October, 10, 2022
මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්රිකාව හරහා දත්ත ගබඩාකරණයේ වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්යතාව මැනීම සඳහා ප්රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත ගබඩා ක්රමවේදයන් විශ්ලේෂණය කරමින් ගුණාත්මක දත්ත ගබඩාකරණ පද්ධතියක් ගොඩනංවා ගැනීමට රජයන්ට හා ව්යාපාරවලට සහයෝගය ලබා දෙයි.
Huawei IT නිෂ්පාදනායතනයේ උප සභාපති ගු ක්සුවේජුන් මහතා පැවසුවේ, "දැනට දත්ත ගබඩා කිරීමේ හැකියාව මනිනු ලබන්නේ ධාරිතාව අනුවයි. එය එසේ වුණත්, කර්මාන්තයේ ශීඝ්ර දියුණුව, කෘත්රිම බුද්ධිය, ප්රමාණයෙන් විශාල දත්ත, ධාරිතාව වැනි දත්ත ආශ්රිත විවිධ අවශ්යතාවන් නිර්මාණය වීම නිසා පවතින දත්ත ගබඩාකරණ ක්රමවේද ප්රමාණවත් නොවන බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා ම දත්ත ගබඩා කිරීමේ හැකියාව ඵලදායී ලෙස වර්ධනය කරගැනීමට අපට සුවිශේෂී සේවාවක අවශ්යතාව මතු වෙලා තිබෙනවා." යනුවෙනි.
බුද්ධිමය ලෝකය තුළ ක්රියාත්මක වන කර්මාන්ත ආශ්රිතව අති විශාල දත්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර, එම කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය සඳහා දත්ත ගබඩා කිරීමේ ගුණාත්මක ක්රමවේදයක් අත්යවශ්ය වේ. Huawei සමාගම නිකුත් කළ ධවල පත්රිකාව මගින් දත්ත ගබඩා කිරීම වෙනුවෙන් එම සමාගම හඳුන්වා දී ඇති නව්ය සේවාවන් බලගන්වයි.
දත්ත ගබඩා කිරීමේ බලය පිළිබඳ සංකල්පයක් හා අරුතක් : දත්ත ගබඩා කිරීමේ බලය යනු, ගබඩා ධාරිතාව, කාර්ය සාධනය, විශ්වසනීයත්වය හා හරිත සංකල්පයන්ට අනුගත වීම යන ගුණාංග ඇතුළත් විස්තීරණ සංකල්පයකි.
දත්ත ගබඩාකරණයේ වටිනාකම පිළිබඳ ප්රමාණාත්මක පර්යේෂණ : Huawei සමාගම සිදුකළ ගණනය කිරීම්වලින් පෙන්නුම් කරන්නේ දත්ත ගබඩා කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන ඇමරිකානු ඩොලර් 1 ක ආයෝජනයක්, ඇමරිකානු ඩොලර් 5 ක සෘජු වටිනාක්, ඇමරිකානු ඩොලර් 8 ක වක්ර අගයක් සහ ඇමරිකානු ඩොලර් 30-40 වටිනා ප්රේරිත අගයක් නිර්මාණය කරන බවයි.
යම් ප්රදේශයක හෝ දත්ත මධ්යස්ථානයක දත්ත ගබඩා කිරීමේ බලය තක්සේරු කරන දර්ශක පද්ධතියක් : මෙම පද්ධතිය රාජ්ය හා ව්යාපාරික ලක්ෂණ මත පදනම්ව විශාලත්වය, කාර්යක්ෂමතාව, පදනම සහ වර්ධනය යන අංශ හරහා දිවෙන දර්ශක 35 කින් පමණ සමන්විත වේ.
රටවල් 20ක හා කලාපීය ගබඩා බලය පිළිබඳ ඇගයීමක් : මෙම ධවල පත්රිකාව මගින් දත්ත ගබඩා කිරීමේ බලය ශ්රේණිගත කිරීමේ දී ඇතැම් රටවල් පෙරමුණ ගැනීම සම්බන්ධව සහ පහත ශ්රේණිගත පාර්ශ්වයන්ට එය ලබා ගත හැක්කේ කෙසේ ද යන්න විශ්ලේෂණය කරයි. එමෙන් ම එමඟින් දත්ත ගබඩා කිරීමේ බලය වැඩි දියුණු කෙරෙන ප්රතිපත්ති යෝජනා සැපයීම ද සිදු කරයි.
"මෙම ධවල පත්රිකාව දත්ත ගබඩා කිරීම් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අර්ථවත් ගවේෂණයක් විදියට මා දකිනවා. එමගින් දත්ත සහ උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්රවර්ධනය කිරීමට වගේ ම, ඩිජිටල් යටිතල ව්යුහය වර්ධනය කිරීම සඳහා දත්ත මනාව ගබඩා කිරීම, කාර්යක්ෂමව ගණනය කිරීම හා ජාල හරහා ස්ථායීව සම්ප්රේෂණය කිරීම යන කරුණු පූර්ණ කිරීමත් සුවිශේෂයි." යනුවෙන් ක්සුවේජුන් මහතා වැඩිදුරටත් පැවසුවේය.
September, 28, 2022
'HUAWEI CONNECT 2022' ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය. Huawei සමාගමේ විධායක අධ්යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී '5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන් කිරීම' යන තේමාව යටතේ එහි ප්රධාන දේශනය පැවැත්වීය.
මෙම දේශනයේ දී 5.5G යනු බුද්ධියේ ලෝකය වෙත පිය නැඟීමේ ප්රධාන සන්ධිස්ථානයක් බව අවධාරණය කළ වැන්ග් මහතා, බුද්ධියේ ලෝකය පිළිබඳ Huawei සමාගම හඳුනාගත් නිර්ණායක මාලාවක් ප්රකාශයට පත් කළේය. මෙම දැක්මට අනුව ක්ෂේත්ර 8ක් ආවරණය කරමින් ක්රියාත්මක වන ලෙස වැන්ග් මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ නියාමකයින්ගෙන් ඉල්ලා සිටියේය. 5.5G යුගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්රයේ දැක්ම සහ ප්රමිතීන් තවදුරටත් සංශෝධනය කිරීම වෙනුවෙන් එක්ව ක්රියා කිරීම තුළින් 5.5G යුගය හා බුද්ධියේ ලෝකය වෙත වේගවත්ව ගමන් කළ හැකි බව ඒ මහතා අවධාරණය කළේය.
අනාගතයේ දී, පුද්ගලයින්ට, පවුල් ඒකකවලට සහ ව්යාපාරවලට ඩිජිටල් යටිතල පහසුකම් ප්රවර්ධනය කිරීම අත්යවශ්ය වේ.
මෙහි දී XR සහ හොලෝග්රැෆික් සන්නිවේදනය වැනි භාවිතය අඩු වෙමින් පවතින සේවාවන් නැවත සක්රීය වන අතර, සබඳතා 1 Gbit/s සිට 10 Gbit/s දක්වා වැඩි කිරීමට කටයුතු කෙරෙයි. ඊට සමගාමීව ජංගම DOU සේවාව 15 GB සිට 100 GB දක්වා ඉහළ නැංවෙයි. එමෙන් ම මෙමගින් ප්රමාදවීමෙන් තොර, අංගසම්පූර්ණ සම්බන්ධතාවක අවශ්යතාව ද ඉහළ නැංවෙයි.
මෙමගින් පවුල් ඒකක සඳහා, 24K 3D VR ක්රීඩා, හොලෝග්රැෆික් අධ්යාපනික සේවාවන් හා රැස්වීම් පැවැත්වීම් වැනි අවශ්යතා සඳහා පහසුකම් සපයන 10 Gbit/s යුගයක් නිර්මාණය කරයි.
කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය වර්තමානය වන විට වේගවත් මාවතකට පිවිස ඇත. ස්මාර්ට් නිෂ්පාදන සහ බලශක්ති ජාල වැනි කාර්මික ශ්රේණියේ යෙදුම් සබඳතා මගින් ගුණාත්මක හා විවිධාංගීකරණය වූ සංවේදන අවශ්යතා ඉහළ නංවන අතර, පරිගණක බලයේ සහ ගබඩා කිරීමේ සුවිශේෂී වර්ධනයක් ද ඇති කරයි.
September, 21, 2022
ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්රමුඛතම වැඩසටහනක් වන 'HUAWEI CONNECT' සැසියේ 7 වැන්න වන 'HUAWEI CONNECT 2022' සැසිය බැංකොක් නුවර දී ආරම්භ කෙරිණි. ඩිජිටල් තාක්ෂණික ක්රමවේදයන් වඩාත් ඵලදායී ලෙස ක්රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යන අරමුණු මූලික කරගනිමින්, ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයන්, විශේෂඥයින් හා හවුල්කරුවන් 10,000 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙවර සැසියේ තේමාව වූයේ 'ඩිජිටල්කරණය මුදාහැරීම (Unleash Digital)' යන්නයි.
