January, 12, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී්ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි.
”ලෝ ප්රකට ශී්ර ලාංකීය තේ නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට ලැබීම සතුටක්. හේලීස් වැවිලි සමාගම විසින් භාවිතා කරන තිරසාරභාවය සහ මානව සම්පත් පිළිබඳ නවෝත්පාදනයන් අත්විඳීමට සහ දැකුම්කලූ තේ වගාවන් නැරඹීමට අපට අවස්ථාව ලැබුණා. හේලීස් වැවිලි සමාගම සිය සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. සමාගමට ඔවුන්ගේ අනාගත ප්රයත්නයන් සඳහා මම සුබ පතන අතර JASTECA හි සහාය ඇතිව ඔවුන් විසින් ක්රියාත්මක කර ඇති අද්විතීය ක්රියාදාමයන් සහ සමස්ත ආයතනික පද්ධතිය මම අගය කරනවා.” යනුවෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ප්රකාශ කළේය.
මෙම සංචාරයට හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ප්රමුඛ සමාගමේ කළමනාකාරීත්වය, කැළණි වැලි වැවිලි සමාගමෙහි අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්රධාන/සාමාන්යාධිකාරී- මානව සම්පත් කළමනාකාර සහ ආයතනික තිරසාර සහ JASTECA හි උප සභාපති අනුරුද්ධ ගමගේ මහතා ක්ෂේත්රයේ සිට කර්මාන්තශාලාව දක්වා තිරසාර වැවිලි කළමනාකරණය සඳහා වූ සමාගමේ නව්ය, නවීකරණය කරන ලද ප්රවේශයේ ධනාත්මක බලපෑම පිළිබඳ පැහැදිලි කළේය.
”තානාපතිවරයා අපේ වතුවලට පැමිණීම පේද්රෝ වතුයාය සහ කැළණි වැලි වැවිලි කණ්ඩායම් ඉතා ගෞරවයක් කොට සලකනවා. පරිසර සංරක්ෂණය පිළිබඳ අපගේ කර්මාන්තයේ ඉහළම ගෝලීය ප්රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයින් සඳහා තිරසාර ජීවනෝපායන් සහ ගෞරවනීය ජීවන තත්වයක් කරා මග පෙන්වමින් ඉහළම ගුණාත්මක තත්වයේ සිලෝන් ටී නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වූ අපගේ අසමසම කැපවීම ප්රදර්ශනය කිරීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.
පේද්රෝ වතුයායේ තේ වතුවල සංචාරය කරමින් තානාපතිවරයා සිය සංචාරය ආරම්භ කළේය. හේලීස් වැවිලි සමාගම විසින් එක් එක් අස්වනු නෙළන යන්ත්ර නිෂ්පාදනය නිවැරදිව වාර්තා කරන එක් එක් පුද්ගලයා වෙනුවෙන් ඇති NFC කාඞ්පත් සම්බන්ධ කළ ඉලෙක්ට්රොනික කිරුම් තරාදි භාවිතා කරයි.
තානාපති හිදෙකි මිසුකොෂි මහතා, ඉහළ ජීවන යහ පැවැත්මක් සහතික කිරීම සඳහා දෛනික වැටුප් වැඩ කිරීමේ ආකෘතීන් ඉවත් කිරීමට සමාගමේ පුරෝගාමී උත්සාහයෙන් ප්රතිලාභ ලැබූ සේවකයින් ඇතුළුව හේලීස් වැවිලි සමාගමේ සේවකයින් සමඟ සිය අදහස් බෙදා හදා ගත්තේය.
කලාපීය සාමාන්යාධිකාරී දිලූම් පතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් පේද්රෝ කණ්ඩායම ඇතුළු කැළණි වැලි වැවිලි කණ්ඩායම සිය සම්මානලාභී ”සෑම වතු කම්කරුවෙකුටම නිවසක්” වැඩසටහන හරහා සේවකයින් 8700 කට වැඩි ප්රමාණයක් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 58000 කට වැඩි ප්රමාණයකට ප්රතිලාභ හිමිකර දී තිබේ. පවතින ආර්ථික අර්බුදයේ බලපෑම අවම කර ගැනීම සඳහා සමාගම විසින් පසුගිය වසර දෙක තුළ සිදු කරන ලද සුවිශේෂී සුබසාධන වැඩසටහන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ද කණ්ඩායම විසින් සපයන ලදී.
කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ වතු සමාගම සහ හොරණ වතු සමාගම යන ප්රමුඛ පෙළේ කලාපීය වැවිලි සමාගම් තුන අයත් හේලීස් වැවිලි සමාගම විසින් සුවිශේෂී කෘෂි දේශගුණික කලාප තුනක් පුරා පැතිරී ඇති හෙක්ටයාර 26 ක පමණ භූමි ප්රමාණයකින් යුත් තේ සහ රබර් වතු 60 ක හිමිකාරිත්වය දරයි.
තේ සහ රබර් කර්මාන්තයේ පුරෝගාමී හේලීස් වැවිලි සමාගම යනු මානව ප්රාග්ධන කළමනාකරණය, පරිසර හිතකාමීත්වය, ජනතාව සවිබල ගැන්වීම සහ සදාචාරාත්මක ව්යාපාරික ප්රමිතීන් පිළිබඳ ලොව වඩාත්ම ගෞරවාන්විත සම්මාන සහ සහතික ලත් තිරසාර වැවිලි සමාගමයි. අද වන විට හේලීස් වැවිලි සමාගම සේවකයින් 21,000 කට වැඩි පිරිසකට සෘජු රැකියා ලබා දී ඇති අතර 140,000 කට වැඩි පිරිසක් සඳහා රැකවරණය සපයයි.

