December, 23, 2022
2023 ජනවාරි 01 සිට පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු ආකාරය මේ වන විට නිවේදනය කර තිබේ.
ඒ අනුව මාසිකව රු. ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන අය මෙම පුද්ගල බදු සඳහා අයත් වන්නේ නැත.
රු. 150,000 ක වැටුපක් ලබන්නෙකුට රු. 3,500 ක් බදු මුදලක් ගෙවිය යුතු වන අතර ඔබ රු. ලක්ෂ 3 ක වැටුපක් ලබන්නේ නම් ඔබ ගෙවිය යුතු ආදායම් බදු මුදල රු. 35,000 කි. 2020-22 වකවානුවේ දී සිදුකරන ලැබූ බදු කප්පාදු සමඟ රු. 300,000 ක වැටුපක් ලබන්නෙකුට ගෙවිය යුතුව තිබුණේ රු. 3,000 ක බද්දක් පමණි. නමුත් ඊට පෙර එනම් 2018-19 කාලයේ දී ඔහු රු. 20,000 ක බද්දක් ගෙවිය යුතු විය.
මේ අතර රු. මිලියනයක හෙවත් ලක්ෂ 10 ක මාසික වැටුපකට හිමිකම් කියන්නෙකු නව බදු සංශෝධනවලට අනුව 2023 ජනවාරි 01 සිට මාසකව ගෙවිය යුතු බදු ප්රමාණය රු. 286,500 ක් වේ. 2020-2022 කාලයේ දී රු. මිලියනයේ වැටුප් සීමාවට අදාළ බදු මුදල රු. 90,000 ක් වූ අතර 2018-19 කාලයේ දී එම අගය දැක්වුණේ රු. 186,000 ක් ලෙසයි.
මේ පිළිබඳ පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

December, 1, 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තදබදය හේතුවෙන් ආදායම් වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට කිසිදු දඩ මුදලකින් තොරව කඩිනමින් එම වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ අවසන් දිනය වන තෙක් රැඳී නොසිට මෙම වාර්තා ඉදිරිපත් කිරීමෙන් මෙවැනි අපහසුතාවන් මග හරවා ගත හැකි බවයි.
2021/22 මුදල් වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය නොවැම්බර් 30 වේ. බහුතර පිරිසක් මෙම වාර්තා අවසන් දිනයේ ඉදිරිපත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඊයේ (30) දිනයේ පද්ධතියේ තදබදයක් ඇති විය. මෙම තත්ත්වය පසුව මග හැරී ගිය අතර ඇතැම් පාර්ශ්වයන්ට නියමිත වේලාවට අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබිණි.
අමාත්යවරයා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ප්රමාද වූ වාර්තා වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල ප්රකාරව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.
Video Story