December, 13, 2022
ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ දැරිය හැකි මිලකට මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන වෛද්ය ප්රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව බණ්ඩාරගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අභිනව බණ්ඩාරගම රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, සෞඛ්ය අමාත්යංශයේ පුද්ගලික සුවසේවා සංවර්ධන අංශයේ අධ්යක්ෂ සහ පුද්ගලික රෝහල් සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම් වෛද්ය ධම්මික අලහප්පෙරුම, කලුතර දිස්ත්රික්කයේ කලාපීය සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය යූ.අයි රත්නායක, MediHelp රෝහල් සමූහයේ වෛද්ය සේවා අධ්යක්ෂ වෛද්ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්තාවට සහභාගී විය.
MediHelp Hospitals සමූහයේ නවතම ශාඛාව මූලික රෝහල් සේවා ලබා දීම සඳහා අවශ්ය අති නවීන වෛද්ය උපාංගයන්ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය, ඇඳන් 5කින් සමන්විත හදිසි ප්රතිකාර ඒකකය, රසායනාගරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, echocardiography, භෞතචිකිත්සක සේවා, අක්ෂි ප්රතිකාර, මෙන්ම විශේෂඥ වෛද්ය සේවා ලබා ගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරීශ්රයකින් සමන්විත වේ. MediHelp සමූහයේ වෛද්ය , හෙද සහ පරීපූරක වෛද්ය සේවා කණ්ඩායම් ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් කැපවී සිටී.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ දශක කිහිපයකට පෙර මා සහ මගේ බිරිඳ විසින් ඉතාම සුළුවෙන් ආරම්භ කළ අප ව්යාපාරය මේ වන විට දැවැන්ත සෞඛ්යසේවා ජාලයක් බවට පත් වෙමින් තවත් වැඩෙමින් ලක්ෂ සංඛ්යාත ශ්රී ලාංකිකයින් විශාල පිරිසක් සුවපත් කිරීමටත් තවත් විශාල සංඛ්යාවක් වෙත රැකියා උත්පාදනය කිරීමටත් හැකි වීම පිලිබඳව මට විශාල සතුටක් දැනෙනවා. ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ වඩාත් උසස් තත්වයේ සෞඛ්ය සේවාවක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමටයි. ආරම්භයේ සිටම පාරිභෝගිකයා කේන්ද්ර කර ගනිමින් කටයුතු කරන රෝහල් සමූහයක් ලෙස ජනතාව විසින් අප වෙත තැබූ විශ්වාසය හේතුවෙන් අද වන විට ශ්රී ලාංකිකයින් අතදැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයෙන් යුතු විශ්වාසදායී සුවසේවා සපයන්නකු ලෙස Medihelp සන්නාමය පෙරට පැමිණ තිබෙනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී උත්සවය ඇමතූ රෝහල් සමූහයේ විදායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසුවේ “ උසස් තත්වයේ රොහල් සේවාවක අවශ්යතාව දැන් කාලයක් තිස්සේ බණ්ඩාරගම නගරයට අඩුවක් ව පැවතුනා. එබැවින් මෙබඳු සේවාවක අවශ්යතාව දැඩිව දැනුනු ස්ථානයක අතීනවීන වෛද්ය ප්රතිකර පහසුකම්වලින් සමන්විත මූලික ප්රතිකාර සපයන රෝහලක් ස්ථාපිත කිරීමට හැකි වීම පිලිබඳව සතුටට පත් වෙනවා. එමෙන්ම ශක්තිමත් උපායමාර්ගික වර්ධනයක් සහ සාර්ථක ව්යාපාර ගමනක යෙදෙමින් ශ්රී ලාංකීය සුවසේවා ක්ෂේත්රය වෙත අඛණ්ඩව දැයකත්වය දැක්වීමට හැකි වීම අප ලද මහත් භාග්යක් ලෙස හැඳින්වීමට පුළුවන්”යනුවෙනි.
අභිනව බණ්ඩාරගම රෝහල් සමාරම්භයට එක් වූ සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා “ බණ්ඩාරගම නගරයෙහි අභිනවයෙන් විවෘත වූ Medihelp රෝහල, ජනාකීර්ණ එහෙත් ගුණාත්මක රෝහල් සේවාවක් නොමැති නගරයන් වෙත වේගයෙන් ව්යාප්ත වෙමින් එම නගර ආශ්රිතව රෝහල්ශාඛාවන් ඇරඹීමේ උපායමාර්ගික ව්යාපාරික වැඩ සැලසුම හොඳින් පිළිබිඹු වන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. සමාන්යයෙන් පුද්ගලික රෝහල් සේවා ක්ෂේත්රයෙහි ආයෝජනයන්ප රජයේ ප්රධාන පෙළේ රෝහල් ඇති නගරවල සිදු කරත් ඊට හාත්පසින්ම වෙනස් උපායමාර්ගයක් අප විසින් අනුගමනය කිරීම අපගේ ව්යාපාරික සැලැස්මේ සුවිශේෂීභාවයයි.. සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා දෙමින් රෝගීන්ට ප්රමුඛත්වය ලබා දෙන අපගේ ව්යාපාරික සංකල්පය හේතුවෙන් මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සෑම රෝහල් ශාඛාවක්ම වඩාත් සාර්ථකව තම ව්යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට සමත් වී සිටිනවා” යනුවෙන් පැවසීය.
Medihelp Hospitals ජාලය හරහා අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව, ප්රසව හා නාරිවේදයල පිළිකා සත්කාර, ENT උගුර කණ නාසය , හෘද රෝග, සාමාන්ය ශල්යකර්ම, ස්නායු විද්යාව වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත්ර රෝග, මෞත්රලිංගික, චර්ම රෝග සහ ප්ලාස්ටික් ශල්යකර්ම , වෘක්ක හා අක්ෂි රෝග ඇතුළු විශේෂඥ වෛද්යවරුන් රැසකගේ සේවාවන් ලබා ගත හැක.
Medihelp hospitals ජාලය සිය රෝගීන්ගේ පහසුව සඳහා සිය සේවාවන් ඩිජිටල් තාක්ෂණය ද උපයෝගි කර ඇතග ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති Live Tracking පහසුකම හරහා රෝගීන්ට සිය වෛද්ය හමුවීම් හි නියමිත වේලාවන් ජංගම දුරකථනය හරහා පරීක්ෂා කිරීමට හැකි බැවින් ඔවුන් රෝහල් තුළ කාලය කා දමමින් ඔවුන්ගේ විශේෂඥ වෛද්යවරයා එනතුරු අනවශ්ය ලෙස බලා සිටිය යුතු නොවෙයි. තවද ප්රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම්, සුවපහසු ආසනයන් සහිත ඉඩකඩ ඇති ආලින්දයන් මෙන්ම දුරකථනයෙන් වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම් ද ලබාදී ඇත.

October, 19, 2022
ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප්රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවා ලබා දීමේ අරමුණෙන් MediHelp hospitals හි සභාපති වෛද්ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි වෛද්ය මධ්යස්ථානය මගින් ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්වයේ මූලික සෞඛ්ය සේවා ලබා ගත හැකි වනු ඇතග
අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ ඵැාසයැකච රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය. MediHelp රෝහල් සමූහය Central Medical Centre ප්රතිසංස්කරණය කර නවීනතම වෛද්ය උපකරණ සහ පහසුකම් සමඟ ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. නුගේගොඩ MediHelp hospitals වෙතින් ලබා ගත හැකි සේවාවන් පිලිබඳව වැඩි විස්තර 0112 281281 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.
වසර ගණනාවක් පුරා ඵැාසයැකච රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගීතත්වයන්ට ගැලපෙන අයුරින් උපරිම සෞඛ්ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. MediHelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.
” Central Medical Centre මෙන්ම විශේෂයෙන් දශක හතරකට අධික කාලයක් සුව සේවා ක්ෂේත්රය තුළ කීර්තිමත් ගෞරවනීය චරිතයක් වූ වෛද්ය සරත් පරණවිතාන මහතා සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ශ්රී ලංකාවේ පරම්පරා ගණනාවක රෝගීන් විශ්වාසය තබා ඇති සෞඛ්ය සේවා විශේෂඥයකු මෙන්ම වෛද්යවරයකු සහ වසර 37කට අධික කාලයක් සෞඛ්ය සේවා විශිෂ්ටත්වය ලබාදීමේ පළපුරුද්ද ඇති රටේ වේගයෙන්ම වර්ධනය වන මූලික සෞඛ්ය සේවා ජාලය අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය වී තිබෙනවා. මෙම හවුල්කාරිත්වය හරහා නුගේගොඩ සහ ඒ අවට නගරවල ජනතාවට විශ්වාසනීය, පූර්ණ සෞඛ්ය සේවාවක් ලබාදීමට හැකි වෙනවා.” යනුවෙන් Medihelp රෝහල් සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසුවේය.
Central Medical Center ^Pvt& Ltd හි සභාපති සහ වෛද්ය අධ්යක්ෂවරයා වන වෛද්ය සරත් පරණවිතාන මහතාට සෞඛ්ය ක්ෂේත්රයේ වසර 45 කට වැඩි පළපුරුද්දක් ඇති අතර MBA උපාධි දෙකක් හිමිකරගත් ශ්රී ලංකාවේ ප්රථම සහ එකම විශේෂඥ වෛද්යවරයා ඔහුයි. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්යාලයෙන් සෞඛ්ය සේවා පිළිබඳ MBA උපාධියක් සහ එක්සත් රාජධානියේ Cardiff Metropolitan University වෙතින් MBA උපාධියක් ඔහුට හිමිය. ඔහු කොළඹ විශ්වවිද්යාලයෙන් පවුල් සෞඛ්ය, ළමා සෞඛ්ය පිළිබඳ ඩිප්ලෝමාව සහ පවුල් වෛද්ය විද්යාව පිළිබඳ MD උපාධියක් ලබා ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්ය සරත් පරණවිතාන මහතා පැවසුවේ, ”වසර ගණනාවක් පුරා Medihelp උසස් තත්වයේ විශ්වාසදායක මූලික සෞඛ්ය සේවා ලබාදෙමින් කීර්ති නාමයක් දිනා ඇති අතර අපගේ සෞඛ්ය සේවාව ඉහළ නැංවීමට සහ පුළුල් කිරීමට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටක්. Medihelp රෝහල් සමූහය රෝගීන්ට දැරිය හැකි මිලකට, ගුණාත්මක මූලික සෞඛ්ය සේවාවන් වෙත ඇති ප්රවේශය පුළුල් කරමින් රෝගීන්ගේ සෞඛ්ය යහපැවැත්ම සහතික කරනවා.” යනුවෙනි.

September, 7, 2022
ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය සමගින් සිය නවතම රෝහල් සංකීර්ණය අංක 175 මාලබේ පාර අතුරුගිරිය යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදි. MediHelp රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවා ලබා දීමට පියවර ගත් MediHelp රෝහල් සමූහය දැනට පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්රධාන නගර ගණනාවක් වෙත ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින අතර එහි තවත් අදියරක් ලෙස මෙම අභිනව අතුරුගිරිය MediHelp රෝහල හඳුන්වාදිය හැක.
නවතම පහසුකම් වලින් සමන්විත බාහිර රෝගී අංශය, ඇඳන් 5 කින් සමන්විත හදිසි ප්රතිකාර ඒකකය, විශේෂඥ වෛද්ය සේවය, රසායනාගාර පහසුකම්, ෆාමසි, අල්ට්රා සවුන්ඞ් ස්කෑන්, Echocardiography, ඩිජිටල් X-Ray, ශල්යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා සහ සෞඛ්ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්ය සේවා රැසක් අතුරුගිරිය MediHelp රෝහල මගින් ලබා දෙනු ඇත. එමෙන්ම මූලික රෝහල් සේවා පවත්වාගෙන යන සෞඛ්ය ආයතන අතුරින් විවිධ රෝගාබාධ සඳහා වැඩිම විශේෂඥ වෛද්යවරුන් පිරිසකගේ සහාය ලබා ගත හැකි එකම ස්ථානය MediHelp රෝහල් සමූහය බව අවිවාදයෙන් නම් නළ හැක.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Med help රෝහල් සමූශයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ මීට වසර 37කට පෙර කුඩා රසායනාගාරයක් ලෙස හොරණ නගරයෙන් ආරම්භ කළ ගමන අද වන විට යෝධ වනස්පතියක් බවට පත්වෙමින් ලක්ෂ සංඛ්යාත ශ්රී ලාංකිකයින්ගේ විශ්වසනීය රෝහල් සන්නාමයක් බවට Med help නාමය පත්ව තිබීම පිලිබඳව මම අවංකවම සතුටුවෙනවා”යනුවෙන් පැවසීය.
