November, 29, 2022
නේෂන්ස් ට්රස්ට් බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ ප්රතිචාර සැලකිල්ලට ගෙන තම ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. මේ ලෙස වැඩිදියුණු කරන ලද නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් එකතුව නේෂන්ස් ට්රස්ට් බැංකුවේ මොබයිල් app එක හා අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මේ අනුව දැන් සරල, සුරක්ෂිත හා කාර්යක්ෂම සේවාවන් එකතුවක් එකම තැනකින් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී ඇත. නවීනතම තාක්ෂණයන් භාවිතයෙන් වැඩිදියුණු කළ, නව අතුරු මුහුණත් (Interface) සහ ක්රමවේදයන් සහිත මෙම සේවාවන්හි ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක ක්රමවේදයන්ද යොදා තිබේ.
“නේෂන්ස් ට්රස්ට් බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිත වලට බැංකු සේවාවන් වඩාත් ඵලදායී ලෙස සම්බන්ධ කළ හැක්කේ කෙසේද යන්න වටහා ගැනීමටයි. ඒ සඳහා අප සෘජුවම ඔවුන්ගෙන් අදහස් විමසුවා. ඒ ඔස්සේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් තුළ ඔවුන්ට මතුවන ගැටලු අප පැහැදිලිව හඳුනා ගත්තා. මෙම ප්රතිචාර අනුව, නේෂන්ස් ට්රස්ට් බැංකුව සතු නවීන තාක්ෂණයද ප්රයෝජනයට ගනිමින්, ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ ඩිජිටල් බැංකුකරණ අවශ්යතාවන් එකම තැනකින් සපුරාගත හැකිවන ප්රයෝගික විසඳුම් පෙළක් හඳුන්වා දීමට අපට හැකි වුණා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ අප බැංකුවේ කණ්ඩායමට මා ස්තූතිවන්ත වනවා.” නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති - ඩිජිටල් බැංකුකරණ, රන්දිල් බොතේජු මහතා පැවසී ය.
අලුතින් හඳුන්වා දී ඇති ‘Single Sign On’ ක්රමය නිසා, නේෂන්ස් ට්රස්ට් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාවන් සඳහා එකිනෙකට වෙනස් පරිශීලක නාම සහ මුරපද භාවිතා කිරීම තවදුරටත් අවශ්ය නොවේ. එමෙන්ම ‘Multiple Login’ හැකියාව නිසා ගනුදෙනුකරුවන්ට එකවර උපාංග දෙකක් තුළින් වුවද නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ඩිජිටල් සේවාවන්ට පිවිසිය හැක. ජංගම යෙදුමේ අතුරු මුහුණතද (Interface) වැඩිදියුණු කර ඇති අතර, ගනුදෙනු සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පියවර සංඛ්යාව අඩු වීම ගනුදෙනුකරුවන්ට විශාල පහසුවකි. මීට අමතරව, ගිණුම් සැලසුම් කිරීමේ ක්රමවේදයක්ද දැන් මෙම සේවාවන්ට ඇතුළත් කර ඇති නිසා, ගිණුමකින් ගිණුමකට මුදල් මරු කිරීම්, බිල්පත් ගෙවීම් සහ කාඩ්පත් සඳහා සඳහා සිදුකරන ගෙවීම් වැනි නිතිපතා ගෙවීම් කල්තබා සැලසුම් කළ හැකි වේ.
“මේ නව ඩිජිටල් බැංකුකරණ සේවාව, ඩිජිටල්කරණය කරා අප යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. මෙවැනි ඩිජිටල් බැංකුකරණ පහසුකම් තිබීම මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම අප ගනුදෙනුකරුවන්ගේ අදහස් වලට සවන් දී, ඔවුන්ගේ අවශ්යතාවන්ට ගැළපෙන ආකාරයට සේවාවන් සැලසුම් කරන නිසා, එය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සහ ප්රතිලාභ රැසක්ද ගෙනෙනවා.” නේෂන්ස් ට්රස්ට් බැංකුවේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා පැවසී ය.
නේෂන්ස් ට්රස්ට් බැංකුවේ නව මොබයිල් app එක සහ අන්තර්ජාල බැංකුකරණ සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන්ට තම මූල්ය ඉලක්ක තමන්ට කැමති ආකාරයට කළමනාකරණය කරගත හැකි වන අතර, ‘Chat Bot’ සේවාව හරහාද ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ඩිජිටල් බැංකුකරණ සේවාවන් ලබාගත හැකි වේ.
නව ‘High Risk Verification’ ක්රියාවලියට පියවර දෙකක් මගින් අනන්යතාව තහවුරු කරගැනීම සහ ජෛවමිතික (Biometrics) තහවුරු කරගැනීමද ඇතුළත් වන අතර, මෙම සේවාවන් සඳහා ‘ISO/IEC 27001:2013 සහතිකකරණය හිමි නේෂන්ස් ට්රස්ට් බැංකුවේ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ක්රමවේදයන්ද භාවිතා වන නිසා ගනුදෙනුකරුවන්ගේ දත්ත වල ආරක්ෂාව සහ රහස්යභාවය ආරක්ෂා වේ.
‘Google Play Store’, ‘Huawei AppGallery’ හෝ ‘Apple App’ වෙතින් ‘Nations Direct Mobile App’ බාගත කරගැනීමෙන් ගනුදෙනුකරුවන්ට නේෂන්ස් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ පහසුව, කාර්යක්ෂමතාව හා සුරක්ෂිතභාවය රිසි සේ අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.
දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්රස්ට් බැංකුව විසින්, ශ්රී ලංකාවේ ප්රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්රස්ට් බැංකුව සතු වේ.
ඡායාරූප විස්තරය - නේෂන්ස් ට්රස්ට් බැංකුවේ නව ඩිජිටල් බැංකුකරණ සේවාව වැඩිදියුණු කළ කණ්ඩායම
June, 17, 2022
අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්රස්ට් බැංකුව සමග එක්වී සාමාන්ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3 ක කාලයක් පුරා දිවෙන මෙම හවුල්කාරීත්වයට ශ්රී ලංකාවේ විශාලතම බැංකු සාමන්ය රක්ෂණ හවුල්කාරීත්වය බවට පත්වීමේ හැකියාව පවතී. මෙම ගිවිසුම යටතේ නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ මෝටර් රථවාහන රක්ෂණ සහ අනෙකුත් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට විශේෂ වාරික අනුපාත සහ තවත් ප්රතිලාභ හා වරප්රසාද රාශියක්ද හිමි වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලියාන් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්රධාන විධායක නිලධාරී ගානි සුබ්රමනියම් මහතා පවසා සිටියේ “බැංකු රක්ෂණ සඳහා නේෂන්ස් ට්රස්ට් බැංකුව සමග හවුල්කාරිතත්වයක් ඇති කර ගැනීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටට පත් වන බවය. අපට හැකි පරිද්දෙන් වටිනාකම් එකතු කරමින් ඩිජිටලීකරණය ඔස්සේ ක්රියාත්මක වෙමින් පාරිභෝගික භවතුන් වෙත බාධාවකින් තොරව පහසු සේවා අත්දැකීමක් ලබා දීමට අපගේ වටිනාකම් සහ අරමුණු පෙළ ගස්වා ඇත. එමෙන්ම තවදුරටත් අපගේ සම්පත් එක් කරමින්එක්ව වැඩ කිරීම තුළින් අප සමාගම් ද්විත්වයටම අපගේ පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී අගයක් ලබා දීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම හවුල්කාරීත්වය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් රක්ෂණ විසඳුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි කියා අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
අලියාන්ස් ලංකා සමාගමේ රථවාහන රක්ෂණ හිමියන්ට රථවාහන සඳහා පුළුල් ආවරණයක් සමග රු. මිලියන 5 ක් වටිනා පෞද්ගලික හදිසි අනතුරු ආවරණයක් වැනි විශේෂ ප්රතිලාභ එකතුවක්ද, නොමිලේ ගංවතුර සහ ස්වාභාවික අනතුරු ආවරණ, ලීසිං/හයර් පර්චස් ගිවිසුම්, එයාර් බෑග් ආවරණ සහ කුලී රථ වියදම් ප්රතිපූරණය ඇතුළු සම්මත ප්රතිලාභ රාශියක්ද හිමි වේ. මීට අමතරව හදිසි ප්රතිකාර වියදම්, රථවාහන වීදුරු ආවරණය, රථයේ ගමන් කරන දරුවන් සඳහා රැකවරණය, භාණ්ඩ ආවරණයක්, හදිසි අනතුරකදී ලීසිං වාරික සහ නවාතැන් වියදම් ප්රතිපූරණය ඇතුළු තවත් ප්රතිලාභ රැසක්ද ඔවුන්ට හිමිවනු ඇත. අනතුරකින් පසුව රථය අලුත්වැඩියා කිරීමේදී, හවුල්කාර නඩත්තු මධ්යස්ථාන මෙන්ම බාහිර නඩත්තු මධ්යස්ථාන වෙතින්ද විශේෂ වරප්රසාද හිමි වේ. “Click and Go” අලුත්වැඩියාවන්, හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වගකීමක් සහිතව අලුත්වැඩියාව කරගැනීමේ අවස්ථාව, හිමිකරුගේ ගිණුමින් මුදල් අයකර ගැනීමක් සිදු නොවීම සහ හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වාහන ඇදගෙන යාමේ සේවාව නොමිලේ හිමිවීම ආදිය මෙම වරප්රසාද අතරට ඇතුළත් ය. රථවාහන නොවන රක්ෂණ හිමි ගනුදෙනුකරුවන්ටද සුවිශේෂී ප්රතිලාභ රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ප්රධාන විධායක නිලධාරි හේමන්ත ගුණතිලක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “බැංකු රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයා වූ අලියාන්ස් ලංකා සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මහත් සතුටට පත් වන බවය. ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බැංකුවක් ලෙස අපගේ පාරිභෝගික භවතුන් වෙත ප්රතිලාභ ලබා දීම උදෙසා අපගේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව සමග අලියාන්ස් හි ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වනවා. අපි අන්යෝන්ය වශයෙන් ප්රතිලාභ ලැබීය හැකි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන අතරම මෙම හවුල්කාරිත්වය පිළිබඳව අපගේ පාර්ශ්වකරුවන් වෙත ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි.” යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය තුළින් ගනුදෙනුකරුවන්ට අලියාන්ස් ලංකා සමාගමේ ඩිජිටල් රක්ෂණ සේවාවන් වෙතින් ලැබෙන ප්රතිලාභ සමග නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ ප්රතිලාභ එකවර අත්විඳීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ ඩිජිටල්කරණයේ පුරෝගාමියෙකු වන අලියාන්ස් ලංකා සමාගම ඵහ Allianz App සහ Allianz eMotor Partner Portal සහ Allianz Virtual Assessor ඇතුළු ඩිජිටල් නවෝත්පාදන රාශියක් දැනටමත් හඳුන්වා දී ඇත.
Video Story