• Ada Derana BIZ Sinhala
  • DIMO
  • ISO 45001:2018
  • sri lanaka

DIMO, ISO 45001:2018 සහතිකකරණයෙන් පිදුම් ලබයි

August, 25, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO ISO 45001:2018 සහතිකකරණයෙන් පසුගිය දා පිදුම් ලැබිය.මෙම සහතිකකරණය හරහා DIMO  උසස් ප්‍රමිතීන් සහිත  ආරක්ෂාකාරී වෘත්තීය පරිසරයක් සහ සේවක සෞඛ්‍ය   ආරක්ෂාව  සදහා කැපවන  සමාගමක් ලෙස  තවදුරටත් සහතික කරයි.

මෙම වැදගත් අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. "අපගේ ව්‍යාපාරයේ වටිනාම සම්පත වන අපගේ සේවක මණ්ඩලයේ ශාරීරික සහ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම අපගේ ප්‍රමුඛ අරමුණක්. මෙම අරමුණ වෙත ගමන් කරන මාර්ගයේදී, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් (OHSMS) ක්‍රියාත්මක කිරීමට අප ගන්නා ලද උපායමාර්ගික තීරණය අපගේ සේවක මණ්ඩලයේ යහපැවැත්ම අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහතික කරනු ලබනවා. තවද මෙම පද්ධතිය, වෘත්තීමය ක්‍රියාකාරකම් තුලදී සේවක ආරක්ෂාව තව දුරටත් තහවුරු කිරීමට උපකාරී වන බව කිව යුතුයි. DIMO අප සෑම විටම කැපවී සිටින්නේ අප කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වමින්, ඔවුන්ට ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව රැකියාවේ නිරත වීමට අවශ්‍ය වටපිටාව සැමවිටම සකස් කරදීමටයි. මෙම සහතිකකරණය ලබාගැනීම, අපගේ සේවක මණ්ඩලය වෙනුවෙන් අපගේ කැපවීම සුරක්ෂිත කරනු ලබනවා."

ISO 45001:2018 සහතිකකරණය, සාමගමට මුහුණ දීමට සිදු විය හැකි උපද්‍රව සහ අවදානම් හඳුනා ගැනීමට සහ එම උපද්‍රවයන් ඇතිවීමේ සම්භාවිතාව අවම කරමින්  සමාගමක ඇති හැකියාවන් වර්ධනය කරයි. මෙම සහතිකකරණය ලබා ගැනීම තුළින් ක්ෂත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස DIMO හි විශිෂ්ටත්වය තව දුරටත් ඉහළට ඔසවා තබන අතර, DIMO පිළිබඳ පාරිභෝගික විශ්වාසය ද වර්ධනය කරයි.

DIMO හි තත්ත්ව කළමනාකරණ පද්ධතිය 2001 වර්ෂයේ සිට ISO සහතිකකරණය ලබා ඇති අතර, වර්තමානය වන විට ISO 9001:2015 සහතිකකරණයෙන් පිදුම් ලබා ඇත. තවද, 2005 වර්ෂයේ දී ISO සහතිකය ලබා ගත් පාරිසරික කළමනාකරණ පද්ධතිය වර්තමානයේ ISO 14001:2015 සහතිකය ලබා ඇත. OHSMS 2021 වර්ෂයේදී දී ක්‍රියාත්මක කරන ලද අතර, සිය සේවක මණ්ඩලය සඳහා විශිෂ්ට සේවා පරිසරයක් නිර්මාණය කිරීමට DIMO හි කැපවීම මේ තුළින් තවදුරටත් සහතික කෙරේ.

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • Kalmar
  • Kalmar Double Container Handler DCG100-45 ED65
  • Logistics International Limited
  • South Asia Gateway Terminals
  • sri lanaka

ශ්‍රී ලංකාවේ වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් සංවර්ධනය උදෙසා DIMO සමගින් Kalmar එක්වේ

August, 8, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ස්වයංක්‍රීයකරණය සහ බලශක්ති කාර්යක්ෂම බහාලුම් හැසිරවීමේ විසඳුම් නිර්මාණයේ ලොව පුරෝගාමී සමාගමක් වන Kalmar සමග ඇති කරගත් හවුල්කාරීත්වය හරහා, දේශීය බහාලුම් පර්යන්ත මෙහෙයුම් නව තලයකට ගෙන ඒමට ක්‍රියා කරයි.

