November, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් පිරිනමන Grate Place To Work (GPTW) සම්මානය අඛණ්ඩව දසවෙනි වරටත් හිමිකර ගනිමින්, Grate Place To Work (GPTW) Legend තත්වය හිමිකර ගැනීමට සමත් විය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ්රම බලකාය වෙනුවෙන් පෙනී සිටීමට 99x හි ඇති නොසැලෙන කැපවීම මෙම ජයග්රහණය තූළින් ඉස්මතු වෙයි. මෙම වසරේදී සමාගම ශ්රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් මෙන්ම හොඳම IT/ITES සේවා ස්ථානයක් ලෙස ද ශ්රේණිගත කර ඇත.
99x 2013 වසරේ සිට අඛණ්ඩව ශ්රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙසත් 2018 සිට 2021 දක්වා අඛණ්ඩව වසර හතරක් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙසත් ශ්රේණිගතව ඇත. 99x යනු ශ්රී ලංකාවේ එසේ ශ්රේණිගත වූ සමාගම් තුනෙන් එකකි. AIA සහ DIMO යන ආයතනයන්හි වසර ගණනාවක් පුරා කි්රයාත්මක වෙන විශිෂ්ට මානව සම්පත් භාවිතයන් වෙනුවෙන්, 99x මෙම සමාගම් දෙකට තමන්ගේ සුබ පැතුම් එක් කරයි.
අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළදීත් 99x විවිධ ක්රියාමාර්ග ක්රියාවට නංවමින් සිය ජනතා අවධානය පවත්වා ගෙන ගොස් ඇත. 99x සිය සේවා ස්ථාන සංස්කෘතිය වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තරයෙන් ඇති නොසැලෙන අවධානය Legend තත්වය වෙත ලඟා වීම සඳහා ප්රධාන වශයෙන් හේතු විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් 99x ප්රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මනෝ සේකරම් මහතා පැවසුවේ ”Great Place to Work ආයතනයෙන් අපට ලැබී ඇති සහයෝගය සහ පිළිගැනීම අපට ගෞරවයක් මෙන්ම, අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වෙනවා. ඒ වගේම වැඩ කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක් බවට පත්වීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මෙය රැකියා ස්ථානය තුළ පවතින අපගේ සංස්කෘතික භාවිතයන් පිළිබඳ ඇගයීමක්. අපගේ, ව්යාපාර ආකෘතියේ ඇති වෙනස්කම්වලට අනුගත වීම, වසංගත හා ආර්ථික අභියෝග මධ්යයේ වුවද නව සාමාන්යකරණයට මුහුණ දීම මෙන්ම අපගේ සේවා කණ්ඩායම් අපට තිබෙන ප්රධානතම වත්කම ලෙස සැලකීම ආදී කරුණු මෙම තත්වය ළඟා කර ගැනීම උදෙසා අපට ඉඩ සලසන ප්රධාන මූලධර්ම කිහිපයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.
ශ්රී ලංකා රැකියා ස්ථානයේ සේවක සේවිකාවන් තම නායකයින් කෙරෙහි දක්වන විශ්වාසය, මිනිසුන්ට දක්වන ගෞරවය, සේවා ස්ථානයේ තීරණවල සාධාරණත්වය සහ කණ්ඩායම් මිත්රත්වය ඇතුළු සාධක මත 99x මෙසේ ශ්රේණිගත වී ඇති අතර Great Place to Work ශ්රී ලංකා විසින් සේවක සමීක්ෂණ ප්රතිචාර විශ්ලේෂණයක් මත පදනම්ව ඒ පිළිබඳව ඇගයීමට ලක් කර ඇත. සේවකයින්ට තම යහපැවැත්ම වර්ධනය කර ගැනීම උදෙසා ඔවුන්ට අවශ්ය පිටුබලය සහ නම්යශීලීභාවය ඇති, වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලිකව ඔවුන්ගේ උපරිමය ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට 99x හි කැපවීම මෙම ඇගයීම තුළින් අවධාරණය කරයි.
”අපගේ පාරිභෝගිකයින් අපට වඩා සැතපුම් 6000 ක් පමණ බොහෝ දුරින් සිටියද අප සහ ඔවුන් අතර පවතින විශ්වාසනීයත්වය මත ඔවුන්ගේ සම්පූර්ණ බුද්ධිමය දේපළ අපට භාර දී තිබෙනවා. අපගේ සේවකයින් දිරිමත් කිරීම සඳහා ධනාත්මක සේවා සංස්කෘතියක් නිර්මාණය කරන අතරම විශ්වාසය ඇති කිරීම තුළින් විශිෂ්ට කාර්යයක් ගොඩනැගීමට හැකිවීම අපගේ මෙම සාර්ථකත්වයට හේතු වුණා. 99x ලොව පුරා සිටින අපගේ පාර්ශවකරුවන් සඳහා සෑම විටම විශ්වාසදායක සහ ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යනවා.” යනුවෙන් 99x හි ප්රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ මහතා පැවසුවේය.
මෙම අභියෝගාත්මක කාල සීමාවන් මධ්යයේ වුවද 99x ව්යාපාර අඛණ්ඩතාව සහ සේවකයින්ගේ රැුකවරණය සහතික කිරීම සඳහා පියවර ගත්තේය. සමාගම ශ්රී ලංකාවේ සිටින සිය සියලූම සේවකයන්ට හොද වැටුපක් ලබාදෙන අතර ශක්තිමත් ජීවන වියදම් දීමනා ක්රමයක් හඳුන්වා දී ඇත. මීට අමතරව 99x oDoc සහ InReach Global ඇතුළු වෛද්ය උපදේශන සේවා සමඟ හවුල් වෙමින් එහි සේවකයින්ට online සෞඛ්ය උපදේශනයට පහසුකම් සලසා දී තිබේ. වසංගතය ආරම්භයේදීම 99x සිය සේවකයින්ට බාධාවකින් තොරව නිවසේ සිට වැඩ කිරීමේ ආකෘතියකට මාරු වීමට හැකියාව ලබා දුන්නේය. මෙවැනි තීරණාත්මක පියවරයන් හරහා 99x සේවකයින්ට මෙම දුෂ්කර කාලවලදී ද සාර්ථකව ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම සේවාවක් ලබා දීමට අවස්ථාව ලබා දී ඇත.
99x ශ්රම බලකායෙන් 25% ක් පමණ කාන්තාවන්ගෙන් සමන්විත වන අතර සමස්ත ශ්රම බලකායෙන් 78% කට වැඩි ප්රමාණයක් සහ කළමනාකරණ කණ්ඩායමේ 25% ක් පමණ සිටින්නේ තරුණ ප්රජාවයි. තවද 99x විශ්වවිද්යාල මට්ටමේ සිට දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. පසුගිය වසර දහය තුළ එය දේශීය විශ්වවිද්යාල 30ක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර උපාධිධාරීන් 25,000කට අධික පිරිසකට අති නවීන තාක්ෂණයන් සමඟ වැඩ කිරීමට තාක්ෂණ ක්ෂේත්රය තුළ අවස්ථා ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වා ඇත. මීට අමතරව 99x විසින් තාක්ෂණික සැසි 500 කට අධික ප්රමාණයක් පවත්වා ඇති අතර පර්යේෂණ ව්යාපෘති 50 කට ආසන්න ප්රමාණයකට ද සහාය වී ඇත.
October, 13, 2022
AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් 'LEGEND' තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ. AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සහ සියළුම සේවකයින්ගේ වෘත්තීය වර්ධනයට සහ සුභසිද්ධිය සඳහා වූ අඛණ්ඩ කැපවීම මෙසේ සම්මානනීය වීම මගින් මනාව පිළිබිඹු වේ.
හොඳම සේවා ස්ථාන සංස්කෘතීන් ඉතා ශක්තිමත් පදනමක් ඇතිව ගොඩනැගී ඇත. සමාගම ඇතුළත AIA ඉන්ෂුවරන්ස් වඩාත් සෞඛ්ය සම්පන්න, නවතාවයෙන් පිරිපුන් සංස්කෘතියක් ප්රවර්ධනය කරන අතර සිය සේවා ස්ථානයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයින් සවිබලගන්වනු ලබයි. අත්දැකීම් බෙදාහදා ගනිමින්, එතුලින් සහයෝගීතාවයෙන් යුක්තව අභියෝග ජය ගනිමින්, එකිනෙකාට සහාය වෙමින් ඔවුන් සමගින් අර්ථවත් සහසම්බන්දතා ඇතිකර ගනිමින්, එක පවුලක් තුළ පවතින වාතාවරණය හා සමාන සංස්කෘතියක් AIA කාර්යමණ්ඩල සාමාජිකයින් සමාගම තුළ ගොඩනගාගෙන ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ, "සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ආරම්භ වන්නේ අපගේ හැකියාවන් ඉහලම තලයට ගෙන යාමට අවස්ථාව ලබා දෙන සේවා පරිසරයක් තුලින්. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් අඛණ්ඩව වසර 10ක් පුරාවට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සිය සමාගම ඇගයුමට ලක්කර කරගනිමින් Great Place to Work හි LEGEND තත්ත්වය අත්පත්කර ගැනීමට සමත් වීම අපට මහත් අභිමානයක් මෙන්ම එය අප සමාගම සතු සංස්කෘතිය සහ ස්ථාවරත්වය පිළිබඳව මනා සාක්ෂියක්. එසේ AIA ශ්රී ලංකා සමාගම LEGEND තත්ත්වයට පත්වන්නේ අප විසින් විශාල පිරිසකගේ ජීවිත වලට ධනාත්මක අයුරින් බලපෑම් ඇතිකර ඇති නිසයි. සමාගමක් ලෙස මෙවන් වෙනසක් ඇතිකිරීම ආරම්භ වන්නේ AIA කාර්යමණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන්. ඔවුනගේ කාර්යසාධනය උසස් මට්ටමකට ගෙන යමින් අසමසම වෙනසක් ඇති කිරීමට ඔවුන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් මා AIA ශ්රී ලංකා සමාගම තුල සියලු තලයන් හි සිටින නායකත්වයට මගේ හදපිරි කෘතඥතාව පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. විශිෂ්ට පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ඔස්සේ කාර්යමණ්ඩලයට ලබා දෙන්නා වූ අත්දැකීම් සහ වර්ධන අවස්ථා මෙම ක්රියාවලිය සඳහා මූලික වන අතර අවසානයේ දී මේ සියල්ල අපගේ සේවාලාභීන් වෙත ඉහළ අගයන් එකතු කිරීමට දායක වනු ඇති."
AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්යක්ෂිකා තුෂාරි පෙරේරා කියා සිටියේ "රට වසා තිබු අවස්ථාවන් වලදී සහ හයිබ්රිඩ් ක්රමයට සේවයට වාර්තා කිරීමට උපදෙස් දී තිබූ අවස්ථාවන් වලදීත් අපගේ ප්රධාන ප්රමුඛත්වයක් වූයේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට අඛණ්ඩව සහාය වීම තහවුරු කිරීම වන අතර ඒ ඔස්සේ ඔවුන් අඛණ්ඩව ඔවුනගේ කාර්යභාරය ද විශිෂ්ට අයුරින් ඉටු කරනු ලැබුවා. ඔවුන්ගේ රැකියාව කුමන ආකාරයක වුවද සිය කාර්යභාරය එකෙනකා හා එක්ව හරියාකාරව සන්නිවේදන කටයුතු සිදුකරමින් ඉටු කිරීමට අවශ්ය සියලුම තාක්ෂණය සහ උපාංග ඔවුනට ලබා දෙනු ලැබුවා. AIA හි අප සැමවිට විශ්වාස කරන්නේ ‘විශිෂ්ටත්වයෙන්’ ඔබ්බට ගොස් වඩාත් හොදින් යමක් කිරීමයි මන්ද අපි වඩා හොඳ යැයි විශ්වාස කරන්නේ අපව වඩා හොඳින් ගෙන යා හැකි දුරෙහි සීමාවක් නොමැති නිසයි. සැමට සුරක්ෂිත, එකිනෙකා හා එක්ව සුහදත්වයෙන්, සතුටු සිතෙන් සහ ධෛර්යසම්පන්නව ක්රියා කළහැකි සේවා පරිසරයක් ගොඩනැගීමට අප සැමවිටම උත්සාහ කරනවා. මේ සියල්ල ඔස්සේ අප එකිනෙකාට සලකන ආකාරය, අපි අපගේ සේවාලාභීන්හට සේවය සලසන ආකාරය පමණක් නොව අප ජීවත් වන සහ වැඩ කරන ප්රජාවන්ට අපි සහාය දෙන ආකාරය පිළිබඳවත් අපට මඟ පෙන්වනු ලබනවා."
සමෘද්ධිමත් උරුමයක් සහ නව්ය අදහස් වලින් සපිරි AIA ඉන්ෂුවරන්ස්, නැවුම් ඉදිරි දර්ශනයකින් යුත්, කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්රියා කිරීමට කැමැත්තක් දක්වන රැකියා සොයන්නන්හට අපගේ ගමන්මග හා එක්වෙන මෙන් දිරිමත් කර සිටිනවා.
August, 1, 2022
සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work හි ශ්රේණිගත වෙයි
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ්රම බලකාය වෙනුවෙන් පෙනී සිටීමට 99ං හි ඇති නොසැලෙන කැපවීම මෙම ජයග්රහණය තූළින් ඉස්මතු වෙයි. මෙම වසරේදී සමාගම ශ්රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් මෙන්ම හොඳ IT/ITES සේවා ස්ථානයක් ලෙස ද ශ්රේණිගත කර ඇත.
99x, 2013 වසරේ සිට අඛණ්ඩව ශ්රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස නම් වී ඇති අතර 2018 සිට 2021 දක්වා අඛණ්ඩව වසර හතරක් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ද ශ්රේණිගතව ඇත. 99x යනු ශ්රී ලංකාවේ එසේ ශ්රේණිගත වූ සමාගම් තුනෙන් එකකි. AIA සහ DIMO යන ආයතනයන්හි වසර ගණනාවක් පුරා ක්රියාත්මක වෙන විශිෂ්ට මානව සම්පත් භාවිතයන් වෙනුවෙන්, 99x මෙම සමාගම් දෙකට තමන්ගේ සුබ පැතුම් එක් කරයි.
අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළදීත් 99x විවිධ ක්රියාමාර්ග ක්රියාවට නංවමින් සිය ජනතා අවධානය පවත්වා ගෙන ගොස් ඇත. 99x සිය සේවා ස්ථාන සංස්කෘතිය වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තරයෙන් ඇති නොසැලෙන අවධානය Legend තත්වය වෙත ලඟා වීම සඳහා ප්රධාන වශයෙන් හේතු විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් 99x ප්රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මනෝ සේකරම් මහතා පැවසුවේ ‘’Great Place to Work ආයතනයෙන් අපට ලැබී ඇති සහයෝගය සහ පිළිගැනීම අපට ගෞරවයක් මෙන්ම අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වෙනවා. ඒ වගේම වැඩ කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක් බවට පත්වීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මෙය රැකියා ස්ථානය තුළ පවතින අපගේ සංස්කෘතික භාවිතයන් පිළිබඳ ඇගයීමක්. අපගේ ව්යාපාර ආකෘතියේ ඇති වෙනස්කම්වලට අනුගත වීම, වසංගත හා ආර්ථික අභියෝග මධ්යයේ වුවද නව සාමාන්යකරණයට මුහුණ දීම මෙන්ම අපගේ සේවා කණ්ඩායම් අපට තිබෙන ප්රධානතම වත්කම ලෙස සැලකීම ආදී කරුණු මෙම තත්වය ළඟා කර ගැනීම උදෙසා අපට ඉඩ සලසන ප්රධාන මූලධර්ම කිහිපයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.
