October, 24, 2022
Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials™) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී. 2022 සැප්තැම්බර් 06 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති Great Place to Work® in Sri Lanka සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම නිල වශයෙන් හිමි විය. ශ්රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන බලපත්රලාභී මූල්ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance මෙරට තරුණ පරපුරට ආකර්ෂණීය රැකියා ස්ථානයක් බවට පත්කරමින්, ඔවුන්ට මූල්ය සේවා ක්ෂේත්රය තුළ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට අත්වැලක් වීමට සමාගමේ කළමනාකාරීත්වයේ දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව මෙමගින් තහවුරු වෙයි.
“මෙරට මිලේනියල් පරපුරට රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් ඇගයීමට ලක්වීම අප ලැබූ ගෞරවයක්. බාහිර අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක පවා තරුණ පරපුරට වැඩි වැඩියෙන් අවස්ථාව ලබාදීමට අප දැරූ උත්සාහයන් ඵල දරා තිබෙන බව මින් පැහැදිලි වනවා. එමෙන්ම මේ වනවිට අප දිවයින පුරා අපගේ ව්යාපාර කටයුතු ව්යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන නිසා, මෙය තරුණ පරපුරට විශිෂ්ට රැකියා සම්ප්රදායක් ඇති සමාගමක් හා එක්වී මූල්ය සේවා ක්ෂේත්රයේ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් වේවි.” Mahindra IDEAL Finance සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ආරම්භයේ සිටම, ‘වටිනාම ප්රාග්ධනය වන්නේ මානව ප්රාග්ධනයයි’ යන මූලික සත්යය අවබෝධ කරගනිමින්, කරුණාවන්ත සහ විශ්වාසවන්ත සේවා යෝජකයෙකු බවට පත්වීමට Mahindra IDEAL Finance උත්සාහ කළේ ය. විශේෂයෙන්ම COVID-19 කාලසීමාව ඇතුළුව සෑම අවස්ථාවකදීම, රැකියා ස්ථානයේදී මෙන්ම නිවසේදීත් සිය කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සෞඛ්යය සෑම විටම ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට සමාගම විසින් පියවර ගන්නා ලදී. එමෙන්ම කෙටි කාලයක් තුළ පෞද්ගලික සහ වෘත්තීය දියුණුව සඳහා උපරිම අවස්ථා සැලසෙන, කාර්ය සාධනය පදනම් කරගත් රැකියා සම්ප්රදායක් පවත්වාගෙන යාමටත් සමාගම කටයුතු කර ඇති අතර, සෑම සාමාජිකයෙකුටම හා සාමාජිකාවකටම ආයතනය තුළ නිසි නිසි වටිනාකම හිමි වේ. Mahindra IDEAL Finance සමාගම රටේ ප්රමුඛතම සහ වේගයෙන්ම වර්ධනය වන මූල්ය සමාගමක් බවට පත්කිරීමට මෙම සාමාජික සාමාජිකාවන් දක්වන දායකත්වය කෙතරම්ද යන්න සමාගම හොඳින් හඳුනයි.