2018 වර්ෂයේ සිට, Kalmar නිෂ්පාදන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් DIMO ශ්‍රී ලංකාව තුල ක්‍රියා කරයි. විශේෂයෙන්ම, DIMO හි විශිෂ්ට සේවාවන් සමඟින් පාරිභෝගිකයා අතට පත්වන පුළුල් පරාසයක විහිදුනු Kalmar නිෂ්පාදන හරහා, දේශීය බහාලුම් මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සංවර්ධනයට DIMO විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. Kalmar විසින්, වරාය, පර්යන්ත සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන සඳහා විසඳුම් රාශියක් ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ ගෝලීය ශක්තිය මැනවින් පෙන්නුම් කිරීම සඳහා, පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන, ශක්තිමත් සහ කාර්යක්ෂම ගෝලීය ජාලය සහ විවිධ පර්යන්ත ක්‍රියාවලීන් ඒකාබද්ධ කිරීමේ හැකියාව හොඳම නිදසුන් වේ.

මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින්, DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ Material Handling ව්‍යාපාර අංශය භාරව කටයුතු කරන චමින්ද රණවන මහතා මෙලෙස පවසා සිටියි. " DIMO විසින් Kalmar සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය හරහා, වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් තුළ ඉහළ කාර්යක්ෂමතාවයක් සහ කාර්යසාධනයක් ඇති කරගත හැකි වෙනවා. විශේෂයන්ම, වෙළඳ කටයුතු වර්ධනය වන විට සහ දැඩි නීති සම්පාදනය වන විට, වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ක්‍රියාකරුවන් විසින් මෙහෙයුම් පුළුල් කිරීමට පමණක් නොව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීමට ද මාර්ග සොයනවා . වර්තමානයේ පවතින වෙළඳ පොළ අවශ්‍යතා සපුරාලීමට සහ නීති රෙගුලාසි වලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කිරීමට, පර්යන්ත ක්‍රියාකරුවන් විසින් වඩාත් ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, Kalmar සමඟ DIMO ඇතිකර ගත් මෙම   හවුල්කාරීත්වය මෙහෙයුම්කරුවන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත."

මෙම හවුල්කාරීත්වය හා සමගාමීව, DIMO විසින් නවතම Kalmar යන්ත්‍ර ද්විත්වයක්,  Logistics International Limited (LIL) සහ South Asia Gateway Terminals (PVT) Ltd (SAGT) සමාගම් වෙත භාර දෙන ලදී. මෙහිදී, Kalmar Double Container Handler DCG100-45 ED65 නවතම යන්ත්‍රය LIL වෙත ලබාදුන් අතර, මෙම යන්ත්‍රය, ඉහළ ක්‍රියාකාරී එන්ජිමක් සහ හිස් බහාලුම් දෙකක බර එකවර ඉසිලීමේ හැකියාව දරයි. මෙම යන්ත්‍රය, බහාලුම් ගබඩාව තුළ වැය කරන කාලය ඉතිරි කර, මෙහෙයුම් ඵලදායිතාව වැඩි කරන අතර, එමඟින් මෙහෙයුම් පිරිවැය විශාල වශයෙන් ඉතුරු කරයි. එය තනි හෝ ද්විත්ව හිස් බහාලුම් සඳහා ටොන් 10 ක එසවුම් ධාරිතාවක් සමඟින් සමන්විත වේ.තවද මෙහි ද්විත්ව ප්‍රවේශ පඩිපෙළ (dual access stairways),  ක්‍රියාකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන anti-slip platforms, handrails සහ LED working lights ඇතුලත් වේ. මෙහි තවත් සුවිශේෂී විශේෂාංග අතරට, වසරක කාලයක් පුරාවට පිරිනමන බලපත්‍රයක් සහිත, 'Kalmar Insight’  පද්ධතිය සහ  Hydraulic Pile Slope සමගින් එන lockable fuel cap හැඳින්විය හැකිය.

