October, 13, 2022
වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT තාක්ෂණයන් තිරසාරත්වය කරා ගෙන යා හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මෙම මෙහෙයුම් සමාගම් දෙක විසින් තාක්ෂණික නවෝත්පාදනයන් හා 5G තාක්ෂණය ඔස්සේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය ප්රමිතීන්ට අනුකූලව තිරසාර කෘෂිකර්මාන්තයක් ප්රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඩිජිටල්කරණය හා කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සඳහා සිය සත්කාරකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම සමාගම් දෙක නිවේදනය කළේ ඔවුන්ගේ සහයෝගීතාව 'Digital Sky' තේමාව යටතේ එහි දෙවන අදියරට පිවිසීමට නියමිත බවයි. Huawei සමාගම විසින් 5G තාක්ෂණය මත Cloud සේවාවන් සපයනු ලබන අතර, එය තත්ය කාලීන කෘත්රිම බුද්ධිය විශ්ලේෂණය සඳහා පදනම ලෙස සැලකිය හැකිය. එහි දී අධි-විභේදන කැමරා සහ සංවේදකවලින් සමන්විත ඩ්රෝන්ටෙක් හි ඩ්රෝන යානා, ගොඩබිම හා ඒ ආශ්රිත වස්තූන් සමීක්ෂණය කර, කෘත්රිම බුද්ධිය මගින් සකසන ලද ඡායාරූප හා දත්ත ග්රහණය කර ගැනීමට එහි පරිශීලකයින් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දෙයි.
මෙම තාක්ෂණය ගොවියන්ට කුඩා කෘමීන් හඳුනා ගැනීම, බෝග තත්ත්වය නිරීක්ෂණය කිරීම, අස්වැන්න සම්බන්ධව අනාවැකි පළ කිරීම සහ ජලය, රසායනික ද්රව්ය හා පළිබෝධනාශක භාවිතය ක්රමවත්ව සිදු කිරීම යන ක්ෂේත්ර සඳහා ඉතා හොඳ සහයක් ලබා දෙයි.
දෙවන අදියරේ දී ඩ්රෝන් සේවා සඳහා හවුල් ආර්ථික ප්රවේශයක් සංවර්ධනය කිරීමට ද ව්යාපෘතිය සැලසුම් කරන අතර, ආයතනික හා පෞද්ගලික මට්ටමේ ඇතුළු විවිධ අංශවල පරිශීලකයින්ට සූර්ය පැනල පරීක්ෂා කිරීම, රථවාහන කළමනාකරණය, විදුලි රැහැන් දිරාපත් වීම් හඳුනාගැනීම වැනි පුළුල් පරාසයක අවශ්යතා සඳහා ඩ්රෝන යානා හා ඒ ආශ්රිත කෘත්රිම බුද්ධිය කුලී පදනම මත ලබා ගත හැකිය.
කෘෂිකර්මාන්තයට 5G සක්රීය ඩ්රෝන තාක්ෂණය හඳුන්වා දීමේ දී මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගය වන්නේ ජාල ආවරණයයි. දැනට, 5G ජාල මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ බොහෝ දුරට බිම් මට්ටමේ හෝ ගෘහස්ථ පරිශීලකයින් සඳහා වන අතර, සාමාන්යයෙන් පොළොවේ සිට මීටර් 50ක් පමණ ඉහළින් පියාසර කරන ඩ්රෝන යානා සඳහා උසස් තත්ත්වයෙන් යුත් ආවරණයක් ලබා දීම අත්යවශ්ය කරුණකි.
මේ පිළිබඳව තව දුරටත් දැන ගැනීමට අවශ්යනම් https://www.huawei.com/en/sustainability/the-latest/events/5g-smart-farming-tour වෙත පිවිසෙන්න.

October, 12, 2022
මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුර දී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන “ආසියා පැසිෆික් කලාපය කේන්ද්රකරගනිමින් සාර්ව දෘශ්ය හා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම” පිළිබඳව හඳුන්වා දුන් අතර, එම වැඩසටහන 2030 වසර වන විට අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම ලෙස ශක්තිමත් කිරීමට අරමුණු කරයි. එහි දී Huawei සමාගම විසින් ව්යාපාරික නායකයින් හා හවුල්කරුවන්, ආසියා-පැසිෆික් කලාපයේ සියලු ම දෘශ්ය ප්රවණතාවන් හා ගෘහස්ථ බ්රෝඩ්බෑන්ඩ් සේවාවන්, ඒකාබද්ධ සේවාවන් හා Cloud සේවාවන් කළමනාකරණය කරන ලද විශ්වවිද්යාල ආදී ක්ෂේත්රවල ප්රගතිය පිළිබඳව සාකච්ඡා කරමින් මෙම ක්ෂේත්රයේ වර්ධනය වෙනුවෙන් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරිණි.
Huawei සමාගම අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය ආශ්රිත ප්රධාන ප්රවණතා සියල්ලක් ම හරිතමය, දෘශ්යමය හා බුද්ධිමය සබඳතා බව විශ්වාස කරයි. මෙම ව්යාපෘතිය මගින් 2030 වසර වන විට සැපිරිය යුතු ඉලක්ක වෙත අවධානය යොමු කරන විට, 'Huawei Asia Pacific Enterprise Business' සමාගමේ ප්රධාන තාක්ෂණික නිලධාරී බ්රැන්ඩන් වූ මහතා පැවසුවේ එය AI-ස්වදේශික, ඝන බ්රෝඩ්බෑන්ඩ් ජාලයක් හා අධිෂ්ඨානශීලී ක්රියාවලියක් විය යුතු බව සහ ආරක්ෂාව හා හරිත සංකල්පය ආශ්රිත අවශ්යතා සපුරාලිය යුතු බවයි.
ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය ආශ්රිතව සේවා ලබා දෙන ප්රධානතම සමාගමක් වන Huawei සමාගම එය සිය නිෂ්පාදන කළඹ වර්ධනය සඳහා ප්රයෝජනයට ගනිමින්, යටිතල පහසුකම් හා නවෝත්පාදනයන් ගොඩනැංවීමට නායකත්ව ගන්නා අතර, Datacom, optical Network, Data Center, සහ cloud යන සේවාවන් වර්ධනය කිරීම සඳහා ද සහයෝගය ලබා දෙයි.
සාර්ව දෘශ්ය ජාල, අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රයට මෙන් ම සමස්ත ඩිජිටල් ආර්ථිකයට ද අත්යවශ්ය බව Huawei සමාගම හඳුනාගෙන ඇත. එමෙන් ම Huawei සමාගම හඳුන්වා දී ඇති තාක්ෂණය හා විසඳුම් ආසියා-පැසිෆික් කලාපය තුළ ව්යවසායන් ආශ්රිත නවෝත්පාදනයන් සඳහා බලශක්තිය ඉතිරිකිරීම හා කාබන් විමෝචනය අවම කිරීම යන හැකියාවන් ද ලබා දෙයි.