Best Workplaces for Millennials™ in Sri Lanka 2022 ලැයිස්තුව සකස් කිරීමේදී Great Place to Work® හි ඒ සඳහාම විශේෂ වූ නිර්ණායක පදනම් කරගන්නා ලදි. මෙහිදී Trust Index© සේවක සමීක්ෂණ ක්රමවේදය සහ Culture Audit© මානව සම්පත් විශ්ලේෂණ රාමුව සමග Great Workplace ගෝලීය සුදුසුකම් ලැබීමේ ක්රියා පටිපාටියද යොදාගැනිණි. මෙම අධ්යයනයේදී 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා 85% ප්රතිචාර අනුපාතයක් යටතේ ශ්රී ලංකාවේ ආයතන 160 කට වැඩි ප්රමාණයක සේවක සේවිකාවන් 72,350 ක් වෙතින් ප්රතිචාර විමසන ලදී. මිලේනියල් පරම්පරාවට අයත් 20,000 කට අධික පිරිසක් මෙම නිර්නාමික සමීක්ෂණයට ප්රතිචාර ලබාදීමට ඉදිරිපත් වූහ. මෙහිදී අදාළ ආයතන වල කාර්ය මණ්ඩලයෙන් 20% කට වැඩි ප්රතිශතයක් මිලේනියල් පරම්පරාවට අයත් සාමාජික සාමාජිකාවන් විය යුතු වූ අතර, ඒ අතරින් සේවායෝජකයා පිළිබඳව 70% කට වැඩි යහපත් ප්රතිචාර අනුපාතයක් වාර්තා විය යුතු විය. එමෙන්ම සහයෝගීතාව, රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව, වයස අනුව වෙනස්කොට සැලකීම් නොකිරීම, අර්ථවත් රාජකාරි කටයුතු වල නියැළීමට හැකි වීම, යහපත් වෙනස්කම් වෙනුවෙන් කැපවීමට මෙන්ම සමාජයේ සුභසිද්ධියට හා ආයතනයේ අභිමානයට දායක විය හැකි වීම ඇතුළුව මිලේනියල් පරපුර විසින් අගය කොට සලකනු ලබන ගුණාංග අනුව ඉහළ ලකුණු ලබා ගත් සමාගම හා ආයතන වලට ලැයිස්තුවේ ඉහළම ස්ථාන හිමි විය.
අඛණ්ඩව වසර 3 ක් ශ්රී ලංකාවේ රාජකාරි කිරීමට සුදුසුම ස්ථාන අතරට එක්වූ Mahindra IDEAL Finance Limited මේ වනවිට මෙරට මූල්ය සේවා ක්ෂේත්රයේ ජනප්රියම සේවායෝජකයෙකු බවට පත්වී සිටී. ඉන්දියාවේ Mahindra and Mahindra Financial Services Limited සමාගම විසින් 2021 වසරේදී IDEAL Finance Limited හි ප්රධාන කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග සමාගමේ සේවාවන් දිවයින පුරා ව්යාප්ත කිරීමේ වේගවත් වැඩසටහනක් ආරම්භ කරන ලද අතර, එහිදී තරුණ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා රාශියක් උදා විය. මෙම වෙනසත් සමග සමාගමට දැවැන්ත ජාත්යන්තර මූල්ය සමාගමක පිටුබලය හිමි වූ නිසා Fitch Ratings විසින් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ මට්ටමට උසස් කරන ලදී.
October, 19, 2022
DHL Express Sri Lanka යනු Great Place to Work® ආයතනය චිසින් 2022 වසරේ ප්රකාශයට පත්කර ඇති ශ්රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 50 න් එකකි. පසුගියදා පැවති සම්මාන ප්රදානෝත්සවයේදී DHL Express Sri Lanka, එහි ශක්තිමත් සහ අද්විතීය සමාගම් සංස්කෘතිය යළි අවධාරණය කරමින් හොඳම බහුජාතික සමාගමට හිමි සම්මානය සහ කුඩා ව්යවසාය කාණ්ඩය සඳහා වන රන් සම්මානය ද හිමිකර ගනු ලැබීය.
මීට අමතරව, DHL Express අඛණ්ඩව සිව්වන වරටත් Great Place to Work® නාමකරණය යටතේ ආසියාවේ අංක #1 හොඳම සේවා ස්ථානය ලෙස තේරී පත්ව ඇති අතර සමාගම ආසියානු ලැයිස්තුවේ ඉහළින්ම රැදෙමින් පසුගිය වසර හතක කාලය තුළ එම ජයග්රහණය හය වරක් සමරා තිබීම විශේෂත්වයකි. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් සහ ප්රදේශ 19 ක් 2022 වසරේ 'සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන' (Great Place to Work) ලෙසට සහතික කර ඇත.
