October, 31, 2022
ග්රාමීය හා අර්ධ නාගරික ප්රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 22 වැනි ශාඛාවයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ. කටුගස්තොට නගරයේ මෙන්ම මහනුවර තදාසන්න ප්රදේශ වල ගනුදෙනුකරුවන්ට මෙම නව ශාඛාව මගින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා කියා සිටියේ, සමාගමේ ව්යාපාර වර්ධන සැලසුම සහ ශාඛා ජාලය පුළුල් කිරීමේ ක්රමෝපාය යටතේ මධ්යම පළාතේ කේන්ද්රීය නගරයක් ලෙස කටුගස්තොට නගරය හඳුනාගත් බවයි. “ඇත්ත වශයෙන්ම කටුගස්තොට යනු A9 සහ A10 මහාමාර්ග දෙකම හමුවන ස්ථානයක්. ඒ වගේම එය මහනුවර නගරයට පිවිසීමේ ප්රධාන ස්ථාන තුනෙන් එකක්ද වනවා. එම නිසා කටුගස්තොට ප්රදේශයේ ශාඛාවක් පිහිටුවීම මගින්, කුරුණෑගල සහ මාතලේ යන ප්රදේශ වල සිට මහනුවර දක්වා ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීම පහසුයි. මෙම ප්රදේශ වාණිජ, කාර්මික සහ කෘෂිකාර්මික කටයුතු බහුලව සිදුවන, විශේෂයෙන්ම සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර රාශියක් පිහිටා ඇති ප්රදේශ ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වගේම මෙමගින් මෙම ප්රදේශ වල සිටින ව්යාපාරිකයන්, ඉඩම් හිමියන් සහ වෙළඳුන් වැනි ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට වටිනා ආයෝජන අවස්ථා උදාකර දීමටත් අපට හැකියාව ලැබෙනවා. ඊට අමතරව මෙම ප්රදේශ වල ජීවත් වන, වෘත්තීය දක්ෂතා සහිත පුද්ගලයන් පිළිබඳවත් අප දක්වන්නේ විශාල උනන්දුවක්.” දුමින්ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.
ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ. තම ශාඛා ජාලය දිවයින පුරා ව්යාප්ත කරමින්, දක්ෂ වෘත්තිකයන් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින අතර, නව කටුගස්තොට ශාඛාව එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඉන්දියාවේ මහින්ද්රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබේ. මෙලෙස හිමිකාරීත්වය වෙනස් වීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.
ඡායාරූපය: මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කටුගස්තොට ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් පිරිසක් සමග
October, 24, 2022
Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials™) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී. 2022 සැප්තැම්බර් 06 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති Great Place to Work® in Sri Lanka සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම නිල වශයෙන් හිමි විය. ශ්රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන බලපත්රලාභී මූල්ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance මෙරට තරුණ පරපුරට ආකර්ෂණීය රැකියා ස්ථානයක් බවට පත්කරමින්, ඔවුන්ට මූල්ය සේවා ක්ෂේත්රය තුළ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට අත්වැලක් වීමට සමාගමේ කළමනාකාරීත්වයේ දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව මෙමගින් තහවුරු වෙයි.
“මෙරට මිලේනියල් පරපුරට රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් ඇගයීමට ලක්වීම අප ලැබූ ගෞරවයක්. බාහිර අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක පවා තරුණ පරපුරට වැඩි වැඩියෙන් අවස්ථාව ලබාදීමට අප දැරූ උත්සාහයන් ඵල දරා තිබෙන බව මින් පැහැදිලි වනවා. එමෙන්ම මේ වනවිට අප දිවයින පුරා අපගේ ව්යාපාර කටයුතු ව්යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන නිසා, මෙය තරුණ පරපුරට විශිෂ්ට රැකියා සම්ප්රදායක් ඇති සමාගමක් හා එක්වී මූල්ය සේවා ක්ෂේත්රයේ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් වේවි.” Mahindra IDEAL Finance සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ආරම්භයේ සිටම, ‘වටිනාම ප්රාග්ධනය වන්නේ මානව ප්රාග්ධනයයි’ යන මූලික සත්යය අවබෝධ කරගනිමින්, කරුණාවන්ත සහ විශ්වාසවන්ත සේවා යෝජකයෙකු බවට පත්වීමට Mahindra IDEAL Finance උත්සාහ කළේ ය. විශේෂයෙන්ම COVID-19 කාලසීමාව ඇතුළුව සෑම අවස්ථාවකදීම, රැකියා ස්ථානයේදී මෙන්ම නිවසේදීත් සිය කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සෞඛ්යය සෑම විටම ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට සමාගම විසින් පියවර ගන්නා ලදී. එමෙන්ම කෙටි කාලයක් තුළ පෞද්ගලික සහ වෘත්තීය දියුණුව සඳහා උපරිම අවස්ථා සැලසෙන, කාර්ය සාධනය පදනම් කරගත් රැකියා සම්ප්රදායක් පවත්වාගෙන යාමටත් සමාගම කටයුතු කර ඇති අතර, සෑම සාමාජිකයෙකුටම හා සාමාජිකාවකටම ආයතනය තුළ නිසි නිසි වටිනාකම හිමි වේ. Mahindra IDEAL Finance සමාගම රටේ ප්රමුඛතම සහ වේගයෙන්ම වර්ධනය වන මූල්ය සමාගමක් බවට පත්කිරීමට මෙම සාමාජික සාමාජිකාවන් දක්වන දායකත්වය කෙතරම්ද යන්න සමාගම හොඳින් හඳුනයි.
Best Workplaces for Millennials™ in Sri Lanka 2022 ලැයිස්තුව සකස් කිරීමේදී Great Place to Work® හි ඒ සඳහාම විශේෂ වූ නිර්ණායක පදනම් කරගන්නා ලදි. මෙහිදී Trust Index© සේවක සමීක්ෂණ ක්රමවේදය සහ Culture Audit© මානව සම්පත් විශ්ලේෂණ රාමුව සමග Great Workplace ගෝලීය සුදුසුකම් ලැබීමේ ක්රියා පටිපාටියද යොදාගැනිණි. මෙම අධ්යයනයේදී 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා 85% ප්රතිචාර අනුපාතයක් යටතේ ශ්රී ලංකාවේ ආයතන 160 කට වැඩි ප්රමාණයක සේවක සේවිකාවන් 72,350 ක් වෙතින් ප්රතිචාර විමසන ලදී. මිලේනියල් පරම්පරාවට අයත් 20,000 කට අධික පිරිසක් මෙම නිර්නාමික සමීක්ෂණයට ප්රතිචාර ලබාදීමට ඉදිරිපත් වූහ. මෙහිදී අදාළ ආයතන වල කාර්ය මණ්ඩලයෙන් 20% කට වැඩි ප්රතිශතයක් මිලේනියල් පරම්පරාවට අයත් සාමාජික සාමාජිකාවන් විය යුතු වූ අතර, ඒ අතරින් සේවායෝජකයා පිළිබඳව 70% කට වැඩි යහපත් ප්රතිචාර අනුපාතයක් වාර්තා විය යුතු විය. එමෙන්ම සහයෝගීතාව, රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව, වයස අනුව වෙනස්කොට සැලකීම් නොකිරීම, අර්ථවත් රාජකාරි කටයුතු වල නියැළීමට හැකි වීම, යහපත් වෙනස්කම් වෙනුවෙන් කැපවීමට මෙන්ම සමාජයේ සුභසිද්ධියට හා ආයතනයේ අභිමානයට දායක විය හැකි වීම ඇතුළුව මිලේනියල් පරපුර විසින් අගය කොට සලකනු ලබන ගුණාංග අනුව ඉහළ ලකුණු ලබා ගත් සමාගම හා ආයතන වලට ලැයිස්තුවේ ඉහළම ස්ථාන හිමි විය.
