November, 2, 2022
මෙරට ප්රමුඛතම රෙදි සෝදන කුඩු සන්නාමය වන දීවා ශ්රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ හදවත්වලට සමීපතම සන්නාමයක් බවට පත් වෙමින්, දැරිය හැකි මිල ගණන් යටතේ, උසස් ප්රමිතියෙන් යුතු රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. එමෙන් ම ආර්ථික අභියෝගයන්ගෙන් පිරි වර්තමානයේ පාරිභෝගිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුත් දීවා, ඔවුන් වෙත සහය දැක්වීම අරමුණු කරමින් 'දිරිය' රෙදි සෝදන කුඩු හඳුන්වා දී ඇති අතර, එය සන්නාමයේ අරමුණු මූලික කර ගත් මුල පිරීමක් වන 'දීවා දෑතට දිරියක්' යටතේ ක්රියාත්මක කෙරිණි.
නව දීවා දිරිය රෙදි සෝදන කුඩු ග්රෑම් 500 ක පැකට්ටුවක් හා ග්රෑම් 40 පැකට්ටුවක් පාරිභෝගික අවශ්යතාවලට සරිලන අයුරින්, සහන මිලට වෙළඳපොළ වෙත නිකුත් කෙරෙයි. එමෙන් ම දීවා දිරිය රෙදි සෝදන කුඩු මගින් රෙදිවල කුණු හොඳින් ඉවත් කරන අතර, ඇඳුම්වලට නැවුම් සුවඳක් ගෙන දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් හේමාස් මැනුෆැක්චරින් සමාගමේ අලෙවි සාමාන්යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා “අපි පසුකරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක්. එදිනෙදා කටයුතු සඳහා අත්යවශ්ය නිෂ්පාදන තෝරා ගැනීමේ දී පාරිභෝගික ජනතාව මිල ගැන වඩාත් සැලකිලිමත් වන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න පාරිභෝගික ජනතාවට සහයෝගය දැකවීම වෙනුවෙන් දැරිය හැකි මිලට, ගුණාත්මක බවින් ඉහළ 'දීවා දිරිය' රෙදි සෝදන කුඩු නිෂ්පාදනය හඳුන්වා දීමට අපි කටයුතු කළා." යනුවෙන් ප්රකාශ කළේය.
දීවා සිය පාරිභෝගික ජනතාවගේ එදිනෙදා රෙදි සේදීමේ ක්රියාවලිය පහසු කිරීම පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරයි. පාරිභෝගික කේන්ද්රීය නිෂ්පාදන තුළින් විශ්වාසය දිනා ඇති දීවා සියලු ම ආර්ථික මට්ටම්වල පාරිභෝගිකයින්ට මිල දී ගත හැකි ගෘහස්ථ සන්නාමයකි. විවිධ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන්හි දී පාරිභෝගික ජනතාව වෙත සහයෝගය දැක්වීම සඳහා හොඳ ම තත්ත්වයේ රෙදි සෝදන කුඩු සහන මිලට ලබා දීමට කටයුතු කරයි. රෙදි සෝදන කලාවේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් විශිෂ්ට සේවාවක් ලබා දෙන දීවා, පුළුල් පරාසයක රෙදි සෝදන කුඩු නිෂ්පාදන රැසක් හඳුන්වා දෙයි. දීවා දේශීය පාරිභෝගික ජනතාවගේ හදවත් හොඳින් ම අවබෝධ කරගෙන ඇති දේශීය සන්නාමයක් වන අතර, එය දීවා පවර් රෙදි සෝදන කුඩු හා දියර, දීවා සබන් සහ දීවා ෆ්රෙෂ් රෙදි සෝදන කුඩු යන නිෂ්පාදනවලින් සමන්විත වේ.
September, 2, 2022
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි ප්රමුඛතම සන්නාමයක් වන දීවා, අද්විතීය රෙදි සේදුම් විසදුම් ශ්රී ලාංකේය පාරිභෝගිකයන් අතට ලබා දීමට වසර ගණනාවක් පුරාවට කැපවී සිටියි. ශ්රී ලාංකේය පාරිභෝගිකයාගේ හද ගැස්ම හදුනන දීවා, නවීන තාක්ෂණය යොදා ගෙන නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන අතර දීවා ෆ්රෙෂ් 3-in-1 හෙවත් දීවා ත්රිත්ව ක්රියාකාරී සංයෝගය යනු එක් පිරිනැමීමකින් පාරිභෝගිකයන්ට ප්රතිලාභ තුනක් ලබා දෙමින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන පෙළකි.
