December, 19, 2022
අප නිරන්තරයෙන් වෙහෙසෙන්නේ අපගේ නිවස ආකර්ෂණීය හා සුන්දර ස්ථානයක් බවට පත් කර ගැනීමටයි. ඒ නිවසේ පෙනුම තුළින් එහි ජීවත් වන පුද්ගලයින්ගේ තත්වය සියලූ දෙනාට ප්රදර්ශනය වන බැවිනි. නිවසේ ඇති ගෘහ භාණ්ඩ, තිර රෙදි පමණක් නොව ගෘහ විදුලි උපකරණ වැනි සියලූ දේ තුළින් ඔබගේ ස්වභාවය මනාව පිළිබිඹු වන බව රහසක් නොවේ. නිවසක සොඳුරු බව හා ආකර්ෂණය තුළින් එම නිවසේ සිටින පුද්ගලයින්ගේ ස්වභාවය, ඔවුන්ගේ සිතුම් පැතුම් නිරායාසයෙන්ම ප්රකාශ වන්නේ නිවසේ සියලූ දේ එහි සිටින පුද්ගලයින්ගේ තෝරා ගැනීම් වන නිසාමය.
Samsung වෙතින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනී පෙළ ඔබේ නිවසට අලංකාරයක් මෙන්ම මනා පෙනුමක් එක් කරනුයේ ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක් ගෙන එමිනි. ආකර්ෂණීය නිමාවකින් යුත් Neo QLED 8K රූපවාහිනී ඔබේ නිවසට අභිමානවත් බවක් එක් කරන අතරම අති නවීන තාක්ෂණයේ මහිමයෙන් ඔබේ නිවසට සතුට, සැනසුම එක් කරනු නොඅනුමානය.
Samsung Neo QLED 8K රූපවාහිනී ඔබේ නිවසට සැබැවින්ම සුන්දරත්වයක් ගෙන දෙන්නේ කෙසේදැයි ඔබට සිතෙනු ඇත. රූපවාහිනියක් නිවස අලංකරණය කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැකිය.
ඒ සියලූ දේ Samsung Neo QLED 8K රූපවාහිනී දුටු පමණින් ඔබට නිරාකරණය වනු නිසැකය. Signature Infinity One නිමාවෙන් යුත් සිහින් Neo QLED 8K රූපවාහිනී හි නිර්මාණාත්මක බව නිසාම එය ඔබට ඉමහත් ආශ්වාදයක් එක් කරනු ඇත. එය සැබැවින්ම ඔබටත්, නිවසට පැමිණෙන අමුත්තන්ටත් සොඳුරු දසුනක් එක් කරනු ඇත.
Quantum Mini LED මගින් බල ගන්වනු ලබන Quantum Matrix Technology Pro තාක්ෂණයෙන් සුසැදි Neo QLED 8K රූපවාහිනී සුපැහැදිලි හා මනස්කාන්ත දසුන් ඔබ වෙත ගෙන එන්නේ සාමාන්ය LED රූපවාහිනියකට වඩා 1/40 ක Quantum Mini LED සමගිනි. ගැඹුරු කළු වර්ණය තුළින් දීප්තිමත් බවක් තිරයට ගෙන එන එහි පින්තූර බොඳ වීම ඉතා අවම වන අතර එහි Shape Adaptive Light Control මගින් පින්තූරයේ ඇති විවිධ දේ එකිනෙකට වෙනස් අයුරින් නිවැරදිව විශ්ලේෂණය කර ඊට ගැලපෙන ආකාරයෙන් ආලෝකය පාලනය කරන හෙයින් බාධාවකින් තොරව රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව උදා වේ.
