December, 20, 2022
හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල් වල ගුරුවරියන් 100 කට අධික සංඛ්යාවක් සහභාගී විය.
හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්රමුඛතම ප්රජා සත්කාරයක් වන ‘පියවර’ වැඩසටහන ආරම්භ වූයේ 2002 වසරේදී ය. ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග අත් වැල් බැඳ ගනිමින් දියත් කල පියවර ව්යාපෘතියේ අරමුණ වන්නේ , මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධන වැඩ රාමුව යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීමයි. දරුවෙකු සිය ජීවිතයේ තබන මුල් පියවර සංකේතවත් කිරීම සඳහා මෙම වැඩසටහන ‘පියවර’ ලෙස නම්කරන ලදි. දරුවන්ට යහපත් රැකවරණයක් ලබාදෙමින්, ඔවුන්ගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සැපයීම මෙම වැඩසටහනේ මූලික දැක්ම විය.
‘පියවර’ වැඩසටහන යටතේ දිවයින පුරා පෙරපාසල් රාශියක් ඉදිකර, ඒවා අදාළ පළාත් පාලන ආයතන වෙත භාරදී ඇති අතර, එම ආයතන විසින් එම පාසල් වලට නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් පත්කිරීම සහ එම ගුරුවරුන්ට වැටුප් ගෙවීම සිදුකරනු ලබයි. මෙම පාසල් වල සාමාන්ය නඩත්තු කටයුතු අදාළ පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලබන අතර, අධ්යාපනයේ ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හේමාස් අවුට්රීච් පදනම මගින් වාර්ෂිකව ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
“වසර 21 ක් තිස්සේ හේමාස් අවුට්රීච් පදනම ‘පියවර’ වැඩසටන යටතේ ගුරුවරුන් රාශියකට පුහුණුව ලබා දී තිබෙනවා. ශ්රී ලංකාවේ දරුවන් සිය දහස් ගණනකගේ ජීවිත වඩාත් යහපත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි. එමෙන්ම මෙය ජාතික මට්ටමේ ගැටලු විසඳීම සඳහා රාජ්ය අංශය හා පෞද්ගලික අංශය අතර සාර්ථක හවුල්කාරීත්වයක් ගොඩනංවා ගැනීම පිළිබඳ මනා උදාහරණයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මෙය භෞතික සීමාවන් ඉක්මවා යමින්, සමස්තයක් ලෙස ශ්රී ලාංකික දරුවන්ට ගුණාත්මක අතින් ඉහළ අධ්යාපනයක් ලබාදීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.
හේමාස් අවුට්රීච් පදනම යනු අවම පහසුකම් සහිත ප්රදේශවල දරුවන්ට ලෝක මට්ටමේ පෙරපාසල් අධ්යාපනයක් ලබා දෙමින් මුල් ළමාවිය සංවර්ධනය සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන පුණ්ය භාරයකි. එමෙන්ම එය ආබාධ සහිත දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ඉහළම තත්ත්වයේ සේවාවන් ලබාදීමටත්, ඔවුන් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති දුර්මත දුරුකිරීමටත් කැපවී සිටී. මේ වනවිට මෙම පදනම හරහා රටේ දරුවන් 700,000 කට අධික සංඛ්යාවකට සහ ඔවුන්ගේ පවුල් වලට සෙත සැලසී ඇත.


November, 10, 2022
විදුලි පරිභෝජනය 25% කින් අඩුකිරීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති සවිකෙරේ
හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්යාය පත්රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්රියාවට නංවා තිබේ.
එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක, වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. Fentons Ltd හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින් මෙය සිදුකරනු ලැබේ. මෙම ව්යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව සමූහයේ විදුලි පරිභෝජනය 25% කින් අඩු වනු ඇති අතර, එහි මෙහෙයුම් කටයුතු මගින් පරිසරයට ඇතිවන බලපෑමද තවදුරටත් අවම වනු ඇත.
