• Ada Derana BIZ Sinhala
  • NCE
  • SMR Consolidated
  • sri lanka

SMR Consolidated සමාගමට 30 වැනි NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක්

December, 28, 2022

ශ්‍රී ලංකාවේ ආහාාරයට ගත හැකි තෙල් හා මේද නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd) සමාගම, පසුගියදා පැවති 30 වන NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. 2022 දෙසැම්බර් 02 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර, එහිදී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී අමල් ඉන්ද්‍රජිත් මහතා විසින් සම්මානය පිළිගන්නා ලදි.

“මෙවැනි ගෞරවණීය සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීමට අපට මහත් සතුටක්. ආරම්භයේ පටන්ම අප උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වුවා. අපගේ නිෂ්පාදන අපනයන වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තේ ඒ නිසයි. අද වනවිට ලොව රටවල් රැසක අපගේ නිෂ්පාදන ඒවායෙහි ප්‍රමිතිය වෙනුවෙන් ඇගයීමට ලක්වෙනවා. අප ඇත්ත වශයෙන්ම ළඟා කරගැනීමට උත්සාහ කළ ඉලක්කය එයයි. 1960 වසරේදී කුඩා පොල්තෙල් නිෂ්පාදනාගාරයක් ලෙස ආරම්භ වූ අපගේ සමාගම, අඛණ්ඩව දියුණු වෙමින් පැමිණ පසුව එළවලු තෙල් වර්ග නිෂ්පාදනයට යොමු වුණා. 1997 වසරේදී, අපි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අඛණ්ඩ පිරිපහදු පහසුකම් සහිත එළවලු තෙල් පිරිපහදුවක් ස්ථාපිත කළා. එදා පටන් මේ දක්වාම ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අප කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටිනවා. මෙම සම්මානය අප වෙත පිරිනැමීම සම්බන්ධයෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කළ ජාතික අපනයන වාණිජ මණ්ඩලයටත්, අපගේ නිෂ්පාදන කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම පිළිබඳව අපගේ පාරිභෝගිකයන්ටත් අපගේ ස්තූතිය මෙසේ පිරිනමනවා.” SMR Consolidated සමාගමේ ක්‍රමෝපායික ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී දිමන්ත නානායක්කාර මහතා පැවසී ය.

ජාතික අපනයන වාණිජ මණ්ඩලය (National Chamber of Exporters - NCE) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අපනයන සම්මාන උළෙලේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කරන අපනයනකරුවන් ඇගයීමට ලක්කිරීම ය. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, ඉතා දැඩි තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි. මෙම තේරීම් නිර්ණායකවලදී පෙර වසර 3 තුළ මූල්‍ය ක්‍රියාකාරීත්වය, අපනයන ක්‍රියාකාරීත්වය, අගය එකතු කිරීම, විදේශ විනිමය ඉපැයීම්, ඵලදායී කළමනාකරණය, සන්නාමකරණය සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආදිය සැලකිල්ලට ගැනේ.

ගුණාත්මකභාවය සම්බන්ධයෙන් SMR Consolidated සමාගම දක්වන කැපවීම හේතුවෙන් එම සමාගම BRC, FSSC 22000, ISO, SEDEX, SMETA, FAIRTRADE Organic සහ Kosher ඇතුළු සහතිකකරණයන් රාශියක් හිමි වී තිබේ. 2022 වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහද්වීප 6 ක රටවල් 35 ක් වෙත තම නිෂ්පාදන අපනයන කිරීමට සමාගම සමත් විය.

ජනතාවගේ යහපත අරමුණු කරගත් සහ තිරසාර ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරන සමාගමක් වශයෙන්, උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට අමතරව, ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තවත් නොයෙක් අයුරින් දායක වීමට SMR Consolidated සමාගම කටයුතු කර ඇත. දේශීය හිමිකාරීත්වයක් යටතේ පවතින සමාගමක් වන එහි සෘජු රැකියා අවස්ථා හිමි වී ඇති සංඛ්‍යාව 1,000 ඉක්මවන අතර, තවත් 5,000 කට අධික පිරිසකට වක්‍ර ජීවනෝපාය අවස්ථාවන් උදාකර දෙමින් සමාගම මෙරට ග්‍රාමීය පවුල් 6,000 කට අධික සංඛ්‍යාවකට අත්වැලක් වී තිබේ. එමෙන්ම ගෝලීය වෙළඳපොළට උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දෙමින් එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය වර්ධනය කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙයි.

 ඡායාරූප විස්තරය : SMR Consolidated සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමල් ඉන්ද්‍රජිත් මහතා NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී සමාගම වෙත හිමි වූ සම්මානය පිළිගත් අවස්ථාව

 

  • Ada Derana BIZ Sinhala
  • exclusive banking partner
  • HNB
  • NCE
  • sri lanka

2022-23 NCE සම්මාන උළෙලේ සුවිශේෂී බැංකු සහකරුවා ලෙස HNB නැවතත් එක් වෙයි

October, 10, 2022

ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 2022-23 වසර සඳහා සුවිශේෂී බැංකු සහකරුවා ලෙස ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නැවත වරක් අත්වැල් බැඳ ගත්තේය.  “Recognizing, Inspiring and Strengthening’’ යන තේමාව යටතේ මෙවර පවත්වනු ලබන සිය 30 වැනි අපනයන සම්මාන උළෙල NCE හට ඉතා සුවිශේෂී එකක් වනු ඇත. එහි සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට HNB හටද අවස්ථාව හිමි වීම සතුටකි.