මෙම විසඳුම් ආසියා පැසිෆික් කලාපයේ සාර්ව දෘෂ්ය හා බුද්ධිමය අන්තර්ජාල පරිවර්තන සේවාවන් වේගවත් කිරීම සඳහා සහයෝගය ලබා දෙයි.
ආසියා-පැසිෆික් කලාපය තුළ ඩිජිටල් ආර්ථිකයේ තිරසාර සංවර්ධනය ඉහළ නැංවීම සඳහා Huawei සමාගම හරිත සංකල්පයට අනුකූල, සාර්ව දෘශ්ය හා බුද්ධිමය අන්තර්ජාල යටිතල පහසුකම් ආශ්රිත නව්යකරණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරයි. එහි දී දත්ත මධ්යස්ථාන ආශ්රිත ජාල, දත්ත මධ්යස්ථාන අන්තර් සබඳතා, බුද්ධිමය පරිගණකකරණය හා පොදු Cloud සේවාවන් ආදී ක්ෂේත්ර පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත Huawei සමාගම අන්තර්ජාල ක්ෂේත්රයේ ගනුදෙනුකරුවන් සමඟ එක්ව නව අගයන් නිර්මාණය කිරීමට වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි.
අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය ආශ්රිතව Huawei සමාගම හඳුන්වා දෙන නවතම තාක්ෂණය හා විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්ය නම් කරුණාකර https://e.huawei.com/en/huawei/industries/isp වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

October, 10, 2022
මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්රිකාව හරහා දත්ත ගබඩාකරණයේ වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්යතාව මැනීම සඳහා ප්රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත ගබඩා ක්රමවේදයන් විශ්ලේෂණය කරමින් ගුණාත්මක දත්ත ගබඩාකරණ පද්ධතියක් ගොඩනංවා ගැනීමට රජයන්ට හා ව්යාපාරවලට සහයෝගය ලබා දෙයි.
Huawei IT නිෂ්පාදනායතනයේ උප සභාපති ගු ක්සුවේජුන් මහතා පැවසුවේ, "දැනට දත්ත ගබඩා කිරීමේ හැකියාව මනිනු ලබන්නේ ධාරිතාව අනුවයි. එය එසේ වුණත්, කර්මාන්තයේ ශීඝ්ර දියුණුව, කෘත්රිම බුද්ධිය, ප්රමාණයෙන් විශාල දත්ත, ධාරිතාව වැනි දත්ත ආශ්රිත විවිධ අවශ්යතාවන් නිර්මාණය වීම නිසා පවතින දත්ත ගබඩාකරණ ක්රමවේද ප්රමාණවත් නොවන බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා ම දත්ත ගබඩා කිරීමේ හැකියාව ඵලදායී ලෙස වර්ධනය කරගැනීමට අපට සුවිශේෂී සේවාවක අවශ්යතාව මතු වෙලා තිබෙනවා." යනුවෙනි.
බුද්ධිමය ලෝකය තුළ ක්රියාත්මක වන කර්මාන්ත ආශ්රිතව අති විශාල දත්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර, එම කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය සඳහා දත්ත ගබඩා කිරීමේ ගුණාත්මක ක්රමවේදයක් අත්යවශ්ය වේ. Huawei සමාගම නිකුත් කළ ධවල පත්රිකාව මගින් දත්ත ගබඩා කිරීම වෙනුවෙන් එම සමාගම හඳුන්වා දී ඇති නව්ය සේවාවන් බලගන්වයි.
දත්ත ගබඩා කිරීමේ බලය පිළිබඳ සංකල්පයක් හා අරුතක් : දත්ත ගබඩා කිරීමේ බලය යනු, ගබඩා ධාරිතාව, කාර්ය සාධනය, විශ්වසනීයත්වය හා හරිත සංකල්පයන්ට අනුගත වීම යන ගුණාංග ඇතුළත් විස්තීරණ සංකල්පයකි.
දත්ත ගබඩාකරණයේ වටිනාකම පිළිබඳ ප්රමාණාත්මක පර්යේෂණ : Huawei සමාගම සිදුකළ ගණනය කිරීම්වලින් පෙන්නුම් කරන්නේ දත්ත ගබඩා කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන ඇමරිකානු ඩොලර් 1 ක ආයෝජනයක්, ඇමරිකානු ඩොලර් 5 ක සෘජු වටිනාක්, ඇමරිකානු ඩොලර් 8 ක වක්ර අගයක් සහ ඇමරිකානු ඩොලර් 30-40 වටිනා ප්රේරිත අගයක් නිර්මාණය කරන බවයි.
යම් ප්රදේශයක හෝ දත්ත මධ්යස්ථානයක දත්ත ගබඩා කිරීමේ බලය තක්සේරු කරන දර්ශක පද්ධතියක් : මෙම පද්ධතිය රාජ්ය හා ව්යාපාරික ලක්ෂණ මත පදනම්ව විශාලත්වය, කාර්යක්ෂමතාව, පදනම සහ වර්ධනය යන අංශ හරහා දිවෙන දර්ශක 35 කින් පමණ සමන්විත වේ.
රටවල් 20ක හා කලාපීය ගබඩා බලය පිළිබඳ ඇගයීමක් : මෙම ධවල පත්රිකාව මගින් දත්ත ගබඩා කිරීමේ බලය ශ්රේණිගත කිරීමේ දී ඇතැම් රටවල් පෙරමුණ ගැනීම සම්බන්ධව සහ පහත ශ්රේණිගත පාර්ශ්වයන්ට එය ලබා ගත හැක්කේ කෙසේ ද යන්න විශ්ලේෂණය කරයි. එමෙන් ම එමඟින් දත්ත ගබඩා කිරීමේ බලය වැඩි දියුණු කෙරෙන ප්රතිපත්ති යෝජනා සැපයීම ද සිදු කරයි.
"මෙම ධවල පත්රිකාව දත්ත ගබඩා කිරීම් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අර්ථවත් ගවේෂණයක් විදියට මා දකිනවා. එමගින් දත්ත සහ උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්රවර්ධනය කිරීමට වගේ ම, ඩිජිටල් යටිතල ව්යුහය වර්ධනය කිරීම සඳහා දත්ත මනාව ගබඩා කිරීම, කාර්යක්ෂමව ගණනය කිරීම හා ජාල හරහා ස්ථායීව සම්ප්රේෂණය කිරීම යන කරුණු පූර්ණ කිරීමත් සුවිශේෂයි." යනුවෙන් ක්සුවේජුන් මහතා වැඩිදුරටත් පැවසුවේය.
