September, 14, 2022
සැම්සුන් ඉලෙක්ට්රොනික් සමාගම විසින් පසුගියදා එළිදැක් වූ නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 foldable ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීම ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ට ද අත්විඳීමේ අවස්ථාව පසුගියදා උදා විය.
විශේෂයෙන් පරිශීලකයාට ගැලපෙන අයුරින් සකස් කරගත හැකි විශේෂාංග, ඔවුන්ටම ගැලපෙන අත්දැකීම් හා වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් යුත් මෙම සිව්වන පරම්පරාවේ foldable Z නිෂ්පාදන පෙළ ඔබේ එදිනෙදා ජීවිතය නව්යකරණයට ලක් කරමින්, වඩා බලපෑම් සහගත අන්තර් ක්රියාවන් තුළින් ඉදිරියට යනු ඇත්තේ මෙතෙක් අත්විඳි smartphones අත්දැකීම් නව මානයන් වෙත ගෙන යමිනි.
සැම්සුන් ඉලෙක්ට්රොනික්ස්හි Mobile eXperience ව්යාපාරයේ සභාපති හා ප්රධානී ආචාර්ය ටී. එම්. රෝහ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘අපගේ විවෘතභාවයේ දර්ශනයේ පදනම මත ගොඩනැගී ඇති සැම්සුන් Galaxy foldable උපාංග බාහිර මෙන්ම අභ්යන්තර වශයෙන්ද පරිශීලකයන්ට ගැලපෙන අයුරින් සකස් කර ඇති අතර ඒ තුළින් නව හැකියාවන් ද ඔබ වෙත ගෙන එනවා. ලෝක මට්ටමේ අපගේ හවුල්කරුවන් සමඟ එක්ව නිර්මාණය කරන ලද foldable උපාංග අපගේ සුවිශේෂී පරිශීලක අවශ්යතා සපුරාලන අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙනු ඇති බව අපගේ විශ්වාසයයි. අපගේ නිරන්තර අවධානය හා කර්මාන්තය තුළ අපගේ නායකත්වය තුළින් අඛණ්ඩව foldable නිෂ්පාදන සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම කාණ්ඩය තුළ රැඩිකල් ව්යාපෘතියක සිට ලොව පුරා මිලියන ගණනක ජනතාවක් භාවිත කරන ප්රමුඛ පෙලේ උපාංග පෙලක් දක්වා සාර්ථකව පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා.’’ යනුවෙනි.
දැන් ශ්රී ලාංකේය පාරිභෝගිකයින් හටද මෙම devices මිලදී ගැනීමේ අවස්ථාව උදා වී ඇත්තේ Galaxy Z Flip4 හෝ Galaxy Z Fold4 foldable මිලදී ගන්නා විට නොමිලේ ඩයලොග් 200 GB හෝ මොබිටෙල් 300 GB, මාස 6ක් සඳහා OneDrive 100 GB හිමිකර දෙමිනි. තවද මාස 3ක් සඳහා නොමිලේ Spotify Premium සම්බන්ධතාවය ලබා ගැනීමටද ඔවුන්ට අවස්ථාව උදා වේ.
ඉහළ නිර්මාණශීලීත්වයක් වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස සෑම පාරිභෝගිකයකු වෙනුවෙන්ම ඔවුන්ගේ අවශ්යතාවලට සරිලන නිෂ්පාදනයක් ඇති බව සහතික කිරීම සඳහා පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම දෙකා්ඉකැ නිෂ්පාදන දෙකෙහිම සෑම කොටසක්ම මනාව විශ්ලේෂණය කර තිබීමද විශේෂත්වයකි. විශේෂයෙන් මනා නිමාවකින් යුතුව සැම්සුන් Galaxy Z Flip4 නිර්මාණය කර ඇති අතර එහි සංකීර්ණ සැලසුම ඒ අකාරයෙන්ම පවත්වාගෙන ගොස් ඇත්තේ වැඩි දියුණු කළ කැමරා අත්දැකීමක්, විශාල බැටරියක් හා පරිශීලකයාට සරිලන පරිදි සකසා ගත හැකි විශේෂාංග විශාල ප්රමාණයක්ද එක් කරමිනි. අද වන විට දක්නට ඇති සැම්සුන් සතු වඩාත් උසස් තත්වයේ smartphones අත්දැකීමක් ලබා දෙන Galaxy Z Fold4 නිමාව වෙනස් කිරීමේ සැලසුම, ආකර්ෂණීය තිරය හා PC වැනි විශේෂාග රැසක් ලබා දීමට සමත්ව ඇත්තේ උසස් කැමරා තාක්ෂණය හා ප්රබල මොබයිල් ප්රොසෙසරයන්වලට අමතරව නව හැකියාවන්ද පරිශීලකයින් වෙත විවෘත කරමිනි.
