September, 15, 2022
2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය සියයට 8.4ක පසුබැසීමක් ලෙස වාර්තා වී ඇති බවයි.
ඒ අනුව, 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,038,855 ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,782,114 ක් දක්වා අඩු වී ඇත. එසේ වුවද මෙම අගය 2020 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ලෙස වාර්තා වූ රු. මිලියන 2,612,069 ට සාපේක්ෂව ඉහළ අගයක පවතී.
2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඇස්තමේන්තු කෙරෙන්නේ ඊට පෙර වර්ෂයේ එනම් 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සාපේක්ෂවයි.


September, 13, 2022
ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ අමාත්ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම
වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ඉහළ ප්රමුඛතාවයකින් යුතුව ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගත යුතුව ඇත.
ඒ අනුව, ජාතික ආර්ථික කලමනාකරණ කාර්යයන් සඳහා අවශ්ය වන ක්රමෝපායික මග පෙන්වීම ලබා දීම පිණිස ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිලිබඳ අමාත්ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපිත කිරීම යෝග්ය බව හඳුනාගෙන තිබේ.
එකී කමිටුව, ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්යවරයා ඇතුළු අමාත්ය මන්ඩලයේ අමාත්යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විතව පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story