වසර අටක් පුරාවට අඛණ්ඩව DHL Express Sri Lanka, සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙසින් පිළිගැනීමට පාත්ර වී ඇති අතර, ඒ තුළින් සේවකයින් හට ඉහළ වටිනාකමක් සහ සුවිශේෂී සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ සක්රීය දායකත්වය පිළිබිඹු කරවයි.
DHL Express Sri Lanka හි ප්රධාන විධායක කළමණාකරු දිමිත්රි පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''මේ වසරේ වැඩ කිරීමට සුදුසු ස්ථානයක් ලෙස නැවත වරක් පිළිගැනීමට පාත්ර වීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. සමාගම් හිමිකාරීත්වය විසින් ධනාත්මක සංස්කෘතියක් ගොඩනැගීමට ඉහළ මට්ටමේ සිට මෙහෙයුම් ක්රියාත්මක කරනවා සේම ඒ සඳහා සමාගමේ සියලුම සේවකයින් විශාල සහයක් ලබා දෙනවා. සුවිශේෂී ප්රතිඵල අත්පත් කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්රියා කළ යුතු ආකාරය පිළිබඳව අවබෝදයක් සහිත ජයග්රාහී කණ්ඩායමක් ලෙස අපගේ සේවකයින්ට දියුණු වීමට සහ විශිෂ්ඨ වීමට හැකි පසුබිමක් අපි නිර්මාණය කර තිබෙනවා. මෙම සම්මාන හිමිවීම හරහා මිනිසුන්ට ඔවුන්ගේ උදාර අරමුණු ඉටු කර ගැනීමට සහ ඔවුන්ගේ හා ව්යාපාරයේ හොඳම අනුවාදය බවට පත්විය හැකි සේවා ස්ථානයක් ගොඩනැගීමට අප නිරතුරුව කැපවීමෙන් කටයුතු කරනවා.''
වසංගත තත්ත්වයෙන් පසුව DHL Express Sri Lanka, සිය කණ්ඩායම් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් සේවකයන් අතර සන්නිවේදනය ඩිජිටල්කරණය කරනු ලැබීය. සමාගම විසින් සේවකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්යය පිළිබඳව ඉහළම ප්රමුඛතාවයක් ලබා දෙමින් ඔවුන්ගේ පෝෂණ අවශ්යතාවයන් සහ සැලකිලිමත් පරිසරයක් වැඩි දියුණු කිරීම සඳහා වන ගවේෂණ කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබයි.
DHL Express හි මෙරට දේශීය ශ්රේණිගත කිරීම් ද එහි මව් සමාගමේ තත්ත්වයන්ට හා සමානවේ. ආසියාවේ හොඳම සේවා ස්ථාන ලැයිස්තුවේ අංක එකේ ස්ථානය හිමි කර ගැනීම හරහා සමාගම ජාත්යන්තර ලොජිස්ටික් සේවා සපයන්නා වශයෙන්, එහි 'ගෞරවය සහ ප්රතිඵල' (Respect & Result) යන්නා වූ ගුණාංග තුළින් සාධාරණව හා සුහදතාවය වර්ධනය කෙරෙන ශක්තිමත් සමාගම් සංස්කෘතියක් පෙන්නුම් කර ඇත.
සමස්තයක් වශයෙන්, සමාගමේ පුද්ගල උපාය මාර්ගය සහ සේවකයින් එහි ප්රධාන වත්කම් ලෙස සලකන බවට නැවත වරක් පසක්කර දෙමින් DHL Express කිහිප දෙනෙකුට පමණක් සීමා නොවී සිය සමස්ත ප්රජාව වෙනුවෙන් අඛණ්ඩව සේවාවන් සපයන විශිෂ්ඨ සේවා ස්ථානයක් ලෙස ස්ථාපිතව ඇත. අද වන විට 370,00 කට අධික සේවක පිරිසක් ඇගයීමට ලත් පුහුණු පාඨමාලා සඳහා සහභාගී වී තිබේ. සමාගමෙහි 27% ක් කාන්තාවන් නියෝජනය වන අතර සේවකයන් පැය 10,000 කට වඩා වැඩි කාලයක් සිය කැමැත්තෙන්ම ස්වේච්ජා සමාජ සේවා කටයුතු සඳහා සහභාගී වී ඇත.