අතුරුගිරිය රෝහලේ සමාරම්භක අවස්ථාවට එක් වූ MediHelp රෝහල් සමූහයේ සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය චරිත විජේසිරිවර්ධන මහතා “MediHelp රොහල් සමූහය සිය සේවා ව්යාප්තිය විවිධ ප්රදේශයන් වෙත ගෙන යන අතරම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ගුණාත්මක වෛද්ය සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වන අපගේ කැපවීම එලෙසම පවත්වාගෙන යන බව අවධාරණය කරන්නට කැමතියි”.
“සියලු ශ්රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් වෙත ප්රවේශ වීම සඳහා අයිතියක් තිබෙන අතර මෙම අයිතිය පසුගිය 37 වසර පුරාම තහවුරු කරමින් ශ්රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම අභිනව MediHelp අතුගිරිය රෝහලේ සමාරම්භය අප ගමන්මගේ තවත් සන්ධිස්ථානයක් බව මගේ අදහසයි”.
“වේගයෙන් සංවර්ධනය වන අතුරුගිරිය නගරය කොට්ටාව හම්බන්තොට අධිවේගී මාර්ගයෙහි පිවිසුමක පිහිටි බැවින් ආර්ථිකමය අතිශය වැදගත් කමක් උසුලන අතර සියලු ප්රධාන පෙළේ මූල්ය ආයතන, සහ සෙසු පහසුකම් නගරය කෙන්ද්රගතව ස්ථාපිථව තිබෙනවා. එමෙන්ම විශාල ජනතාවක් මෙහි වෙසන බැවින් සහ ප්රශස්ත මට්ටමේ රෝහලක් අතුරුගිරිය හෝ ඒ අවට නරයන් කේන්ද්රගතව ක්රියාත්මක නොවන බැවින් එම රික්තය පිරිවීම සඳහා MediHelp රෝහල් සමූහය අතුරුගිරියට පිවිසීම හැම අතින්ම ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එම නිසා අතුරුගිරිය හා ඒ අවට ප්රදේශවල වෙසන ජනතාවට කොළඹ නගරයට පිවිසීමෙන් තොරව ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවාවක් වෙත ප්රවේශ වීමට අතුරුගිරිය MediHelp රෝහල ප්රශස්ත සුවසේවා නැවතුමක් බවට පත් වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් MediHelp රෝහල් සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසීය.

August, 9, 2022
ශී්ර ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී රෝහල් ජාලය වන Medihelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය පෙරදැරි කරගෙන, බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවා ලබා දෙමින් වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්රධාන නගර ගණනාවක් වෙත ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. Medihelp hospitals ජාලය වෙතින් ප්රමුඛතම විශේෂඥ වෛද්යවරුන්ගේ සේවාවන්ට සමගාමීව වෛද්ය රසායනාගාර, ෆාමසි ඇතුළු තවත් සේවාවන් රාශියක් එකම වහලක් යටින් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ජනතාව වෙත උදාකර දී ඇත.
මීට 37 වසරකට පෙර හොරණ නගරය කේන්ද්ර කරගමින් වෛද්ය රසායනාගාරයක් ලෙස ඇරඹි Medihelp hospitals ජාලය මේවන විට කලූතර සහ කොළඹ දිස්ත්රික්කයන්හි ප්රධාන නගර 15ක් ආවරණය වන ලෙස සිය සේවා ව්යාප්ත කර ඇති අත Medihelp hospitals ජාලයෙහි නවතම ශාඛාව පසුගියදා නුගේගොඩ නගරය කේන්ද්රගතව ආරම්භ කෙරිණි.
අනවශ්ය ලෙස මුදලූත් කාලයත් වැය කර කොළඹ නගරයට යෑමෙන් තොරව 250 කට අධික විශේෂඥ වෛද්ය කණ්ඩායමක සේවාව පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව ඇතුළුව සිය රෝහල් ජාලයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් සහ අංග සම්පූර්ණ මූලික ප්රතිකාර සේවා මෙන්ම සුහදශීලී පාරිභෝගික සේවාව හේතුවෙන් Medihelp hospitals යන නාමය ජනතාව අතර අංක එකේ තේරීමක් බවට පත්ව ඇත.
