November, 28, 2022
දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් එළඹෙන 2023 ජනවාරි 15 සිට මාස 05 ක කාලයක් සඳහා මහව සිට යාපනය දක්වා දුම්රිය ගමන් අත්හිටුවනු ලබන බව ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (28) දින පාර්ලිමේන්තුවේ දී අමාත්යවරයා මේ බව කියා සිටියේය.
මහව ඉඳන් යාපනය යනකං දුම්රිය මාස 05කට නතර කරන්න තියෙනවා ජනවාරි මාසේ 15 වෙනිදා ඉඳන්. අපි දිගටම දුම්රිය වැඩි කළා යාපනය දක්වා. මහව ඉඳන් යන්නම බැරි තත්ත්වයකට මේ මාර්ගය පිළිසකර කරලා නැති නිසා. මාස 05ක් ඇතුළත ඒක නිම කරනවා. එතකං ඇතිවන දුෂ්කරතාවය ඉවරවෙන කොට, අපිට පුළුවන් වෙනවා වඩා හොඳ මන්නාරම - වවුනියාව - යාපනය - කන්කසන්තුරේ දුම්රිය මාර්ගය ඉතාම හොඳ දුම්රිය මාර්ගයක් බවට ලබන වර්ෂය තුළ දී පත්කරලා දෙන්න.
October, 4, 2022
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්යා යන අනෙකුත් රූපලාවන්ය සන්නාම එකතුව යාපනය - නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසුගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේ අවස්ථාව මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ පැවැත්වෙන කුටියන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන මඟින් ආකර්ෂණීය ත්යාග ලබා දුන් අතර සහ සුපිරි ත්යාගය වශයෙන් රෙදි සෝදන යන්ත්රයක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සැලසිණි. මීට අමතරව, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මීළඟ දීවා පවර් මිලදී ගැනීමේ දී ලබා ගත හැකි වට්ටම් කූපන් පත් ද ලැබිණි. මීට සමගාමීව, තෝරා ගත් SMMT අලෙවි සැල්වල මේ හා සමාන වැඩසටහන් දීවා පවර් වෙතින් දියත් කරන ලදි.
දීවා පවර් Colour Guard සහ Germ Guard යන උසස් ප්රභේදයන්ගෙන් වෙළදපලට නිකුත් කර ඇත. Colour Guard ඇඳුම්වල වර්ණ රැක ගැනීමට සහය වෙන අතර Germ Guardවල අඩංගු කොහොඹ සහ දෙහි ඇඳුම්වල ඇති විසබීජවලට එරෙහිව සටන් කරයි. මෙම ප්රභේද සුපිරි පිරිසිදු කිරීමක් සිදු කරන අතර එය රෙදි සෝදන යන්ත්රවල භාවිතයට ද වඩාත් සුදුසුය. මෙම නිෂ්පාදන ද්විත්වයම දියර සහ රෙදි සේදුම් කුඩු යන ප්රබේදයන්ගෙන් ලබා ගත හැකිය.
දීවා පවර් නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ සන්නාමය සමඟ පාරිභෝගිකයන්ට එක් වී කටයුතු කිරීමට මුලපිරීමක් වශයෙන් මෙය දියත් කරන ලදී. දිවා පවර් පාරිභෝගිකයන් සමග සමීපව එක් වී මෙවැනි වැඩසටන් සදහා ඉදිරියටත් මුල පුරනු ඇත.
September, 9, 2022
නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්යාග ලබාදෙන බැංකුවේ පේ්රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප්රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
මෙම ප්රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ දෙමව්පියන්ට සහ භාරකරුවන්ට දරුවන් වෙනුවෙන් විදේශීය මුදල් වලින් ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා පසුගියදා ආරම්භ කළ ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම ඇතුළු බැංකුවේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බව බැංකුව පවසයි. මෙහිදී නව Vibe සහ DotCom ගනුදෙනුකරුවන්ට නොමිලේ Vibe සහ DotCom කාඞ්පත් ප්රදානය කරන ලදී.
මීට අමතරව, බැංකුව විසින් මෙහිදී ‘ComBank RemitPlus’ භාවිතා කරමින් පේ්රෂණ සම්බන්ධ තොරතුරු සහ සේවා සඳහා ප්රවේශ වීමේදී ලැබෙන ප්රතිලාභ, මුදල් වලින් ගිණුම් වලට පේ්රෂණ එවීමේදී තිබෙන වාසි සහ පේ්රෂණ සඳහා ඊ- රිසිට්පතක් ලබාගැනීමේ පහසුව පිළිබඳවද දැනුවත් කළේය. එසේම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේ ප්රයෝජනද මෙහිදී පැහැදිලි කරන ලදී.
බැංකුව විසින් සමාජ මාධ්ය සහ අත්පත්රිකා බෙදා දෙමින් ජනතාව සමඟ සම්බන්ධ වූ බවත් යාපනයේ ජනප්රිය උත්සවයක් වන නල්ලූර් උත්සවය නිසා විශාල පිරිසක් මෙම වැඩසටහන් වලට සහභාගී වූ බවත් බැංකුව පවසයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ප්රවර්ධනයට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ නල්ලූර් ප්රදේශයේ සැරිසරන බැංකුවේ බෑන්ක්-ඔන්-වීල්ස් රථයකි.
Video Story