June, 27, 2022
වසංගත කාලයකට මුහුණ දුන් ශ්රී ලංකාව, 2021 වසර අවසන් වන විට 'නව සාමාන්ය' තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්රාදේශීය ප්රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්රී ලංකාවේ FMCG අංශයේ ප්රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම් හරහා පීඩාවට පත් වූ ප්රජාවන්ට සහාය වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් ක්ෂණික සහ ස්ථාවර සහයෝගයක් මෙම ප්රජාවන්ට ලබා දුන් අතර, වියළි සලාක, පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන, ලිපි ද්රව්ය ඇතුළු තවත් දේ පවුල් සහ අනෙකුත් ප්රජාවන්ට පරිත්යාග කරන ලදි. අනුරාධපුර ප්රදේශයේ වියළි ආහාර ද්රව්ය බෙදා දීමක් සිදු කරන අතරතුර, ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ද උපකාර කිරීමට සමාගම ඉදිරිපත් විය. පසුගිය කාර්තුව තුළ මධ්යම, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව යන ප්රදේශවල ප්රජාවන්ගෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 1000ක් වෙත බහුවිධ පරිත්යාග ලැබී ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි ව්යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්යක්ෂිකා සබ්රිනා යුසුෆාලී මෙසේ අදහස් දැක්වීය. “වසංගතය සහ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දිවයින පුරා සිටින ප්රජාවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙනවා. ප්රජාවන්ගේ යහපැවැත්ම නඟා සිටුවීමට හේමාස් හි අපි ඇප කැපවී සිටිනවා. අතිශය දුෂ්කරතා සහිත මේ කාලය තුළ, හේමාස් අපගේ බහුවිධ වේදිකා හරහා බලමුලු ගන්වන අතර එමඟින් සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා කඩිනමින් සහය ලබා දීමට අපට හැකි වේ.
ගුණාත්මක සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සීමිත ප්රවේශයක් සහිත තෙල්දෙණියේ පාසලකට පරිත්යාග කිරීමට හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් කොළඹ විශ්ව විද්යාලයේ ලියෝ සමාජයට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන ලදි. එසේම සමාගම විසින් අතලේ ප්රදේශවාසීන්ට ආධාර පිණිස සෞඛ්ය කඳවුරකට සනීපාරක්ෂක තුවා ලබා දීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ සහ විශාඛා විද්යාලයේ සමාජ සේවා සංගම් වෙත සහය ලබා දෙන ලදි.
වසර ගණනාවක් පුරා, හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් අවශ්යතා ඇති ශ්රී ලාංකේය ප්රජාවන්ට උපකාර කිරීමට කැපවී සිටින අතර ඉදිරි වසරවලදී ද එය අඛණ්ඩව සිදු කරනු ඇත.
Photo Caption : අනුරාධපුරයේ ප්රාදේශීය ප්රජාවකට වියළි සලාක පරිත්යාග කිරීම
June, 8, 2022
ශ්රී ලංකාවේ අංක 1 රූපලාවන්ය සබන් නිෂ්පාදනයක් වන Velvet විසින් සමේ වියළි බව සහ අඳුරු බව දුරලන Velvet සබන් පෙළක් නව මුහුණුවරකින් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.Hemas Consumer Brands වෙතින් හඳුන්වා දෙන ලද Velvet සබන්, වසර ගණනාවක් පුරා එහි නැවුම් බවින් යුක්තව, ප්රමුඛ පෙළේ තාක්ෂණය සහ ගුණාත්මකභාවයෙන් යුතුව ප්රමිතීන්ට අනුකූලව සමට හිතකර ලෙස නිෂ්පාදනය කර ඇත. Velvet නිෂ්පාදන සැම විටම ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ගේ සමේ ආරක්ෂාව සඳහා ප්රමුඛත්වය ලබා දී ඇති අතර, Velvet සබන් නිෂ්පාදන පරාසය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Velvet සබන් පෙළ නැවත වෙළෙඳපොල වෙත දියත් කරන ලදී.
Velvet සබන් නිෂ්පාදන පෙළ සඳහා විටමින්, ඛනිජ ලවණ සහ අනෙකුත් සමට හිතකර අමුද්රව්ය භාවිත කර ඇති අතර එමඟින් ඔබේ සමේ මොයිස්චරයිසින් ගුණය සහ නැවුම් බව පැය 06ක් දක්වා පවත්වා ගනියි.
මෙහි අඩංගු නව ‘Moistureboost’ සහ විටමින් සංඝටකය තෙතමනය සහිත සුමුදු සමක් ලබා ගැනීමට උපකාරී වේ.එය වෙළෙඳපොලේ පවතින අනිකුත් සබන් වලට වඩා දිගු කාලයක් පවතින අතර නිරෝගී සමකට ද Velvet සබන් ඉවහල් වේ. ද්විත්ව අමුද්රව්ය භාවිතය හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය වන Velvet සමට හිතකර ප්රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වේ. Velvet සබන් සඳහා භාවිතා කරන සෑම අමුද්රව්යයක්ම 100% ස්වභාවික වන අතර සමට අවශ්ය තෙතමනය සහ පෝෂණය එමගින් සපයයි.එමෙන්ම ශ්රී ලංකාවේ ප්රථම වරට මුරුංගා සහ සහල් කිරි ප්රභේදයෙන් යුතු Velvet සබන් පෙළ ද මෙහිදී විශේෂයෙන් හඳුනා ගත හැකිය.
පාරිභෝගික අවශ්යතා මැනවින් අවබෝධ කර ගනිමින්, දැරිය හැකි මිලකට Velvet සිය නිෂ්පාදන පරාසය නිර්මාණය කර ඇත්තේ සමේ වියළි බව සහ අඳුරු බව වැනි සම ආශ්රිත ගැටළු විසඳීම සඳහා ය.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet සබන් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්ය ආරක්ෂිත ක්රියාවලියන්ට අනුකූලව ඉහළම ප්රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.
Video Story