October, 10, 2022
Huawei සමාගම විසින් පසුගිය දා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරාය සේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදු කෙරිණි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ Huawei සමාගම රේගු හා වරාය සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් නව සේවාවන් රැසක් හඳුන්වා දී ඇත.
ආසියා පැසිෆික් කලාපයට අදාළය රේගු හා වරාය අංශයක් ආරම්භ කිරීම Huawei සමාගමේ සුවිශේෂී ඉදිරි පිම්මක් බව Huawei රේගු හා වරාය අංශයේ ජ්යෙෂ්ඨ උප සභාපති හා ප්රධාන මෙහෙයුම් නිලධාරී රොබින් ලූ මහතා පැවසුවේය. " රේගු හා වරාය ක්ෂේත්රය තුළ වෙළෙඳ යටිතල පහසුකම් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ගෝලීය වශයෙන් විශාල අවස්ථා ප්රමාණයක් නිර්මාණය වී තිබෙනවා. මේ වසරේ පැවැත්වුණු HUAWEI CONNECT සමුළුවේ දී, අපි අපගේ ප්රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නව නිපැයුම් හා සේවාවන් රාශියක් හඳුන්වා දීමට කටයුතු කළා. ඒ අතරින් ආසියා පැසිෆික් කලාපයේ රේගු හා වරාය වෙළෙඳ යටිතල පහසුකම් ඩිජිටල්කරණය වෙනුවෙන් හඳුන්වා දුන් නව සේවාවන් විශේෂයි. එම සේවාවන් හරහා අපට රේගු හා වරාය කටයුතු ආශ්රිත සේවා කාර්යක්ෂම කිරීමට වගේ ම එම සේවාවන් ගෝලීය වශයෙන් ව්යප්ත කිරීමටත් අවස්ථාව ලැබෙනවා. " යනුවෙන් ලූ මහතා වැඩිදුර අදහස් දක්වමින් පැවසුවේය.
ආරක්ෂිත, කාර්යක්ෂම හා ස්මාර්ට් පහසුකම්වලින් සමන්විත වරාය සේවාවක් ගොඩනැංවීම
ලූ මහතාට අනුව, වර්තමානයේ ජාත්යන්තර වෙළෙඳාම හා ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වරාය ආශ්රිත සේවාවන් ප්රධාන කාර්යභාරයක් ඉටු කරයි. ලෝකය ඩිජිටල්කරණය වන විට, වරාය කටයුතු ආශ්රිත සේවාවන් ද ඩිජිටල්කරණය වෙත නැඹුරු වීම අත්යවශ්ය කරුණකි. ඩිජිටල්කරණය දැඩි අභියෝගයක් මෙන් ම එඟින් වැඩි ව්යාපාරික අවස්ථා ප්රමාණයක් නිර්මාණය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.
ස්මාර්ට්, බහාලුම් සැලසුම්කරණ ක්රියාවලිය : සැලසුම් කිරීම යනු ඕනෑ ම වරායක මූලික අංගයක් වන අතර, එය අදාළ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි සෘජුව ම බලපායි. ක් සමාගම විසින් හඳුන්වා දී ඇති Huawei Cloud OptVerse AI Solver සේවාව මගින් වරායන් ආශ්රිත බහාලුම් කළමනාකරණ ක්රියාවලිය කාර්යක්ෂම කිරීමේ හැකියාව ලබා දෙයි.
දෘශ්ය ජාලයක් සහිත දුරස්ථ පාලකය : සාම්ප්රදායික පර්යන්ත මෙහෙයුම් ක්රියාවලිය සඳහා කාලය මෙන් ම ශ්රම ද වැඩි වශයෙන් වැය වේ. එමෙන් ම එහි දී සේවකයින්ට පැය ගණනක් නිරාහාරව, කටුක වැඩ පරිසරයක් තුළ සේවය කිරීමට සිදුවේ. Quay දොඹකර ක්රියා කරුවන් මෙවැනි වාතාවරණයක් තුළ, සාමාන්යයෙන් පොළවේ සිට මීටර් 40ක් පමණ උසින් වැඩ කරන විට අදාල වෘත්තියට අදාළ විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතී.
ස්මාර්ට් අභ්යන්තර ප්රවාහන පද්ධතියක් : වරායක් සාමාන්යයෙන් සතියේ දින 7 ම පැය 24 පුරා ක්රියාත්මක වේ. එම නිසා අභ්යන්තර බහාලුම් ට්රක් රථ රියදුරන් සාමාන්යයෙන් සේවා මුර තුනක සේවා කටයුතුවල නිරත වන අතර, ඔවුහු එහි දී අවදානම් තත්ත්වයන්ට හා කාර්යබහුලත්වයට තදින් ම මුහුණ දෙති. එසේ වුව ද, ඊට විකල්ප සෙවීම අපහසු නිසා සම්පත් භාවිතය අවම වේ.
නිෂ්පාදන ආරක්ෂාව වෙනුවෙන් ස්මාර්ට් සේවා : වරායකට ආරක්ෂාව යන සංකල්පය ඉතා වැදගත් වේ. එමෙන් ම නව ස්වයංක්රීය පර්යන්ත සඳහා ඕනෑ ම කාලගුණික තත්ත්වයක් යටතේ ආරක්ෂාව සහතික කරන ආරක්ෂණ පද්ධතියක් අත්යවශ්ය ය. අවදානම් මඟහරවා ගනිමින් පර්යන්තවල ආරක්ෂාව තහවුරු කිරීමට Huawei ස්මාර්ට් නිෂ්පාදන උපකාරී වන බව පැවසිය යුතුමය.
විවෘත, පාලනය කළ හැකි සහ වේගවත් ස්මාර්ට් රේගු සේවාවක් :
සාම්ප්රදායික පරීක්ෂා කිරීමේ ක්රමවේද නිසා රේගු නිෂ්කාශන කටයුතු මන්දගාමී වේ. එමෙන් ම වෙළෙඳ කටයුතු සඳහා අහිතකර ලෙස බලපාන ප්රධානතම කරුණක් වන්නේ අකාර්යක්ෂම අධීක්ෂණයයි. මෙම ගැටලු විසඳීම සඳහා Huawei සමාගම විවෘතභාවය, පහසු පාලනය, වේගවත් ප්රවේශය සහ ගුණාත්මක සේවාවන් ස්ථාපිත කරන විවිධ නව සේවාවන් සැලසුම් කර ඇති බව ලූ මහතා පැවසුවේය.
September, 27, 2022
බැංකොක් නුවර දී පැවති 'HUAWEI CONNECT 2022' සමුළුවේ දෙවන දිනයේ දී, අවස්ථානුකූලව නිවැරදි තාක්ෂණය සොයා ගනිමින්, කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම සඳහා නව යටිතල පහසුකම් විසඳුම් මාලාවක් හඳුන්වා දීමට Huawei සමාගම සමත් විය. මෙහි දී ඩිජිටල් ක්ෂේත්රයේ පාර්ශවකරුවන් එක්ව 'ඩිජිටල් මුදා හැරීමට නව්ය යටිතල පහසුකම්' යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී කර්මාන්ත ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම සඳහා පවතින අනාගත අවස්ථා සහ ක්රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සමුළුවේ දී කර්මාන්ත ඩිජිටල්කරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග විශ්ලේෂණය කරමින්, Huawei සමාගම එම අභියෝගවලට මුහුණ දීම සඳහා හඳුන්වා දී ඇති තාක්ෂණික විසඳුම් පිළිබඳව හඳුන්වා දීම ද සිදුකෙරිණි.
නිවැරදි අවස්ථාවේ දී නිවැරදි තාක්ෂණය භාවිත කිරීම තුළින් ඩිජිටල්කරණ ඉලක්ක කරා ළඟාවීමේ පහසුව
Huawei Enterprise BG හි සභාපති රයන් ඩිංග් මහතා 'කර්මාන්තය සවිබල ගැන්වීම හා වටිනාකම් නිර්මාණය කිරීම' යන තේමාව යටතේ එහි ප්රධාන දේශනය පවත්වමින් පැවසුවේ, " වඩාත් හොඳ ඩිජිටල් පරිවර්තනයක් සහිත සමාගම්වලට, නිරන්තරයෙන් වෙනස් වන ලෝකයකට ඉතා හොඳින් අනුවර්තනය වීමේ හැකියාව පවතිනවා. Huawei සමාගම සැමවිටම නිවැරදි තාක්ෂණය ප්රවර්ධනය කිරීම වෙනුවෙන් තම හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරනවා. නිවැරදි අවස්ථාවේ දී ඩිජිටල් පරිවර්තනය කරා යොමු වීමට අපගේ පාරිභෝගිකයින්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් ඩිජිටල් බලය මුදාහරිනවා." යනුවෙනි.
ඩිජිටල් බලය මුදා හැරීම සඳහා ප්රධාන නවෝත්පාදන තාක්ෂණයන් සහ ශක්තිමත් යටිතල පහසුකම්
Huawei Enterprise BG සමාගමේ උප සභාපති බොබ් චෙන් මහතා අදහස් දක්වමින්, නිවැරදි අවස්ථාවේ දී අවශ්ය නිවැරදි තාක්ෂණය කුමක්දැයි තීරණය කිරීම සඳහා බහු-තාක්ෂණික සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළේය. "නවීන ඩිජිටල් යටිතල පහසුකම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කරනවා. දත්ත යනු ඩිජිටල් පරිවර්තනයේ හරයයි. දත්ත ග්රහණය, සම්ප්රේෂණය, ගබඩා කිරීම සහ විශ්ලේෂණය මෙම ක්රමවේදයේ ප්රධාන පියවර හතර විදියට දැක්විමට පුළුවන්. මේ නිසා ම Huawei සමාගම පරිභෝගික ජනතාවගේ දත්තසැකසීමේ ක්රියාවලි වගේ ම ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වා දීල තිබෙනවා."
Huawei සමාගම සිය ගෝලීය හවුල්කරුවන් සවිබල ගන්වමින් ඔවුන් සඳහා දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැංවීම
මෙම අවස්ථාවේ දී Huawei සමාගම විසින් සිය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ද දියත් කරන ලද අතර, එය එම සමාගමේ ගෝලීය හවුල්කරුවන් සඳහා දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැංවීම ඉලක්ක කෙරිණි. මෙම වැඩසටහන හරහා Huawei සමාගම සිය හවුල්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ නවෝත්පාදනයන් සිදු කිරීමට අරමුණු කරයි. නව රාමුවක්, නව සැලැස්මක් සහ ඒකාබද්ධ ක්රියාවලියක් මගින් සිය හවුල්කරුවන් සවිබල ගැන්වීමට මෙන් ම Huawei ICT ඇකඩමිය හා Huawei බලයලත් අධ්යාපනික සහකරුවන් සමග එක් වී විවිධ වැඩසටහන් දියත් කරමින් දක්ෂතා සංචිතයක් ගොඩනැංවීමට ද Huawei සමාගම කටයුතු කරයි. ඉදිරි වසර තුන තුළ ගෝලීය හවුල්කරුවන්ට සහාය වීම සඳහා මෙම වැඩසටහන වෙත ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදලක් ආයෝජනය කරන බව ද Huawei සමාගම මෙහි දී නිවේදනය කළේය.
September, 22, 2022
මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්යාපාරික සම්මන්ත්රණය හා ප්රදර්ශනය Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී Huawei සාමාජික හා ප්රධාන තාක්ෂණ නිලධාරී ආචාර්ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්' යන මාතෘකාව යටතේ එහි ප්රධාන දේශනයක් පැවැත්වීය. 5G තාක්ෂණය 6G බවට පත් කිරීමට උපකාරී වන ගාමක බලවේග සහ සැලසුම් පිළිබඳව ආචාර්ය ටොන්ග් සිය කතාවේ දී පැහැදිලි කළ අතර, මෙම සංවර්ධනය වේගවත් කිරීමට 5.5G තාක්ෂණය අත්යවශ්ය පියවරක් බව ද සඳහන් කළේය.
නව සේවාවන් සහ ශක්යතාවන් වර්ධනය කිරීම සඳහා 5G තාක්ෂණය 5.5G දක්වා වර්ධනය කෙරෙයි
වර්තමානය වන විට 5G තාක්ෂණය ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින අතර, සාමාන්යයෙන් සෑම පරිශීලකයින් 10,000කට මූලික මධ්යස්ථාන 40ක් පමණ පිහිටා ඇත. චීනය තුළ 5G තාක්ෂණය සිරස් කර්මාන්ත ක්ෂේත්ර 30කට වැඩි සංඛ්යාවකට සේවා ලබා දෙන අතර, එමගින් 2021 වසරේ දී පමණක් ඇමරිකානු ඩොලර් ට්රිලියන 1.3ක් වටිනා ආර්ථික නිමැවුමක් සෘජුවම නිර්මාණය කර ඇත. නැගී එන 2C හා 2B යෙදුම්වල ඉදිරි වර්ධනය සඳහා ද 5G තාක්ෂණයේ දියුණුව අත්යවශ්ය වන අතර, එය වැඩිදියුණු කළ Mobile Broadband (eMBB), ultra-reliable low-latency communication (URLLC), Massive Machine-type Communications (mMTC) සංවේදන හැකියා වර්ධනය, අක්රීය IoT සේවාව සහ නව හැකියාවන් වැඩිදියුණු කිරීම ආදී අවශ්යතාවන් 5.5G තාක්ෂණය වෙත පරිවර්තනය වීම දිරිගන්වයි. මේ සමඟ 5.5G සේවාව මගින් ගොඩනඟන10 Gbps Downlink, 1 Gbps uplink, බිලියන 100 මට්ටමේ සම්බන්ධතා සහ ස්වදේශීය බුද්ධිය, 5G සේවාවෙහි නව ගමනට සහයෝගය දක්වන බව ද පැවසිය යුතුමය.