පේද්රෝ වතුයායේ තේ කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණි තානාපතිවරයා

පේද්රෝ ළමා සංවර්ධන මධ්යස්ථානයේ දරුවන් තානාපතිවරයාව පිළිගන්නා අයුරු
රූපය : හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ශ්රී ලංකාවේ ජපාන තානාපති එච්.ඊ. හිදෙකි මිසුකොෂි මහතාව අගයමින් තිළිණයක් පිරිනමයි
August, 31, 2022
ශ්රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම මෑත කාලීනව මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ප්රතිචාර වශයෙන් තම වතු කණ්ඩායම් විසින් දියුණු කරන ලද නවෝත්පාදනයන් සහ හොඳම භාවිතයන් ලෝකයා ඉදිරියට ගෙනයමින් ශ්රී ලාංකේය වැවිලි කර්මාන්තයේ සහ දේශීය ආයතනික අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්රථම වරට කළමනාකරණ සමුළුවක් පැවැත්වීය.
ශාස්ත්රීය හා විද්යාත්මක ක්ෂේත්රයන් පිළිබඳ අදහස් සහ පර්යේෂණ එක් තැනකට ගෙන එන සාකච්ඡා මණ්ඩපයක් වන මෙම සමුළුව හේලීස් වැවිලි අංශයේ මානව සම්පත් අංශය විසින් දිවයින පුරා පිහිටි වතු 60ක් සහ එහි කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් කි්රයාත්මක කරන ලදී. පර්යේෂණ මත පදනම් වූ විද්යාත්මක අදහස් වලට වටිනාකමක් ලබාදෙමින්, විද්යාත්මක හා ආර්ථික ක්රමවේද හරහා කාලීන ගැටලූ විසඳීම පිළිබඳ සිද්ධි අධ්යයනයන් සම්පාදනය කිරීමට මෙම කණ්ඩායම්වලට පැවරී තිබිණි.
මෙම අවස්ථාවට හේලීස් සමූහ ව්යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය සහ ප්රමුඛ පෙළේ ආයතන සහභාගී විය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනයේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් මෙම සමුළුවේ ප්රධාන දේශනය පවත්වන ලදී.
හේලීස් වැවිලි සමාගම විසින් ගනු ලැබූ මෙම ප්රයත්නයන් පිළිබඳව ප්රශංසා කළ මහාචාර්ය මාරඹේ මහතා යාවත්කාලීන වන තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් ආයතන සහ නැගී එන කෘෂි තාක්ෂණික පුරෝගාමීන් අතර ඇති හවුල්කාරිත්වයේ වටිනාකම පිළිබඳව ද සඳහන් කළේය.
”අපගේ කණ්ඩායම් පෙර නොවූ විරූ අභියෝග මධ්යයේ ඔවුන්ගේ ජයග්රහණ ප්රදර්ශනය කරමින් නව්ය චින්තනයේ ප්රබලත්වය ප්රදර්ශනය කරනවා. අපගේ කර්මාන්තයේ වසර 150ක ඉතිහාසය තුළ මෙවැනි සමුළුවක් සංවිධානය කළ පළමු අවස්ථාව මෙයයි. විද්යාත්මකව ගැටළු නිරාකරණය කිරීම පදනම් වූ මෙම සිද්ධි අධ්යයනයන් ඉදිරියට ගැනීම මගින් ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තයට මෙන්ම එයට සම්බන්ධ මිලියනයකට අධික ශ්රී ලාංකිකයින්ට ද වඩාත් තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් සහය විය හැකියි.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.
”නවෝත්පාදන ව්යාපාර චින්තනය සහ යෙදවුම්” යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව මගින් සමාගම් මට්ටමේ ජයග්රාහකයින් 3 දෙනෙකු සමඟින් ඉහළම ව්යාපෘති 10, සෑම හේලීස් වැවිලි සමාගමකින්ම හොඳම ව්යාපෘතියක් බැගින් සහ එම ජයග්රාහකයින් අතරින් සමස්ත ජයග්රාහකයා හඳුනා ගන්නා ලදී. සේවකයින්ගේ තෘප්තිය, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, නව්ය පරිසර හිතකාමී විසඳුම්, ඉඩම් පරිහරණය උපරිම කිරීම සහ තේ අස්වනු නෙළන්නන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වැනි ක්ෂේත්ර ආවරණය වන පරිදි වතු කණ්ඩායම් වෙත සම්මාන පිරිනැමිණි.
PIM ජ්යෙෂ්ඨ කළමනාකරණ උපදේශක සහ පීඨ සාමාජික ආචාර්ය සමන්ත රත්නායක ප්රමුඛ 7 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඉදිරිපත් කිරීම් වල අගය එකතු කිරීමේ හැකියාව, නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය මත පදනම්ව ඉදිරිපත් කිරීම් ලබා ගන්නා ලදී.
ඩුනඩින් ස්කිම් රබර් සැකසුම් කම්හල විසින් සකස් කරන ලද අපජල කළමනාකරණ පද්ධතිය කැලණිවැලි වැවිලි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්යාපෘතිය ‘විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා’ ලෙසින් පිළිගැනීමට ලක් වුණු අතර එය සමස්ත ජයග්රාහකයා ලෙස කිරුළු පළඳින ලදී. නව පද්ධතිය ක්රියාත්මක කිරීමෙන් පසු වැඩ කරන දින පහක් ඇතුළත මෙම වතු කණ්ඩායම එම නව නිපැයුම වෙනුවෙන් ආයෝජනය කල මුදල උපයා ගැනීමත් සමඟින්ම ඒ හරහා අපජල ජනනය 50% කින් අඩු කළේය.
තලවකැලේ වැවිලි සමාගමෙහි බෙයාර්වෙල් වතුයාය ප්රවාහන වියදම් අඩු කරමින්, ඵලදායිතාවයට, සෞඛ්යයට සහ සේවකයින්ගේ යහපැවැත්මට දායක වූ, වතුයායේ ඉන්ධන පරිභෝජනය අඩු කරන මෙන්ම කාබන් පියසටහන් අවම කරන හරිත කොළ ප්රවාහන කරන ලබන කේබල් (zipline) ව්යාපෘතිය හඳුන්වා දුන් අතර එහිදී තලවකැලේ වැවිලි සමාගම වතු කාණ්ඩය අතරින් ‘විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා’ ලෙස ඇගයීමට ලක්විය.
හොරණ වැවිලි සමාගමෙහි ෆෙයාර්ලෝන් වත්ත එහි වල් පැලෑටි මිලදී ගැනීමේ යෝජනා ක්රමය සඳහා සමාගම් අතරින් ජයග්රාහකයා ලෙස පිළිගැනීමට ලක්විය. පොහොර අර්බුදය අතරතුර ආරම්භ කරන ලද මෙම මුලපිරීම මගින් වතු සේවකයන්ට වල් පැළෑටි ඉවත් කිරීම සඳහා අමතර ආදායමක් ලබා දුන් අතර වතුයාය ඒවා මුදල් ගෙවා මිලදී ගන්නා ලදි. එම වැඩපිළිවෙල තුළින් සේවකයින්ට අමතර ආදායමක් ලබා දෙනවා වගේම ස්භාවික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට ද හැකියාව ලැබීම සුවිශේෂී කරුණකි.
කර්මාන්තයට සම්බන්ධ වන පුද්ගලයින්ට දැනුම හුවමාරු කර ගැනීම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා මෙහි හොඳම ඉදිරිපත් කිරීම් 10 ඇතුළත් කරමින් පර්යේෂණ වාර්තාවක් මුද්රණය කර ශාස්ත්රීය හා වැවිලි කර්මාන්ත පාර්ශවකරුවන් වෙත බෙදා හරිනු ලැබේ.

හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා විසින් මෙම සමුළුවේ පර්යේෂණ වාර්තාවේ පළමු පිටපත හේලීස් සභාපති සහ ප්රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා වෙත ලබා දෙමින්

පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මෙම උත්සවයේ පොල්තෙල් පහන දල්වමින්

කැලණිවැලි වැවිලි සමාගමේ සාමාන්යාධිකාරී - මානව සම්පත් සහ ආයතනික තිරසාර, අනුරුද්ධ ගමගේ මහතා සමුළුව අමතමින්
ඡායාරූප : ඩුනඩින් ස්කිම් රබර් සැකසුම් කර්මාන්තශාලාවේ ජ්යෙෂ්ඨ කළමනාකාර, චන්දන වන්නිආරච්චි මහතා (වමේ සිට තෙවැන්නා) මෙම උත්සවයේ ‘විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා’ සම්මානය පිළිගනිමින්
Video Story