• colombo
  • Dubai
  • Emirates
  • එමිරේට්ස්
  • කොළඹ
  • ඩුබායි

ශ්‍රී ලංකාවේ සංචාරයට ඉහළ උනන්දුවක්. එමිරේට්ස් දෛනික සෘජු ගුවන් ගමන් වැඩිකරයි

November, 22, 2022

එමිරේට්ස් වෙතින් දෙසැම්බර් 1 සිට කොළඹට දෛනිකව සෘජු ගුවන් ගමන් දෙකක්

ශී‍්‍ර ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ.

මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයිනේ අගනුවර වන මාලේ හරහා ක‍්‍රියාත්මක කරන එක් ගුවන් ගමනක් අයත් වන බව සමාගම පවසයි.

දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලයේ හැර අනිකුත් දින වලදී මෙම අමතර දෛනික ගුවන් ගමන් ඩුබායි සහ කොළඹ අතර සෘජුව ක‍්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි. දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලය තුල මෙම සේවය මාලේ හරහා කොළඹට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා සහ දෙසැම්බර් 31 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK648 ගුවන් සේවය පැය 16:10 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 21:55 ට කොළඹට ළඟාවේ. මාලේ හරහා දෙසැම්බර් 16 වනදා සිට 30 වනදා ක‍්‍රියාත්මක වන දිනවල මෙම ගුවන් සේවය පැය 10:30 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 14:45 ට මාලේ වෙත ළඟාවන අතර යළිත් මාලේ සිට පැය 17:15 ට පිටත්වී පැය 19:15 ට කොළඹට ළඟාවනු ඇත.

දෙසැම්බර් 01 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK649 ගුවන් සේවය පැය 02:55 ට කොළඹින් පිටත්වී පැය 05:55 ට ඩුබායි වෙත පැමිණෙනු ඇත.

එමිරේට්ස් සමාගම 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළ අතර මේ වසරේ මුල් කාලයේදී කොළඹට ගුවන් ගමන් අරඹා 36 වන වසර සමාගම විසින් සමරන ලදී. ශ‍්‍රී ලංකාවේ සංචාරක සහ වෙළෙඳාම නැවතත් නගා සිටුවීම සඳහා එමිරේට්ස් හි කැපවීම යළිත් සහතික කිරීම වෙනුවෙන් ගුවන් සමාගම 2022 වසරේදී ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

  • Ada Derana BIZ Sinhala
  • Emirates
  • sri lanka

එමිරේට්ස් සහ යුනයිටඞ් එයාර්ලයින්ස් නව ගිවිසුමකට එළඹෙයි

September, 16, 2022

ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් තම ජාත්‍යන්තර ජාලයන් ව්‍යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට එමිරේට්ස් ගුවන් සමාගම සහ යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම එළඹ ඇත.

මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට තනි ප‍්‍රවේශ පත‍්‍රයකින් ඇමරිකාවේ තවත් ගමනාන්ත 200 කට ආසන්න ගණනකට යුනයිටඞ් එයාර්ලයින්ස් ගුවන් සේවා ලබාගත හැකි වනු ඇත.

එමිරේට්ස් ගුවන් සේවා ක‍්‍රියාත්මක කරන ඇමරිකාවේ තවත් ගමනාන්ත අටක් වන බොස්ටන්, ඩැලස්, ලොස් ඇන්ජලීස්, මයෑමි, නිව් යෝර්ක්,  ඕලැන්ඩෝ, සියැටල් සහ වොෂිංටන් DC නගරවලට ගමන් ගන්නා මගීන් සඳහා යුනයිටඞ් ගුවන් සමාගම සමඟ ඉන්ටර්ලයින් (Interline) ගිවිසුමක් ක‍්‍රියාත්මක වනු ඇති බව එමිරේට්ස් නිවේදනය කර ඇත.

2023 මාර්තු මාසය සිට යුනයිටඞ් එයාර්ලයින්ස් නිව්යෝර්ක් සහ නිවාර්ක් සිට ඩුබායි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වන අතර එම ගුවන් සේවා භාවිතා කරන මගීන්ට එමිරේට්ස් හෝ ෆ්ලයිඩුබායි ගුවන් සේවා යොදාගනිමින් ඩුබායි සිට ගමනාන්ත 100 කට අධික ගණනකට පියාසර කිරීමට හැකි වනු ඇත.

මෙම ඓතිහාසික ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ප‍්‍රධානී ශ‍්‍රීමත් ටිම් ක්ලාක් මහතා මෙසේ පැවසුවේය. ”ජාත්‍යන්තර ගුවන් සේවා වලට ඉල්ලූම වර්ධනය වන අවධියක ලෝකයේ විශාලතම මෙන්ම වඩාත් සුප‍්‍රසිද්ධ ගුවන් සමාගම් දෙකක් මෙලෙස අත්වැල් බැඳගැනීම පාරිභෝගිකයින්ට විශිෂ්ට වරප‍්‍රසාද රැසක් ගෙනදෙනවා. ඊට අමතරව, මෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තිබෙන සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙනවා. දීර්ඝකාලීනව යුනයිටඞ් එයාර්ලයින්ස් සමඟ ඇතිකර ගෙන තිබෙන සම්බන්ධතාවය තව දුරටත් වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා.”

යුනයිටඞ් එයාර්ලයින්ස් ප‍්‍රධාන විධායක නිළධාරී ස්කොට් කර්බි මහතා පැවසුවේ ලොව සුප‍්‍රකට ගුවන් සමාගම් දෙකක් එකමුතු වීම තුළින් මගීන්ට ගුවනේ ලබාදිය හැකි හොඳම අත්දැකීම් සම්පාදනය කිරීමට දැඩි කැපවීමක් තිබෙන බවයි. ගෝලීය සංචාරක කටයුතු තවත් පහසු කරන අතරම, සංස්කෘතික සම්බන්ධතා ගොඩනගමින් දේශීය ආර්ථීකයන්ගේ වර්ධනයට ද මෙම ගිවිසුම දායකත්වයක් ලබා දෙනු ඇතැයිද ඔහු ප‍්‍රකාශ කළේය.