අඛණ්ඩව වසර 3 ක් ශ්රී ලංකාවේ රාජකාරි කිරීමට සුදුසුම ස්ථාන අතරට එක්වූ Mahindra IDEAL Finance Limited මේ වනවිට මෙරට මූල්ය සේවා ක්ෂේත්රයේ ජනප්රියම සේවායෝජකයෙකු බවට පත්වී සිටී. ඉන්දියාවේ Mahindra and Mahindra Financial Services Limited සමාගම විසින් 2021 වසරේදී IDEAL Finance Limited හි ප්රධාන කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග සමාගමේ සේවාවන් දිවයින පුරා ව්යාප්ත කිරීමේ වේගවත් වැඩසටහනක් ආරම්භ කරන ලද අතර, එහිදී තරුණ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා රාශියක් උදා විය. මෙම වෙනසත් සමග සමාගමට දැවැන්ත ජාත්යන්තර මූල්ය සමාගමක පිටුබලය හිමි වූ නිසා Fitch Ratings විසින් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ මට්ටමට උසස් කරන ලදී.
September, 29, 2022
ශ්රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්රික්කයේ ප්රධානතම ආර්ථික මධ්යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය තම ආර්ථික කටයුතු සහ ජීවනෝපාය මාර්ග සඳහා මූල්ය සහයක් බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම, බැංකු හා මූල්ය සේවා ක්ෂේත්රයේ රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ටද අතිශය වැදගත් පුවතක් වනු ඇත.
දිවයින පුරා විසිරුණු, සියලු පහසුකම් සහිත මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයට එක්වුණු මෙම නවතම ශාඛාව අංක 293/1, ප්රධාන වීදිය, මීගමුව යන ලිපිනයෙහි පිහිටා තිබේ. ශ්රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, බැංකු නොවන මූල්ය ආයතනයක් වන මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් මේ වන විට නාගරික ප්රදේශ වල මෙන්ම ග්රාමීය ප්රදේශ වලද සුළු, මධ්යම හා මහා පරිමාණ ව්යාපාර වලද ප්රමුඛතම තේරීමක් බවට පත්වී ඇත.
“මීගමුව ප්රදේශයේ ශාඛාවක් පිහිටුවීමට අප කටයුතු කළේ ප්රධාන අරමුණු කිහිපයක් පෙරදැරිවයි. මීගමුව සහ තදාසන්න ප්රදේශ වල ව්යවසායකයන්ට තම ව්යාපාර දියුණු කරගැනීමට අවශ්ය සහය ලබාදීම ඉන් ප්රධානතම අරමුණක්. මීගමුව ප්රදේශය ආර්ථික, සමාජීය සහ මුල්ය සේවා කේන්ද්රයක් ලෙස හැඳින්විය හැකියි. තවද එය සංචාරක හා ධීවර කර්මාන්ත මෙන්ම කෘෂිකර්මාන්තය ඇතුළු තවත් බොහෝ කර්මාන්ත හා ව්යාපාර සඳහාද තෝතැන්නක් බවට පත්වී තිබෙනවා. එමෙන්ම ඉහළ වත්කම් සහිත ප්රජාවක්ද මෙම ප්රදේශයේ ජීවත් වනවා. ඔවුන්ගේ උනන්දුව දිනාගනිමින්, ඔවුන් අර්ථවත් ආයෝජන සඳහා යොමුකරවීම අපගේ තවත් අරමුණක්. මීට අමතරව බැංකු හා මූල්ය සේවා ක්ෂේත්රයේ රැකියාවන් පිළිබඳව උනන්දුවක් දක්වන, සුදුසුකම් සපිරූ දක්ෂ තරුණ වෘත්තිකයන් පිරිසක්ද මේ ප්රදේශයේ සිටිනවා. අප සමග එක්වී අන්යොන්ය ප්රතිලාභ ලබමින් දියුණුව කරා යාමට අප ඔවුන්ට ආරාධනා කරනවා.” මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ. තම ශාඛා ජාලය දිවයින පුරා ව්යාප්ත කරමින්, දක්ෂ වෘත්තිකයන් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින අතර, නව මීගමුව ශාඛාව එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඉන්දියාවේ මහින්ද්රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබේ. මෙලෙස හිමිකාරීත්වය වෙනස් වීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.

ඡායාරූපය: මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, එම සමාගමේ මීගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් පිරිසක් සමග
Video Story