තෙවන පාර්ශවීය උපාංග සඳහාද නැවතුම් පාලන මධ්යස්ථානයක් බවට රූපවාහිනිය පත් කරන IoT Hub එකකින් සමන්විත Neo QLED 8K රූපවාහිනිය සතු SlimFit TV වෙබ් කැමරාව සුවිසල් රූපවාහිනී තිරය තුළින් වීඩියෝ ඇමතුම් හෝ web conference හරහා ඔබේ මිතුරන් හා ආදරණීයයන් සමඟ සිතූ සේ සම්බන්ධ වීමේ අවස්ථාවද උදා කර දීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. හොඳම රූපවාහිනී අත්දැකීමක් ඔබේ ආලින්දයට ගෙන එන Neo QLED 8K රූපවාහිනී පෙළ සතු Smart Hub විශේෂාංගය තුළින් ඔබට වඩාත් පහසු මුල් තිරයක් සමඟින් මනා රසවින්දනයක් ඔබට ගෙන එනු නොඅනුමානය.
පරිශීලකයින් වෙත සිනමාමය අත්දැකීමක් ළඟා කිරීම වෙනුවෙන් මනා ශ්රව්ය අත්දැකීමක් ඔබ වෙත ගෙන එන භැද Neo QLED 8K හි ශබ්ද පද්ධතිය තුළින් අසමසම ත්රිමාණ surround ශබ්දයක් සමඟින් අපූරු විනෝදාස්වාද අත්දැකීමක් ඔබට තිළිණ කරනු ලබයි.
පාරිභෝගිකයාට සරිලන නවෝත්පාදනයන් නව පරිපූර්ණ මට්ටමකට ගෙන යමින් Samsung හඳුන්වාදෙන Neo QLED 8K රූපවාහිනී පෙළ පාලනය කරනු ලබන SolarCell දුරස්ථ පාලකය මඟිනි. සම්පූර්ණයෙන් බැටරි රහිත දුරස්ථ පාලකයක් වන එය ඔබේ නිවස තුළ සූර්යාලෝකය තුළින් ආරෝපණය කිරීමේ පරිසර හිතකාමී උපාංගයක්ද වේ.
ප්රමාද දෝෂයන්ගෙන් තොරව පහසුවෙන් ක්රීඩා කිරීමේ හැකියාව සහිත Neo QLED 8K රූපවාහිනී පෙළ සතු Game Bar තුළින් gaming status නිරීක්ෂණය කිරීමටත් පහසුවෙන් ක්රීඩා සැකසීම් (game settings) සිදු කිරීමටත් අවස්ථාව සළසා දී ඇත්තේ gaming සඳහාද මනා අවකාශයක් සලසා දෙමිනි. එමෙන්ම Zoom-in mode සහ සමඟින් අඳුරු ස්ථානයන්ගෙන් තොරව තිරය දැක ගැනීම පහසුවද තවත් සුවිසල් වාසියක් වනු ඇත. මේ සියලූ දේ සඳහා ක්රීඩකයින්ට අත්යාවශ්ය Motion Xcelerator Turbo Pro තාක්ෂණයද Neo QLED 8K හි අන්තර්ගත වේ.
මෙම නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් දැන් ලබා ගත හැකිය.

June, 29, 2022
සුපැහැදිලි මෙන්ම විශිෂ්ට ශබ්ද රටාවන් සමඟින් සුවිසල් තිරයකින් සුසැදි Neo QLED 8K රූපවාහිනී පෙළ රූපවාහිනී පරිශීලකයන් වෙත ගෙන ඒමට Samsung Electronics කටයුතු කර ඇත්තේ ඔවුන් වෙත නවමු රූපවාහිනී අත්දැකීමක් එක් කරමිනි. විශේෂයෙන් නරඹන්නාගේ අවකාශයේ ප්රමාණය සහ එය සකසා ඇති ආකාරය අනුව ශබ්දය වෙනස් කිරීම සඳහා ප්රධාන තිරය නිර්මාණය කර ඇති මෙම රූපවාහිනියෙහි අන්තර්ගත ස්පීකර් 8ක් හරහා සුපැහැදිලි හා ආකර්ෂණීය නාද රටාවන් ග්රාහකයා වෙත ගෙන එයි.