DHL Express Sri Lanka හි මානව සම්පත් ප්රධානී තාරක ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය ''වසංගත තත්ත්වයේ සිට අපගේ ශ්රම බලකාය උපායමාර්ගිකව කටයුතු කළා. වර්තමානය දක්වා අපගේ කණ්ඩායම් සාමාජිකයින් ඔවුන්ගේ විශිෂ්ඨවූ දායකත්වයන් ලබා දීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. අප කරන වැඩ කොටසේ කේන්ද්රස්ථානය වන්නේ මිනිසුන්. එම නිසා අපගේ ආචාර ධර්ම සැමවිටම අපගේ සේවකයින්ගේ යහපැවැත්ම තහවුරු කරනවා. එහි ප්රතිඵලයක් වශයෙන් අප සමාගමට සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙස 2022 වසරේදී සම්මාන කිහිපයක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණා.''
වසර 30කට වැඩි කාලයක් පුරා ගෝලීය වශයෙන් හොඳම සේවා ස්ථාන හඳුනා ගැනීමේ පුරෝගාමියෙකු ලෙස, Great Place to Work® ආයතනය ඉහළ විශ්වාසනීයත්වයකින් යුතුව කටයුතු කරයි. එම ආයතනය විසින් ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම් සංස්කෘතීන් ගොඩනගා ඇති සමාගම් සහතික කිරීම සඳහා සේවක ප්රතිචාර ලබා ගැනීමට සහ ඇගයීමට දැඩි ක්රමවේදයක් භාවිතා කරයි. හොඳම සේවා ස්ථාන හඳුනා ගැනීමේදී කළමනාකරණය, වැටුප්, ප්රතිලාභ, වර්ධනීය අවස්ථා, සංස්කෘතිය සහ රැකියා තෘප්තිය ආදී කරණු පිළිබඳව සේවකයින්ගේ ඇගයීම් මගින් ප්රතිඵල මෙහෙයවනු ලබයි.
ශ්රී ලංකාවේ පිහිටි Great Place to Work® ආයතනය ලොව පුරා විශිෂ්ඨ සේවා ස්ථාන පිළිබඳව අධ්යයනය කිරීමේ සහ හඳුනාගැනීමේ පුරෝගාමියෙකි. එම ආයතනය දශක තුනක කාලයක් පුරා රටවල් 58කට අධික සංඛ්යාවක, හොඳම සේවා ස්ථාන පිළිබඳව තේරුම් ගැනීමට සහ හඳුනාගැනීමට අධ්යයන කටයුතු සිදු කර ඇත. ශ්රී ලාංකාවේ කරනු ලබන අධ්යයනය පදනම් වී ඇත්තේ ගෝලීය ආකෘතියක සහ ඇමරිකාව, යුරෝපය සහ ආසියාව ඇතුළු ලොව පුරා රටවල ක්රියාත්මක පර්යේෂණ, පරීක්ෂණ සහ සමාන වූ අධ්යයනයන් සහිත දැඩි ක්රමවේදයක් මත පදනම්වය.

October, 18, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති 'Great Place To Work' සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි.
DIMO සමාගමේ විධායක අධ්යක්ෂිකා / සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්රකාශ කළේ, “වසංගත තත්ත්වය නිසා නිර්මාණය වූ අභියෝගවලට අප සමාගම කෙතරම් හොඳින් මුහුණ දී තිබෙනවාද යන්න වගේ ම ඒ වෙනුවෙන් අප අනුගමනය කළ ආයතනික ක්රියා මාර්ග DIMO කණ්ඩායම කෙතරම් දුරට පිළිගෙන තිබෙනවා ද යන්න මෙම සම්මානයෙන් පෙන්නුම් කරනවා. අපි අපගේ මානව සම්පත වෙත අවධානය යොමු කිරීම නිසා ම වසර 10 ක් අඛණ්ඩව මෙම වටිනා සම්මානය දිනා ගැනීමට හැකි වුණා. අපගේ වටිනා සේවක සේවිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ අරමුණ යතාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් අප දියත් කරන වැඩසටහන් වඩාත් සාර්ථක බව මෙම සම්මානය මගින් තහවුරු කරනවා." යනුවෙනි.
DIMO සමාගම ක්ෂේත්ර ගණනාවක් ඔස්සේ සිය ව්යාපාරික මෙහෙයුම් ක්රියාත්මක කරන අතර,සේවක වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරමින් දශක ගණනාවක් පුරා සිය ආයතනික පරිසරය තුළ විශිෂ්ටයින් රැසක් බිහි කිරීමට සමත්ව ඇත. යම් ව්යාපාරයක් වර්ධනය කිරීම සඳහා විවිධ දක්ෂතා සහිත වෘත්තිකයින් සිටීම ඉතා වැදගත් ය. එමෙන් ම තමා වෙත පැමිණෙන වෘත්තිකයින් සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන් සතු කුසලතා පිළිබඳව පමණක් අවධානය යොමු කරන DIMO සමාගම සිය සේවක සේවිකාවන්ට කණ්ඩායමක් ලෙස ගොඩනැඟිය හැකි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් කැප වෙයි.
DIMO සිය සේවක සේවිකාවන්ගේ නිදහස අගයමින්, සැම විට ම ඔවුන්ගේ අදහස්වලට ප්රමුඛත්වය දීමට කටයුතු කරන අතර, සෑම සේවකයෙකු වෙත ම අරමුණුගත කාර්යයභාරයක් පැවරෙන නිසා එය සමාගමේ මෙහෙවර සමඟ සක්රීයව බැඳී පවතී. එමෙන් ම DIMO සමාගමේ විවෘත ප්රතිපත්ති සහ ආයතනික වශයෙන් මෙන් ම, ඉන් පරිබාහිරවත් වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්රියාත්මක කරන අතර, පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමට ද එම සමාගම ප්රමුඛතාව ලබා දෙයි.
ඕනෑ ම අභියෝගාත්මක තත්ත්වයක දී ඉතා ඉක්මණින් හා විශ්වාසයෙන් එම තත්ත්වයට හැඩගැසිය හැකි, කඩිසර මෙන් ම ශක්තිමත් ශ්රම බලකායක් DIMO සමාගම සතු වන අතර, අව්යාජ නායකත්වය, විනිවිදභාවය හා සමානාත්මතාව එම සමාගම කෙරෙහි සේවක සේවිකාවන්ගේ විශ්වසනීයත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. DIMO සමාගම සතු නායකත්වය ද එම සමාගමේ බැඳීම් වර්ධනය කිරීමට සමත් බව පැවසිය හැකිය.
සමස්තයක් ලෙස, කුසලතාව හා සමානාත්මතාව තුළින් සිය සේවක සේවිකාවන් බලගැන්වීමට කටයුතු කරන DIMO සමාගම නිර්මාණශීලී චින්තනයකින් යුතු පරිපූර්ණ වෘත්තිකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙයි. සිය බඳවා ගැනීමේ හා කුසලතා වර්ධන ක්රියාවලිය හේතුවෙන් සේවක සේවිකාවන්ගේ හැකියාවන් හොඳින් අවබෝධ කරගන්නා DIMO සමාගම එම හැකියාවන් ඉක්මණින් වර්ධනය කරගැනීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙයි.
DIMO, සමාගම සිය සේවක සේවිකාවන්ගේ විවිධ හැකියාවන් හඳුනා ගනිමින්, එම හැකියාවන් ඔස්සේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන අතර, එහි දී හඳුනාගන්නා දක්ෂතා සපිරි පුද්ගලයින් සාර්ථකත්වය කරා මෙහෙයවීමට, සහාය දීමට සහ අභිප්රේරණය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.
ඡායාරූපය: DIMO සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශයේ සාමාජිකයින් සමාගමේ කළමනාකාරිත්වය සමග 'Great Place To Work' සම්මාන උළෙලේ දී
October, 13, 2022
AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් 'LEGEND' තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ. AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සහ සියළුම සේවකයින්ගේ වෘත්තීය වර්ධනයට සහ සුභසිද්ධිය සඳහා වූ අඛණ්ඩ කැපවීම මෙසේ සම්මානනීය වීම මගින් මනාව පිළිබිඹු වේ.
හොඳම සේවා ස්ථාන සංස්කෘතීන් ඉතා ශක්තිමත් පදනමක් ඇතිව ගොඩනැගී ඇත. සමාගම ඇතුළත AIA ඉන්ෂුවරන්ස් වඩාත් සෞඛ්ය සම්පන්න, නවතාවයෙන් පිරිපුන් සංස්කෘතියක් ප්රවර්ධනය කරන අතර සිය සේවා ස්ථානයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයින් සවිබලගන්වනු ලබයි. අත්දැකීම් බෙදාහදා ගනිමින්, එතුලින් සහයෝගීතාවයෙන් යුක්තව අභියෝග ජය ගනිමින්, එකිනෙකාට සහාය වෙමින් ඔවුන් සමගින් අර්ථවත් සහසම්බන්දතා ඇතිකර ගනිමින්, එක පවුලක් තුළ පවතින වාතාවරණය හා සමාන සංස්කෘතියක් AIA කාර්යමණ්ඩල සාමාජිකයින් සමාගම තුළ ගොඩනගාගෙන ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ, "සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ආරම්භ වන්නේ අපගේ හැකියාවන් ඉහලම තලයට ගෙන යාමට අවස්ථාව ලබා දෙන සේවා පරිසරයක් තුලින්. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් අඛණ්ඩව වසර 10ක් පුරාවට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සිය සමාගම ඇගයුමට ලක්කර කරගනිමින් Great Place to Work හි LEGEND තත්ත්වය අත්පත්කර ගැනීමට සමත් වීම අපට මහත් අභිමානයක් මෙන්ම එය අප සමාගම සතු සංස්කෘතිය සහ ස්ථාවරත්වය පිළිබඳව මනා සාක්ෂියක්. එසේ AIA ශ්රී ලංකා සමාගම LEGEND තත්ත්වයට පත්වන්නේ අප විසින් විශාල පිරිසකගේ ජීවිත වලට ධනාත්මක අයුරින් බලපෑම් ඇතිකර ඇති නිසයි. සමාගමක් ලෙස මෙවන් වෙනසක් ඇතිකිරීම ආරම්භ වන්නේ AIA කාර්යමණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන්. ඔවුනගේ කාර්යසාධනය උසස් මට්ටමකට ගෙන යමින් අසමසම වෙනසක් ඇති කිරීමට ඔවුන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් මා AIA ශ්රී ලංකා සමාගම තුල සියලු තලයන් හි සිටින නායකත්වයට මගේ හදපිරි කෘතඥතාව පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. විශිෂ්ට පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ඔස්සේ කාර්යමණ්ඩලයට ලබා දෙන්නා වූ අත්දැකීම් සහ වර්ධන අවස්ථා මෙම ක්රියාවලිය සඳහා මූලික වන අතර අවසානයේ දී මේ සියල්ල අපගේ සේවාලාභීන් වෙත ඉහළ අගයන් එකතු කිරීමට දායක වනු ඇති."
AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්යක්ෂිකා තුෂාරි පෙරේරා කියා සිටියේ "රට වසා තිබු අවස්ථාවන් වලදී සහ හයිබ්රිඩ් ක්රමයට සේවයට වාර්තා කිරීමට උපදෙස් දී තිබූ අවස්ථාවන් වලදීත් අපගේ ප්රධාන ප්රමුඛත්වයක් වූයේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට අඛණ්ඩව සහාය වීම තහවුරු කිරීම වන අතර ඒ ඔස්සේ ඔවුන් අඛණ්ඩව ඔවුනගේ කාර්යභාරය ද විශිෂ්ට අයුරින් ඉටු කරනු ලැබුවා. ඔවුන්ගේ රැකියාව කුමන ආකාරයක වුවද සිය කාර්යභාරය එකෙනකා හා එක්ව හරියාකාරව සන්නිවේදන කටයුතු සිදුකරමින් ඉටු කිරීමට අවශ්ය සියලුම තාක්ෂණය සහ උපාංග ඔවුනට ලබා දෙනු ලැබුවා. AIA හි අප සැමවිට විශ්වාස කරන්නේ ‘විශිෂ්ටත්වයෙන්’ ඔබ්බට ගොස් වඩාත් හොදින් යමක් කිරීමයි මන්ද අපි වඩා හොඳ යැයි විශ්වාස කරන්නේ අපව වඩා හොඳින් ගෙන යා හැකි දුරෙහි සීමාවක් නොමැති නිසයි. සැමට සුරක්ෂිත, එකිනෙකා හා එක්ව සුහදත්වයෙන්, සතුටු සිතෙන් සහ ධෛර්යසම්පන්නව ක්රියා කළහැකි සේවා පරිසරයක් ගොඩනැගීමට අප සැමවිටම උත්සාහ කරනවා. මේ සියල්ල ඔස්සේ අප එකිනෙකාට සලකන ආකාරය, අපි අපගේ සේවාලාභීන්හට සේවය සලසන ආකාරය පමණක් නොව අප ජීවත් වන සහ වැඩ කරන ප්රජාවන්ට අපි සහාය දෙන ආකාරය පිළිබඳවත් අපට මඟ පෙන්වනු ලබනවා."
සමෘද්ධිමත් උරුමයක් සහ නව්ය අදහස් වලින් සපිරි AIA ඉන්ෂුවරන්ස්, නැවුම් ඉදිරි දර්ශනයකින් යුත්, කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්රියා කිරීමට කැමැත්තක් දක්වන රැකියා සොයන්නන්හට අපගේ ගමන්මග හා එක්වෙන මෙන් දිරිමත් කර සිටිනවා.
June, 10, 2022
වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ප්රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්යාපාර ක්ෂේත්රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්රජාවගේ මනාප ප්රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස කැපී පෙනෙන රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගම, මෙම නවතම පිළිගැනීමත් සමඟින් විශිෂ්ට සේවා සංස්කෘතියක් සහිත වටිනාකම් මත පදනම් වූ සංවිධානයක් ලෙස තවදුරටත් ගෞරවයට පාත්ර වෙයි.
ශ්රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාලසීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලද රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගම, පසුගිය දශක හය තුළ ව්යාපාරයේ යෙදෙමින් ආර්ථිකයට සුවිශාල දායකයෙකු ලෙස රට තුළ සිය ස්ථාවරය තහවුරු කර ඇත. මෙවසර මැයි මාසයේදී 60 වන සංවත්සරය සමරන Rhino, 100% ශ්රී ලාංකික සමාගමක් වන අතර දශක ගණනාවක් තිස්සේ හොඳම තත්ත්වයේ නිෂ්පාදන වෙළඳපොළට සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇත. එමෙන්ම, ගුණාත්මක සෙවිලි නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති කරමින්, ගෝලීය ක්රීඩකයන්ට එරෙහිව තරඟ කිරීමට ද උපායශීලීව ස්ථානගත වී ඇත.
