• Ada Derana BIZ Sinhala
  • Foreign Exchange Act
  • import
  • Orders
  • raw materials
  • sri lanka

අමුද්‍රව්‍ය ආනයනය පහසු කිරීමට විදේශ විනිමය පනතින් නියෝග

November, 29, 2022

දේශීය පාලිත සමාගම් විසින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සිදු කළ යුතු ගෙවීම් මූල්‍යයනය සඳහා එතෙරින් කෙටිකාලීන විදේශ ව්‍යවහාර මුදල් ණය ලබා ගැනීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීම

දේශීය පාලිත සමාගම් විසින් දේශීය වෙළඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද එහි මව් සමාගම් හෝ එකම සමාගම් සමූහයේ සමාගම් විසින් ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය උපයෝගී කරගෙන ගෙවීම් කිරීමට පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය යටතේ නියෝග පැනවීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • ceramic
  • import
  • refrigerators
  • removed
  • sri lanka
  • Tiles

තවත් භාණ්ඩ 78ක ආනයන සීමා ඉවතට. ටයිල්, සෙරමික් උපකරණ සහ ශීතකරණ ඒ අතර

November, 24, 2022

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වොටර් හීටර්, බ්‍රේක් ලයිනර් සහ බ්‍රේක් පෑඩ්ස් ඒ අතර වෙයි.

මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. ඒ අතරට රූපලාවාන්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීයාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වේ.

පවතින විදේශ විනිමයි අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1,468කට අයත් භාණ්ඩ ආනයනය අත් හිටුවීමට රජය කටයුතු කළ අතර අනතුරුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තම්බර් මස 09 දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Ambassador level
  • dairy cattle
  • import
  • India
  • Pakistan
  • sri lanka

කිරි ගවයින් ආනයනයට ඉන්දියාව සහ පකිස්තානය සමඟ තානාපති මට්ටමේ සාකච්ඡා

October, 10, 2022

රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව  වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.

මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් එම සමාගම විසින් මෙම වසරේ උපයා ඇති ආදායම සම්බන්ධව අමාත්‍යවරයා, මෙහිදී ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය.

2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා රටේ යම් ආර්ථික පසුබැස්මක් පැවතියද පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපේක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.

මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. මෙම වසර අවසාන වන විට රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙම වසරේ ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින් ලාබ ඉපයීම විශේෂත්වයකි.

මිල්කෝ සමාගම මෙම වසරේ දී කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් විශේෂයෙන් පැස්ටරීකරණයට ලක් කළ දියර කිරි ලීටර් 2,945,329ක්, යෝගට් ලීටර් 4,875,602ක්, මුදවපු කිරි ලීටර් 889,216ක්, අයිස්ක්‍රීම් ලීටර් 3,546,409ක්, එළඟිතෙල් කිලෝග්‍රෑම් 36,906 ක්ද වශයෙන් නිදපවා ඇති බවත් එම සමාගම පවසයි.

එමෙන්ම චීස් කිලෝ ග්‍රෑම් 12,648ක්, බටර් කිලෝග්‍රෑම් 173,897ක්, කිරිපිටි කිලෝ ග්‍රෑම් 1,290,622ක් ද නිපදවා ඇත.

දැනට ශ්‍රී ලංකාව තුළ කිරිගවයින් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩිව බලපා ඇති නිසා ඉන්දීය රජය මගින් කිරිගවයින් ලබා ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම පකිස්ථානයෙන් ද කිරි ගවයින් ලබා ගැනීම සඳහා මෙරට පකිස්ථානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන කිරි ගවයින් ලබා ගැනීමට සිදුවන්නේ ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වුවද දැනට එම රටවල් දෙකම කිරි ගවයින් අපනයනය කිරීම අත් හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය රජය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමක් වශයෙන් කිරි ගවයින් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

News.lk

 

  • agricultural inputs
  • decision
  • import

කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීමට තීරණයක්

September, 23, 2022

පවතින විදේශ විනිමය හිඟය, ණයවර ලිපි විවෘත කිරීමේ අපහසුතා මෙන්ම පෙර ගෙවීමේ ක්‍රමයට අදාළ මුදල් ගෙවීමේ සීමා හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය යෙදවුම් නියමිත කාලය තුළදී මෙරටට ආනයනය කිරීමට අපහසු වීම හේතුවෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.

විශේෂයෙන්ම, කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමේදී එවැනි ආනයනයන්ට අදාළ සෑම ඇණවුමක් සඳහාම ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගත යුතු වීම හේතුවෙන් අදාළ ආනයනයන් ප්‍රමාද වීම මෙන්ම අතිරේක පිරිවැයක් දැරීමට ද සිදු වන බව කෘෂිකාර්මික යෙදවුම් ආනයනකරුවන් විසින් රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, එළඹෙන මහ කන්නයේ කෘෂීකාර්මික කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමට හැකි වන පරිදි, හඳුනාගත් කෘෂි බීජ, කෘෂි රසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර ආනයනය කිරීමේදී දැනට අදාළ වන පෙර ගෙවීම් සීමාව වන ඇමරිකානු ඩොලර් 50,000ක වටිනාකම ඇමරිකානු ඩොලර් 250,000ක් දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලඳ යෝජනාව අමාත්‍ය මණ්ඩලයහ විසින් අනුමත කරන ලදී.