මනා SpaceFit සැකසුමක් වෙනුවෙන් අවකාශය දෛනිකව විශ්ලේෂණය කිරීම
අද වන විට බොහෝ රූපවාහිනී පරිශීලකයින් විසිත්ත කාමරය තුළ මෙන්ම කාර්යාලීය කාමර, නිදන කාමර, ටෙරස් ඇතුළු විවිධ ස්ථානයන්හි විවිධ ඉරියව් අනුගමනය කරමින් දවසේ විවිධ වේලාවන්හිදී රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටී. බොහෝ දෙනා ඔවුන් ජීවත් වන වටපිටාව අනුව ඔවුනොවුන්ට ගැලපෙන අයුරින් රූපවාහිනී නැරඹීමේ අත්දැකීම් ලබා ගැනීමට කටයුතු කරති. Samsung Electronics පරිශීලකයින්ගේ රූපවාහිනී නරඹන අවකාශය ස්වයංක්රීයව හඳුනාගැනීමේ තාක්ෂණය නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවේ පරිශීලකයින් සෑම විටම තම අවකාශය තුළ හැකි උපරිම ශබ්දය රස විඳින බව සහතික කිරීම වෙනුවෙනි. එහි ප්රතිඵලයක් ලෙස SpaceFit තාක්ෂණය Neo QLED 8K රූපවාහිනී වෙත ගෙන ඒමට ඔවුන් සමත් විය. ඒ තුළින් දිනකට එක් වරක් ඔබ රූපවාහිනීය නරඹන අවකාශයේ වෙනස්වීම ස්වයංක්රීයව පරීක්ෂා කරන අතර ඒ අනුව ශබ්ද සැකසුම් වෙනස් කිරීම සිදු කරනු ලබයි.
මෙම තාක්ෂණය රූපවාහිනී නිෂ්පාදනයන් වෙත ප්රථම වරට හඳුන්වා දීම වෙනුවෙන් දහස් ගණනක් වූ දත්ත හා AI තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනයන් උපයෝගී කරගත් Samsung Electronics ඒ තුළින් ශබ්ද ඉංජිනේරු විද්යාවේ ‘dead rooms’ ලෙස හඳුන්වනු ලබන ශබ්ද අවශෝෂණය කරගන්නා ප්රදේශයන්හි සිට ශබ්ද පරාවර්තන අවකාශයන් දක්වා වන සමස්ත පරිසරයම සැලකීමට ලක් කරමින් මනා ශබ්ද අත්දැකීමක් පරිශීලකයා වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.
තිරය තුළ කෙළවරවල 3D ශබ්දය නිර්මාණය කිරීම සඳහා ස්පීකර් 8ක් භාවිත කරයි.
පුළුල් පරාසයක විහිදුණු විවිධ ශබ්ද රටාවන් භාවිත කිරීමට රූපවාහිනී නිර්මාණයන් මේ වන විට කටයුතු කර ඇති අතර එම නිර්මාණයන් රස විඳීමේ පාරිභෝගිකයා කැමැත්තද ක්රමයෙන් වෙනස් වෙමින් පවතින බව රහසක් නොවේ. විශේෂයෙන් නිවස තුළ විනෝදාස්වාදය සපයා ගැනීමේ අවශ්යතාවන් ක්රමයෙන් ඉහළ යන වටපිටාවක් තුළ චිත්රපටි වැනි නිර්මාණයන් රස විඳීමේදී සුවිසල් තිරය මෙන්ම විවිධ ශබ්ද හා වර්ණ මූලාශ්රද පරිශීලකයින් බෙහෙවින් වැළඳගනු ඇත. එසේ වූ විට එකම නිර්මාණයන් කිහිප දෙනෙක් එක්ව රසවිඳීමේදී එය සාමාන්ය දෙයක් බවට පත් වීම වැළැක්විය නොහැක්කකි. එහෙත් පරිශීලකයන් හට තිරයේ පසුපස අන්තයන්ගෙන් පවා ආකර්ෂණීය ශබ්ද රසයක් ගෙන ඒමට හැකි ‘sweet spot’ හේතුවෙන් එය තව දුරටත් සාමාන්ය රසවිඳීමක් නොවනු ඇත.