රයිනෝ රූෆිං ප්රඩක්ට්ස් සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂ E. J. ඥානම් මහතා මෙම සන්ධිස්ථානය සහ පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින්, “උදාර ආයතනික පුරවැසියෙකු ලෙස හැට වසරක් සමරන අවස්ථාවේ Great Place to Work පිළිගැනීම ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. අපගේ දිවංගත සභාපති දේශමාන්ය A.Y.S. ඥානම් මහතාගේ 100 වැනි උපන්දිනය අපි මේ මැයි මාසයේදී සැමරූ අතර, සියල්ලන්ටම එකසේ සලකන අපගේ සේවා සංස්කෘතියේ ධනාත්මක බලපෑම සහ නිවැරදි සාරධර්ම පිළිබිඹු කරන මෙම ප්රධාන සන්ධිස්ථානයට සමගාමීව අප ආයතනය කෙරෙහි අපගේම සේවකයින් තබා ඇති විශ්වාසය ගැන මම සතුටු වෙමි.” යයි ඔහු ප්රකාශ කළේය.
2022 ජූනි මාසයේදී 60 වැනි සංවත්සරයට සමගාමීව රයිනෝ වෙත Great Place to Work පිළිගැනීම පිරිනමන ලදී. Great Place to Work® ආයතනය, සේවා ස්ථානයේ සේවක අත්දැකීම් පිළිබඳව සියලු අංශ පරීක්ෂා කරන ශක්තිමත් සමාලෝචන පද්ධතියක් අනුගමනය කරමින්, වෙළඳපොලේ හොඳම සේවා යෝජකයන් හඳුනා ගනී. Rhino, ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨ සේවා ස්ථානයක් ලෙස සහතික කිරීම සඳහා අවශ්ය ගෝලීය ඇගයීම් ප්රමිතීන් සියල්ල සපුරාලීය. පුද්ගල මූල සංස්කෘතියක් තිබීම, සේවා යෝජකයා සහ සේවකයා අතර අන්යොන්ය සහයෝගීතාවය සහ වඩාත්ම වැදගත් වශයෙන් තමන් විශිෂ්ට ස්ථානයක සේවය කරන බවට සේවකයින් තුළ ඇති විශ්වාසය මෙහිදී සලකා බලනු ලැබිණි.
“තමන්ගේ මානව සම්පත් සංවර්ධනය කිරීමට අදිටන් කරන අනෙකුත් දේශීය සමාගම්වලට ආදර්ශයක් වීමට රයිනෝ රූෆිං සැමවිට උත්සහ කරයි. සේවකයින් රැකබලා ගැනීම ඔවුන් තුළ හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර, ආයතනික වටිනාකම් මෙන්ම සේවා යෝජකයාගේ සහ සේවකයින්ගේ උනන්දුව ආරක්ෂා කරන අතරම කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් ඇති කරයි. අපේ අවුරුදු 60ක උරුමය දේශසීමාවලින් ඔබ්බට ජාත්යන්තර වෙළඳපොළට ගෙන යන මේ අවධියේ, අපි ක්ෂේත්රයේ මිණුම් දඬු වලින් ඔබ්බට යන උසස් ප්රමිතීන් සකසා ඇත්තෙමු. ප්රත්යස්ථභාවය සහ අඛණ්ඩතාව සමඟින් අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන ගුණාත්මක භාවයෙන් ද අපි අද්විතීය වෙමු. අප ප්රදර්ශනය කරන ඉහළ වෘත්තීයභාවය සහ අපගේ දිවංගත සභාපතිවරයා තුලින් උරුමවූ අපගේ කීර්තිය අපට අඛණ්ඩව මඟ පෙන්වනු ඇත.” ඥානම් වැඩිදුරටත් පැවසීය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ආර්ථික පසුබෑම මධ්යයේ රයිනෝ සිය සේවකයින් රැකබලා ගැනීමට පරිශ්රමයක් දැරූ අතර එහි ප්රතිඵලයක් ලෙස අභියෝගාත්මක කාලවලදී පවා ආයතනික කාර්ය සාධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට මග පෑදූ සේවක පක්ෂපාතීත්වයක් ඇති විය. Great Place to Work විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයට ධනාත්මකව ප්රතිචාර දැක්වීමෙන් සේවකයින් සමාගම කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහ කෘතඥතාව හෘදයාංගමව සහතික කර ඇත.


Video Story