• Ada Derana BIZ Sinhala
  • Colombo inflation
  • Food inflation
  • sri lanka

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට. ආහාර උද්ධමනයේ කැපීපෙනෙන අඩුවීමක්

November, 30, 2022

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය.

එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  පළමු වරට පසුගිය ඔක්තෝබර් මාසයේ දී පහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදී.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Colombo inflation
  • Food inflation
  • sri lanka

කොළඹ උද්ධමනය 69.8% ක් දක්වා ඉහළට. ආහාර උද්ධමනය 95%ට ආසන්න වෙයි

September, 30, 2022

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 64.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8ක් දක්වා ඉහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 93.7හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 50.2හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.6 ක් දක්වා ඉහළ ගියේය.