November, 24, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්යේෂ්ඨත්වය සහ ආයතනික වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන 'ජ්යෙෂ්ඨත්ව සම්මාන' උළෙලේ 2022 වසරට අදාළ සම්මාන ප්රදානෝත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි දී වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් INSEE සිමෙන්ති සමාගම වෙනුවෙන් කැප වෙමින්, සාර්ථකව සිය සේවා කාලය ගත කළ නිෂ්පාදන, විකුණුම්, ප්රසම්පාදන, සැපයුම් හා මූල්ය යන අංශවල සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 දෙනෙකුට ඇගයීම් සම්මාන පිරිනැමිණි.
'INSEE ජ්යෙෂ්ඨත්ව සම්මාන 2022' උළෙලට INSEE සිමෙන්ති සමාගමේ සභාපති / ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා ප්රධාන මහජන නිලධාරිණී තිලංකා සිල්වා යන මහත්ම මහත්මීහු ප්රධාන, විධායක කළමනාකරණ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ සහ දෙපාර්තමේන්තු ප්රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සම්මාන ප්රදානෝත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් ඒකනායක මහතා සඳහන් කළේ, INSEE ජ්යෙෂ්ඨත්ව සම්මාන මගින් සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්යේෂ්ඨත්වය මෙන් ම එම කැපවීමට සහයෝගය ලබා දුන් ඔවුන්ගේ පවුල්වල සාමජික සාමාජිකාවන් ද ඇගයෙන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා, “INSEE සිමෙන්ති සමාගමේ අපි ගොඩනඟන්නේ ජීවිතයයි. ඒ නිසා ම INSEE සමාගම වෙනුවෙන් වගේ ම අපගේ ආයතනික අරමුණ වෙනුවෙන් තම ජීවිතය කැප කළ සේවක සේවිකාවන් අපි නිරන්තරයෙන් අගයනවා. මෙම සම්මාන ප්රදානය මගින් INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන් සමඟ ගොඩනඟාගෙන තිබෙන අද්විතීය සබඳතාව වගේ ම ආයතනය හා සේවක සේවිකාවන් අතර පවතින අන්යොන්ය විශ්වාසයත් පෙන්නුම් කරනවා. මේ වසරේ ජ්යෙෂ්ඨත්ව සම්මාන දිනූ සියලු ම දෙනාට ගෞරවණීය සුබපැතුම් එක් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් පැවසුවේය.
මෙවර සම්මානලාභීන් 20 දෙනාගෙන් 7 දෙනෙකු ම INSEE සිමෙන්ති පවුල සමඟ දශක 3කට වැඩි කාලයක් පුරා අත්වැල් බැඳගනිමින් සේවය කරන සේවක සේවිකාවන් වන අතර, ඔවුන්ගේ එම සේවා කාලය ආයතනය ක්රියාත්මක වන කාලසීමාවෙන් හරි අඩකටත් වඩා වැඩි කාලයක් බව සිහිපත් කළ යුතු ම ය. ආයතනය සතු මානව ප්රාග්ධනයේ වටිනාකම සහ කැපවීමෙන් අනූන, දිගුකාලීන සේවා කාලයක ඇති වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්රධාන මහජන නිලධාරිණී තිලංකා සිල්වා මහත්මිය සඳහන් කළේ, "INSEE සිමෙන්ති සමාගම තුළ සුවිශේෂී ආයතනික සංස්කෘතියක් තිබෙනවා. සේවක සේවිකාවන් දිගු කාලයක් අප සමඟ බැඳීම, INSEE සිමෙන්ති සමාගම සතු යහපත් ආයතනික පරිසරයට වගේ ම සමාගම තම සේවක සේවිකාවන්ට දක්වන සැලකිල්ල සහ ඔවුන් තුළ සමාගම ගැන තිබෙන විශ්වාසයටත් හොඳ ම උදාහරණයක්. වසර 30කට වැඩි කාලයක් අප සමඟ බැඳී සිටින සේවක සේවිකාවන් ඇත්ත වශයෙන් ම අපට මහත් අභිමානයක්." යනුවෙනි.
“ආරම්භයේ සිට ම, අපි අපගේ සේවක සේවිකාවන් වෙනුවෙන් කැප වුණා. ඒ වගේ ම ඔවුන් සමාගමේ ජයග්රහණය වෙනුවෙන් කැප වුණා. අපි ගොඩනඟාගත් ජයග්රාහී සබඳතා නිසා ම අන්යොන්ය වශයෙන් ජය ගැනීමට අපට හැකි වෙලා තිබෙනවා. ඒ වගේ ම INSEE සිමෙන්ති සමාගම සිය සේවා ස්ථානය තුළ ආරක්ෂාව, ආචාර ධර්ම සහ විවෘතභාවය පිළිබඳ ඉහළ ම ප්රමිතීන් ක්රියාත්මක කරන නිසා ම බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙන සේවා යෝජකයෙක් බවට පත්වීමට හැකි වෙලා තිබෙන බවත් පැවසිය යුතු ම යි. INSEE සිමෙන්ති ජීවිතය ගොඩනඟමු කියන තේමාව මුල් කරගනිමින් ක්රියාත්මක වන නිසා ම මානව සබඳතාවලට මූලිකත්වය ලබා දෙනවා. INSEE ජ්යෙෂ්ඨත්ව සම්මාන ඒ සඳහා හොඳ ම උදාහරණයක් " යනුවෙන් තිලංකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
November, 5, 2022
ශ්රී ලංකාවේ විශාලතම හා ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම 'ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්යන්තර සංගමය (IUCN)' සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, එම සහයෝගීතාව හරහා ක්රියාත්මක වන සිය ගෝලීය ජෛව විවිධත්ව ව්යාපෘති තවත් වසර තුනකින් දීර්ඝ කර ගැනීමට කටයුතු කළේය. මෙම අවබෝධතා ගිවිසුමට INSEE සිමෙන්ති සමාගමේ සභාපති හා ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ IUCN සංවිධානයේ ශ්රී ලංකා කාර්යාලය භාර සම්බන්ධීකාරක, කලාපීය කළමණාකරණ නිලධාරී අන්ෂුමන් සයිකියා යන මහත්වරුන් විසින් අත්සන් තැබිණි.
"මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්රී ලංකාවේ ජෛව විවිධත්ව කළමනාකරණය සහ ජෛව සංරක්ෂණය සඳහා INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව කැපවන බව තහවුරු කරනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම INSEE සිමෙන්ති සමාගම 2030 වසරේ දී සපුරා ගැනීමට බලාපොරොත්තු වන තිරසාර අභිලාෂයන්ගෙන් ප්රධානතම අරමුණක්. IUCN සංවිධානය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය මගින් INSEE සිමෙන්ති සමාගමේ තිරසාර ඉලක්ක වෙත ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතරම, ශ්රී ලංකාවේ ජෛව විවිධත්වයේ වර්තමාන තත්ත්වය ගැන නිවැරදිව දැනුවත් වෙමින්, එම පරිහානිය අවම කිරීම වෙනුවෙන් අප ක්රියාත්මක කරන වැඩසටහන් කාර්යක්ෂම කිරීමේ හැකියාවත් අපට ලැබෙනවා."යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ පාරිසරික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකරු රොහාන් ලක්මාල් මහතා පැවසුවේය.
ශ්රී ලංකාවේ කැණුම් කලාප පුනරුත්ථාපනය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම IUCN සංවිධානය සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය 2007 වසර තරම් ඈතට විහිදෙන අතර, එහි දී ලබාගත හැකි වූ අතිසාර්ථක ප්රතිඵල නිසා ම එම සහයෝගීතාව සෑම වසර තුනකට වරක් අඛණ්ඩව අලුත් කෙරිණි. මෙවර දීර්ඝ කිරීමත් සමඟ ම INSEE හා IUCN අතර ගිවිසුම 2022 වසරේ සිට 2025 වසර දක්වා දීර්ඝ වන අතර, එම කාල වකවානුව තුළ ක්ෂේත්ර සමීක්ෂණ, ප්රතිසංස්කරණය කරන ලද නිරීක්ෂණය හා නිර්දේශ නිකුත් කිරීම, වනජීවීන් ගළවා ගැනීමේ හා මුදා හැරීමේ වැඩසටහන්, උණවටුන ප්රදේශයේ පිහිටා ඇති කෘත්රිම කොරල්පර සංරක්ෂණය සහ කොග්ගල හා අරුවක්කාලු කඩොලාන ප්රතිසංස්කරණ ස්ථාන පිළිබඳ මූලික තක්සේරු කටයුතු දියත් කිරීම ආදී ව්යාපෘති රැසක් ක්රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. IUCN සංවිධානය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අනෙකුත් පරිසර සංරක්ෂණ ක්රියාකාරකම් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව මෙම අවබෝධතා ගිවිසුම හරහා INSEE සිමෙන්ති සමාගමේ ස්වේච්ඡා සේවකයන්ට ද හිමි වීම විශේෂිතය.
ශ්රී ලංකාවේ එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE සිමෙන්ති සමාගම ශ්රී ලංකා භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (CEA) හා පළාත් පාරිසරික පනතේ (PEA) මෙහෙයුම් බලපත්ර, ශ්රී ලංකා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත, අනෙකුත් දේශීය මෙන් ම ජාත්යන්තර ගිවිසුම් හා රෙගුලාසි සහ රැම්සා සම්මුතියට අනුකූලව සිය නිෂ්පාදන කටයුතුවලට අවශ්ය හුණුගල් කැණීම සඳහා වාර්ෂිකව සාමාන්ය අක්කර 25ක වනාන්තර ප්රමාණයක් ඉවත් කරයි. එම අනුමත ක්රමවේදයට අමතරව, අදාළ ක්රියාවලිය මගින් සිදුවන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට, විශේෂ ජෛව විවිධත්වයන් හඳුනා ගැනීමට මෙන් ම අවට පරිසර පද්ධතිවලට ඉන් සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් පුළුල් ජෛව විවිධත්ව කළමනාකරණ සැලැස්මක් අනුගමනය කිරීමට INSEE සිමෙන්ති සමාගම IUCN සමඟ ගොඩනඟාගත් සහයෝගීතාව හරහා කටයුතු කරයි. මෙම ව්යාපෘතියට සතුන් ගලවා ගැනීමේ හා මුදා ගැනීමේ වැඩසටහනක් ද ඇතුළත් වන අතර, එමගින් එතරම් වේගයෙන් චලනය විය නොහැකි සතුන් හා කුඩා සතුන් 2500 කට ආසන්න ප්රමාණයක් ආරක්ෂිත ප්රදේශ කරා යොමු කරවීම සිදු කරයි. වර්තමානය වන විට INSEE සිමෙන්ති සමාගම අරුවක්කාලු ගල්කොරිය ආශ්රිතව හෙක්ටයාර 137කට අධික භූමි ප්රමාණයක් ඉතා සාර්ථකව ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.
