October, 10, 2022
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්රණය ශ්රී ලංකාව සහ ජපානය අතර ක්රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පරිසර අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතා සහ ජපානයේ ශ්රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරත වූහ.
ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්රණයක් හඳුන්වා දෙන ලදී.
මෙම යාන්ත්රණය සංවර්ධනය වෙමින් පවතින රාජ්යයන් සමග ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින් එම අවම කරන ලද ප්රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ජපානය අතර බෙදී යන පරිදි සකස් කර ඇති යාන්ත්රණයකි.
ජපානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සමුළුවේදී ඇතිකරගත් පැරිස් ගිවිසුමෙන් එකඟ වූ ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව සඳහා අනුගත වීම උදෙසාය.
දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්රියාත්මක කරනු ලබයි.
කාබන් විමෝචනය අවම වූ උසස් තාක්ෂණය භාවිතා කර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එමගින් අඩු කරනු ලබන කාබන් විමෝචන ඒකක (Carbon Credit Sharing) දෙරට අතර බෙදී යන ලෙස මෙම යාන්ත්රණය සකස් කර ඇත.
මෙම යාන්ත්රණය (JCM) මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්රියාත්මක කිරීම සඳහා ජපාන රජය හෝ එහි පුද්ගලික අංශය තාක්ෂණික දායකත්වය සපයන අතර ඒ සඳහා වැය වන මූලික වියදමෙන් කොටසක් ව්යාපෘති සඳහා ආයෝජනය කෙරේ.
එමෙන්ම මෙම යාන්ත්රණය යටතේ බලශක්ති, කර්මාන්ත, ප්රවාහනය, අපද්රව්ය කළමනාකරණය හා කෘෂිකර්මය යන ක්ෂේත්ර යටතේ ව්යාපෘති ක්රියාත්මක කළ හැකිය.
එම නිසා, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්රණය (JCM) ක්රියාත්මක කිරීම යටතේ කාබන් විමෝචනය අඩු කළ හැකි ප්රමුඛතම තාක්ෂණික සහ නව නිෂ්පාදන ක්රමවේද හඳුන්වාදීම ද එම ව්යාපෘතිවල ඉදිකිරීම්, යන්ත්ර සුත්ර හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගත හැකි වීම ද ශ්රී ලංකාවට ලැබෙන තවත් ප්රතිලාභයකි.
ශ්රී ලංකාව 2016 සැප්තැම්බර් මස 21 දින දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමට අනුගත වන ලදී. මෙම ගිවිසුමට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සදහා ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් බලශක්ති, කර්මාන්ත, ප්රවාහනය, අපද්රව්ය කළමනාකරණය, කෘෂිකර්මය හා වනාන්තර යන ක්ෂේත්රන්ට අදාළව 2021 ජුලි මස 30 වැනි දින ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළේය.
ඒ අනුව, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්රණය (JCM) ශ්රී ලංකාව තුළ ක්රියාත්මක කිරීම තුළින් පැරිස් ගිවිසුම යටතේ ශ්රී ලංකාව බැඳී ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ගෝලීය ප්රයත්නයට ද දායක වනු ඇත.
ජපානය හා ශ්රී ලංකාව අතර ඒකාබද්ධ කාබන් හරකිරීමේ යාන්ත්රණය ක්රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට අදාළ අමාත්ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
තවද, මෙම යාන්ත්රණය (JCM), ශ්රී ලංකාව තුළ ක්රියාත්මක කිරීමේ දී ඊට අදාළ ව්යාපෘති අනුමත කිරීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කරනු ලබන අතර එහි සම සභාපතිත්වය ශ්රී ලංකා රජය හා ජපන් රජය නියෝජනය කරනු ලබයි.
පරිසර අමාත්ය නසීර් අහමඩ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
October, 3, 2022
ශ්රී ලාංකික ශ්රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
ශ්රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිතර කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා GTN - Global Trust Network සභාපති Hiroyuki Goto, පුහුණු ශ්රමික අංශයේ කළමණාකරු Yuka Kuwahara, ප්රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ ම නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එහිදී, මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බඳවා ගැනීමටද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බඳවා ගැනීමට ද එකගතාවය පළ කර ඇත.
ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්රමුඛතම ආයතනයක් වන GTN - Global Trust Network ආයතනය මේ වන විට විදේශීය ශ්රමිකයින් තුන්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්යාවකට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදී ඇති අතර, එවැනි ආයතනයක් සමග සම්බන්ධවෙමින් ලංකාවේ ශ්රමිකයින්ට රැකියා අවස්ථා විවෘත කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්රහණයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්යවරයා පැවසුවේය.
මෙම ආයතනය සමග දීර්ඝ කාලීන අවභෝධතාවයක් යටතේ කටයුතු කිරීමටත්, වාර්ශිකව ලබාදෙන රැකියා කෝටාව වැඩි කරගැනීමටත් කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා සදහන් කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා මහතා සහ ජාත්යන්තර සම්බන්ධතා උපදේශක ශාන් යහම්පත් මහතාද එක්ව සිටියහ.
September, 27, 2022
ජපාන විදේශ අමාත්යවරයාගෙන් ජනපතිට සහතිකයක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්යවරයා පැවසීය.
පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්යාවශ්ය එම ව්යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපෙක්ෂා කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ,ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවය.
මෙහිදී ජපාන විදේශ අමාත්යවරයා පවසා සිටියේ, ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් ශ්රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බවයි.
2023 වර්ෂයට ශ්රී ලංකාවේ පුහුණු ශ්රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවද විදේශ අමාත්යවරයා කරුණු දක්වමින් කියා සිටියේය.
ජාත්යන්තර කටයුතුවලදී ජපානය ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්ය සාමාජිකත්වය දැරීමට ජපානය හා ඉන්දියාව ගෙනයන උත්සාහයට සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාපධිපතිවරයගේ එම ප්රකාශය පිළිබඳ ප්රශංසා කළ ජපාන විදේශ අමාත්යවරයා ලෝක වේදිකාවේ ආසියාවේ නියෝජනය පුළුල් කළ යුතු බව තවදුරටත් අවධාරණය කර සිටියේය.
Video Story