Galaxy Z Flip4 හි අභ්යන්තර හා බාහිර Ultimate Self-expression විශේෂාංගය
පරිශීලකයන් කැමතිම විශේෂාංගයන් තව තවත් ඉහළ නංවන Galaxy Z Flip4, self-expression සඳහා වන අවසන් නිෂ්පාදනය බවට පත් කරනු නිසැකය. විශේෂයෙන් එහි අන්තර්ගත clamshell නිර්මාණය වෙනත් කිසිඳු smartphones එකකින් ඔබට ලබා ගත නොහැකි සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත.
අර්ධ වශයෙන් නැමීම තුළින් එහි FlexCam2 ක්රියාත්මක කළ හැකි අතර hands free වීඩියෝ හෝ විවිධ කෝණයන්ගෙන් සම්පූර්ණ කණ්ඩායම් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද ඒ සතුය. මෙම විශේෂාංගයන් පරිශීලකයින් කැමතිම apps3 හිද අන්තර්ගතය. Meta සමඟ වන Samsung හි හවුල්කාරීත්වය හේතුවෙන් FlexCam විසින් Instagram, WhatsApp සහ Facebook ඇතුළුව ජනප්රිය සමාජ මාධ්ය වේදිකා පරිපූර්ණත්වයට පත් කර ඇත.
සැම්සුන් Galaxy හි කල් පවතින smartphones නවෝත්පාදනයේ ප්රතිඵලයක් වන Galaxy Z Fold4 සැම්සුන්හි ප්රබලම ස්මාර්ට් ජංගම දුරකතනය ලෙස සඳහන් කළ හැකිය. Z Fold4 යනු විවෘත කළ විට හෝ වසා දැමූ විට හෝ Flex mode10 හිදී සැම්සුන්හි සාමූහික ජංගම දුරකතන තාක්ෂණ විශිෂ්ටත්වය මනාව ප්රදර්ශනය කරන්නකි. එසේම Android 12L සහිත පළමු device එක ද වන එය නැමිය හැකි, සුවිසල් තිරයක් වෙනුවෙන් Google විසින් නිර්මාණය කරන ලද Android හි විශේෂ නව නිෂ්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින් හට මෙම Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro ද මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung Estore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඕනෑම විටෙක ඔබට අවශ්ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.
August, 24, 2022
Samsung Electronics විසින් පසුගියදා පවත්වනු ලැබූ Galaxy Unpacked උත්සවයේදී නව්යකරණය වෙමින් පවතින නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙන ලදී. පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි විශේෂාංගවලින් සැදුම්ලත් එම devices පරිශීලකයින්ට ගැලපෙන අත්දැකීම් මෙන්ම වැඩිදියුණු කළ ක්රියාකාරීත්වයන්ගෙන්ද සන්නද්ධ වේ. එහි සිව්වන පරම්පරාව වන Galaxy Z මාදිලි පෙළ එදිනෙදා ජීවිතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා වැඩි බලපෑම් සහගත අන්තර්ක්රියාවන් ලබා දීමට සීමා මායිම් අභිබවමින් ඉදිරියට ගමන් කරනු ඇත.
Samsung Electronics හි Mobile eXperience Business සභාපති සහ ප්රධානී ආචාර්ය ටී. එම් රෝහ් මහතා පැවසුවේ ‘‘අපගේ විවෘත භාවයේ දර්ශනය මත නිර්මාණය වී ඇති පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් සකස් කළ හැකි ඇතුළත හා පිටත විශේෂාංගයන් සමඟ නව හැකියාවන් විදහා දක්වනු ලබනවා. ලෝක මට්ටමේ අපගේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් යුතුව නිර්මාණය කළ නව foldable devices අපගේ සුවිශේෂී පරිශීලකයින්ගේ අවශ්යතා සපුරාලමින් අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙනවා. අපගේ නිරන්තර අවධානය හා කර්මාන්ත පුරෝගාමීත්වය තුළින් foldable නිෂ්පාදන සඳහා වන උනන්දුව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබනවා. අපි මෙම මාදිලිය රැඩිකල් ව්යාපෘතියකින් ආරම්භ කර ලොව පුරා මිලියන ගණනක ජනතාවක් පරිශීලනය කරන ප්රධාන ධාරාවේ device පෙලක් සාර්ථකව පරිවර්තනය කර තිබෙනවා.’’ යනුවෙනි.
ඉහළම නිර්මාණශීලීත්වය වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම යළි යළිත් ප්රදර්ශනය කරමින් සෑම පාරිභෝගිකයෙකුටම ඔවුන්ගේ අවශ්යතාවලට ගැලපෙන device එකක් තිබෙන බව තහවුරු කිරීම වෙනුවෙන් පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම සඳහා මෙම ආකෘති දෙකෙහි සියලූ අංගයන් මනාව විශ්ලේෂණය කිරීමට සැම්සුන් කටයුතු කර ඇත. වර්තමානයේ සැම්සුන්හි සුවිශේෂී smartphone අත්දැකීම පරිශීලකයා වෙත හිමි කර දෙමින් නව හැකියාවන්ගෙන් පරිපූර්ණ The Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතනය නිර්මාණය කර ඇත්තේ එහි සුවිශේෂී නිමාවද සමඟිනි. ආකර්ෂණීය තිරය, බහුකාර්ය විශේෂාංග මෙන්ම වැඩිදියුණු කරන ලද කැමරා තාක්ෂණය හා ප්රබල ජංගම දුරකතන ප්රොසෙසරයද ඊට එක් කරන්නේ ඉමහත් වටිනාකමකි.