පසුගිය දශකය තුළ INSEE සිමෙන්ති සමාගම හෙක්ටයාර 66 ක භූමි ප්රමාණයක් ප්රතිසංස්කරණය කිරීමේ තිරසාර අරමුණ පෙරදැරි කරගනිමින් ක්රියාත්මක වන අතර, එම සමාගමේ නැවත වන වගා ව්යාපෘතිය හරහා 2023 වසර වන විට පුත්තලම හා ගාල්ල පිහිටි සිය නිෂ්පාදනාගාර ආශ්රිතව හෙක්ටයාර 7ක පමණ වෙරළබඩ භූමි ප්රදේශයක් තුළ කඩොලාන ප්රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ඓමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් විනාශ වූ සාමුද්රීය වාසස්ථාන හා කොරල්පර සංරක්ෂණය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම සහ IUCN සංවිධානය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) කොරල් විශේෂඥයන් සමඟ එක්වෙමින් විවිධ වැඩසටහන් ක්රියාත්මක කරයි.
මෙම නව වැඩසටහන් මඟින් INSEE සිමෙන්ති සමාගම දැනට පවතින ව්යාපෘති සමාලෝචනය කිරීමට සහ 2030 වසරේ දී සපුරාගැනීමට අරමුණු කරන INSEE තිරසාර අභිලාෂයන් ජෛව විවිධත්ව වැඩසටහන් ඔස්සේ වඩාත් පුළුල් කිරීමට සැළසුම් කර ඇති අතර, ඒ හරහා INSEE සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ස්ථාවර කිරීමට මෙන් ම ජෛව විවිධත්ව සංරක්ෂණය තවදුරටත් ප්රවර්ධනය කිරීමට ද අරමුණු කරයි.
October, 19, 2022
ශ්රී ලංකාවේ අපද්රව්ය කළමනාකරණ ක්ෂේත්රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන INSEE Ecocycle විසින් සිය නගර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර පුරාණ නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා සහ අනෙකුත් සාමාජික සාමාජිකාවෝ, අනුරාධපුර නගරසභාවේ ප්රධාන වෛද්ය නිලධාරීවරයා , තෝරාගත් පාසල්වල සිසු සිසුවියෝ, මහජන සෞඛ්ය පරීක්ෂකවරු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (CSD) සාමාජික සාමාජිකාවෝ සහ INSEE Ecocycle කණ්ඩායම ඇතුළු 100කට අධික පිරිසක් සහභාගි වූහ.
2019 වසරේ සිට INSEE Ecocycle විසින් අනුරාධපුර ප්රදේශයේ එක් රැස් වන ප්රතිචක්රීකරණය කළ නොහැකි හා දිරාපත් නොවන ඝන අපද්රව්ය කළමනාකරණය සඳහා තිරසාර විසඳුම් ලබා දී ඇති අතර, නගරය පිරිසිදුව තබාගැනීම වෙනුවෙන් සියලු ම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2020 වසරේ දී 'Ecocycle Anuradhapura City Cleaning' වැඩසටහන ආරම්භ කෙරිණි. මෙම වැඩසටහනට සමගාමීව අනුරාධපුර නගරය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වූ සිසු සිසුවියන් වෙත සහතිකපත් ප්රදානය කෙරුණු අතර, තිරසාර කසළ කළමනාකරණ පිළිවෙත් පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.
මෙහි දී අනුරාධපුර මහ නගර සභා නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් නගරය තුළ අපද්රව්ය කළමනාකරණය වෙනුවෙන් වැඩිදියුණු කළ හැකි විසඳුම් පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා ප්රගති සමාලෝචන සමුළුවක් ද පැවැත්වුණු අතර, මීළඟ වැඩසටහන ලෙස නොදිරන ඉලෙක්ට්රොනික අපද්රව්ය කළමනාකරණ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට නියමිතය.
INSEE Ecocycle Lanka හි අධ්යක්ෂ සංජීව චූලකුමාර මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ, "අනුරාධපුර මහ නගර සභාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් 2020 වසරේ ආරම්භ කෙරුණු මෙම සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියරටත් ක්රියාත්මක කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ ආයතනික වගකීම් ඉටුකිරීම සඳහා මෙවැනි සමාජ සත්කාරක ව්යාපෘති අඛණ්ඩව ක්රියාත්මක කිරීම වෙනුවෙන් අපි රජය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. අපි මෙය ජාතික අවශ්යතාවක් විදියට දකිනවා. ඒ වගේ ම මේ රටේ අපද්රව්ය කළමනාකරණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු විදියට ඉදිරියේ දී ත් මෙවැනි ජාතික මට්ටමේ සමාජ සත්කාරක වැඩසටහන් ක්රියාත්මක කිරිමට අපි අපගේ සහයෝගය නොමඳව ලබා දෙනවා." යනුවෙනි. INSEE Ecocycle 2011 වසරේ සිට මෙරට නාගරික ඝන අපද්රව්ය ගැටලුව විසඳීම සඳහා ගම්පහ සහ කුරුණෑගල ප්රදේශ ඉලක්ක කරගනිමින් වැඩසටහන් ක්රියාත්මක කර ඇත. එමෙන් ම මෙරට පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන INSEE Ecocycle, එමගින් බස්නාහිර, වයඹ, මධ්යම, උතුරුමැද, දකුණ, ඌව සහ සබරගමුව යන පළාත් 07 ආවරණය වන පරිදි මහා පරිමාණ ආයතන හා පළාත් පාලන ආයතන 120කට වැඩි සංඛ්යාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, වසරකට ප්රතිචක්රීකරණය කළ නොහැකි නාගරික ඝන අපද්රව්ය මෙට්රික් ටොන් 12,000කට අධික ප්රමාණයක් පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට සමත් වී ඇත.
INSEE Ecocycle යනු 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන සියම්සිටි සිමෙන්ති පොදු සමාගමෙහි සාමාජිකයෙකු වන INSEE සිමෙන්ති නොහොත් සියම්සිටි සිමෙන්ති (ලංකා) සමාගමේ අපද්රව්ය කළමනාකරණ අංශයයි. INSEE සිමෙන්ති සන්නාමය INSEE සන්නාමය යටතේ Sanstha, Mahawali Marine, Mahawali Marine Plus, Rapid Flow, Rapid Flow Plus යන සිමෙන්ති නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. INSEE සිමෙන්ති හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් පිරිනමන හරිත සහතිකය ලබා ඇති ශ්රී ලංකාවේ ප්රථම හරිත සිමෙන්ති නිෂ්පාදනය වන අතර, ශ්රී ලංකාවේ එක ම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන එම සමාගම LMD ශ්රේණිගත කිරීම මගින් වඩාත් ගෞරවණීය ආයතන අතරට ද නම් කෙරිණි.


September, 29, 2022
2022 වසරේ පළමු භාගය ඉලක්ක කරගත් බහු සමාජ සත්කාරක ව්යාපෘති සාර්ථකව නිම කරයි.
ශ්රී ලංකාවේ විශාලතම සහ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්තිසමාගමප්රතිලාභීන් 500,000 කට අධික සංඛ්යාවකට සහයෝගය ලබා දෙන,ප්රජා සංවර්ධන ව්යාපෘති ගණනාවක ආයෝජනය කරමින් 2022 වසරේ පළමු භාගය අවසන් කළේය. මෙම ව්යාපෘති පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනයසහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයයන ආයතනආශ්රිතව සිදු කෙරුණු අතර,එහි දීINSEE සිමෙන්තිසමාගමආයතනික වශයෙන් ඉලක්කගතප්රජාවන් තුළ රැකියා, සවිබල ගැන්වීම්, ප්රජා සංවර්ධන ආදී සුවිශේෂීවැඩසටහන් හරහාසිය ආයතනික ප්රජාවගේ සුබසාධනය මෙන් මඑමගින්ආයතනික දියුණුව ද සාක්ෂාත්කරගැනීමට සමත් විය.
සාමූහික, කාලීන මෙන් ම දිගුකාලීනප්රයත්නයන් තුළින් 2030 වසර වනවිටසාක්ෂාත්කරගැනීමටඅපේක්ෂා කරන සිය තිරසාර සංවර්ධන අරමුණුහරහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක (SDGs)සහ අනෙකුත් ගෝලීය සංවර්ධන අරමුණු සමඟ බද්ධවනINSEE සිමෙන්තිඑමඟින්දේශීය සන්නාමයක් ලෙස සිය අනන්යතාව රැකගන්නා අතරතුර සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්වයතහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි.එමෙන් ම INSEE සමාගමේ තිරසාර අරමුණු වෙනුවෙන් ක්රියාත්මක වන වැඩසටහන්වල දීජනතාවගේ හාසිය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට හිමි වන්නේ ප්රධානතැනකි.
ක්රියාත්මක වීමට ශක්තිය ලබා ගැනීම.
මෙම වැඩසටහන් සඳහා ප්රශස්ථජනතා සහභාගීත්වයක් ලබාගැනීම වෙනුවෙන්INSEE සිමෙන්ති සමාගම විසින් ප්රජා නායකයින්, දිස්ත්රික් ලේකම් කාර්යාල බලධාරීන් , කාන්තා හා ළමා කාර්යාංශය, ශ්රී ලංකා පොලිසිය, ආගමික නායකයින්, අධ්යාපන දෙපාර්තමේන්තුව, මධ්යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්ය දෙපාර්තමේන්තුව, මහ නගර සභාව, ග්රාම නිලධාරීන් ඇතුළු ග්රාමීය මට්ටමේ පරිපාලන නිලධාරීන් ආදීපාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත් ප්රජා උපදේශන මණ්ඩල ස්ථාපිත කර ඇත.INSEE සිමෙන්තිසමාගම මෙම ප්රජා උපදේශන මණ්ඩල හරහාබිම් මට්ටමේජනතාවගේ අවශ්යතා හඳුනා ගනිමින්,එම අවශ්යතාසපුරාලීම වෙනුවෙන් සැලසුම් කළ සුවිශේෂී ව්යාපෘති කිහිපයක් මේ වසරේ දෙවන අර්ධයේ දී දියත් කිරීමට සියලු ම කටයුතු සූදානම් කර ඇත.
INSEE සියප්රජාසත්කාරක වැඩසටහන් මාලාව යටතේ අවධානය යොමු කරන ප්රධාන ක්ෂේත්රවලින් එකක් ලෙස ප්රජා සංවර්ධනය හැඳින්විය හැකි අතර,එහි දීඅධ්යාපනය, සෞඛ්ය සේවා, පිරිසිඳුජල සම්පාදනය සහ සනීපාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අධ්යාපනික වැඩසටහන් යටතේINSEE සිමෙන්තිසමාගම පෙර පාසල් දරු දැරියන්ගේ මුල් ළමා විය අධ්යාපනය සංවර්ධනයට සහයෝගය ලබා දීම තුළින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරමින් පෙරපාසල්හතරකට (පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනයසහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයඅවටින් දෙකක් සහ එළුවන්කුලමප්රදේශයේ එක් පෙරපාසලක්) මූල්යමය වශයෙන් මෙන් ම තවත් විවිධ අයුරින් සහයෝගය ලබා දීමට කටයුතු කළ අතර,'ඉසුරුපාඨක සමාජය' සමඟ එක් වෙමින් පුත්තලම, අට්ටවිල්ලුව ප්රදේශයේ පුස්තකාලයක් පිහිටුවීමට හා ඒ සඳහා පොත්පත් සැපයීමට ද කටයුතු කෙරිණි.
සෞඛ්ය සේවා ප්රවර්ධනය වෙනුවෙන් ක්රියාත්මක කෙරුණු වැඩසටහන් මාලාවේ දීINSEE සිමෙන්ති සතිපතා නොමිලේ වෛද්ය සායනපවත්වමින්වෛද්ය පරීක්ෂණ සහ උපදේශනසේවා සැපයීමටත්, වාර්ෂිකව පවත්වන වෛද්ය කඳවුරු සඳහා පහසුකම් සැලසීම හරහාදිගුකාලීන ප්රජා සෞඛ්යසේවාවන්ප්රවර්ධනයටත් කටයුතු කරයි.ඊට අමතරව INSEE වෙතින් පුත්තලම, ප්රජා සංවර්ධන මධ්යස්ථානවල සතියකට දෙවරක්නොමිලේ පැවැත්වෙන වෛද්ය සායන සඳහා පහසුකම් සැලසීම ද සිදුකරනඅතර, මෙවරවාර්ෂික වෛද්ය කඳවුර එළුවන්කුලම් ප්රදේශයේ ගම්වාසීන් 1500 කට අධික සංඛ්යාවකට සේවා ලබදෙමින්පැවැත්විණි.ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේවෛද්ය උපදේශක වරුන්, රුහුණු පෞද්ගලික රෝහලේ හෙදියන් සහ තවත් ස්වේච්ඡා වෛද්ය කාර්ය මණ්ඩලයකසහභාගිත්වයෙන් පැවතිඑම වැඩසටහන සඳහා මහමෝදර මාතෘ ශික්ෂණ රෝහල,ගාල්ල දිස්ත්රික් සෞඛ්ය හා වෛද්ය සේවා ඒකකය, රුහුණු රෝහල, සහ පානදුර ලයන්ස් ගිෆ්ට්ඔෆ්සයිට් රෝහලේ අක්ෂි සත්කාර ඒකකයද සහයෝගය ලබා දුන්අතර, සිංහ සමාජයේ ජාත්යන්තර දිස්ත්රික් 306A/ 1හි අනුග්රහයෙන් ඇස් කණ්ණාඩි 500 කට අධික ප්රමාණයක් බෙදා දීම ද එහි දී සිදුකෙරිණි.
දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්ඇතුළු සමස්තජනතාවට ප්රතිලාභ ලබා දෙමින්ජලය පිරිපහදු කිරීමේReverse Osmosis(RO) යන්ත්ර 6ක් ස්ථාපනය කිරීම මගින් පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනයආසන්නයේ පිහිටි පාසල් ගණනාවකට පිරිසිදු ජලපහසුකම් ලබාදීමද INSEE සිමෙන්තිසමාගමමගින් මෙම වසරේදී සිදු කෙරුණු ප්රජාසත්කාරයකි. ප්රදේශයේසනීපාරක්ෂාව වෙනුවෙන්අත්යවශ්යව පැවති වැසිකිළි ඉදිකිරීමව්යාපෘතියක්සඳහා ද සිය සහයෝගය ලබා දීමට අරමුණු කරන INSEE සිමෙන්ති සමාගම ප්රදේශයේ ග්රාම නිලධාරීන්ගේ සහ ප්රජා සංවර්ධන මධ්යස්ථානවලසහයෝගයෙන් ඒ සඳහා අවශ්යතා සහිත පවුල් තෝරාගැනීමේවැඩකටයුතු මේවන විට සිදුකෙරෙමින් පවතී.
රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයේසුබසාධක සංගමය විසින්සිය ආයතනික වගකීම ඉටුකිරීමඅරමුණු කරගනිමින්ප්රදේශයේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘අපි යමු පන්සල්’වැඩසටහන දසුවිශේෂී සමාජ සත්කාරක ව්යාපෘතියක් ලෙස දැක්විය හැකිය.මෙහිදී අදාළ ප්රදේශයේ ප්රජා සංවර්ධන මධ්යස්ථානයේ ඉල්ලීමකට අනුව,එම ප්රදේශයේ පිහිටා ඇති බොන්විස්ටාවැඩිහිටි නිවාසයේ වෙසෙන වැඩිහිටියන්ගේ ආධ්යාත්මික හා මානසික සුවය ඉහළ නැංවීම වෙනුවෙන්හම්බන්තොට කුරුළු උද්යානය, කතරගමරජ මහා විහාරය සහ කැලණියරජ මහා විහාරස්ථානය වෙත සංචාරයක් රැගෙන යාම සිදු කෙරිණි.එහි දී එම වැඩිහිටියන්ට අවශ්ය සියලුම පහසුකම් සලසන ලද්දේ සමාගම විසිනි.
INSEE සිමෙන්ති සමාගම දිවයින පුරා කසළ කළමනාකරණයඉහළ නැංවීමේ අරමුණින්සිය කාර්මික අපද්රව්ය කළමනාකරණ අංශය වන INSEE Ecocycleහි ක්රියාකාරිත්වයපුළුල් කිරීමට කටයුතු කළ අතර,කසල කළමනාකරණය සහ එහි වැදගත්කමපිළිබඳව පාසල් සිසුසිසුවියන් දැනුවත් කිරීම වෙනුවෙන්,ශ්රී ලංකාවේ දී පැවැත්වුණු AIESECගෝලීය තරුණ සමුළුවට දසම්බන්ධ විය. INSEE Ecocycleවිසින් AIESEC හි දී තෝරාගත් සිසු සිසුවියන් සඳහා කසළ කළමනාකරණය සහ අපද්රව්ය වෙන් කිරීම පිළිබඳ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සාර්ථක නියමු වැඩසටහනක්ගාල්ල ජනාධිපති බාලිකා විද්යාලයේ දී ක්රියාත්මක කෙරිණි. එහි සාර්ථකත්වයහා යහපත් ප්රතිචාර හේතුවෙන් ඉදිරි මාසවලදී පුත්තලමසහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනවලට ආසන්නතවත් පාසල් 6ක මෙම වැඩසටහන දියත් කිරීමට INSEE සිමෙන්ති සමාගම සැලසුම් කර ඇත.
“රටක් විදියට මේ වසරේ දී අප මුහුණ දුන් අභියෝග මධ්යයේ වුවත්, ජනතාවට අපගේසහයෝගය අඛණ්ඩව ලබා දීමේ අවශ්යතාවINSEE සිමෙන්ති සමාගම හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා විවිධ ව්යාපෘති හරහා මේ රටේ ජනතාවට නන් අයුරින් උපකාර කිරීමට අපට හැකියාව ලැබුණා.ඒ වගේ ම ඉදිරියේදීත්ජනතාව නඟා සිටුවීමට අපට හැකි උපරිමයෙන් කටයුතු කරන බව මම අවධාරණය කිරීමට කැමතියි." යනුවෙන්INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්රධාන විධායක නිලධාරීනන්දන ඒකනායක මහතා පැවසීය.



September, 2, 2022
ශ්රී ලංකාවේ සිමෙන්ති වෙළඳපොළ ප්රමුඛයා මෙන් ම එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවණීය සන්නාමයන් අතරට නම් කෙරිණි. A.C.Nielsen ආයතනය විසින් විවිධ ක්රමවේද ඔස්සේ සිදුකරන ලද සමීක්ෂණවල දත්ත මත මෙම ශ්රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර, එමගින් INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟාගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේ, " 2022 වසරේ වඩාත් ම ගෞරවණීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට අපගේ ගුණාත්මක නිෂ්පාදන වගේ ම එමගින් අප ගොඩනඟාගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවසිය යුතු ම යි. පාරිභෝගික කේන්ද්රීය සන්නාමයක් විදියට අපි අපගේ හැකියාවන් ඔප්පු කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ, විවිධ හේතූන් නිසා මුහුණපෑමට සිදු වූ අභියෝගාත්මක තත්ත්වයන් තුළ පවා දේශීය ඉදිකිරීම් කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශක්තියක් වීමට අපට හැකියාව ලැබුණා. ඊට අමතරව, මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ විටින් විට මිල ගණන් අස්ථාවර වූ අවස්ථාවල දී පවා, 100% දේශීයව නිපදවන එක ම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා සිමෙන්ති හරහා පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීම නිසා අප කෙරෙහි පැවති පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය තවත් වර්ධනය වුණු බව පැවසුවොත් නිවැරදි යි. ඒ වගේ ම INSEE සිමෙන්ති, LMD සඟරාව විසින් අඛණ්ඩව 11 වරක් 'වසරේ ජනතා නිවාස සහ ඉදිකිරීම් සන්නාමය' ලෙසත්, අඛණ්ඩව 2 වරක් ' වඩාත් ආදරය දිනූ සිමෙන්ති සන්නාමය' ලෙසත් නම් කරනු ලැබීම අප කෙරෙහි පවතින ජනතා ප්රසාදය නැවතත් තහවුරු කරනවා. ඒ නිසා ම අපගේ තේමා පාඨය වන ‘ජීවිතය ගොඩනගන’ යන සංකල්පය යතාර්ථයක් කිරීම වෙනුවෙන් අපගේ කැපවීමට මෙම ඇගයීම ඉතා හොඳ උදාහරණයක් බව පැවසිය යුතු ම යි." යනුවෙනි.
මෙරට එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ගෝලීය වසංගත තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය යන අවස්ථා දෙකෙහි දී ම, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීමට කටයුතු කළේ ය. 2021 වසරේ දී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වූ අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම සතියේ දින 7 ම පැය 24 පුරා සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්රියාත්මක වෙමින්, සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 40%කට වැඩි ප්රතිශතයක් සපුරාලීමට සමත් වූ අතර, එ මගින් ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රය තුළ මිල ගණන් ස්ථාවර කිරීමට සහ ව්යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දීමට සමත් විය.
INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ ප්රමුඛයා බවට පත් වීමට බලපෑ ප්රධානතම ලක්ෂණයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්රය තුළ අන්යෝන්ය සහයෝගීතාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවීමයි. එහි ප්රතිඵලයක් වශයෙන්, INSEE සිමෙන්ති සමාගම වසර ගණනාවක් පුරා අධ්යාපනික හා නවෝත්පාදන සංස්කෘතියක් නිර්මාණය කරමින් එය පෝෂණය කිරීම වෙනුවෙන් ඉමහත් කීර්තියක් ගොඩනඟා ගෙන ඇති අතර, එය INSEE සිමෙන්ති නිෂ්පාදනවල මෙන් ම මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ ද ගුණාත්මක භාවය සහ කාර්ය සාධනය ඉහළ නැංවීමට සෘජුවම දායක වී ඇත. මේ සම්බන්ධයෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්රධානතම හඳුන්වාදීම වන්නේ ඉදිකිරීම් ක්ෂේත්රය වෙත නව නිපැයුම් හා ප්රමිතීන් ප්රවර්ධනය සඳහා වූ විශිෂ්ටත්වයේ මධ්යස්ථානය වන 'INSEE i2i සහයෝගීතා අවකාශය' යි. මෑතක දී, INSEE සිමෙන්ති සමාගම SLS 1697 ප්රමිතිය තහවුරු කර ගැනීම සඳහා බහුවිධ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳගනු ලැබූ අතර, එය පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති සඳහා වන බ්රිතාන්ය ප්රමිතීන්ට සමාන වේ.
ශ්රී ලංකාව තුළ සිමෙන්ති නිෂ්පාදනයේ හා ඉදිකිරීම්වල ගුණාත්මකභාවය මෙන් ම නවෝත්පාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් පුරෝගාමී ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගම ඒ වෙනුවෙන් පුළුල් වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන ආයතනයකි. ආයතනික පුරවැසියෙකු ලෙස සාමාජීය හා පාරිසරික වගකීම ඉටු කිරීම සඳහා කැපවන INSEE සිමෙන්ති සමාගම එම වැඩසටහන් මගින් 2030 වසර ඉලක්ක කරගත් සිය තිරසාර අභිලාෂයන් විධිමත් කිරීමට සමත් වී ඇත. INSEE සිමෙන්ති සමාගමේ තිරසාර වැඩසටහන් දේශගුණය, බලශක්තිය, ජෛව විවිධත්වය, ජලය සහ ආර්ථිකය යන අංශ මූලික කරගනිමින් ක්රියාත්මක වේ.
2030 වසර වන විට සිය තිරසාර අභිලාෂයන් සපුරා ගැනීම වෙනුවෙන් කැප වන INSEE සිමෙන්ති සමාගම 2020 වසරේ දී සිය නිෂ්පාදන ක්රියාවලිය තුළින් සිදුවන කාබන් විමෝචනය 15% කින් අවම කරගැනීමට කටයුතු කිරීම හරහා 'පැරිස් දේශගුණික ගිවිසුමට' සහය දැක්වීම ඇතුළු විවිධ සාමාජීය හා පාරිසරික ඉලක්ක සපුරාලීම වෙනුවෙන් වැඩසටහන් ක්රියාත්මක කරයි. වසංගත තත්ත්වය පැවතුණු කාල සීමාව හා ආර්ථික අර්බුදය පුරා වියළි ආහාර බෙදා දීම, වෛද්ය සැපයුම් හා උපකරණ පරිත්යාග කිරීම, සත්කාරක අවශ්යතාවලට අවශ්ය ද්රව්ය හා උපකරණ පරිත්යාග කිරීම සහ නව රෝහල් පරිශ්ර ඉදි කිරීම සඳහා සිමෙන්ති පරිත්යාග කිරීම වැනි සමාජ සත්කාරයන් සිදු කළ INSEE සිමෙන්ති සමාගම ඉන්ජිනේරු උපදේශන සේවා ලබා දීම වැනි උපදේශන වැඩසටහන් ක්රියාත්මක කිරීම තුළින් ද මෙරට වඩාත් පිළිගැනීමට හා ගෞරවයට පාත්ර වූ සමාගමක් බවට පත් විය.
June, 22, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්රා 10,000 ක් සෞඛ්ය අමාත්යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී. මෙරට ග්රාමීය ප්රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්යතාව පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්ය අමාත්යාංශය කළ හදිසි ඉල්ලීමකට අනුව INSEE සිමෙන්ති (ශ්රී ලංකා) සමාගමේ මව් සමාගම වන තායිලන්තයේ සියම් සිටි පොදු සමාගම (Siam City Cement Public Limited) විසින් රුපියල් මිලියන 40 ක් වටිනා මෙම ඖෂධ තොගය පරිත්යාග කෙරිණි.
මෙම ඖෂධ තොගය සෞඛ්ය අමාත්යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශය නියෝජනය කරමින් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන හා වෛද්ය තාක්ෂණික සේවා අධ්යක්ෂ, වෛද්ය අන්වර් හම්දානි යන මහත්වරුන්ස හභාගි වූ අතර, එම අවස්ථාවට තායිලන්ත තානාපති පොජ් හර්න්පොල් හා රාජකීය තායි තානාපති කාර්යාලයේ ප්රධාන ලේකම් පීරපත් ටොන්ග්රොඩ් යන මහත්වරු සමගින්, INSEE සිමෙන්ති පාර්ශ්වය නියෝජනය කරමින් එම සමාගමේ සභාපති/ ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර කටයුතු සහ ව්යාපාර සංවර්ධන ප්රධානී චන්දන නානායක්කාර යන මහත්වරු සහභාගි වූහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා මෙසේ පැවසුවේය. "වගකිවයුතු වගේ ම, ආදර්ශමත් ආයතනික පුරවැසියෙකු විදියට INSEE සිමෙන්ති සමාගම ව්යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, නව මානයන් ඔස්සේ මේ රටේ ජනතාවට විවිධ අයුරින් සහයෝගය දක්වනවා. තායිලන්තයේ Siam Bioscience සමාගමෙන් මෙම එන්නත් තොගය මිල දී ගැනීම සඳහා තායිලන්තයේ සියම් සිටි සිමෙන්ති පොදු සමාගම (Siam City Cement Public Limited) දැක්වූ සහයෝගය අපි ඉතා අගය කොට සලකනවා. ඒ වගේ ම සෞඛ්ය අමාත්යාංශයේ ඉල්ලීමට කඩිනමින් ප්රතිචාර දක්වමින් මෙම ඖෂධ තොගය ලබා දීමට කටයුතු කිරිම මගින් වර්තමානයේ දී මෙ රටේ පවතින බරපතල ඖෂධ හිඟයට යම් පමණක හෝ විසඳුමක් ලබා දීමට වගේ ම, ජීවිත ගණනාවක් බේරා ගැනීමටත් හැකි වේවි කියල මම විශ්වාස කරනවා."
ශ්රී ලංකාව තුළ ජාතික මට්ටමින් මෙන් ම ප්රාදේශීය වශයෙන් ද ජනතාවගේ සිත් සතන් තුළ තදින් ම කාවැදී ඇති වෙළෙඳපොළ ප්රමුඛයෙකු වන INSEE සිමෙන්ති සමාගම, මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන් ම වෙළෙඳපොළ ස්ථාවර භාවය පවත්වා ගැනීම සඳහා ද අඛණ්ඩව සිය දායකත්වය ලබා දී ඇති ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන් ම එම සමාගම COVID-19 ව්යසනය අවස්ථාවේ දී රට යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ක්ෂණිකව ප්රතිචාර දැක්වූ ආයතනවලින් එකකි. පසුගිය කාලවකවානුව තුළ දී සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්රියාත්මක වූ INSEE සිමෙන්ති සමාගම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන පරිදි සිය නිෂ්පාදන කටයුතු හා බෙදා හැරීමේ ක්රියාවලිය ශක්තිමත් කරමින් මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව ද සිහිපත් කළ යුතුමය.
June, 10, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්යවශ්ය වෛද්ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාස්ට්රික් ටියුබ (Nasogastric Tubes), මුත්රා කැතීටර (Urinary Catheters), මිලි ලීටර් 10 සිරින්ජ, නිර්ජීවාණු ශල්ය අත්වැසුම් (Sterile Surgical Gloves) පරීක්ෂණ අත්වැසුම් (Examination Gloves) සහ චූෂණ උපකරණ (Suction Jars) ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු චාම් උත්සවයේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා බාහිර කටයුතු සහ ව්යාපාර සංවර්ධන ප්රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් විසින් කොලඹ ජාතික රෝහලේ වෛද්ය ඩිල්ෂාන් ප්රියංකර, වෛද්ය සජීවක හා හෙද ප්රධානී ශිරෝමිනී යන මහත්ම මහත්මීන් වෙත අදාළ වෛද්ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාර දීම සිදුකෙරුණි. මෙම වැඩසටහන මඟින් කොලඹ ජාතික රෝහලේ, වෛද්ය දැඩිසත්කාර ඒකකයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.
එම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දැක්වූයේ මේ අයුරිණි. "මෙම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහල අප සමාගම කෙරෙහි විශ්වාසය තබමින් අපගේ සහය ඉල්ලා සිටීම අපට මහත් ගෞරවයක්. වර්තමානයේ රට තුළ පවතින දුෂ්කර සහ අභියෝගාත්මක තත්ත්වය නිසා ම මෙම වෛද්ය උපකරණ සහ ඖෂධ තොගය ඉතා ඉක්මණින් ලබා දීමට අපි කටයුතු කළා. 'ජීවිතය වෙනුවෙන් ගොඩනඟමු' කියන තේමාව මුල් කරගනිමින් ක්රියාත්මක වන සමාගමක් විදියට අසාධ්ය තත්ත්වයේ පසු වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි හදවතින් ම සතුටු වෙනවා. ඒ වගේ ම වත්මන් අර්බුදයෙන් අපගේ ලක් මාතාව මුදා ගැනීමට අපි හැකි සෑම අවස්ථාවක දී ම කැප වන බව මම අවධාරණය කිරීමට කැමතියි."
INSEE සිමෙන්ති සමාගම මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට ශක්තියක් වෙමින්, ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කැපවී සිටින ආයතනයක් වන අතර, සාමාජීය හා පාරිසරික තිරසාර වැඩසටහන් රැසක් ද දියත් කරයි. කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම විසින් රෝහල්වලට අවශ්ය ඇඳන් සහ සෞඛ්ය සේවකයින්ට අත්යවශ්ය උපකරණ හා ද්රව්ය පරිත්යාග කිරීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි. එහි දී මහනුවර ජාතික රෝහලේ ඇඳන් 150 කින් යුත් නව වාට්ටුවක් ඉදිකිරීම සඳහා සිමෙන්ති ලබාදීම හා ව්යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්ය තාක්ෂණික සහාය ලබා දීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළ බව සිහිපත් කළ යුතුමය. ඊට අමතරව කොවිඩ් කාලවකවානුවේ දී වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා දිවුලපිටිය මූලික රෝහල ඇතුළු රෝහල් ගණනාවක පරිමාව ඉක්මවමින් වැඩි වූ රෝගීන්ට අවශ්ය ඉඩ පහසුකම් පුළුල් කිරීම සඳහා සිමෙන්ති පරිත්යාග කිරීමට ද INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.
Video Story