December, 21, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය
2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 61.3% සිට 2022 නොවැම්බර් මාසයේ දී 60.4% ක් දක්වා පහළ ගොස් තිබේ.
October, 31, 2022
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ගොස් තිබේ.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු විය.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3 ක් දක්වා පහළ ගියේය.
September, 21, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 66.7හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2 ක් දක්වා ඉහළ ගියේය.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 82.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 84.6 ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 52.4හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.1 ක් දක්වා ඉහළ ගියේය.
ජනලේඛන හා සංඛ්යාලේඛන දේපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
Video Story