විශේෂිත සහතික නිකුත් කිරීම, විවිධ වෙළෙඳාම් සම්බන්ධ ලියකියවිලි, පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම, අදාල රාජ්‍ය ආයතන සමඟ පවත්වනු ලබන සාකච්ඡුාවන් හා රැස්වීම්වලදී අපනයනකරුවන් නියෝජනය කිරීම ඇතුළු සේවාවන් රැසක් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මඟින් සලසනු ලබයි.

අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනයෙහි වැදගත්කම කල්තියාම අවබෝධ කරගත් HNB විශ්වාසයෙන් යුතුව ගෝලීය අවකාශය වෙත පිවිසීම සහ ඔවුන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා අපනයන අංශය වෙත අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම වෙනස කලින්ම අනුගමනය කරන බැංකුවක් වීම නිසාම HNB හට රට පුරා සිය ව්‍යාප්තිය ඉහළ නංවා ගැනීමට මෙන්ම 2021 වසර තුළ එහි වෙළෙඳපොල සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමට හැකියාව උදා විය.

මෙම වසරේදී අපනයන ක්ෂේත‍්‍රය සිය සුවිශේෂී හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් රටේ අපනයනයන් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 815 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 6,514ක් දක්වා වූ සුවිශේෂී වර්ධනය අත්කර ගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව  14% ක වර්ධනයකි.

ගෝලීය වෙළෙඳපොලට අවශ්‍ය සම්පත් ශ‍්‍රී ලංකාව තුළ පවතී. අපනයනකරුවන් වෙත සේවා සපයන්නන් ඇතුළු ශ‍්‍රී ලංකා අපනයන නිෂ්පාදන හා සේවා ප‍්‍රදර්ශනය කිරීම සඳහා ක‍්‍රමයක් නිර්මාණය කිරීම, මෙරට නිෂ්පාදන හා සේවා ලබාදීමේ පරාසයන් පිළිබඳ අනාගත ගැනුම්කරුවන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීම වැනි දේ තුළින් එය තව තවත් ඉහළ නංවා ගත හැකි වනු ඇත.

මේ සඳහා සාම්ප‍්‍රදායික අපනයන ආශ‍්‍රිත වැඩසටහන්වලට අමතරව HNB ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට පාරිභෝගිකයින් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් විදේශීය අපනයන වෙළෙඳපොල අවස්ථාවන් හිමිකර දීමට කටයුතු කර ඇත. Cord360.com යනු ඉන් එකකි. එහිදී www.cord360.com හරහා   මූල්‍ය, සැපයුම්, අලෙවිකරණ සහ වෙළෙඳපොල ප‍්‍රවේශය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර සඳහා අපනයනකරුවන්ට සහයෝගය සලසනු ලබයි. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වෙත වැඩි ප‍්‍රතිලාභ ලබා දෙමින්, විදේශීය ගැනුම්කරුවන් හා වෙළෙඳාම ඔවුන් වෙත සම්බන්ධ කර දීම ඉතා වැදගත් වේ.

ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තු මෙහෙයවනු ලබන මනා පළපුරුද්දක් සහිත සුදුසුකම්ලත් වෘත්තිකයින්ගෙන් සමන්විත HNB සතුව ශ‍්‍රී ලංකාවේ බැංකු අතරින් සහතික ලත් ලේඛන ණය විශේෂඥයින්ගේ විශාලතම සංචිතයද වේ. HNB හි මධ්‍යගත ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තුව කොළඹ 01 ජනාධිපති මාවතෙහි පිහිටුවා ඇති අතර එය ශ‍්‍රී ලංකා මහ බැංකුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව, නැව්ගත කිරීම හා භාණ්ඩ ප‍්‍රවාහන සේවා සපයන්නන් මෙන්ම අනෙකුත් නියාමන හා ව්‍යවස්ථාපිත බලයක් සහිත ආයතන සමඟ සමීපව කටයුතු කරමින් ආනයන හෝ අපනයන ලියකියවිලි සම්පූර්ණ කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත උපරිම සහයෝගය සලසනු ලබයි.

ඡායාරූපය -  (වමේ සිට) HNB හි ව්‍යාපාර විශේෂඥ හසන්ති ද සිල්වා, ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ලේකම් - ජෙනරාල්/ප‍්‍රධාන විධායක නිලධාරී ශිහාම් මරික්කාර්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකු කටයුතු (Wholesale Banking) දමිත් පල්ලෙවත්ත හා HNB වෙළෙඳ ප‍්‍රධානී රොසෑන් ඩි අල්මේදා යන මහත්ම මහත්මීන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින්