October, 17, 2022
ශ්රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත්රයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF), ILO හි Better Work වැඩසටහන සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. ILO විසින් මෑතකදී Better Work (BW) දියත් කරන ලද්දේ Better Work හි අත්දැකීම්, මෙවලම් සහ හවුල්කාරිත්වයන් තුළින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මානව සම්පත සවිබල ගැන්වීමටයි. ශී්ර ලංකාව දැනටමත් ඇඟලූම් කර්මාන්තයේ නියැලෙන සේවක ප්රජාවට උසස් ජීවන තත්වයක් ලඟා කරදීම වෙනුවෙන් ඉහළ දායකත්වයක් දක්වන අතර ශ්රී ලංකාවටම සුදුසු පරිදි සකස් කල මෙම BW වැඩසටහන මඟින් ඇඟලූම් කර්මාන්ත සේවකයින් වෙනුවෙන් අනුගමනය කරන සුබසාධන වැඩපිළිවෙල තව තවත් දියුණු කිරීමට අවශ්ය මාර්ගෝපදේශයන් සපයනු ලබයි.
දිවයින පුරා පිහිටි නිෂ්පාදන කම්හල් 350 ක් හරහා සෘජුව සහ වක්රව මිලියනයකට ආසන්න සේවක පිරිසකට රැුකියා අවස්ථා ලබාදෙන ශ්රී ලංකාවේ විශාලතම අපනයනකරු වන ඇඟලූම් කර්මාන්තය කෙරෙහි Better Work හි අවධානය යොමු වී ඇත. වෘත්තීය සුරක්ෂිතාව සහ සෞඛ්යය, කාන්තා ශ්රමිකයින් සඳහා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව මෙන්ම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් (SMEs) දිරිගන්වමින් ඔවුන්ට නායකත්ව, මූල්ය සාක්ෂරතා පුහුණුව සහ SME කර්මාන්තශාලා වැඩිදියුණු කිරීමේ මෙවලම් කට්ටල ලබාදීම ඇතුළුව ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම පිළිබඳව Better Work හි අවධානය යොමුවෙයි.
ඇඟලූම් කර්මාන්තය ජාත්යන්තර වශයෙන් දිනාගත් විශ්වාසය සහ කීර්තිය මානව සම්පත සඳහා වන ආචාරධාර්මික ප්රතිපත්ති සමඟ බැඳී පවතී. ස්ත්රී පුරුෂ සමානාත්මතාවය, සේවක ආරක්ෂාව සහ සෞඛ්යය මත ගොඩනගා ඇති යහපත් සේවා පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් වූ කැපවීම ශක්තිමත් කිරීම සඳහා දේශීය හා ජාත්යන්තර පාර්ශවකරුවන් සමඟ හවුල් වීමට Better Work කදිම අවස්ථාවක් බව JAAF තරයේ විශ්වාස කරයි.
මෙම මුලපිරීමට සහය දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ප්රකාශ කළේ, ”මෙම වැඩසටහන ඇඟලූම් ක්ෂේත්රයේ දැනටමත් ඉහළ ප්රමිතීන් ඇති කිරීම සඳහා වඩා හොඳ OSH භාවිතයන් සහ ප්රමිතීන් ප්රවර්ධනය කිරීමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හදුන්වාදිය හැකියි. මෙමගින් කර්මාන්තයේ ප්රධාන පාර්ශවකරුවන්ට ඇඟලූම් කර්මාන්තය සඳහා වූ අපගේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.” යනුවෙනි.
වසංගතයේ ආරම්භය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇඟලූම් කර්මාන්තය සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහතික කිරීම සඳහා පුළුල් පරාසයක වැඩසටහන් ක්රියාත්මක කළේය. එහිදී කර්මාන්තශාලා සේවකයින්ට ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීම සඳහා නිවසට ගෙන යාමට අමතර ආහාර පාන ලබා දෙයි. එමෙන්ම සේවකයින්ගේ ළමුන් සඳහා නොමිලේ පාසල් පොත්පත්, වෛද්ය පහසුකම් සහ ගර්භනී කාන්තාවන් සඳහා විශේෂ ආහාර පැකේජ ලබා දීම ද සිදු කරයි. මෙම වැඩපිළිවෙල කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් විසින් ද කි්රයාත්මක කරයි.
ඇඟලූම් කර්මාන්තශාලා හිමියන්ව ඔවුන්ගේ සේවකයන්ගේ අවශ්යතාවලට වඩාත් ගැලපෙන සුබසාධන ක්රියාමාර්ග ක්රියාත්මක කිරීමට දිරිමත් කරයි. 2022 ජූනි මස වන විට ඇඟලූම් නිෂ්පාදකයින්ගෙන් 80% ක් පමණ වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව ජීවන වියදම් සම්බන්ධ ගෙවීම් ඉහළ දමා තිබෙනවා. එය 25% ක වැඩිවීමක් වන අතර මෙම වර්ධක 2021 සිටම කි්රයාත්මක වෙනවා.


September, 13, 2022
ශ්රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි.
පසුගිය සතියේ Shippers’ Academy විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) මහලේකම්වරයා විසින් අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්යන්තර වෙළෙඳපොළ වෙත ශ්රී ලංකාවේ වරණීය ප්රවේශය ප්රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන මුලපිරීම් පිළිබඳව රජය සොයා බලමින් සිටින බව පවසමින් ඇඟලූම් කර්මාන්තයට සහ එම කර්මාන්තය ආර්ථිකයට සපයන දායකත්වයට සහය පළ කළේය.
JAAF හි මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කළේ ශ්රී ලංකාවේ ඇඟලූම් අපනයනවල ක්රියාකාරීත්වය තිරසාරව පවත්වා ගැනීම සඳහා වෙළඳ ගිවිසුම් අත්යවශ්ය බවයි. එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්රමයෙන් (DCTS) ශ්රී ලංකාව ප්රතිලාභ ලබනු ඇති අතර ඇඟලූම් කර්මාන්තය 2023 දෙසැම්බර් මාසයෙන් පසු GSP+ රඳවා ගැනීමේ වැදගත්කම නිරතුරුව අවධාරණය කර ඇත. GSP+ යෝජනා ක්රමවලට අනුව ඇඟලූම් වල හරි අඩක් සඳහා පමණක් ප්රයෝජන හිමිවන්නේ රෙදිපිළි සඳහා වන Rules of Origin වලට අනුව ඇති සීමාවන් නිසා වන අතර එයින් අදහස් වන්නේ cumulation සඳහා අවසර දෙනු ලබන්නේ සාර්ක් රටක රෙදිවලට පමණක් බවයි. JAAF මෙම බාධාව ඉස්මතු කර ඇති අතර GSP යෝජනා ක්රමයේ අනාගත පුනරාවර්තන වලදී මෙම කරුණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා ඇත.
ඇඟලූම් අපනයන කාර්යසාධනය
2021 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව ශ්රී ලංකාවේ කාර්මික අපනයන, රෙදිපිළි සහ ඇඟලූම් ප්රමාණය 43.5% කි. එම වසරේ රෙදිපිළි සහ ඇඟලූම් අපනයන වටිනාකම ඩොලර් මිලියන 5,435.1 කි. ඇඟලූම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව, දිගුකාලීන අර්බුදය මධ්යයේ රජයට ලැබුණු ප්රතිපත්තිමය සහය සමඟින් මෙම ධනාත්මක ආරම්භය 2022 දක්වා ඉදිරියට ගෙන යාමට කර්මාන්තයට හැකි වී ඇති අතර ඒ හරහා රටේ ආර්ථිකයට සහාය වීමට හැකියාව ලැබී ඇත.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය විසින් කරන ලද ගණනය කිරීම්වලට අනුව, 2022 ජූලි මාසයේදී මුළු ඇඟලූම් අපනයනය (USD මිලියන 522.14) 2021 ජූලි ඇඟලූම් අපනයන (USD මිලියන 425.75) හා සැසඳීමේ දී 22.4% ක වර්ධනයක් අත්විඳ ඇත. පහත වගුවේ දැක්වෙන්නේ ශ්රී ලංකාවේ ප්රධාන ඇඟලූම් අපනයන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලට අපනයනය කිරීම පිළිවෙලින් 16.93%, 32.3%, 29.32% සහ 15.77% ක වර්ධනයක් වාර්තා කර ඇත.

2022 ජනවාරි සිට ජූලි දක්වා ඇඟලූම් කර්මාන්තයේ සමුච්චිත කාර්ය සාධනය ද ධනාත්මක ඉදිරි දැක්මක් පෙන්නුම් කර ඇත. 2022 ජනවාරි සිට ජූලි දක්වා මාස හතක කාලය තුළ මුළු අපනයනය 2021 අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 20.44% කින් වැඩි විය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලට කරන ලද සමස්ත අපනයන පිළිවෙලින් 27.12%, 14.55%, 18.12% සහ 16.64% කින් ඉහළ ගියේය.

ශ්රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සංඛ්යාවලට අනුව, සියලූම රටවලට ගෙතූ සහ වියන ලද නිෂ්පාදන අපනයනය 2022 ජූලි මාසයේදී වසරින් වසර වැඩිවීමක් පෙන්නුම් කරයි.

2022 ජනවාරි සිට ජූලි දක්වා knitted, woven සහ අනෙකුත් නිෂ්පාදන සඳහා සියලූම රටවල ඇඟලූම් අපනයන වෙළඳ ආදායම ද වසරින් වසර වැඩි විය.

මෙම දත්ත වලින් පෙන්නුම් කරන්නේ ඇඟලූම් කර්මාන්තය මෙම අර්බුදකාරී මොහොතේ වුවද ශ්රී ලංකාවේ ආර්ථිකයට දක්වන දැවැන්ත දායකත්වයයි. සම්පූර්ණයෙන්ම පුද්ගලික හිමිකාරීත්වය මත ක්රියාත්මක වන කර්මාන්තය අභියෝග වලට ඔරොත්තු දෙන අතරම සේවක සුභසාධනය සහ පෝෂණය සහතික කරමින් යළිත් සාර්ථක වී ඇත.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් යළිත් අවධාරණය කරන්නේ, ”අර්බුදකාරී අවස්ථාවන් වලදී වුවද ඒවාට ඔරෝත්තු දෙමින් මෙරට ආර්ථිකයට සවියක් වීමට අපට හැකියාව තිබෙනවා. ශ්රී ලංකාව 2023 දෙසැම්බරයෙන් පසු GSP+ ලබා ගැනීම සඳහා ක්රියා කළ යුතු අතරම චීනය සහ ඉන්දියාව වැනි රටවල අපට ඇති අවස්ථා සොයමින් ශ්රී ලංකාවේ යථාර්ථයන්ට ගැළපෙන පරිදි යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ වඩා හොඳ වෙළඳ ගිවිසුම් වලට එළඹීමට සහ ගෝලීය වෙළඳ නීතිවලට අනුකූලව කටයුතු කිරීමට අවධානය යොමුකල යුතුයි.” යනුවෙනි.
ලෝරන්ස් මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අත්යවශ්ය බව පෙන්වාදෙමිනි.
July, 12, 2022
ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්විය යුතු බවටත්, හැකි ඉක්මනින් සියලූ පක්ෂවල සහභාගීත්වය සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවකට මග සලසා දී මැතිවරණයක් පවත්වන වන ලෙසටත් දැනුම් දෙමින් පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ නිර්දේශ කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සියලූම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටී.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ ව්යවස්ථා සංශෝධනයක් සඳහා වන ඉල්ලීම පිළිබඳව ද JAAF නැවතත් මෙහිදී අවධාරණය කරයි.
”ශ්රී ලංකා ඉතිහාසය මුහුණ දී සිටින මෙම ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක අවස්ථාවේදී, අප රට පත්ව ඇති මෙම ඛේදජනක අර්බුදය විසඳීමට සහ පළමුව ශ්රී ලංකාවට ප්රමුඛත්වයක් ලබා දෙන න්යාය පත්රයක් ඇති කිරීම උදෙසා සියලූ දේශපාලන පක්ෂ නායකයින් එක්ව කටයුතු කරන ලෙස අප දැඩිව ඉල්ලා සිටිනවා.
”මේ අවස්ථාවේදී ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්වය අප හොඳින් තේරුම් ගෙන සිටින අතරම ඔවුන් පවත්වනු ලබන විරෝධතාවන් අවිහිංසාවාදීව සිදු කරන ලෙසත් ඉතා ඉවසීමෙන් සහ අධිෂ්ඨානශීලීව කටයුතු කරන ලෙසත් අප ඔවුන්ගන් ඉල්ලා සිටිනවා. තවද අප ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් මනා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
Video Story