ශ්රී ලංකා රැකියා ස්ථානයේ සේවක සේවිකාවන් තම නායකයින් කෙරෙහි දක්වන විශ්වාසය, මිනිසුන්ට දක්වන ගෞරවය, සේවා ස්ථානයේ තීරණවල සාධාරණත්වය සහ කණ්ඩායම් මිත්රත්වය ඇතුළු සාධක මත 99x මෙසේ ශ්රේණිගත වී ඇති අතර Great Place to Work ශ්රී ලංකා විසින් සේවක සමීක්ෂණ ප්රතිචාර විශ්ලේෂණයක් මත පදනම්ව ඒ පිළිබඳව ඇගයීමට ලක් කර ඇත. සේවකයින්ට තම යහපැවැත්ම වර්ධනය කර ගැනීම උදෙසා ඔවුන්ට අවශ්ය පිටුබලය සහ නම්යශීලීභාවය ඇති, වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලිකව ඔවුන්ගේ උපරිමය ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට 99x හි කැපවීම මෙම ඇගයීම තුළින් අවධාරණය කරයි.
”අපගේ පාරිභෝගිකයින් අපට වඩා සැතපුම් 6000 ක් පමණ බොහෝ දුරින් සිටියද අප සහ ඔවුන් අතර පවතින විශ්වාසනීයත්වය මත ඔවුන්ගේ සම්පූර්ණ බුද්ධිමය දේපළ අපට භාර දී තිබෙනවා. අපගේ සේවකයින් දිරිමත් කිරීම සඳහා ධනාත්මක වැඩ සංස්කෘතියක් නිර්මාණය කරන අතරම විශ්වාසය ඇති කිරීම තුළින් විශිෂ්ට කාර්යයක් ගොඩනැගීමට හැකිවීම අපගේ මෙම සාර්ථකත්වයට හේතු වුණා. 99x ලොව පුරා සිටින අපගේ පාර්ශවකරුවන් සඳහා සෑම විටම විශ්වාසදායක සහ ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යනවා.” යනුවෙන් 99x හි ප්රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ මහතා පැවසුවේය.
මෙම අභියෝගාත්මක කාල සීමාවන් මධ්යයේ වුවද 99x ව්යාපාර අඛණ්ඩතාව සහ සේවකයින්ගේ රැකවරණය සහතික කිරීම සඳහා පියවර ගත්තේය. සමාගම ශ්රී ලංකාවේ සිටින සිය සියලූම සේවකයන්ට හොද වැටුපක් ලබාදෙන අතර ශක්තිමත් ජීවන වියදම් දීමනා ක්රමයක් හඳුන්වා දී ඇත. මීට අමතරව 99x oDoc සහ InReach Global ඇතුළු වෛද්ය උපදේශන සේවා සමඟ හවුල් වෙමින් එහි සේවකයින්ට online සෞඛ්ය උපදේශනයට පහසුකම් සලසා දී තිබේ. වසංගතය ආරම්භයේදීම 99x සිය සේවකයින්ට බාධාවකින් තොරව නිවසේ සිට වැඩ කිරීමේ ආකෘතියකට මාරු වීමට හැකියාව ලබා දුන්නේය. මෙවැනි තීරණාත්මක පියවරයන් හරහා 99x සේවකයින්ට මෙම දුෂ්කර කාලවලදී ද සාර්ථකව ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම සේවාවක් ලබා දීමට අවස්ථාව ලබා දී ඇත.
99x ශ්රම බලකායෙන් 25% ක් පමණ කාන්තාවන්ගෙන් සමන්විත වන අතර සමස්ත ශ්රම බලකායෙන් 78% කට වැඩි ප්රමාණයක් සහ කළමනාකරණ කණ්ඩායමේ 25% ක් පමණ සිටින්නේ තරුණ ප්රජාවයි. තවද 99x විශ්වවිද්යාල මට්ටමේ සිට දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. පසුගිය වසර දහය තුළ එය දේශීය විශ්වවිද්යාල 30ක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර උපාධිධාරීන් 25,000කට අධික පිරිසකට අති නවීන තාක්ෂණයන් සමඟ වැඩ කිරීමට කර්මාන්ත අවස්ථා ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වා ඇත. මීට අමතරව 99x විසින් තාක්ෂණික සැසි 500 කට අධික ප්රමාණයක් පවත්වා ඇති අතර පර්යේෂණ ව්යාපෘති 50 කට ආසන්න ප්රමාණයකට ද සහාය වී ඇත.

Video Story