Ultra-high Bandwidth Downlink 10 Gbps සඳහා අත්යවශ්යතාව
Ultra-high bandwidth හැකි වන්නේ ප්රමාණවත් වර්ණාවලියක් සමඟ පමණක් වන අතර, මෙය Sub-100 GHz සම්පත් සම්පූර්ණ වශයෙන් භාවිත කිරීමේ අවශ්යතාව ඉස්මතු කරයි. දැනට පවතින 100 MHz FDD සහ 100 MHz TDD වර්ණාවලීන්ට 6 GHz කලාපයේ 200 සිට 400 MHz පුළුල් කලාප සහ mmWave හි 800 MHz පුළුල් කලාප එක් කිරීමෙන්, ව්යාපාරික ක්ෂේත්රය වෙත ඕනෑ ම තැනක සිට ඕනෑ ම වේලාවක10 Gbps ලබා දීමට හැකියාව ලැබේ.
Multi-Band Convergence සඳහා Uplink-Downlink Decoupling Uplink 1 Gbps පදනම
ව්යාපාරික ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම සඳහා Uplink සේවාව Downlink සේවාවට වඩා බලවත් වීම අත්යවශ්ය වේ. uplink-downlink සමඟින්, පවතින විශේෂාංග මත පදනම් වූ සංවර්ධනය සහ අලුතින් නිර්වචනය කරන ලද uplink-only spectrum ඇතුළු විවිධ කලාපවල uplink සහ downlink වර්ණාවලිය 2B සඳහා සහය වීමට නම්යශීලීව ඒකාබද්ධ කළ හැකිය. uplink/downlink decoupling හරහා, 1 Gbps uplink සේවාවක් සහතික කිරීමේ හැකියාව පවතී.
අද වන විට, HD වීඩියෝ 100-නාලිකා සම්ප්රේෂණය, 360° දුරස්ථ පාලක හා අනෙකුත් 2B යෙදුම් වෙනුවෙන් 1 Gbps uplink සහතික කිරීම සඳහා පතල් කැණීම්, වානේ සහ තවත් බොහෝ ක්ෂේත්රවල uplink-downlink decoupling වාණිජකරණය කර ඇත.
5.5G සේවාව, 5G සිට 6G දක්වා උසස් කිරීම සඳහා පාලමක් වනු ඇති බව පවසන ආචාර්ය ටොං 5.5G සහ 6G භෞතික හාස් ඩිජිටල් යන අංශ දෙක සම්බන්ධ කිරීමට මූලික වනු ඇති බව පවසයි. ආචාර්ය ටොංගේ නිගමනය අනුව ජංගම දුරකථන කර්මාන්තයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒකාබද්ධ ප්රමිතිකරණය සහ කර්මාන්ත සහයෝගීතාව මතය. එම නිසා ම සියලු දෙනා එක්ව 5.5G තාක්ෂණය සමඟින් ඉදිරියට යාමට සහ තිරසාර අනාගතයක් සඳහා තාක්ෂණික පරිණතභාවය වේගවත් කිරීම වෙනුවෙන් සහයෝගීතාව ඉහළ නැංවියයුතු බව ආචාර්යවරයා ආවධාරණය කළේය.
September, 13, 2022
GlobalData සමාගම මෑතක දී නිකුත් කළ '5G Mobile Core: Competitive Landscape Assessment' නම් වාර්තාව මගින් 'Huawei 5G Core' කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිට අඛණ්ඩව ගෝලීය ප්රමුඛයා ලෙස ශ්රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර, එය ලොව දෙවන ස්ථානයට ශ්රේණිගත කෙරුණු 5G සේවාවට සාපේක්ෂව 2.3% ක වර්ධනයක් වාර්තා කර ඇත.
ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය ආශ්රිතව සේවා සපයන, ලෝක ප්රකට දත්ත විශ්ලේෂණ හා උපදේශන සමාගමක් වන GlobalData සමාගම, අලෙවිකරණ සමාගම් විශ්ලේෂණය හා ශ්රේණිගත කිරීමට අමතරව වෙළෙඳපොළ තුළ පර්යේෂණ කටයුතු පිළිබඳව ද විශේෂඥතාවක් දක්වන සමාගමකි. මෙම නව වාර්තාවට අනුව, ජාල ස්ථායීතාව මෙන් ම 5G Core වෙත පරිවර්තනය වීමේ දී විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා සැලසුම් ක්රියාත්මක වන අතර, එම සැලසුම් 5G මූලික ජාල විසඳුම් සජීවී ජාල මත ක්රියා කරන ආකාරය හා වාණිජමය භාවිතයන් සඳහා එම සේවාවන්ගේ ශක්යතාව ඇගයීම සඳහා වඩාත් ප්රයෝජනවත් වේ.
2G, 3G, 4G, 5G සහ 5G Stand Alone (SA) ජාල දිගු කාලයක් පවතින නිසා, ඒ ආශ්රිත තාක්ෂණික උපාංග නිපැයුම් කරුවන් 5G SA වෙත ඉතා පහසුවෙන් මාරු විය හැකි, සංකීර්ණ O&M වැනි බහු RAT සහජීවන අභියෝගවලට මුහුණ දීමට හැකියාව සහිත නිෂ්පාදන හඳුන්වා දීම සුවිශේෂී වේ. එමෙන් ම මෙම වාර්තාවේ දර්ශක අතර තාක්ෂණික උපාංග වෙළෙඳුන්ගේ නවෝත්පාදනයන්ගේ, ස්වයංක්රීය ජාල ක්රියාවලියේ සහ හඬ සේවාවන්හි වාණිජ භාවිතයේ ප්රගතිය සම්බන්ධ ප්රධාන තක්සේරු දර්ශකයන් ද වේ.