Galaxy Z මාදිලි පෙළට එක්වන සැම්සුන් සතු උසස්ම තත්වයේ earbuds ලෙස හැඳින්විය හැකි Galaxy Buds2 Pro ඔබේ එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ඔබට මින් පෙර අත් නොවිඳි ඉමිහිරි wireless හඬ අත්දැකීමක් එක් කරනු ඇත්තේ ශක්තිමත් නිමාවක් සහ සීමාවකින් තොර සබඳතාවක්ද සමඟිනි.
Galaxy Watch5 සහ Galaxy Watch5 Pro එළිදැක්වීමේ උත්සවයේදී Samsung Electronics විසින් තීක්ෂණ බුද්ධිය සමඟ ශරීර සෞඛ්යය පවත්වා ගැනීම, ඉහළ විශේෂාංග හා ඉන් ඔබ්බට ගිය ප්රබල හැකියාවන් ද සිය රසිකයින් වෙත ගෙන එන ලදී. ඒ සැම්සුන්හි මෙතෙක් නිෂ්පාදිත වඩාත් ශක්තිමත් හා විශේෂාගවලින් සපිරි Galaxy Watch නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා වූ Galaxy Watch5 Pro සමඟිනි. පාරිභෝගික අවශ්යතා මත සිය විශේෂාංග දිනෙන් දින ඉහළ නංවන Galaxy Watch5 සහ Galaxy Watch5 Pro පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ එදිනෙදා ඉලක්කයන් වෙත පහසුවෙන් ළඟා කර ගැනීම වෙනුවෙන්ද සුවිසල් දායකත්වයක් ලබා දෙනු නිසැකය.
Galaxy Unpacked 2022 හිදී Samsung Electronics, MX (Mobile eXperience) ව්යාපාරය සඳහා වන 2025 තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවද නිවේදනය කළේය. එම සාර්ථකත්වය සඳහා වන ප්රධාන වැඩසටහන් අතරට ප්රතිචක්රීයකරණය කරන ලද ද්රව්ය සිය නිෂ්පාදන සඳහා යොදා ගැනීම, වඩා පරිසර හිතකාමී ඇසුරුම් සැලසුම් කිරීම සහ විද්යුත් අපද්රව්ය අවම කිරීම සඳහා පැරණි Samsung Galaxy devices වලට නව ජීවයක් ලබා දීම යන කරුණු ඇතුළත් වී ඇත.
සැම්සුන්හි නව Galaxy Z මාදිලි පෙළ සහ Galaxy Buds2 Pro නිර්මාණය සඳහා ප්රතිචක්රීයකරණය කළ ධීවර මාළු දැල් හා ගෝස්ට් නෙට් යොදා ගෙන ඇත්තේ සාගර දුෂණය අවම කිරීමට පියවර ගනිමිනි. 2022 පෙබරවාරි මාසයේදී Galaxy S22 මාදිලිය සඳහා එය ප්රථම වරට යොදාගත් අතර අද වන විට එය Galaxy Book2 Pro මාදිලි හා Galaxy Tab S8 මාදිලි නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබයි. ඒ අනුව ප්රතිචක්රීයකරණය කළ ධීවර මාළු දැල් භාවිතයෙන් Galaxy devices 11 ක් නිෂ්පාදනය කිරීමට සැම්සුන් කටයුතු කර ඇත. ඉවත් කරනු ලැබූ ධීවර මාළු දැල් Galaxy තාක්ෂණය සඳහා බහුව යොදා ගැනීම තුළින් ප්ලාස්ටික් දුෂණයේ පාරිසරික බලපෑම අවම කිරීමට උපකාරී වී ඇත්තේ සෑම වසරකම ඉවත ලන ධීවර දැල් ටොන් 640,000ක් තුළින් සාගරයට සිදුවන බලපෑමද අවම කරමිනි.
සිය නිෂ්පාදන සඳහා ප්රතිචක්රීයකරණය කළ ද්රව්ය භාවිත කිරීමට ඉවතලන ධීවර මාළු දැල් යොදා ගැනීම සැම්සුන්හි තිරසාර පාරිසරික භාවිතයන් ඉහළ නැංවීම සඳහා වන එක් උදාහරණයක් පමණිx
Samsung Galaxy Unpacked නිවියෝර්ක්හි සැම්සුන් මූලාස්ථානයේදී පසුගියදා පැවැත්වුණ අතර එහිදී එළිදක්වනු ලැබූ Galaxy Z මාදිලි පෙළ සහ wearables නිෂ්පාදන දැන් ශ්රී ලංකාවේ පාරිභෝගිකයින්ටද මිලදී ගැනීමේ අවස්ථාව සැම්සුන් උදා කර දී ඇත.
ඔබ කොහේ, කොතැන සිටියත් ඕනෑම විටෙක ඔබට අවශ්ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Video Story