January, 19, 2023
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේදී අඛණ්ඩව සිවුවැනි වරටත් අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
මෙම ජයග්රහණය, වසර 34 ක ඉතිහාසය පුරා සෙලාන් බැංකුව නිරන්තරයෙන් පවත්වාගත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වය තවමත් එලෙසින්ම පවතින බවට මනා සාක්ෂියකි. මෙම කාලය තුළ, ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන තේමාවට අනුව, ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවන් නිවැරදිව හඳුනා ගනිමින්, එම අවශ්යතාවන්ට ගැළපෙන මූල්යමය විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගෙන තිබේ.
“ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්රධාන සේවාවන් බොහෝ දුරට එක සමාන වන ක්ෂේත්රයක් තුළ, ඒවා ලබාදෙන ආයතන වල විශේෂත්වයන් රඳා පවතින්නේ පාරිභෝගික සේවාව මතයි. ගනුදෙනුකරුවන්ට ප්රමුඛත්වය ලබාදීම යනු සෙලාන් බැංකුවේ අනිවාර්ය ගුණාංගයක් මෙන්ම, එහි කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙකුම අනුගමනය කරන මූලධර්මයක්. ඒ වෙනුවෙන් අඛණ්ඩව වසර 4 ක් තිස්සේ මේ ආකාරයෙන් ඇගයීමට ලක්වීමට හැකි වීම අපට මහත් සතුටක්,” සෙලාන් බැංකුවේ නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසී ය.
පාරිභෝගික සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා පමණක් නොව, විවිධ වැඩසටහන් ඔස්සේ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය කිරීම සඳහාද සෙලාන් බැංකුව දැඩි අවධානයක් යොමුකර ඇත. පාරිභෝගික අත්දැකීම් ක්රියාවලියේ සෑම පියවරක්ම සමීපව නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම මගින්, දීර්ඝකාලීනව පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට බැංකුවට හැකියාව ලැබී තිබේ.
සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වෙනම පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාර වූ ක්රමවේදයන් හඳුන්වා දී ඇත. සමීක්ෂණ සිදුකිරීම, තරගකාරී ආයතන සංසන්දනාත්මකව විශ්ලේෂණයට ලක්කිරීම සහ අභ්යන්තර විගණනයක් සිදුකිරීම ඇතුළුව විධික්රම රාශියක් ඔස්සේ තම පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය ඉහළම මට්ටමින් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ.
හුදෙක් ව්යාපාරික අරමුණු වලට සීමා නොවී, ඉහළම තලයේ පාරිභෝගික සේවාවක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත්ම වැදගත් වන විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම ප්රවේශය තුළින්, පවතින අවස්ථාවන්ගෙන් උපරිම ප්රයෝජන ලබමින්, තමන්ගේ මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ දියුණුවට බලපාන තීරණ ඔස්සේ ඉදිරියට යාම සෙලාන් බැංකුවේ කළමනාකාරීත්වයේ අරමුණ වී තිබේ.
රටේ ප්රධානතම සන්නාම සේවා සමීක්ෂණවලින් එකක් වන LMD මාර්ගගත (online) පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2022 ජූලි 15 සිට 2022 සැප්තැම්බර් 15 දක්වා පැවැත්වුණු අතර, ඊට ප්රතිචාර 2,800 කට අධික ප්රමාණයක් ලැබී තිබිණි. මෙම සමීක්ෂණය මගින් සේවා කාණ්ඩ 22 ක් ආවරණය කරන ලද අතර, එම කාණ්ඩ වලට අදාළව තම ප්රියතම සමාගම හෝ ආයතනය නම් කරන ලෙස ඊට දායක වූවන්ගෙන් ඉල්ලා සිටින ලදි. මෙහි ප්රතිඵල අනුව, වැඩිම මනාප ලැබූ සමාගම් හා ආයතන 20 ලැයිස්තුව එම අනුපිළිවෙළට ප්රකාශයට පත්කෙරිණි.
October, 31, 2022
සුප්රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී්ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව (Dynamism), ආයතනික සංස්කෘතිය (Corporate Culture), නවෝත්පාදනය (Innovation), කළමනාකාරිත්වය (Management Profile), මානව සම්පත් කළමනාකරණය (HR/People Management) යන ලැයිස්තු වලද ශී්ර ලංකාවේ විශිෂ්ටතම ව්යාපාරික ආයතනය ලෙස නම් කර ඇත. ඛඵෘ සඟරාවේ වඩාත්ම ගෞරවනීය සමාගම්, දෙස් විදෙස් සමූහ ව්යාපාර, මූල්ය ආයතන සහ පාරිභෝගික වෙළඳ නාම ඇතුළත් වේ.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් 99x හි සම-නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා පැවසුවේ, ”ශ්රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන ලැයිස්තුවේ පළමු සමාගම් 100 අතරට නැවතත් ශ්රේණිගත වීමට ලැබීම අපට මහත් භාග්යක්. දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්යයේ වුවද 99x හි සෑම පාරිභෝගිකයෙකුටම උපරිම වටිනාකමක් ලබා දීමට අප දරණ උත්සාහය මේ සඳහා හොදම සාක්ෂියක්. අපගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම මට්ටමේ සේවාවක් ලබා දෙන අතරම අපි අපගේ ව්යාපාරයේ සේවක පිරිස් වල යහපැවැත්ම සහ සුබසාධනය කෙරෙහි ද අවධානය යොමු කරනවා. ශ්රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින තාක්ෂණික ආයතනයක් බවට පත්වීමට අප යොදාගත් භාවිතයන්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ ද ඉහළින්ම වැජඹීමට වඩාත් ඉවහල් වෙනවා.” යනුවෙනි.
99x සමාගම යුරෝපයේ ප්රමුඛ සමාගම් රැසක් සඳහා තාක්ෂණික දැනුම සපයන අතර පසුගිය වසර 15 තුළ සමාගම සිය යුරෝපීය ගනුදෙනුකරුවන්ට ගෝලීය වෙළඳපල තුළ ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ වූ මෘදුකාංග 150 කට අධික ප්රමාණයක් දියත් කිරීමට සහය වී ඇත. People-first යන දැක්ම සඳහා මුල්තැන ලබාදෙන සමාගමක් ලෙස ප්රචලිත 99x නායකත්වය, නවෝත්පාදනය සහ තම සේවක තෘප්තිය යන කරුණු පිළිබඳව දක්වන අවධානය නිසා ශී්ර ලංකාවේ සමාගම් ශ්රේණිගත කිරීම් වල ඉහළින්ම සිටීමට සමත් වී ඇත.
දුරකථන සම්මුඛ සාකච්ඡා තුළින් සහභාගී වන 800කට වැඩි පිරිසකගේ ප්රතිචාර මත LMD සඟරාව ශී්ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් සඳහා සමීක්ෂණය පවත්වයි. මෙහිදී මූල්ය කාර්ය සාධනය, ගුණාත්මකභාවය පිළිබඳ ඇති අවදානය, කළමනාකාරිත්වය, අවංකභාවය, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ දැක්ම වැනි ප්රධාන නිර්ණායක හොදින්ම කි්රයාත්මක කරන සමාගම් නම් කරනු ලැබේ.