නිර්මාණකරණය : Huawei 5G Core නිර්මාණය කර ඇත්තේ Telco Cloud සහ microservice-centric තාක්ෂණය පදනම් කොටගෙන වීම විශේෂිතය. Rock-solid Reliability Advanced විසඳුම හරහා, Huawei 5G Core ක්රියාකරුවන්ට දෘඩාංග දෝෂ පාලනය, මෘදුකාංගවල ඉඩ කළමනාකරණය, හදිසි අවස්ථාවල දී සාමාන්ය පරිදි ක්රියාත්මක වීමේ හැකියාව සහ වෙළෙඳපොළ ඉල්ලුම මත සේවාවන් වැඩිදියුණු කිරීම යන හැකියාවන් මගින් විශ්වාසවන්ත ජාලගත සේවාවක් ගොඩනැංවීමට කටයුතු කරයි.
විසඳුම්වල පරිණතභාවය : Huawei 5G Core මඟින් ගෝලීය වාණිජමය පරමාර්ථයන් වෙනුවෙන් ස්ථාවර හා විශ්වසනීය සජීවී ජාල ක්රියාවලියක් සමඟින් භාවිත කරන්නන්ගේ පහසුව තහවුරු කරයි. විශේෂයෙන් Huawei 5G Core හා 5GtoB නවෝත්පාදන ව්යාපෘති හරහා VPN වැනි සේවාවන් හරහා ලොව පුරා විශ්වවිද්යාලවල පෞද්ගලික ජාල, පොදු සේවා, සෞඛ්ය සේවා සහ කාර්යාලීය දුරස්ථ සේවා ආදී ව්යවසායන් 500 කට අධික සංඛ්යාවක් අශ්රිතව සාර්ථක ලෙස නියාමනය කරමින් වාණිජකරණය කිරීමට සමත් වී ඇත.
ජාල විකාශනය : Huawei සමාගම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය හා ඊට ම අනන්ය වූ 2G, 3G, 4G, 5G NSA, සහ 5G SA ජාලකරණය හා O&M ආදී සේවා සැපයිය හැකි microservice-centric, ආශ්රිත පූර්ණ සේවාවක් ගොඩනැගීම සඳහා Single Packet Core (SPC) සහ Single Voice Core (SVC) විසඳුම් භාවිත කරයි.
ජාල ස්වයංක්රීයකරණය : Huawei 5G Core ජාල ස්වයංක්රීයකරණයේ දී ද හොඳින් ක්රියා කරන අතර, Huawei සමාගම විසින් Telco Cloud මත රඳා පවතින ස්වයංක්රීය ජාල ක්රියාවලිය ක්රමවත් කිරීම සඳහා විසඳුම් සපයයි. මෙම විසඳුම් මඟින් ඉහළ ජාල ස්ථාවරත්වයක්, කාර්යක්ෂම ජාල පරිවර්තනයක් සහ ප්රශස්ත ජාල අත්දැකීමක් ලබා දෙන අතර, එය ස්වයංක්රීය ජාල ක්රියාවලිය 4 වන අදියර/මට්ටම දක්වා ඉහළ නැංවීම සඳහා ද උපකාරී වේ.
සෑම අංශයකම අඛණ්ඩ නවෝත්පාදනයන්, ගවේෂණයන් හා වාණිජ භාවිතයන් සමඟින්, 5G තාක්ෂණ ක්ෂේත්රය වේගවත් මෙන් ම ශක්තිමත් වර්ධනයක් කරා ගමන් කරන අතර, Huawei සිය 5G Core විසඳුම තවදුරටත් සංවර්ධනය කිරීම සහ වාණිජකරණය කිරීම අඛණ්ඩව සිදුකිරීම සඳහා කැප වෙයි. එමෙන් ම Huawei සමාගම ගෝලීය සේවා සපයන්නන්ට ඔවුන්ගේ 5GtoC සහ 5GtoB සේවාවන් වැඩිදියුණු කරගැනීමට සහ ව්යාපාරික සාර්ථකත්වය ළඟා කර ගැනීමට ද සහයෝගය ලබා දෙයි.
ඡායාරූපය : Huawei 5G Core අඛණ්ඩව වසර හතරක් ගෝලීය ප්රමුඛයා ලෙස ශ්රේණිගත වෙයි.
September, 8, 2022
Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ' තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022' උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින් සමාගමේ ප්රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය. තායිලන්තයේ ඩිජිටල් ආර්ථික හා සාමාජීය අමාත්ය චයිවුට් තනකමනුසෝර්න් මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවයට තායිලන්ත ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ මහලේකම් ජනරාල් ප්රච්යා චලෙර්ම්වට් ඇතුළු රාජ්ය හා පෞද්ගලික යන අංශවල නිලධාරීහු සහ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.
මෙම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලැබීම මගින් රට පුරා සයිබර් ආරක්ෂාව හා දත්ත ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම වෙනුවෙන් තොරතුරු ආරක්ෂාවේ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ නායකත්වය ගොඩනැංවීම සඳහා Huawei Thailand සමාගමේ ඇගයීමට ලක් කෙරිණි. පසුගිය මාස 12 තුළ, Huawei Thailand සමාගම විසින් 'තායිලන්ත ජාතික සයිබර් සතිය' සහ 'සයිබර් ආරක්ෂණ මුලපිරීමේ පිළිබඳ සම්මන්ත්රණය' වැනි සයිබර් ආරක්ෂණ ක්ෂේත්රය සම්බන්ධ සුවිශේෂී වැඩසටහන් කිහිපයක් දියත් කෙරිණි. එමෙන් ම එම සමාගම තායිලන්ත ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සිය සමග එක්ව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දක්ෂ සිසු සිසුවියන් ඇතුළු 800 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් තායිලන්තයේ ප්රථම සයිබර් ආරක්ෂණ තරගය වන ‘තායිලන්ත සයිබර් ටොප් ටැලන්ට් - 2021’ පැවැත්වීමට කටයුතු කළේය. ඊට අමතරව තායිලන්තයේ සයිබර් ආරක්ෂණය සම්බන්ධ මානව කුසලතා ශක්තිමත් කිරීම සඳහා, Huawei විසින් අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත්රටවල් අතර සංවිධානය කෙරුණු ‘Cyber SEA Game 2021’ තරඟයට තායි නියෝජිත කණ්ඩායමක් යවන ලදී. එහි දී තායි කණ්ඩායම පළමු ස්ථානය දිනාගත් අතර, එම කණ්ඩායම අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත්රටවල් අතරින් හොඳ ම සයිබර් ආරක්ෂණ කණ්ඩායම ලෙස ද නම් කෙරිණි.