SAGT සඳහා DIMO විසින්, ISO 20'/40’ laden high cube බහාලුම් හැසිරවිය හැකි, Kalmar Essential Reachstacker DRU45 සපයා ඇති අතර, මෙය පරිසර හිතකාමී එන්ජිමක් සමගින් පැමිණෙන අතර, මෙහෙයුම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, ගිනි නිවන පද්ධති (fire suppression system) වැනි අද්විතීය විශේෂාංග ඇතුළත්ව පැමිණේ. Kalmar Essential Reachstacker DRU45 හැසිරවීමට පහසු වන අතර, එහි මෙහෙයුම් චක්‍රය පුරාවට ඉහළ කාර්ය සාධනයක් සහතික කරමින්, අවම පිරිවැයක් සහතික කරයි.

ඉහළ මෙහෙයුම් කාර්යසාධනයක් අපේක්ෂා කරන සමාගම් සඳහා Kalmar විසින් තත්වයෙන් උසස් කාර්යක්ෂම නිෂ්පාදන රැසක් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. DIMO හි ඉංජිනේරුමය විශිෂ්ටත්වය සමඟ ඒකාබද්ධ වෙමින්, දේශීය වරාය සහ අභ්‍යන්තර පර්යන්තය බහාලුම් මෙහෙයුම් සංවර්ධන ක්‍රියාවලියට සහාය වීම සඳහා   Kalmar විසින් විශාල දායකත්වයක් සපමින් සිටියි. සියලුම Kalmar උපකරණ DIMO හි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ අසමසම අලෙවියෙන් පසු සේවාවන් සමඟින් පාරිභෝගිකයා අතට පත්වේ.

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanaka

DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

July, 27, 2022

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන 'DIMO Academy for Technical Skills (DATS)' හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත.

මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ පිහිටා ඇති ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙනුවෙන් DATS ආයතනය විසින් පසුගිය දා සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කෙරිණි.  එහි දී මෝටර් රථ ආශ්‍රිත පාඨමාලා සඳහා Hybrid හා CVT ඇතුළු ගියර් පද්ධතිය ආශ්‍රිත පුළුල් පරාසයක් ආවරණය කරන නව පුහුණු උපකරණ හඳුන්වා දීම සිදු කෙරිණි. DATS විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරී මෝටර් රථවල විවිධ වාතාවරණයන් පාලනය කිරීමේ හා ඉන්ධන ඇතුළත් කිරීමේ සිමියුලේටර් සහ Wheel Alignment සඳහා විශේෂ සිමියුලේටර් ද සපයන ලද අතර, තාක්ෂණික දත්ත, පරිශීලක අත්පොත් හා මෙහෙයුම් පුහුණුව ලබා දීම ද DATS ආයතනය මගින් ම සිදු කිරීම විශේෂිතය.

එමෙන් ම DATS මගින් මෝටර් රථ තාක්ෂණ පුහුණු පාඨමාලාවලට අමතරව, ගොඩනැගිලි කළමනාකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණු උපකරණ සැපයීම ද සිදු කරයි.

මෙරට භාවිතා කරන බොහෝ පුහුණු ආකෘති හා සිමියුලේටර් යුරෝපීය නිෂ්පාදන වන අතර, එම නිෂ්පාදන මිල අධික වීම නිසා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ඒවා යොදා ගැනුණේ ඉතා අවම වශයෙනි. එමෙන් ම ඒ සඳහා මිල අඩු විකල්ප නිෂ්පාදන වෙළෙඳපොළ තුළ තිබුණ ද, ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් පිළිබඳ ගැටලු මතු වේ. මෙම ක්ෂේත්‍රය තුළ DATS ආයතනය සතු විශේෂඥතාව හා නවීන තාක්ෂණය නිසා ම ඉහත ගැටලු නිරාකරණය කරමින් දේශීය පුහුණු ආයතනවල අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු විසඳුම් ලබා දීමට DIMO සමත් වී ඇත.

පසුගිය වසර 30 තුළ DATS, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවතම වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීමට සමත් වී ඇත. එමෙන් ම DATS නිරන්තරයෙන් ජර්මානු තාක්ෂණයට අනුකූල, ප්‍රමිතියෙන් උසස් වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දීම වෙනුවෙන් කැප වී සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. "රටේ ආර්ථික සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක්. එය DIMO හි තිරසාර න්‍යාය පත්‍රයේ කොටසක් වගේ ම මේ රටේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේ වැදගත් කොටසක්. මෙම ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා."

මෙරට තාරුණ්‍යයේ උන්නතිය උදෙසා දිගුකාලීන දැක්මක් සමඟින් ක්‍රියාත්මක වන DATS, මෙරට වෘත්තීය අධ්‍යාපනය පුහුණු ආයතන, විශ්ව විද්‍යාල හා පාසල් පද්ධතිය වෙත උසස් තත්ත්වයෙන් යුත්, පුහුණු අවම මිලට සපයන්නෙකු ලෙස සිය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරයි.

DATS ආයතනය විසින් සිය වෘත්තීය අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වසර ගණනාවක් පුරා, පුළුල් ක්ෂේත්‍රයන් ආවරණය කරමින්, විවිධ පුහුණු වැඩසටහන් රැසක් දියත් කරයි.  පුහුණුකරුවන් හා උපදේශකයින් පුහුණු කිරීම සඳහා DATS ආයතනය විසින් ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය (SLGTI) වෙත දෙවන වරටත් සත්කාරකත්වය ලබා දෙනු ලැබූ අතර, මොරටුවේ පිහිටා ඇති ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය (CGTTI) වෙනුවෙන් ද ප්‍රථම වරට වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන් මගින් නව ඉගැන්වීමේ ශිල්ප ක්‍රම හා නවතම මෝටර් රථ තාක්‍ෂණික ක්‍රමවේදයන් පිළිබඳව උපදේශකයින් වෙත යාවත්කාලීන දැනුම ලබා දෙනු ලැබිණි.  එමෙන් ම මෙම වැඩසටහන් මගින් වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව, ඩීසල් එන්ජින් කළමනාකරණය, පෙට්‍රල් එන්ජින් කළමනාකරණය, ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය, අත්හිටුවීමේ පද්ධති සහ වායු සමීකරණ පද්ධති ආදී වශයෙන් පුළුල් තාක්ෂණික ක්ෂේත්‍රයන් ද ආවරණය කෙරිණි. DIMO හි සෞඛ්‍ය හා ආරක්‍ෂක නිලධාරියාගේ සහභාගිත්වය හා සහයෝගය සමගින් කොළඹ හා යාපනයේ පිහිටි DATS ආයතනවල සේවා සපයන පුහුණු උපදේශකවරුන් විසින් මෙම පුහුණු සැසි පවත්වන ලදී. එමෙන් ම දේශීය සිසුන්ගේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම මෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කිරීම අරමුණු කරමින් සිය විෂය නිර්දේශයන් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට ද DATS කටයුතු කරයි.

වර්තමානය වන විට දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මෙන්ම විදේශ ප්‍රේෂණ ලබා ගැනීම සඳහා නිපුණ ශ්‍රම බලකායක් ගොඩනැංවීමේ අවශ්‍යතාව ද දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර DATS මේ සඳහා අත්වැලක් වීමට කැප වී සිටියි.

දැනට කොළඹ සහ යාපනය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත DATS, මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ගෝලීය ප්‍රමිතියෙන් යුත් වෘත්තීය පුහුණුවක් ලබා දීමේ අරමුණින් Daimler AG Germany සමාගම සමග සහයෝගිත්වයන් 1990 වසරේ දී ස්ථාපිත කරන ලදී.  2018 වසරේ දී DATS ආයතනය, ශ්‍රී ලංකාව තුළ ජර්මානු වෘත්තීය සුදුසුකම් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම සමඟ එක් විය. ඊට අමතරව DATS ආයතනය විසින් වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ ද පාඨමාලා දියත් කරමින් සිය සේවා පරාසය පුළුල් කිරීමට කටයුතු කරයි. DATS ආයතනය විසින් පරිනමන PESHA පුහුණු වැඩසටහන ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්‍රී ලංකා) මගින් A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස අනුමත කර ඇත.