දීවා ෆ්රෙෂ් 3-in-1වල ඇති පර්ෆියුම් මැජික් මගින් දිගු කල් පවතින සුවඳක් ලබාදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සමගින් ඇඳුම් වඩාත් හොදින් පිරිසිදු කර එහි ඇති ඔප්ටිකල් බ්රයිට්නර්ස් ඇදුම්වලට දීප්තියක් ලබා දෙයි. සුවද වර්ග කිහිපයකින් සමන්විත දීවා ෆ්රෙෂ් 3-in-1, රෝස, පර්පල් ලෝටස් හා ලැවෙන්ඩර්, අරලිය, ජැස්මින් සහ සේපාලිකා යන ප්රභේදයන්ගෙන් වෙළදපොළට සපයා ඇත.
දීවා, අද වන විට පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ අවශ්යතා සඳහා පරිපූර්ණ විසඳුම් නිර්මාණය අඛණ්ඩව සිදු කරන අතර, 3-in-1, ත්රිත්ව ක්රියාකාරී සංයෝගය පිරි නැමීම තුළින් ඒ බව තහවුරු කරයි. දීවා, ශ්රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ආදරය දිනාගත් සන්නාමයක් පමණක් නොව ජනතාවගේ රෙදි සේදීමේ අවශ්යතා මැනවින් අවබෝධ කර ගැනීම පිළිබඳව ද සාක්ෂි දරයි. දීවා ෆ්රෙෂ් 3-in-1 දිවයින පුරා පිහිටි අලෙවිසැල්වලින් සහ හේමාස් E-store වෙතින් අන්තර්ජාලය හරහා මිල දී ගත හැකිය. (https://hemasestore.com/brand/diva/)
July, 11, 2022
සෑම නිවසකම රෙදි සෝදන අවශ්යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්රෙෂ් සිය නවතම ග්රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි ප්රභේධය ඇතුලුව තවත් ප්රභේධයන්, මෑතකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. විශිෂ්ට රෙදි සේදීමේ විසඳුම් සපයමින් වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්යතා මැනවින් හඳුනාගත් දීවා, රෙදි සෝදන කුඩු සඳහා වැඩිවන පාරිභෝගික ඉල්ලුමට සරිලන උසස් ගුණත්වයකින් යුතු නිෂ්පාදන ඉතාමත් සාධාරණ මුදලකට සිය පාරිභෝගිකයින් වෙත සමීප කරයි.
දීවා ෆ්රෙෂ් පවුලේ අනෙකුත් ප්රභේද අතුරින් සිය පාරිභෝගිකයින් තුළ ඉතා ජනප්රිය සුවඳ වර්ගයන් දෙක මෙම හඳුන්වාදීම සඳහා තෝරාගන්නා ලදී. සැබෑ ශ්රී ලාංකේය සන්නාමයක් ලෙස කාලීන අවශ්යතාවයන්ට ප්රතිචාර දක්වමින්, විවිධ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා දීවා ග්රෑම් 700යේ පැකට්ටුව මෙලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලදී.
Diva ග්රෑම් 700යේ පැකට්ටුව හඳුන්වාදීම මඟින් පාරිභෝගිකයින් සඳහා වූ විකල්පයන් ප්රමාණය වැඩිකිරීම දීවා හි අරමුණ විය. වත්මන් ආර්ථික අභියෝග හමුවේ පාරිභෝගිකයින්ට මිලදී ගැනීමේදී වඩා හොඳ තීරණ ගැනීමට මෙම හඳුන්වාදීම උපකාරි වනු ඇත.
දීවා ෆ්රෙෂ් හි, ත්රිත්ව ක්රියාකාරී සංයෝගය (3-in-1 action) තුළ අන්තර්ගත, දිගුකල් පවත්නා විශිෂ්ට සුවඳක් ලබදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්රයිට්නර්ස් ඇඳුම් සඳහා විශිෂ්ට පිරිසිදු කිරීමක් සහ දීප්තියක් ලබාදෙයි. දීවා ෆ්රෙෂ්, පවුලේ යහපැවැත්ම සහ කාර්යබහුල ජීවිතය සඳහා වූ විශිෂ්ටතම තෝරාගැනීම වේ.
දීවා ෆ්රෙෂ් රෝස සහ දෙහි ග්රෑම් 700යේ පැකට්ටුව සහ නිල් මානෙල්, ලැවෙන්ඩර් සහ දෙහි ග්රෑම් 700යේ පැකට්ටුව, දීපව්යාප්ත අලෙවිසැල් වලින් සහ හේමාස් E-store (https://hemasestore.com/brand/diva/) වෙතින් අන්තර්ජාලය හරහා දැන් මිලදී ගත හැක.
Video Story