තායිලන්තයේ සයිබර් ආරක්ෂණ සම්මාන, එරට සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ප්රබල කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයින්ට සහ සංවිධානවලට ගෞරව කිරීම සඳහා නිර්මාණය කෙරුණු වැඩසටහනකි. සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම, ඒ සඳහා අදාළ ක්ෂේත්රය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීම සහ ඒ වෙනුවෙන් ඔවුන් අනුගමනය කරන ගුණාත්මක ව්යාපාරික භාවිතයන් හා උපාය මාර්ග අගයමින් සම්මාන ප්රදානය කෙරෙයි. Huawei Thailand සමාගම නව තාක්ෂණය හා සම්බන්ධ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම වෙනුවෙන් අඛණ්ඩව සිදුකරනු ලබන විවිධ වැඩසටහන්, අධ්යයනයන් මගින් මෙන් ම රාජ්ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම ආයතනික පුරවැසියන් හා අත්වැල් බැඳගනිමින් නව්ය සයිබර් ආරක්ෂණ විසඳුම් යාවත්කාලීන කිරීම සහ ව්යප්ත කිරීම වෙනුවෙන් කැපවන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති ආයතනයකි.
September, 2, 2022
ශ්රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මේ හරහා විශ්ව විද්යාල සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්ර පුහුණු වීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, Huawei විසින් විශ්වවිද්යාල පරිශ්රයේ Huawei ICT ඇකඩමියක් සහ ඒකාබද්ධ නවෝත්පාදන විද්යාගාරයක් පිහිටුවීමට ද අපේක්ෂා කරයි. මෙම ගිවිසුම දේශීය තාක්ෂණික කුසලතා පද්ධතිය ගොඩනැගීමට සහ ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ දියුණුව සඳහා දායක වනු ඇත.
Huawei Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී Tao Guangyao සහ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා විශ්ව විද්යාලය නියෝජනය කරමින් එහි ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය තිලක්සිරි බණ්ඩාර මහතා, රෙජිස්ට්රාර් අනුරුද්ධ වැලිවිට මහතා, ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා, HoD, විදුලි හා ඉලෙක්ට්රොනික ඉංජිනේරු අංශයේ ආචාර්ය නිශාන් ධර්මවීර මහතා, ආචාර්ය චමිත ද අල්විස් මහතා, පරිගණක ඉංජිනේරුකරණ අංශයේ ආචාර්ය රන්දිම දිනලංකාර මහතා, පරිගණක ඉංජිනේරු අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය උදය විජේනායක මහතා, විදුලි හා ඉලෙක්ට්රොනික ඉංජිනේරු අංශයේ කථිකාචාර්ය සඳුන් විජයරත්න මහතා සහ Huawei නියෝජනය කරමින් නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී Liam Nixiaopeng මහතා, අධ්යක්ෂ ව්යවසාය විසඳුම් නදුන් ගුණවර්ධන සහ ඉංජිනේරු සුපුන් ඉඳුරුව මහතා සහභාගී විය.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය හා එක්ව ගොඩ නැගීමට යෝජිත ඒකාබද්ධ නවෝත්පාදන විද්යාගාරය, උපාධි පර්යේෂණ සඳහා වඩාත් සංවර්ධිත පහසුකම් සපයන අතර කාර්මික අවශ්යතා සඳහා විසඳුම් සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තාක්ෂණ පිළිබඳ සහතික කිරීමේ පාඨමාලා සංවිධානය කිරීමට අවස්ථාව සපයයි. මේ පිලිබඳ අදහස් දක්වමින්, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙලෙස පවසා සිටියි. "ශ්රී ලංකාවේ විශාලතම විශ්වවිද්යාල වලින් එකක් වන ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය, ශ්රී ලාංකේය තරුණ තරුණියන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කුසලතා සහ දැනුම සමඟින් සවිබල ගැන්වීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙස මා දකිනවා. අපි Huawei වැනි ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින්, වේගයෙන් වෙනස් වන තාක්ෂණයන්ට අනුකූලව ශ්රී ලාංකේය විශ්වවිද්යාල සිසුන්ට හොඳම තාක්ෂණ භාවිතයන් සහ ගෝලීය අත්දැකීම් සඳහා අවශ්ය නිරාවරණය ලබා දීමට මෙවන් ආකාරයේ සහයෝගීතා ගිවිසුම් හරහා හැකි වෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ Huawei ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා මෙලෙස පවසා සිටියි. "ශ්රී ලංකාවේ කීර්තිමත් ජාතික විශ්ව විද්යාලයක් වන ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ හරහා දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සවිබල ගැන්වීම තුලින් ඩිජිටල්කරණය හරහා දේශීය ආර්ථිකයන් නගා සිටුවීමට අප ක්රියා කරනවා. මෙම හවුල්කාරිත්වය තුළින් අනාගත පරම්පරාවන්ට ඩිජිටල් පරිවර්තන ගමනට නායකත්වය දීමට සහ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි අපි උසස් තාක්ෂණික කුසලතා වලින් සිසුන් සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා."
විශ්ව විද්යාල උපාධිධාරීන්ගේ කුසලතා සහ උපාධිධාරීන් සම්බන්ධයෙන් ව්යාපාරික අපේක්ෂාවන් අතර පරතරය අවම කිරීම සඳහා Huawei කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම පුහුණු ව්යාපෘතිය මගින් ශ්රී ලංකාව සහ දකුණු ආසියා කලාපය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වෙළඳපල ඉල්ලීම් සහ වෙනස්වන අභියෝගවලට මුහුණ දීම සඳහා උසස් තත්ත්වයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා ලබා දීම අරමුණු කරයි.
Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

August, 25, 2022
Huawei විසින් ASEAN පදනම සහ තායිලන්ත සංචාරක අධිකාරිය හා එක්ව ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. අගෝස්තු 19 සිට 27 දක්වා මෙම වැඩසටහන ක්රියාත්මක අතර, මෙමගින් තායිලන්තය, ශ්රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය ඇතුළු රටවල් 16 ක දක්ෂ සිසුන් 120 කගේ කුසලතා සංවර්ධනය කිරීමට නියමිතය. මේ සඳහා සහභාගී වන සිසුන් හට Tech4Good ව්යාපෘති හරහා සමාජ ගැටලු විසඳීමට තාක්ෂණික විසඳුම් යෝජනා කිරීමටත් විවිධ සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමටත් අවස්ථාව හිමිවේ. Huawei සහ ASEAN පදනම 2021 වසරේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් පසු, ඒ හරහා ක්රියාත්මක වන ප්රථම වැඩසටහන මේ බවට පත්වේ. මේ සඳහා සහභාගී වන සිසුන් හට බැංකොක් වෙත සංචාරය කරමින් එහි සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.
මෙහි සමාරම්භක උත්සවයට පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම ජාත්යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ද සහභාගි විය. කලාපයේ ඩිජිටල් කුසලතා පද්ධතිය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේදී බහු-පක්ෂ සහයෝගීතාවය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙම අවස්ථාවේ දී ක්ෂේත්ර ප්රවීණයින් විසින් ඉස්මතු කරන ලදී.