 

ඡායාරූප: DIMO, GIZ, SLGTI සහ CGTTI යන ආයතනවල නියෝජිතයින් පුහුණු උපකරණ පිරිණැමීමේ උත්සවයේ දී

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanaka
  • WorldEnvironmentDay2022

DIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි

June, 22, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, ගොඩබිම ජීවත් වන ජීවීන්ගේ මෙන්ම ජලජ ජීවීන්ගේ ද පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට (SDGs)  සමගාමීව සාගර  පරිසර ආරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියත්මක කරයි. තිරසාර අනාගතයක් ගොඩනැංවීම උදෙසා සාගර පරිසරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් DIMO, ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘති මාලාව සමඟ තවත් සංවිධාන රැසක් අත් වැල් බැඳ ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. "පරිසරය හා ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DIMO නිරතුරුවම ප්‍රමුඛත්වය ලබා දෙනවා.මෙම ව්‍යාපෘති හරහා ඒ අවට ජනතාවගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට සහයෝගය ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්ව   නඟාසිටුවීම මෙන්ම අපගේ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය සුරැකීමටත් අප කැප වී සිටිනවා. "

2012 වසරේ දී කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් ‘පානම ව්‍යාපෘතිය’ දියත් කරමින්  DIMO සමාගම ප්‍රථම වරට සාගර සංරක්ෂණ වැඩසටහන් සඳහා අවතීර්ණ විය. ගෝලීය මට්ටමින් සාගර පරිසර පද්ධතීන් තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මුහුදු කැස්බෑවන් නීති විරෝධී ලෙස වෙළෙඳාම හා දේශගුණික විපර්යාස වැනි  තර්ජන නිසා විනාශ වීම අද වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ. මෙසේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑ විශේෂයන් හා ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඔවුන් වඳ වී යාම වැළැක්විය නොහැකිය.

ඔලිව් රිඩ්ලි (90%), කොළ කැස්බෑවන් (5%) හා ලොගර්හෙඩ් කැස්බෑවන් (5%) ගේ සුප්‍රසිද්ධ වාසභූමියක් වන පානම  සිට ඔකඳ දක්වා වූ ප්‍රදේශය ආශ්‍රිතව ඉහත සඳහන් ගැටලුකාරී තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර, එය වැලැක්වීම සඳහා  DIMO සමාගම,  වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනය (WORC) සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් කැස්බෑ පැටවුන් 150,000කට වැඩි ප්‍රමාණයක් ජලය වෙත මුදා හැරීමට මේ වන විට කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ දී මුලින් ම අනතුරුදායක සතුන්ගෙන් කැස්බෑ බිත්තර ආරක්ෂා කර ගැනීම සඳහා DIMO මූලිකත්වයෙන් සුවිශේෂී කැස්බෑ කොටු නිර්මාණය කෙරුණු අතර, එහි ආරක්ෂාව වැඩිකිරීම සඳහා කැස්බෑ පැටවුන්ට පිටතට පැමිණිය නොහැකි ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය කෙරිණි. එමෙන් ම කැස්බෑ බිත්තර රැක බලා ගැනීම සඳහා DIMO සමාගම, පත් කර ඇති අදාළ ප්‍රදේශයේ ම ජීවත් වන සාමාජිකයින්ට ස්ථාවර වැටුපක් ලබා දීම ද විශේෂිතය. ඊට අමතරව තවත් පියවරක් ඉදිරියට තබමින් කැස්බෑ කොටු ආරක්ෂා කර ගැනීම හා ඒ සඳහා ජනතාවට දායක විය හැකි ආකාරය පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද DIMO සමාගම  කටයුතු කරයි. විශේෂයෙන් කැස්බෑ බිත්තර එකතු කිරීමෙන් වැළකී  කැස්බෑ කොටු ආරක්ෂා කරගැනීම කෙරෙහි එම ප්‍රදේශයේ දරුවන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කිරීමට හැකි වීම මෙම වැඩසටහන්හි විශේෂත්වයකි.