මෙම අවස්ථාවෙහි දී, Huawei සමාගම විසින් පුළුල් පරාසයක විහිදී ඇති ව්යාපාරික ක්ෂේත්රයක් ඔස්සේ ඩිජිටල් සංවර්ධනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ගන්නා ලද පියවර පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලද අතර, ගෝලීය වෙළෙඳපොළ වෙත නව Cloud සේවාවන් 15කට අධික සංඛ්යාවක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
සියලු ම ව්යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට නවතම ක්රමවේද 3ක්.
සැසිය ආරම්භයේ දී Huawei සමාගමේ සභාපති කෙන් හූ මහතා ඩිජිටල් පරිවර්තනය සඳහා බලපා ඇති පොදු බාධක බිඳ දැමීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය වෙත සහයෝගය ලබා දෙන ක්රමවේද 3ක් පිළිබඳ ගෙනහැර දක්වමින් ප්රධාන දේශනය ඉදිරිපත් කළේය.
ඉන්දුනීසියාවේ නව Huawei Cloud කලාප, සහ 15කට අධික නව සේවා
මෙම උත්සවයේ දී Huawei Cloud හි ප්රධාන විධායක නිලධාරී සැන්ග් පින්ගැන් මහතා ඉන්දුනීසියාවේ සහ අයර්ලන්තයේ නව Huawei Cloud කලාප දියත් කිරීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කළේය. 2022 වසර අවසානය වන විට, Huawei Cloud සේවාව ලොව පුරා කලාප 29 ක කොට්ඨාස 75 ක් තුළ ක්රියාත්මක කිරීමට නියමිත අතර, රටවල් 170කට වැඩි ප්රමාණයකට සේවා ලබා දීමට ද අරමුණු කරයි.
සාර්ථක හවුල්කාරීත්වයක් සඳහා දේශීය ඩිජිටල් තාක්ෂණික පරිසර පද්ධති ගොඩනැංවීම
මෙම අවස්ථාවේ දී Huawei විවෘත ලෙස, සහයෝගීතාව යන සංකල්පය වර්ධනය කිරීම සඳහා සිය කැපවීම තහවුරු කළ අතර, සභාව සමඟ සිය සාර්ථකත්වය පිළිබඳව තොරතුරු බෙදාහදා ගත්තේය. එමෙන් ම නවෝත්පාදන සහයෝගීතාවන් ගොඩනඟන, ඩිජිටල් කුසලතා සංචිතය ශක්තිමත් කරන මෙන් ම ඩිජිටල් ක්ෂේත්රය වෙත ආධුනිකයින්ට සහයෝගය ලබා දෙන දේශීය ඩිජිටල් පරිසර පද්ධති සංවර්ධනය හා ප්රචලිත කිරීම සඳහා තමා හා වඩාත් සමීපව කටයුතු කරන ලෙස Huawei සමාගම රජයන් සහ ව්යවසායන්ගෙන් ඉල්ලා සිටියේය.
'HUAWEI CONNECT 2022' සැසිය ශ්රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට ඉතා වැදගත් වන්නේ ඩිජිටල් පරිවර්තනය ගෝලීය වශයෙන් ආර්ථික වර්ධනයේ ප්රධානතම අංගය බවට පත්ව ඇති නිසා වන අතර, එය වර්තමාන ලෝකය තුළ තරුණ තරුණියන්ට හා අනාගත පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරමින් වේගවත් ආර්ථික වර්ධනයක් කරා පිය නැඟීමට පදනම නිර්මාණය කරයි. එමෙන් ම 'HUAWEI CONNECT 2022' මගින් ලබාගත හැකි තොරතුරු හා සහයෝගය ශ්රී ලංකාවේ අනාගතය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය තිරසාර සංවර්ධනයක් කරා ගෙනයාමට අවශ්ය නවීන තාක්ෂණය භාවිතයට හා ගවේෂණයට බෙහෙවින් උපකාරී වනු ඇත.
බැංකොක්හි පැවැත්වෙන මෙම තෙදින සමුළුව 2022 වසරේ දී HUAWEI CONNECT හි ගෝලීය සංචාරයේ පළමු නැවතුම වන අතර, ප්රධාන සැසි දෙකකින්, සමුළු හයකින්, බහුවිධ සැසි හා තවත් විවිධ විශේෂාංගවලින් සමන්විත මෙවර සැසිය ඩිජිටල් පරිවර්තනයේ දී රජයන් හා ව්යවසායන් මුහුණ දෙන අභියෝ පිළිබඳ ප්රධාන වශයෙන් අවධානය යොමු කරයි.
Video Story