ධවන්නන් සඳහා කිසිදු ආකාරයක ඩේටා වැයවීමක් සිදු නොවන අතර, ඕනෑම සේවා ජාලයක් සඳහා දෛනික ගාස්තු වශයෙන් රු.2 ක් සහ බදු මුදලක් මෙන්ම 616 අමතා ලබාගන්නා ඇමතුම් සේවාව සඳහා එක් බෝගයක් සඳහා දිනකට රුපියලයක් සහ බදු අයකෙරේ.

දේශීය වගාකරුවන් වෙත මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම ගොවි මිතුරු සේවාව, වර්තමානය වන විට තේ වගා කරනු ලබන ගොවීන්ගේ ඵලදායිතාව වර්ධනය වෙනුවෙන් ද දියත්කර ඇත. මේ යටතේ තේ කර්මාන්තය සම්බන්ධ විශේෂ තොරතුරු සහ තේ වගාව සම්බන්ධ උපදෙස් ක්ෂණිකව ගොවීන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ සහ ඇමතුම් ඔස්සේ ලබා දීම ද සිදුකෙරේ.

කීර්තිමත් ජාත්‍යන්තර තේ නිෂ්පාදකයකු වන අකුරැස්ස නන්දන තේ කර්මාන්තශාලාව, ඩයලොග් ගොවි මිතුරු සේවාව සමග එක්ව මෙම සුවිශේෂී තාක්ෂණය භාවිත කරමින් ගොවි ජනතාවගේ දිවිය වගේම සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය වර්ධනය කරගනිමින් මෙහි ප්‍රතිලාභ ඉහල අයුරින් අත්කරගත් ආයතනයකට නිදසුනකි.

2015 වසරේ  දී කෘෂිකර්ම දේපාර්තමේන්තුව සමඟ එක්ව කෘෂි උපදේශන සේවාවක් ලෙස ආරම්භ කරනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව, ඩයලොග් ආසිආටා සමාගමේ මැදිහත් කාර්යයෙන් සිදුකරනු ලැබූ සාර්ථක මෙන්ම තිරසාර සමාරම්භක ව්‍යාපෘතීන්ගෙන් එකකි. වර්තමානය වන විට තේ වගාව ඇතුලු වගාවන් 32කට අධික ප්‍රමාණයක් ආවරණය කරමින් ඒ හා සම්බන්ධ ගොවීන් 10,000,000කට අධික ප්‍රමාණයකට සාර්ථකව සිය වගාවන් කරගෙන යාම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දීම මෙමඟින් සිදුවේ.