තායිලන්තයේ නියෝජ්ය අගමැති සහ වාණිජ අමාත්ය ගරු Jurin Laksanawisit මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය: “2022 දී තායිලන්තය සත්කාරකත්වය දරනු ලබන ආසියා පැසිෆික් කලාපයේ Huawei Seeds for the Future විවෘත කිරීමේ උත්සවයේ මුලසුන දැරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වන අතර Huawei වැනි සංවිධානයක් මෙය සංවිධානය කිරීම පිළිබඳව මම ස්තුතී වන්න වෙනවා.Huawei වැනි ප්රමුඛ පෙළේ සමාගම් ක්රියාත්මක කරන මෙම වැඩසටහන් අධ්යාපනයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහල නංවනු ඇති අතර ඩිජිටල් සංවර්ධනය තුළින් ආර්ථිකයන් වඩාත් දියුණු තලයකට ගෙන ඒමට හේතු වෙනවා.”
මේ පිළිබඳ අදහස් දක්වමින් ASEAN හි මහලේකම් ගරු Dato Lim Jock Hoi මෙලෙස පවසා සිටියි. "මෙම ව්යාපෘතිය මඟින් වෙනස්වන වැඩ ලෝකය සහ කර්මාන්තයේ ප්රගමනයන් සඳහා ASEAN කලාපයේ තරුණ තරුණියන් හට සහයෝගීව කටයුතු කිරීමට අවශ්ය කුසලතා ලබා දෙනවා. මේ සඳහා Huawei හි දිගුකාලීන කැපවීම මම අගය කර සිටිනවා. මැලේසියාව, තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් 23,465 දෙනෙකු පුහුණු කිරීම සඳහා දේශීය පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් Huawei ASEAN ඇකඩමියට ප්ස්තුතිවන්ත වීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා."
ආසියාන් පදනමේ විධායක අධ්යක්ෂ ආචාර්ය Yang Mee Eng මහත්මිය පැවසුවාය. "ආසියාන් ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කලාපයේ තරුණ තරුණියන්ට එයට සහභාගී වීමට ඇති හැකියාව මතය. ඩිජිටල් දැනුමක් ඇති සහ නව්ය ගැටලු විසඳන්නන්ගේ පරම්පරාවක් පෝෂණය කිරීම සඳහා, අපගේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ ඩිජිටල් කුසලතා දියුණු කිරීමට ඉඩ සලසන ශක්තිමත් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ASEAN හි පාර්ශවකරුවන්ට අවශ්ය වේ. මෙම ව්යාපෘතිය කලාපයේ ඩිජිටල් කුසලතා හිඟය පියවා ගැනීමට උපකාර වන කුසලතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට කැපවී සිටින ASEAN පදනම-Huawei හවුල්කාරිත්වයේ තවත් සාර්ථක ව්යාපෘතියක් වන බව ඇය විශ්වාස කරයි.”
තායිලන්තයේ සංස්කෘතික අමාත්යාංශයේ නියෝජ්ය ලේකම් Krisada Kongkajan මහතා, ASEAN වෙත Lao PDR හි නියෝජ්ය Sengpraarthid Snookphone මහතා, ITU හි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ Atsuko Okuda මහත්මිය සහ UNESCO අධ්යාපනි හා නවෝත්පාදන අංශයේ ප්රධානී සංවර්ධන Libing Wang මහතා මෙය කලාපීය දැනුම හුවමාරුව සඳහා වන විශිෂ්ට වැඩසටහනක් බව පිළිගත් අතර, 2022 Asia Pacific Seeds for the Future සඳහා මෙන්ම සිසුන්ට ඔවුන්ගේ ගමන සඳහා සුබ පැතුම් ප්රකාශ කළේය.
මෙම වැඩසටහන ASEAN පදනමේ විධායක අධ්යක්ෂ Dr. Yang Mee Eng, ඩිජිටල්කරණ පර්යේෂණ සහ සංවර්ධන සඳහා TAT හි නියෝජ්ය අධිපති Nithee Seeprae, Huawei Asia Pacific හි සභාපති Simon Lin සහ Huawei තායිලන්ත ප්රධාන විධායක නිලධාරී Abel Deng යන මහත්වරුන් එක්ව දියත් කරන ලදී. සහභාගිවන්නන්ට TAT වෙතින් තානාපති සහතික ද පිරිනමන ලදී. සිසුන් බැංකොක්හි එක්සත් ජාතීන්ගේ කලාපීය මධ්යස්ථානය, මෙටාවර්ස් එක්ස්පෝ සහ
බැංකොක්හි ග්රෑන්ඩ් පැලස් ඇතුළු අඩවි චාරිකා වලින් පිරුණු සංස්කෘතික හා ඩිජිටල් ගමනක් ආරම්භ කරනු ඇත. ඒ අතරම, සහභාගිවන්නන්ට 5G, AI, සහ ක්ලවුඩ් කම්පියුටින් වැනි අති නවීන තාක්ෂණයන් පිළිබඳව කර්මාන්තයේ ප්රමුඛ විශේෂඥයින්ගෙන් පුහුණුව ලබා දෙනු ඇත.
මෙහි ඩිජිටල් පුහුණු වැඩසටහන අතරතුර, සහභාගිවන්නන් කණ්ඩායම් වශයෙන් එකතු වී "Tech4Good" ව්යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එහිදී ඔවුන් වඩා හොඳ ඩිජිටල් ලෝකයක් සඳහා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනු ඇත. ජයග්රාහී කණ්ඩායම් සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 4 දක්වා සිංගප්පූරුවේ පුහුණුවක් ලබාදීමට නියමිතය. මෙම පුහුණුව ඔවුන්ට ඉහළ පෙළේ ව්යවසායකයින් සහ ආයෝජකයින් හමුවීමට සහ ඔවුන්ගේ මුලපිරීම් තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාවක් ලබාදෙයි. ලොව පුරා ඉහළම විශ්ව විද්යාලවල තරුණ දක්ෂතා එක් කරන
Huawei හි ප්රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වේ. Seeds for the Future වැඩසටහන 2008 දී තායිලන්තයේ දියත් කරන ලද්දේ ICT කුසලතාවන් දිරිමත් කිරීමට සහ ඩිජිටල් විසඳුම් සමඟ සමාජ අභියෝගවලට මුහුණ දීමට ඔවුන් දිරිගැන්වීම සඳහා ය. 2021 අවසානය වන විට, මෙම වැඩසටහන රටවල් 137 ක සහ කලාපවල ක්රියාත්මක කර ඇති අතර, විශ්ව විද්යාල 500 කට අධික සංඛ්යාවක සිසුන් 12,000 ක් වෙත ළඟා විය.




Video Story