September, 2, 2022
ශ්රී ලංකාවේ සිමෙන්ති වෙළඳපොළ ප්රමුඛයා මෙන් ම එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවණීය සන්නාමයන් අතරට නම් කෙරිණි. A.C.Nielsen ආයතනය විසින් විවිධ ක්රමවේද ඔස්සේ සිදුකරන ලද සමීක්ෂණවල දත්ත මත මෙම ශ්රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර, එමගින් INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟාගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේ, " 2022 වසරේ වඩාත් ම ගෞරවණීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට අපගේ ගුණාත්මක නිෂ්පාදන වගේ ම එමගින් අප ගොඩනඟාගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවසිය යුතු ම යි. පාරිභෝගික කේන්ද්රීය සන්නාමයක් විදියට අපි අපගේ හැකියාවන් ඔප්පු කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ, විවිධ හේතූන් නිසා මුහුණපෑමට සිදු වූ අභියෝගාත්මක තත්ත්වයන් තුළ පවා දේශීය ඉදිකිරීම් කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශක්තියක් වීමට අපට හැකියාව ලැබුණා. ඊට අමතරව, මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ විටින් විට මිල ගණන් අස්ථාවර වූ අවස්ථාවල දී පවා, 100% දේශීයව නිපදවන එක ම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා සිමෙන්ති හරහා පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීම නිසා අප කෙරෙහි පැවති පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය තවත් වර්ධනය වුණු බව පැවසුවොත් නිවැරදි යි. ඒ වගේ ම INSEE සිමෙන්ති, LMD සඟරාව විසින් අඛණ්ඩව 11 වරක් 'වසරේ ජනතා නිවාස සහ ඉදිකිරීම් සන්නාමය' ලෙසත්, අඛණ්ඩව 2 වරක් ' වඩාත් ආදරය දිනූ සිමෙන්ති සන්නාමය' ලෙසත් නම් කරනු ලැබීම අප කෙරෙහි පවතින ජනතා ප්රසාදය නැවතත් තහවුරු කරනවා. ඒ නිසා ම අපගේ තේමා පාඨය වන ‘ජීවිතය ගොඩනගන’ යන සංකල්පය යතාර්ථයක් කිරීම වෙනුවෙන් අපගේ කැපවීමට මෙම ඇගයීම ඉතා හොඳ උදාහරණයක් බව පැවසිය යුතු ම යි." යනුවෙනි.
මෙරට එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ගෝලීය වසංගත තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය යන අවස්ථා දෙකෙහි දී ම, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීමට කටයුතු කළේ ය. 2021 වසරේ දී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වූ අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම සතියේ දින 7 ම පැය 24 පුරා සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්රියාත්මක වෙමින්, සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 40%කට වැඩි ප්රතිශතයක් සපුරාලීමට සමත් වූ අතර, එ මගින් ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රය තුළ මිල ගණන් ස්ථාවර කිරීමට සහ ව්යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දීමට සමත් විය.
INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ ප්රමුඛයා බවට පත් වීමට බලපෑ ප්රධානතම ලක්ෂණයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්රය තුළ අන්යෝන්ය සහයෝගීතාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවීමයි. එහි ප්රතිඵලයක් වශයෙන්, INSEE සිමෙන්ති සමාගම වසර ගණනාවක් පුරා අධ්යාපනික හා නවෝත්පාදන සංස්කෘතියක් නිර්මාණය කරමින් එය පෝෂණය කිරීම වෙනුවෙන් ඉමහත් කීර්තියක් ගොඩනඟා ගෙන ඇති අතර, එය INSEE සිමෙන්ති නිෂ්පාදනවල මෙන් ම මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ ද ගුණාත්මක භාවය සහ කාර්ය සාධනය ඉහළ නැංවීමට සෘජුවම දායක වී ඇත. මේ සම්බන්ධයෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්රධානතම හඳුන්වාදීම වන්නේ ඉදිකිරීම් ක්ෂේත්රය වෙත නව නිපැයුම් හා ප්රමිතීන් ප්රවර්ධනය සඳහා වූ විශිෂ්ටත්වයේ මධ්යස්ථානය වන 'INSEE i2i සහයෝගීතා අවකාශය' යි. මෑතක දී, INSEE සිමෙන්ති සමාගම SLS 1697 ප්රමිතිය තහවුරු කර ගැනීම සඳහා බහුවිධ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳගනු ලැබූ අතර, එය පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති සඳහා වන බ්රිතාන්ය ප්රමිතීන්ට සමාන වේ.
ශ්රී ලංකාව තුළ සිමෙන්ති නිෂ්පාදනයේ හා ඉදිකිරීම්වල ගුණාත්මකභාවය මෙන් ම නවෝත්පාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් පුරෝගාමී ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගම ඒ වෙනුවෙන් පුළුල් වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන ආයතනයකි. ආයතනික පුරවැසියෙකු ලෙස සාමාජීය හා පාරිසරික වගකීම ඉටු කිරීම සඳහා කැපවන INSEE සිමෙන්ති සමාගම එම වැඩසටහන් මගින් 2030 වසර ඉලක්ක කරගත් සිය තිරසාර අභිලාෂයන් විධිමත් කිරීමට සමත් වී ඇත. INSEE සිමෙන්ති සමාගමේ තිරසාර වැඩසටහන් දේශගුණය, බලශක්තිය, ජෛව විවිධත්වය, ජලය සහ ආර්ථිකය යන අංශ මූලික කරගනිමින් ක්රියාත්මක වේ.
2030 වසර වන විට සිය තිරසාර අභිලාෂයන් සපුරා ගැනීම වෙනුවෙන් කැප වන INSEE සිමෙන්ති සමාගම 2020 වසරේ දී සිය නිෂ්පාදන ක්රියාවලිය තුළින් සිදුවන කාබන් විමෝචනය 15% කින් අවම කරගැනීමට කටයුතු කිරීම හරහා 'පැරිස් දේශගුණික ගිවිසුමට' සහය දැක්වීම ඇතුළු විවිධ සාමාජීය හා පාරිසරික ඉලක්ක සපුරාලීම වෙනුවෙන් වැඩසටහන් ක්රියාත්මක කරයි. වසංගත තත්ත්වය පැවතුණු කාල සීමාව හා ආර්ථික අර්බුදය පුරා වියළි ආහාර බෙදා දීම, වෛද්ය සැපයුම් හා උපකරණ පරිත්යාග කිරීම, සත්කාරක අවශ්යතාවලට අවශ්ය ද්රව්ය හා උපකරණ පරිත්යාග කිරීම සහ නව රෝහල් පරිශ්ර ඉදි කිරීම සඳහා සිමෙන්ති පරිත්යාග කිරීම වැනි සමාජ සත්කාරයන් සිදු කළ INSEE සිමෙන්ති සමාගම ඉන්ජිනේරු උපදේශන සේවා ලබා දීම වැනි උපදේශන වැඩසටහන් ක්රියාත්මක කිරීම තුළින් ද මෙරට වඩාත් පිළිගැනීමට හා ගෞරවයට පාත්ර වූ සමාගමක් බවට පත් විය.
August, 17, 2022
සුප්රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වන ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ.
මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්ය කාර්යසාධනය, අවංකත්වය සහ දැක්ම අනුව බැංකුව සමස්තයක් ලෙස දෙවන ස්ථානයට පත්ව ඇත. මීට අමතරව, මෙම වර්ගීකරණය සඳහා සලකා බැලූ කරුණු අතුරින් තවත් කරුණු 07 කින් බැංකුව සමස්තයක් ලෙස පළමු ආයතන 05 අතරට 2022 වසරේදී පත්ව තිබෙන අතර මූල්ය කාර්යසාධනය, ගුණාත්මක හැඟීම, කළමනාකරණ දැක්ම, අවංකත්වය, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය, දැක්ම, මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය මෙන්ම අර්බුද කළමනාකරණය ඇතුළු සලකා බැලූ කරුණු 09 ක් අතුරින් ඉහළම ස්ථානය ලබාගත් බැංකුව බවට ද මෙහිදී පත්වී තිබේ.
මෙම නවතම ජයග්රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් මෙවැනි ගෞරවයක් ලබාගත්තේ කැපවීම, අවංකත්වය, යහ ක්රමවේද, ඉහළම ගුණාත්මක තත්ත්වයන් පවත්වාගැනීම සහ නිවැරදි දේ කිරීම තුළිනුයි. මේ අවස්ථාවේ රට තුළ තිබෙන අසීරු සමාජ සහ ආර්ථික වාතාවරණය තුළ වුවත් ‘ජාතික දැක්ම’ අනුව බැංකුව සමස්තයක් ලෙස සිව්වන ස්ථානයට පත්වී තිබෙනවා. මෙය බැංකුව විසින් භාවිතා කරන තිරසාර ව්යාපාරික ක්රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවයන් පිළිබඳව තිබෙන ගැඹුරු අවබෝධය ඇතුළු ඉහළම ප්රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් බැංකුවේ කැපවීමට ලැබුණු සහතිකයක් ලෙස සඳහන් කළ හැකියි.’
LMD අවධාරණය කර තිබෙන්නේ ගනුදෙනුකරුවන් පිළිබඳ අවධානය, ගනුදෙනුකරුවන් සමග ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය තුළින් කොමර්ෂල් බැංකුව කොවිඩි-19 වසංගත සමයේදී කැපී පෙනෙන මෙහෙයුම් රඳවාගැනීමක් කිරීමට සමත්වී තිබෙන බවයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
Video Story