මේ ආකාරයට විකල්ප බලශක්තිය භාවිතයට ගැනීම මගින් සිය කාබන් පිය සටහන අවම කිරීමට සහ ඕසෝන් ක්ෂය වීම අවම කිරීමට දායක වීමට මෙන්ම, අනාගතයේ මතුවිය හැකි පොසිල ඉන්ධන හිඟයට සාර්ථක ලෙස මුහුණ දීමටද හේමාස් සමූහයට හැකියාව ලැබෙනු ඇත.
මෙම විකල්ප බලශක්ති භාවිතය අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් වනු ඇතැයි හේමාස් සමූහය විශ්වාසය පළකරයි. එමගින් තිරසාර ව්යාපාර ක්රමවේදයන් බහුලව භාවිතයට පැමිණ, ශ්රී ලංකාවේ පරිසරයට සුවිශාල යහපතක් සිදුවනු ඇත.
සිය පාරිසරික න්යාය පත්රය යටතේ විවිධ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින්, දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකිරීමටත්, වගකීම්සහගත ලෙස ස්වාභාවික බලශක්තිය භාවිතය ප්රවර්ධනය කිරීමටත්, ව්යාපාරික කටයුතු මගින් සිදුවන බලපෑම් අවම කිරීමටත්, පරිසරයට හානි කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් හේමාස් සමූහය බලාපොරොත්තු වෙයි.
ඡායාරූපය (වමේ සිට) : හේෂාන් කත්රිආරච්චි (ජ්යෙෂ්ඨ ඉංජිනේරු- ව්යාපෘති/ Hayleys Solar), ලින්ඩ්සේ මෙල්ඩර් (සහකාර සාමාන්යාධිකාරී - විකුණුම්/ Hayleys Solar), රොෂේන් පෙරේරා (අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී/ Hayleys Solar), හසිත් ප්රේමතිලක (කළමනාකාර අධ්යක්ෂ/ Fentons Limited), මුර්තසා යුසුඵලි (සමූහ අධ්යක්ෂ - Hemas Holdings PLC), සල්මි ෆසීල් (සමූහ ප්රධාන මූල්ය නිලධාරී - Hemas Holdings PLC), මින්දික තිලකරත්න (කළමනාකරු - සමූහ තිරසාරත්ව සහ විශේෂ ව්යපෘති/ Hemas Holdings PLC) සහ හේසල් පෙරෙයිරා (සාමාන්යාධිකාරී - සමූහ මූල්ය/ සමූහ භාණ්ඩාගාරික/ Hemas Holdings PLC)
October, 6, 2022
ශ්රී ලංකාවේ පිළිකා රෝගී කාන්තාවන්ගේ ස්වාභාවික කේෂ පළඳනා අවශ්යතාවයන් සපුරාලමින් ඔවුන්ට දිරියක් වීම සඳහා දියත් කළ 'සොඳුරු දිරියවන්ති’ වැඩසටහනේ අති සාර්ථක වර්ෂ පූර්ණ සැමරුම පසු ගිය දා පවත්වන ලදි. මෙම වැඩසටහන හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි ශ්රී ලාංකේය කාන්තාවන්ගේ ප්රමුඛතම හිසකෙස් සත්කාරක නිෂ්පාදනයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජ, ශ්රී ලංකා පිළිකා රෝග විද්යාලය හා සෞඛ්යය අමාත්යාංශය යන සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය සහ කැපවීම් මධ්යයේ 2021 ඔක්තොම්බර් 05වන දින ආරම්භ කෙරිණි. පිළිකා ප්රතිකාරකයක් ලෙස ලබා දෙන රසායන චිකිත්සාවන් නිසා හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට පිරිපුන් කෙස් කළඹක සිහිනය සැබෑ කරමින් ඔවුන් බල ගැන්වීම සඳහා ස්වභාවික කේෂ පළඳනා පරිත්යාග කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්ය වන අතර, මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් සම්පූර්ණයෙන් ම ගැලවී යාම සිදුවේ. මේ නිසා බොහෝ කාන්තාවන් කායික, මානසික හා සමාජීය පීඩනයට පත් වේ. දිනෙන් දින වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම මෙන් ම, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාවන් දුරු කරමින්, ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජය සමඟ මුහු වීමට කාන්තාවන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සමාජ සත්කාරක ජාතික ව්යාපෘතිය ආරම්භ කෙරිණි.
හේමාස් මැනුෆැක්චරින් හි අලෙවි ප්රධානී, අස්මාරා මනන් මහත්මිය “ශ්රී ලංකාවේ කාන්තාවන් නිරන්තරයෙන් බල ගැන්වීම “කුමාරිකා" සන්නාමයේ ප්රධාන අරමුණක්. පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවන්ට ලබා දෙන ප්රතිකාර ක්රමවේදයන් හේතුවෙන් ඔවුන්ගේ හිසකෙස් ගැලවී යාම ඔවුන් මුහුණ දෙන ප්රධානතම ගැටලුවක් බව අප අවබෝධ කර ගත්තා. මේ හේතුව නිසා ඔවුන්ට ඇති වන චිත්ත පීඩාවන් දුරු කරමින්, ශක්තිමත් මනසකින් සමාජය වෙත මුහුණ දීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි කුමාරිකා සන්නාමය, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජ, ශ්රී ලංකා පිළිකා රෝග විද්යාලය හා සෞඛ්යය අමාත්යාංශය සමඟ එක්ව 'සොඳුරු දිරියවන්ති’ සමාජ සත්කාරක ව්යාපෘතිය දියත් කළා. ඒ වගේ ම ඉදිරියේ දී මෙම වැඩසටහන දීපව්යප්තව ක්රියාත්මක කිරීමට අපි සැලසුම් කර තිබෙනවා." යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්විය.
ඉන්දිරා පිළිකා භාරයේ සභාපති, වෛද්ය ලංකා ජයසූරිය දිසානායක "පිළිකා රෝගීන් දිනෙන් දින ඉහළ යමින් සිටින අතර ඔවුන් කායික හා මානසිකව ද පීඩා විඳීම කණගාටුදායක කරුණක්. කීමෝ ප්රතිකාර නිසා හිසකෙස් අහිමි වීම තුළින් කාන්තාවන් තව දුරටත් අභියෝගයන්ට මුහුණ දෙන අයුරු අපි දුටුවා. මෙවන් තත්වයක් මත අනෙක් පාර්ශව සමඟ එක් වෙමින් ක්රියාත්මක කළ මෙම ජාතික වැඩපිළිවෙළ ඉදිරියටත් සිදු කිරීමට අපි බැඳී සිටිනවා සහ සියලු පාර්ශවයන් හට ස්තූතිවන්ත වනවා" යනුවෙන් සඳහන් කළාය.
අලුත්ගම බෙන්තොට, සිංහ සමාජයේ හිටපු දිස්ත්රික් සිංහාධිපතිනි, සිංහ චාන්දනී විතාන මහත්මිය "මීට වසරකට පෙර කුමාරිකා සහ ඉන්දිරා පිළිකා භාරය සමඟ මෙම ජාතික වැඩසටහනෙහි පාර්ශවකරුවෙකු වීමට සිංහ සාමාජිකයින් හැටියට අපට හැකි වුණා. එදා සිට අද දක්වා ශ්රී ලංකාවේ පිළිකාවෙන් පෙළෙන කාන්තාවන් දිරි ගන්වමින් ඔවුන්ගේ සුබසෙත උදෙසා කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. අපගේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව කාලීනව වටිනාකමක් ඇති මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අපි අපේක්ෂා කරනවා" යනුවෙන් අදහස් දැක්විය.
මෙම වැඩසටහන මඟින් හඳුනාගත් පිළිකා රෝගී තත්වයන් මත හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට ස්වභාවික කේෂ පළඳනා සමඟ කුමාරිකා Care Pack 2,000කට අධික ප්රමාණයක් ගෙවුණු වසර තුළ පරිත්යාග කිරීමට සොඳුරු දිරියවන්ති ව්යාපෘතිය සමත් වී ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල ශික්ෂණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල, අනුරාධපුර, මහනුවර, බදුල්ල, කරාපිටිය, තෙලිප්පලයි, රත්නපුර, මඩකලපුව කුරුණෑගල යන මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල් වෙත අදියර කිහිපයක් ඔස්සේ මෙසේ කුමාරිකා Care Packs පරිත්යාග කිරීම සිදු කර ඇත.
September, 22, 2022
ශ්රී ලංකාවට ආවේණික සම්පත් රැකගැනීමට දායක වීම මෙරට ව්යාපාර ක්ෂේත්රයේ වගකීමක් බව විශ්වාස කරමින්, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී එහි 2030 සමූහ පාරිසරික න්යායපත්රය පසුගියදා එළිදැක්වී ය. මෙය දැනට වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින, ශ්රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි.
ආවේණික සත්ත්ව හා ශාක විශේෂ 350 කට අධික සංඛ්යාවක් සහිත ශ්රී ලංකාව, ලොව ජෛව විවිධත්ව තෝතැන්නක් ලෙස සැලකේ. කෙසේ වුවද මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් මෙම සත්ත්ව හා ශාක විශේෂ රාශියක් මේ වනවිට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටී.
“සැබැවින්ම ශ්රී ලාංකික සමාගමක් ලෙස රටේ සම්පත් ආරක්ෂා කරගැනීමට අප මැදිහත් විය යුතු බව අප විශ්වාස කරනවා. අප සතු සශ්රීක පරිසර පද්ධතියෙන් අනාගත පරපුරටත් ප්රතිලාභ ලැබීමට හැකි වන්නේ එවිටයි. අපගේ පාරිසරික න්යාය පත්රය යටතේ විවිධ හවුල්කරුවන් සමග එක්වී, පරිසරය සුරැකීමට, ස්වභාවික සම්පත් වගකීමෙන් යුතුව පරිහරණය කිරීම දිරිගැන්වීමට, අපගේ මෙහෙයුම්වල බලපෑම සීමා කිරීමට සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ඔස්සේ රටේ වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීමට දායක වීම අපගේ බලාපොරොත්තුවයි.” හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.
පාරිසරික න්යාය පත්රය යටතේ ක්රියාවට නංවන මූලික වැඩසටහනක් ලෙස, ශ්රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ 50 කට අධික සංඛ්යාවක් පිළිබඳව වැඩිදුර තොරතුරු එක්රැස් කිරීමට සහ එම විශේෂ ආරක්ෂා කරගැනීමට අවශ්ය පියවර ගැනීමට හේමාස් හෝල්ඩිංග්ස් මේ වනවිට වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society - WNPS) සමඟ හවුල්කාරීත්වයකට එළඹි සිටී.
“වනජීවී හා ශාක විශේෂයන්ගේ අනාගතය තීරණය වන්නේ මිනිස් ක්රියාකාරකම් මතයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණ විපර්යාස හේතුවෙන් මුළු ලොවටම බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක් තුළ, අප සතු දේ රැකගැනීමට අප නොපමාව පියවර ගත යුතුයි. හේමාස් සමූහය අප සමග එක්වී ඒ සඳහා අතිශය කාලෝචිත වැඩසටහනක් දියත් කර තිබෙනවා. මෙය නිවැරදි දිශාවට තැබූ වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම හේමාස් වැනි මහා පරිමාණ ව්යාපාරයක් රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි මැදිහත්වීම් සිදුකිරීම ප්රශංසනීයයි. අනෙක් අයත් මෙය ආදර්ශයට ගනිමින්, අප ජීවත් වන ලෝකය ආරක්ෂා කරගැනීමට පෙරට එනු ඇතැයි කියා අප සිතනවා.” වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න මහතා පැවසී ය.
Panel caption: කස්තුරි චෙල්ලරාජා විල්සන් - සමූහ ප්රධාන විධායක නිලධාරී, හේමාස් හෝල්ඩිග්ස් පීඑල්සී, ජෙහාන් කනගරත්න - සභාපති, WNPS, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න - කොළඹ විශ්වවිද්යාලයේ සත්ත්ව විද්යාව පිළිබඳ මහාචාර්ය, ඉෂානි රණසිංහ - සමූහ ප්රධානී - තිරසාරත්වය සහ ආයතනික සන්නිවේදන, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී
August, 8, 2022
ශ්රී ලංකාවේ FMCG (සීග්රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්රව්ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්ය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි. පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ව්යාපෘතියේ කොටසක් ලෙස පොදු උත්සවවලදී සහ පොදු ස්ථානවල දමා යන ප්ලාස්ටික් කුණු එකතු කර ප්රතිචක්රීකරණය කිරීම සඳහා හවුල්කරුවන් හා එක්ව ක්රියා කරයි.
සිය හරිත මෙහෙවර පාරිසරික ප්රතිඥාව යටතේ හේමාස් සමූහ ව්යාපාරය, පරිසරය සුරැකීමට සහ ශ්රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට හා ඒ සඳහා ජනතාව ඒකරාශි කිරීමට ප්රතිඥා දී ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි වැඩ බලන කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා යුසුෆාලි "ශ්රී ලංකාව තුළ වගකීම් සහගත සහ තිරසාර මෙහෙයුම් තුළින් අපගේ පාරිසරික පිය සටහන් හඳුනාගෙන, ඒවා අවම කිරීම අපගේ ප්රධාන පරමාර්ථයයි. වගකීම් සහිතව ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම සහතික කරමින් Cleantech සමඟ සහයෝගීව සිදු කරන මෙම ව්යාපෘතිය හේමාස් විසින් සැලසුම් කරන ලද මහා පරිමාණ පාරිසරික ව්යාපෘති කිහිපයෙන් එකකි. එසේම, වසර 2030 වන විට අපගේ භාණ්ඩ ඇසුරුම්කරණයේදී ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වූ අපගේ නිෂ්පාදන ක්රියාවලීන් දෙසද අපේ අවධානය යොමු කරනවා.” යනුවෙන් සිය අදහස් දක්වා සිටියාය.
Cleantech පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, "පරිසරයට හානිකර ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට නවෝත්පාදන විසදුම් සෙවීම සඳහා හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපට සතුටක්. ගොඩබිම සහ සාගරය වෙත වගකීම් විරහිතව බැහැර කරන ප්ලාස්ටික් හේතුවෙන් ශ්රි ලංකාවේ ජෛව විවිධත්වයට තර්ජන එල්ල වී ඇත. කඩිනමින් ප්ලාස්ටික් ප්රතිචක්රීකරණය සිදු කර, පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කරන මෙම ව්යාපෘතිය කාලෝචිතව වටිනා මුල පිරීමක් ද වෙනවා" යනුවෙන් සඳහන් කරන ලදි.
ජායාරූප විස්තරය : අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් (වමේ සිට) හේමාස් වෙතින් - කීත් දාබරේ, සන්නාම සහ අරමුණු නිර්මාණ ශිල්පි, සොනාලි නිසාම්, විධායක, ආයතනික කටයුතු, මින්දික තිලකරත්න, කළමණාකාර සමූහ තිරසාර හා විශේෂ ව්යාපෘති, ජානකී කරුණාරත්න, සමූහ ආයතනික කටයුතු ප්රධානී, සබ්රිනා යුසුෆාලි, වැඩබලන කළමනාකාර අධ්යක්ෂ, හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්. Cleantech වෙතින් Cleantech හි කළමනාකාර අධ්යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, කළමනාකරණ අභ්යාසලාභී සෙව් පෙස්ටොන්ජී, චක්රීය ආර්ථික සේවා ප්රධානී කසුන් කරුණානායක, චක්රීය ආර්ථික සේවා කළමනාකරු, කසුන් තෙන්නකෝන්, සචිනි ප්රභා, සහකාර කළමනාකරු, චක්රීය ආර්ථික සේවා
June, 27, 2022
වසංගත කාලයකට මුහුණ දුන් ශ්රී ලංකාව, 2021 වසර අවසන් වන විට 'නව සාමාන්ය' තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්රාදේශීය ප්රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්රී ලංකාවේ FMCG අංශයේ ප්රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම් හරහා පීඩාවට පත් වූ ප්රජාවන්ට සහාය වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් ක්ෂණික සහ ස්ථාවර සහයෝගයක් මෙම ප්රජාවන්ට ලබා දුන් අතර, වියළි සලාක, පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන, ලිපි ද්රව්ය ඇතුළු තවත් දේ පවුල් සහ අනෙකුත් ප්රජාවන්ට පරිත්යාග කරන ලදි. අනුරාධපුර ප්රදේශයේ වියළි ආහාර ද්රව්ය බෙදා දීමක් සිදු කරන අතරතුර, ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ද උපකාර කිරීමට සමාගම ඉදිරිපත් විය. පසුගිය කාර්තුව තුළ මධ්යම, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව යන ප්රදේශවල ප්රජාවන්ගෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 1000ක් වෙත බහුවිධ පරිත්යාග ලැබී ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි ව්යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්යක්ෂිකා සබ්රිනා යුසුෆාලී මෙසේ අදහස් දැක්වීය. “වසංගතය සහ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දිවයින පුරා සිටින ප්රජාවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙනවා. ප්රජාවන්ගේ යහපැවැත්ම නඟා සිටුවීමට හේමාස් හි අපි ඇප කැපවී සිටිනවා. අතිශය දුෂ්කරතා සහිත මේ කාලය තුළ, හේමාස් අපගේ බහුවිධ වේදිකා හරහා බලමුලු ගන්වන අතර එමඟින් සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා කඩිනමින් සහය ලබා දීමට අපට හැකි වේ.
ගුණාත්මක සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සීමිත ප්රවේශයක් සහිත තෙල්දෙණියේ පාසලකට පරිත්යාග කිරීමට හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් කොළඹ විශ්ව විද්යාලයේ ලියෝ සමාජයට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන ලදි. එසේම සමාගම විසින් අතලේ ප්රදේශවාසීන්ට ආධාර පිණිස සෞඛ්ය කඳවුරකට සනීපාරක්ෂක තුවා ලබා දීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ සහ විශාඛා විද්යාලයේ සමාජ සේවා සංගම් වෙත සහය ලබා දෙන ලදි.
වසර ගණනාවක් පුරා, හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් අවශ්යතා ඇති ශ්රී ලාංකේය ප්රජාවන්ට උපකාර කිරීමට කැපවී සිටින අතර ඉදිරි වසරවලදී ද එය අඛණ්ඩව සිදු කරනු ඇත.
Photo Caption : අනුරාධපුරයේ ප්රාදේශීය ප්රජාවකට වියළි සලාක පරිත්යාග කිරීම
June, 16, 2022
හේමාස් අවුට්රීච් පදනම ක්රියාවට නංවන ‘පියවර’ වැඩසටහන යටතේ ඉදිකරන ලද 60 වන පෙර පාසල් පසුගියදා අම්පාර වඩිනාගල ප්රදේශයේදී විවෘත කරන ලදි. මෙය ශ්රී ලංකාවේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධ ශ්රී ලංකාවේ ජාතික න්යායපත්රයට සහය දැක්වීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙන යන වැඩපිළිවෙල යටතේ විවෘත කල නවතම පෙරපාසලයි.
2002 වසරේදී හේමාස්,කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්රාථමික අධ්යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්යාපන සේවා රාජ්ය අමාත්යාංශය සමග අත්වැල් බැඳගනිමින් ‘පියවර’ වැඩසටහන ආරම්භ කරන ලදි. මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධ රාමුවට ඇතුළත් ප්රධාන අංග වලට අනුකූලව, ශ්රී ලංකාවේ අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීම මෙහි මූලික අරමුණ වී තිබේ. පසුගිය දශක දෙකක කාලය තුළ මෙම වැඩසටහන මෙරට රාජ්ය අංශය හා පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්රියාවට නැංවූ වැඩසටහන් අතර සාර්ථකම වැඩසටහනක් බවට පත්වී ඇත. ‘පියවර’ වැඩසටහන මගින් මේ වනවිට දිවයින පුරා පෙර පාසල් 60 ක් විවෘත කර ඇති අතර ගුරුවරු 200 කට වැඩි පිරිසක් එම පෙරපාසල් වල සේවය කරති. මෙමගින් සෙත සැලසී ඇති දරුවන් සංඛ්යාව 4,000 කට අධික ය.
“මුල් ළමා විය සංවර්ධනය සඳහා දායක වීමේ වැදගත්කම හේමාස් සමූහය හොඳින් හඳුනනවා. ‘පියවර’ වැඩසටහන ඔස්සේ අප උත්සාහ කරන්නේ, මෙරට කිසිදු දරුවෙකුට වෙනස්කමක් සිදු නොවීම සඳහා, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ අනාගතය හැඩගැස්වීමටයි. පසුගිය දශක දෙකක කාලය තුළ, ළමා ලේකම් කාර්යාලය සමග අප පවත්වාගෙන යන සම්බන්ධතාව අද වන විට බෙහෙවින් ශක්තිමත් වී ඇති අතර, එය ජාතික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී රාජ්ය-පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. ඉදිරි වසරවලදී ශක්තිමත් හා සමාන අවස්ථා සහිත ප්රජාවන් ගොඩනැංවීමේ උත්සාහය තවදුරටත් පුළුල් කරමින්, අපගේ මෙහෙවර අනෙකුත් අඩු පහසුකම්ලාභී ප්රජාවන් වෙතද ව්යාප්ත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” හේමාස් සමූහ ව්යාපාරයේ සමූහ සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.
හේමාස් අවුට්රීච් පදනමේ තිරසාර සහ අඛණ්ඩ ව්යාපෘතියක් වන ‘පියවර’, ජාතික ගැටලු විසඳීමට සහ ශක්තිමත් ප්රජාවන් ගොඩනැගීමේදී රාජ්ය-පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ සඵලතාවය පෙන්නුම් කරන සාර්ථක මුලපිරීමකි. මීට පෙර වඩිනාගල පෙරපාසල පවත්වාගෙන යන ලද්දේ එම ප්රදේශයේ පොදු ප්රජා මධ්යස්ථානය තුළ ය. එයද වරින් වර දැඩි වර්ෂාපතනයේ බලපෑමට ලක්වෙමින් පැවතිණි. ‘පියවර’ වැඩසටහන යටතේ විධිමත් පෙරපාසලක් ලැබීම, එම ප්රදේශයේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට මහඟු අත්වැලක් වනු නො-අනුමාන ය.
“මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම ශ්රී ලංකාවේ මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ඇති ඉතා හොඳ මාවතක්. මේ වැදගත් සංවර්ධන අවධියේදී මුල් ළමා විය අධ්යාපනය අතිශයින් වැදගත් වනවා. දරුවෙකු උපන් පසු දෙමාපියන්ගෙන් ඉගෙනගන්නා දේ හැරුණු විට එම දරුවාගේ ජීවිතයේ මුල්ම පදනම වන්නේ පෙරපාසලෙන් ලැබෙන අධ්යාපනයයි. ‘පියවර’ වැඩසටහන මගින් වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන්ට මුල් ළමා වියට අදාළ අධ්යාපන අවස්ථා ලබාදෙනවා. දරුවන්ට තම ජීවිත කාලය පුරාම වැදගත් වන ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. සුරක්ෂිත අභ්යන්තර හා බාහිර ඉගෙනුම් පරිසරයන් තුළ තම දරුවන්ට ගුණාත්මක අත්දැකීම් ලබාදීමට කැමැත්තෙන් සිටින දෙමාපියන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට ‘පියවර’ පෙර පාසල් සමත් වනු ඇති බවට අප විශ්වාස කරනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සහ ශ්රී ලංකා ආයති භාරයේ විධායක අධ්යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.
හේමාස් අවුට්රීච් පදනම, හේමාස් සමූහයේ ආයතනික සමාජ සත්කාර කටයුතු වලදී පෙරමුණ ගනිමින් සෞඛ්ය සම්පන්න ජීවිතයක වැදගත්කම ප්රචලිත කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හේමාස් අවුට්රීච් පදනමේ මෙහෙවර වන්නේ, මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය තුළින් ශ්රී ලංකාවේ අඩු වරප්රසාදිත දරුවන්ගේ ජීවිත පොහොසත් කිරීම ය. භාරකාර පදනමක් ලෙස ක්රියාත්මක වන හේමාස් අවුට්රීච් පදනම, සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත පිරිසකගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.




Video Story