Medihelp hospitals ජාලය හරහා කායික රෝගල අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව, ප්රසව හා නාරිවේදයල පිළිකා සත්කාර, උගුර කණ නාසය, හෘද රෝග, සාමාන්ය ශල්යකර්ම, ස්නායු විද්යාව වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත්ර රෝග, මෞත්රලිංගික, චර්ම රෝග සහ ප්ලාස්ටික් ශල්යකර්ම, වෘක්ක හා අක්ෂි රෝග ඇතුළුව ක්ෂේත්ර රාශියක විශේෂඥ වෛද්යවරුන් රැසකගේ සේවාවන් ලබා ගත හැකග
Medihelp hospitals ජාලය රෝගීන්ගේ පහසුව සඳහා සිය සේවාවන්ට ඩිජිටල් තාක්ෂණය ද උපයෝගි කරගෙන ඇතග ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති Live Tracking පහසුකම හරහා රෝගීන්ට සිය වෛද්ය හමුවීම් හි නියමිත වේලාවන් ජංගම දුරකථනය මගින් පරීක්ෂා කිරීමට හැකි බැවින් ඔවුන් රෝහල් තුළ කාලය කා දමමින් තම විශේෂඥ වෛද්යවරයා එනතුරු අනවශ්ය ලෙස බලා සිටිය යුතු නොවෙයි.
”දශක තුනකට වැඩි කාලයක් Medihelp hospitals ජාලය පොදු මහජනතාවට දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගත හැකි උසස් තත්වයේ සෞඛ්ය සේවාවක් ලබාදීමේ පරමාර්ථයෙන් යුතුව කටයුතු කළා. මේ වන විට Medihelp hospitals ජාලය බස්නාහිර පළාතේ නගර 15 ක් ආවරණය කරමින් අත්යාවශ්ය මූලික ප්රතිකාර සේවා සැපයීමෙහිලා අංක 1 ස්ථානයට පත් වීමට සමත්ව තිබෙනවා.
වර්තමානයේ පවතින දැඩි වෛද්ය උපකරණ හිඟය, ඖෂධ හිඟය, දැඩි නියාමන සීමාවන්, අධික ඉදිකිරීම් වියදම්, සැපයුම් සේවාවන් හි දුෂ්කරතා සහ උද්ධමනය ඇතුළු අභියෝග රාශියක් මධ්යයේ වුවද අපගේ සේවා ජාලය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම වසර අවසන් වන විට තවත් රෝහල් තුනක් Medihelp hospitals ජාලයට එක් කිරීමට අප සැලසුම් කර තිෙබනවා. ඉහළ ඵලදායිතාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් කටයුතු කිරීම මෙන්ම ඒකාබද්ධ ජාලයක් ලෙස විධිමත්ව මෙහෙයවන වන බැවින් අපගේ වියදම් අවම කරගනිමින් එහි ප්රතිලාභය පාරිභෝගිකයා වෙත ලබා දෙමින් සාධාරණ මිලකට සෞඛ්ය සේවා සැපයීමට අපට හැකිව තිබෙනවාග තවද අපගේ වෛද්ය රසායනාගාර ජාලය ISO 9001 සහ ISO 15189 ප්රමිතිකරණයන්ගෙන් බල ගැන්වීමටත් කටයුතු යොදා තිබෙනවා. අප රෝහල් ජාලය මගින් දිනපතා 4000කට අධික රෝගීන් සංඛ්යාවකට සේවා සපයමින් ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයට ලබා දෙන ඉමහත් දායකත්වය පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වනවා” යනුවෙන් Medihelp hospitals සමූහයේ විධායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසීයග
Medihelp hospitals රෝහල් ජාලය වෙතින් විශේෂඥ වෛද්ය ප්රතිකාරල බාහිර රෝගී ප්රතිකාරල හදිසි ප්රතිකාර ඒකක, වෛද්ය රසායනාගාර සේවාවල ෆාමසි, අල්ට්රා සවුන්ඞ් ස්කෑන්, Echocardiography ඩිජිටල් X-Ray, ශල්යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා සහ සෞඛ්ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්ය සේවා රැසක් සපයනු ලැබේග Medihelp hospitals ශාඛා හොරණ, නුගේගොඩ, පිළියන්දල, මොරටුව, හෝමාගම, කළුතර, පානදුර, බේරුවල, මතුගම, බණ්ඩාරගම, ඉංගිරිය, බුලත්සිංහල, වෑතර සහ කැස්බෑව යන ප්රදේශවල පිහිටුවා ඇත.
Video Story