DIMO විසින් දියත් කරන ලද තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස 2017 වසරේ දී ආරම්භ කළ 'Life to Reef' ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. එම ව්‍යාපෘතිය මගින් ගාල්ලට නුදුරු රූමස්සල බොනවිස්ටා කොරල්පරය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කෙරිණි. එහි දී මේ වන විට කිමිදුම්කරුවන් යොදාගනිමින් මුහුදු පතුලේ තැන්පත් කර ඇති සිමෙන්ති ව්‍යුහයන්, ලෝහ රාමු සහ තවාන් රාක්ක මත කොරල් සිටුවීම ඇතුළු කොරල්පර ප්‍රතිසංස්කරණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.  මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා වසර 5ක කාලය තුළ අඛණ්ඩව කොරල්පර සංරක්ෂණ ක්‍රියාකාරකම්වල නිරත වෙමින්, තවාන් පැනල සහ මුහුදු පතුලේ වානේ රාක්ක මගින් කොරල් පර 10ක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කර ඇති  අතර, කොරල් පර කැබලි 3,500ක්  සිටුවා ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මඟින් වර්තමානය වන විට අක්කර 4කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදුණු කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වී ඇත.  ඉහළ ම ජෛව විවිධත්වයකින් යුත් කොරල්පරවලින් එකක් ලෙස හඳුනාගෙන ඇති බොනවිස්ටා කොරල්පරයෙහි සජීවී ආවරණයෙන් 95% ක් 2016 වසරේ දී ඇති වූ එල්-නිනෝ හේතුවෙන් විනාශ විය. ඒ පිළිබඳව අවධානය යොමු කළ DIMO, වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනයේ තාක්ෂණික සහාය ඇතිව, හැකිතාක් ස්වාභාවිකව එම කොරල්  පර ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් 'Life to Reef' ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතියත් සමඟ රූමස්සල ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් ලෙස යළිත් සංවර්ධනය වී ඇති අතර, එමඟින් ඒ අවට ජනතාවට ආදායම් මාර්ග රැසක් උත්පාදනය වී ඇත.

DIMO සමාගමේ තිරසාර සාගර පරිසර ආරක්ෂණ වැඩසටහන් මාලාව මගින් අවධානය යොමු කළ තවත් වැදගත් අංගයක් වන්නේ මෙරට සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමයි. එමගින් මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. එමෙන් ම එම ව්‍යාපෘතිය යටතේ,  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL) යන ආයතනවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන දික්ඕවිට ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය සහයෝගය ලබා දීමට ද DIMO සමාගම කටයුතු කළේය. DIMO සමාගම දික්ඕවිට වෙරළේ මීටර් 800 ක් සහ දික්ඕවිට සිට නව පාලම දක්වා මීටර් 800 ක් වශයෙන් මෙරට සුන්දර වෙරළ තීරයන් 2ක් සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර, මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සහයෝගීතාවෙන් මෙන් ම ජනතාවගේ ද සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු, එහි අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන්, තෝරාගත් පවුල් කිහිපයකට එම එක් එක් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කාර්යය පවරා දී, ඒ වෙනුවෙන් ඔවුන්ට දීමනාවක් ලබා දීම ද විශේෂිතය.

සිය ප්‍රායෝගික අත්දැකීම් තුළින්, කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් වෙරළ අවට එකතුවන අපද්‍රව්‍යවලින් ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් කැප වන  DIMO, මෙහිදී එකතු වන කසල ප්‍රතිශක්තිකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් අවට ප්‍රජාවට අවස්ථාවන් නිර්මාණය කර දී ඇති අතර, එකතු වූ කැලි කසල වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  හා ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL)  විසින්  මගපෙන්වනු ලබයි.

DIMO, සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික හවුල්කරුවන් සමඟ එක්ව, අනාගත පරම්පරාවට තිරසාර පරිසරයක් නිර්මාණය කර දීම වෙනුවෙන් විවිධ පාරිසරික සහ ජෛව විවිධත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටියි.