• Ada Derana BIZ Sinhala
  • Fems
  • Fems Aya
  • period poverty
  • sri lanka

ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, ‘Fems ඇය’ සමඟ අත්වැල් බැඳ ගනියි

December, 6, 2022

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Fems ඇය’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා හේමාස් සමාගමේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාරක සන්නාමය වන Fems සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදුකෙරිණි.

මෙම සහයෝගීතාව නිල වශයෙන් සංකේතවත් කිරීම සනිටුහන් කරමින් රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට් සහ Fems අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. Fems මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් 2021 මාර්තු මාසයේ සිට ‘Fems ඇය’ ව්‍යාපෘතිය දියත් කරයි.

‘Fems ඇය’ යනු කාන්තාවන්ගේ ඔසප් චක්‍රය හා ඒ ආශ්‍රිත දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙරට තුළ දියත් වන පළමු ජාතික ව්‍යාපෘතිය වන අතර, එමගින් කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ සංකල්ප සාමාන්‍යකරණය කිරීමට, ඒ පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම දැනුවත් කිරීමට එමෙන්ම කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව ඊට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහය වන සුවිශේෂී ව්‍යාපෘතියකි. ARKA initiative, Dilmah සමාගමට අනුබද්ධිත Merrill J. Fernando පදනම, Sarvodaya Women’s Movement සහ Sarvodaya-Fusion, වැනි සම අදහස් සහිත සංවිධානවල සහයෝගයෙන් ශක්තිමත් වූ ‘Fems ඇය’, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සවිබල ගැන්වීමට හා දිරිගැන්වීමට කටයුතු කර තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Fems
  • sri lanaka

Fems, කාන්තා සමානාත්මතා දිනය සැමරීමට සමගාමීව ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා අඛණ්ඩ උත්සාහය නිරත වේ

August, 29, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems,‘‘තිරසාර හෙටක් සඳහා  ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව” යන තේමාව මූලික කර ගනිමින් සමරන ලබන 2022 ජාත්‍යන්තර කාන්තා සමානාත්මතා දිනයට සහය දැක්වීම සඳහා ප්‍රමුඛතාවය ගෙන ඇත.Fems සිය  ගුණාත්මක  නිෂ්පාදන පිරිනැමීම ඉක්මවා යමින් ශ්‍රී ලාංකේය  කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ සමාජ දුර්මත  අවසන් කිරීමටද  ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.තවද  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ජිවන තත්වය මැනවින් තේරුම් ගනිමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔසප් සනීපාරක්ෂක  අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන සන්නාමයක් ලෙසද Fems කටයුතු කරයි.

වසර 18 කට වැඩි ඉතිහාසයක් ඇති Fems, සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට ගැලපෙන සනීපාරක්ෂක නැප්කින් පරාසයන්  හඳුන්වා දී ඇති අතර , විවිධ ප්‍රජා ආධාරක මුලපිරීම් හරහා කාන්තාවන්ගේ අභිවෘද්ධියට දායක වෙමින් ඔවුන්ට සහයෝගය දැක්වීමටද නිරන්තරයෙන්  උත්සාහයන් කරයි.

ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ ඔසප් වීම පිළිබඳ සමාජයේ ඇති දුර්මත පිටුදැකීමට පියවර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  සන්නාමයන් අතරින් එකක් වූ Fems, සියලුම ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අවශ්‍යතාවයට සරිලන ලෙස දැරිය හැකි මිලකට, තත්වයෙන් උසස්  සනීපාරක්ෂක නැප්කිනයක්  වන ‘Fems ඇය’ හඳුන්වා දී තිබීම  කාලීන වශයෙන් ඉතා වැදගත්  අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගත හැකිය. නැප්කිනයෙහි ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි කාලාන්තරයක් තිස්සේ පවතින ඔසප් දරිද්‍රතාවය අවසන් කිරීම සඳහා යෝග්‍ය විකල්පයක් ලෙස මෙම Fems ඇය මුලපිරීම දියත් කර ඇත.

Fems හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රොෂෙල් පෙරේරා මහත්මිය මෙසේ සඳහන් කළේය. "ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems සෑම විටම කාන්තා සවිබල ගැන්වීම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා සහය දක්වන සන්නාමයක්. 2022 ජාත්‍යන්තර කාන්තා සමානාත්මතා දිනය සැමරීම මූලික කර ගනිමින්, අපි කාන්තා සමානාත්මතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර මෙම පණිවිඩය අපට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්. Fems සන්නාමය මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට මැදිහත් වන අතරම ශ්‍රී ලාංකේය  කාන්තාවන් සවිබල ගන්විමෙහිලා අවශ්‍ය සියලුම පියවර Fems විසින් ගනු ගනු ලැබීමද විශේෂත්වයකි.”

තවත් දැවැන්ත   පියවරක් ඉදිරියට  තබමින්, 2021 මාර්තු 8,  ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කරන ලද “Fems ඇය” මුලපිරීම වෙනුවෙන් The Merrill J. Fernando foundation, Arka Initiative, Sarvodaya Women’s movement සහ Sarvodaya-Fusion යන ආයතන ද සිය දායකත්වය ලබා දුනි.  ෆෙම්ස් ප්‍රමුඛ මෙම සංවිධාන විසින් පසුගිය වසර තුළදී  වැඩමුළු සහ මාර්ගගත පුහුණු සැසි මගින් ග්‍රාමීය ගම්මානවල සහ වතුකරයේ කාන්තාවන් 2906+ කට අධික සංඛ්‍යාවක්  සඳහා දැනුම ලබා දීම අඛණ්ඩව සිදු කරන ලදී.

Hemas Consumer Brands හි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමස්ත කාර්ය මණ්ඩලය වෙත Fems ඇය සනීපාරක්ෂක නැප්කින් බෙදා දීම  Fems හි වැදගත් සංධිස්ථානයකි. තවද ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ Daraz සමඟින්, ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සේවකයින් දැනුවත් කිරීම,  ඔසප්  සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිලිබඳ  සංවාදයන්  සාමාන්‍යකරණය කිරීම සඳහා  විවිධ  වැඩමුළු පැවැත්වීම  Fems හි තවත් කැපී පෙනෙන මුලපිරීමක් ලෙස දැක්විය හැකිය.

කාන්තාවන්ගේ සෞඛ්‍ය පිලිබඳ  නිරතුරු  අවධානය යොමු කරන Fems ,  ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සාමාන්‍යකරණය කරමින් මේ පිළිබඳ සංවාදය සමාජගත කිරීම සහ ඔසප් සෞඛ්‍ය  සම්බන්ධ ගැටළු විසඳීම සඳහා  ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.