November, 15, 2022
ශ්රී ලංකාව තුළ විවිධ ක්ෂේත්රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත. ශ්රී ලංකා දේශගුණ අරමුදල විසින් ලබාදෙන ලද හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය මැලිබන් බිස්කට් සමාගම ලබා ගැනීම තවත් එක් ඉදිරි පියවරකි. මැලිබන් බිස්කට් සමාගමට අමතරව එහි අනුබද්ධ සමාගම් වන මැලිබන් මිල්ක් ප්රොඩක්ට්ස් (පුද්) සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්රි ප්රොඩක්ට්ස් (පුද්) සමාගම, වොන්ඩර් පැක් (පුද්) සමාගම, ගෝල්ඩන් බේක් (පුද්) සමාගම සහ ලිට්ල් ලයන් ඇසෝසියේට් (පුද්) සමාගම වෙතද මෙම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැලිබන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂිකා කුමුදිකා ප්රනාන්දු මහත්මිය සඳහන් කර සිටියේ “ආරම්භයේ පටන්ම තිරසාර බව හා වගකීම් සහගත ව්යාපාරකරණය අපගේ ව්යාපාර ආචාර ධර්මයන්හි ප්රධාන සාධකයක් වුණා. ලෝකයේ ඉහළම ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් සහිත යුරෝපා සංගමය, ජපානය සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන තවත් කලාප රැසක් ඇතුළුව රටවල් 40කට වැඩි ප්රමාණයක මැලිබන් නිෂ්පාදන ජනප්රිය වී තිබීම අපගේ නිෂ්පාදන්හි ගුණාත්මකභාවයට මනා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. සෑමවිටම වගකීම් සහගත හා තිරසාර ක්රියාවලියකින් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන අප, හරිතකරණය ඉහළ නැංවීම සහ හරිතකරණ ඉහළ නැංවීම සඳහා අක්කර 300කට අධික බිම් ප්රමාණයක නිෂ්පාදන සඳහා අවශ්ය වගාවන් සිදු කර තිබෙනවා. ඒ තුළින් සැලකිය යුතු කාබන් ප්රමාණක් පරිසරයට එකතු වීම අවම කරමින් ද්රව්යමය හා ප්රමාණාත්මක වශයෙන් කාබන් විමෝචනය අවම කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙය අපගේ තිරසාර ව්යාපාර ගමනෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතරම එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් පරිසරයට මෙන්ම අපගේ පාරිභෝගික ප්රජාවට හිතකර ආකාරයෙන් ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දීමට අපි කැපවී කටයුතු කරන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි.” යනුවෙනි.
ශ්රී ලංකා දේශගුණ අරමුදල විසින් විගණනය කරල ලද මෙම සහතිකය මැලිබන් සමූහයට හා එහි සියලුම අනුබද්ධ සමාගම්වලට අදාළ වන අතර ඒ තුළින් ජාත්යන්තර වශයෙන් පිළිගත් මාර්ගෝපදේශ සහ අවශ්යතාවයන්ට අනුකූලව තිරසාර හා පරිසර හිතකාමී පිළිවෙත් අනුමනය කිරීමට අදාළ සමාගම් සතු කැපවීම අවධාරණය කරනු ලබයි.
මැලිබන් සමූහ ප්රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා තම කර්මාන්ත ක්ෂේත්රයේ ප්රථම හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැන්නකි. “වසර 70කට ආසන්න කාලයක් තිස්සේ අපි ශ්රී ලාංකිකයින්ට මෙන්ම ලොව පුරා පාරිභෝගිකයින් වෙත හොඳම අමුද්රව්යවලින් නිෂ්පාදිත ඉහළම තත්වයේ ගුණාත්මක බිස්කට් හා ඒ ආශ්රිත නිෂ්පාදන ලබා දීමට කටයුතු කර තිබෙනවා. අද වන විට අපගේ නිෂ්පාදන ක්රියාවලීන් සඳහා විධිමත් ආකාරයෙන් පාරිසරික, සමාජීය වගකීම් පිළිබඳ ප්රමිතීන් හා යාන්ත්රණයන් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ තුළින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින් අපගේ පාරිභෝගිකයින් වඩාත් ප්රිය කරන ඉහළම තත්වයේ නිෂ්පාදන තුළින් ඔවුන්ගේ මුවගට සිනාවක් එක් කිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් ISO 14064-1:2018 පදනම් කරගත් හරිතාගාර වායු විමෝචන විගණන සහතිකය හිමිකර ගැනීම අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්හි සාමාන්ය අරමුණු ඉක්මවා යන්නකි. එසේම පාරිසරික කාර්ය සාධන දර්ශකයන් ඉහළ නැංවීම සඳහා කාබන් විමෝචනය අවම කිරීමේ උපාය මාර්ග සකස් කිරීම හා අනුගමනය කිරීම විශිෂ්ට ව්යාපාරකරණය වෙනුවෙන් වන අපගේ සොයා ගැනීම් තව දුරටත් ඉදිරියට ගෙන යන්නක්. එය කර්මාන්තයේ නියුතු අනෙකුත් ආයතනයන්ටත් කදිම ආදර්ශයක් සපයන බව නොඅනුමානයි.”
ශ්රී ලංකා දේශගුණ අරමුදල යනු පරිසර අමාත්යාංශ විෂයය පථය යටතේ ක්රියාත්මක රජය සතු ස්වාධීන ආයතනයකි. එය ISO 14064-1:2018 තත්ව සහතිකයට අදාළ කර්මාන්ත හා ව්යාපාර වෙනුවෙන් කාබන් අවම කිරීම සඳහා වන සහතිකය ලබා දීමට ජාත්යන්තර පිළිගැනීමක් සහිත ප්රතීතනය ලත් ( Accerditation) ආයතනයකි.
August, 17, 2022
මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්රණාම' වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්රදේශය කේන්ද්රකර ගනිමින් දියත් කරනු ලැබී ය.
ශ්රී ලාංකීය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුනගේ පෝෂණ තත්වය උසස් කිරීමේ කාර්යයෙන් නොනැවතී විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දක්ෂතා සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්යාපන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇත. අඛණ්ඩව සිදුකරනු ලබන එම සමාජ සත්කාරය යටතේ අනුරාධපුර ප්රදේශයේ දක්ෂතා ඇති, නමුත් විවිධ වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්යාපන අරමුණු සපුරා ගැනීමේ ගැටළුවට මුහණ පා සිටින දරුවන්ගෙන් තෝරාගත් අති දක්ෂ දරුවන් රැසකට අත්යවශ්ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්රියාත්මක කරනු ලැබීය. එම දරුවන්ගේ දිරියට අත්වැලක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගත අරමුණු අපේක්ෂාවන් සපුරා ගැනිමට ශක්තියක් වීමේ අරමුණින් අනුරාධපුර ජය ශ්රී මහා බෝධිය පරිශ්රය ඉදිරිපිට දී සිදුකරනු ලැබූ මෙම අවස්ථාව සඳහා අනුරධපුර දිස්ත්රික් ලේකම් ගරු ජනක ජයසුන්දර සහ මධ්යම නුවරගම් පළාතේ ප්රාදේශීය ලේකම් ආර්. එම්. ජී. සේනාරත්න යන මහත්වරුන්, මැලිබන් සමාගමේ නියෝජිත මහත්වරුන් සහ දරුවන්ගේ දෙමාපියන් සහ සැදැහැතියන් විශාල ප්රමාණයක් ද සහභාගී විය.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් සමාගමේ කලාපීය වෙළෙඳ කළමනාකාර නිශාන්ත කරුණාරත්න මහතා ප්රකාශ කර සිටියේ, '' ජනතාව සමඟ එක්ව වර්ධනය වූ සන්නාමයක් විදිහට මැලිබන්, ශ්රී ලාංකීය සෑම දරුවෙකු වෙතම සාර්ථක අධ්යාපනයක් ලැබිය යුතුය යන අපේක්ෂාවේ සිටින, එම අපේක්ෂාව යතාර්ථයක් කර ගැනීමට නිරන්තරව කැපවෙන ආයතනයක්. එහිදී ආයතනයක් විදිහට අපි එවැනි සාර්ථක අධ්යාපනයක් ලැබීමේ දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් සුවිශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කරනවා. ඒ වැඩසටහන් මාලාවේ එක් අංගයක් විදිහට තමයි අපි අනුරාධපුර දිස්ත්රික්කයේ දුෂ්කර ගම්මාන වල අධ්යාපනය ලබන, උපකාරයක් අවශ්ය, දක්ෂතා සහිත දරුවන් සොයගෙන ගොස් ඔවුන් හඳුනාගෙන මෙම උපකාරය කිරීමට යොමු වුනේ. මෙම කාර්යයේ දී මූලිකම වගේම දුෂ්කරම කාර්යය වන උපකාර අවශ්ය දරුවන් හඳුනා ගැනීමේදී අපට සහාය වූ අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය, ප්රාදේශීය ලේකම් කාර්යාල වැනි විවිධ ආයතන වල සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සහ ස්වේච්ඡාවෙන් මෙම කාර්යය සමඟ එක්වූ සියලුම දෙනා වෙත මැලිබන් සමාගමේ ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අද වන විට පවතින දුෂ්කර තත්වය යටතේ දෙමාපියන් වෙත කිසියම් සහනයක් වෙමින්, දරුවන් හට පත්නරයක් ලබාදීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී විවිධ ප්රදේශ රැසක දරුවන් වෙනුවෙන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමට මැලිබන් සමාගම විදිහට අපි අපේක්ෂා කරනවා. වර්තමානයේ නිර්මාණය වී තිබෙන අර්බුධකාරී තත්ත්වය යටතේ ආයතනයක් විදිහට අපි විවිධ වූ අසීරුතාවලට මුහුණ දුන්නත්, ජාතික වගකීමක් ඇති ආයතනයක් විදිහට රටේ සහ සමාජයේ සුබසිද්ධිය වෙනුවෙන් අප සතු වකිම් ඉටු කිරීමට අප නිරන්තව මූලිකත්වය ලබා දෙන බව මෙහිදී පැවසිය යුතුයි.''
මෙම සුවිශේෂී 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්රණාම' වැඩසටහනට සමගාමීව එම සමාගම විසින් පොසොන් පෝය කේන්ද්ර කර ගනිමින් අනුරාධපුරය වෙත පැමිණෙන අති මහත් වූ වන්දනාකරුවන් වෙනුවෙන් රෝද පුටු සත්කාරක වැඩසටහනක් සහ මැල්බන් බිස්කට් සහ තේ පැන් දන්සලක් ද සංවිධානය කරනු ලැබීය. එහිදී එම ආයතන විසින් ශ්රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසු වූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන දෙක අතර එම රෝද පුටු සත්කාර සේවාවක් ක්රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දීම සුවිශේෂී කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කර ගනිමින් දිගු කාලයක් පුරා ක්රියාත්මක කිරීම ද විශේෂත්වයකි.
Video Story