විවිධ ස්පීකර් භාවිතය තුළින් රූපවාහිනී තිරය මත සිදුවන විවිධ ක්රියාවන් නිරීක්ෂණය කර Object Tracking Sound (OTS) තාක්ෂණය පරිශීලක රසවින්දනය තවදුරටත් ඉහළ නැංවීමේ අවස්ථාව සැම්සුන් වෙත උදා කර දී ඇත. වැඩිදියුණු කළ නිෂ්පාදන Neo QLED 8K පෙළ තුළ අන්තර්ගත මෙම තාක්ෂණය මෙන්ම පෙර මාදිලි තුළ පැවති ස්පීකර් 6 වෙනුවට තවත් ස්පීකර් 2ක් රූපවාහිනීය මධ්යයේ ස්ථාපිත කරමින් සුපැහැදිලි හා ඉහළ ශබ්ද රටාවන් පරිශීලකයා වෙත ගෙන ඒමට ඒ තුළින් හැකි වී ඇත. එමගින් තිරයේ යම් වස්තුවක් සෙලවීමේදී එම ශබ්දය නරඹන්නා වෙත ගෙන එන අතර වම් සහ දකුණු ස්පීකර් තුලින් stereo නාද රටාවන් මෙන්ම 3D ශබ්දයන් පරිශීලකයා වෙත ගෙන එනු ලබන්නේ අසමසම අත්දැකීමක් හරහා ඔවුන් රූපවාහිනී තිරයට ආකර්ෂණය කර ගනිමිනි.
සෑම කොටසක්ම Ultra-Slim නිමාවෙන් යුක්තය
රූපවාහිනී නිෂ්පාදනයේ තවත් සුවිශේෂී සාධකයක් වන Infinity Screen, bezels පවා නොපෙනෙන ලෙස නිර්මාණය කර ඇති එහි සිහින් ආකෘතිය තුළ ස්පීකර් රැසක් සවි කිරීම අභියෝගයක් වුවද එය මනාව නිර්මාණය කිරීමට සැම්සුන් සමත්ව ඇත.
විශේෂයෙන් රූපවාහිනී නිෂ්පාදනයේ සීමාවන් අතික්රමණය කරමින් මෙම නව්යකරණ තාක්ෂණය Neo QLED TV වෙත හඳුන්වා දී ඇති අතරම එහි තුනී පැනල සඳහා ඉඩ සැලසීම වෙනුවෙන් භාවිත කරන මූලික උපාංගයන් නව ආකාරයකින් යොදා ගැනීමටද ඔවුන් කටයුතු කර ඇත.
ආකර්ෂණීය සුපැහැදිලි ශබ්දය
පරිශීලකයින් වෙත සුපැහැදිලි හා ආකර්ෂණීය ශබ්ද රසයක් ලබා දීම වෙනුවෙන් ඔවුන් රස විඳින නිර්මාණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට නිෂ්පාදකයින් ඉමහත් වෙහෙසක් ගෙන ඇත. නිදසුනක් ලෙස ක්රීඩාවක් රසවිඳීමේදී සමූහ ශබ්ද පරිශීලකයා වෙත ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර සංගීත නිර්මාණයකදී ස්ථාවර ශබ්ද රටාවක් අනුගමනය කිරීමට ඔවුන් උත්සාහ ගෙන ඇත. චිත්රපට නැරඹීමේදී තිරයේ මධ්යයේ සිට දෙබස් ඇසෙන ආකාරය සහතික කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් විශ්ලේෂණයක් සිදු කිරීමද මෙහි විශේෂත්වයකි.
වසර 16ක් තිස්සේ ගෝලීය වෙළෙඳපොල පුරෝගාමියකු ලෙස කටයුතු කරන Samsung TV ලොව පුරා පරිශීලකයින් විශාල ප්රමාණයකගේ විශ්වාසය විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇත. එසේම ලොව පුරා පවුල් දහස් ගණනක් Samsung TV භාවිත කරන බැවින් නිරන්තරයෙන් ඔවුන් වෙත නවමු අත්දැකීමක් ලබා දීම කෙරෙහි සමාගමේ අවධානය යොමු වී ඇති අතර ඒ වෙනුවෙන් සැම්සුන් සතු ශක්තිය Sungjoo Kim විසින් හෙලිකර සිටින ලදී. දිනෙන් දින ඉහළ යන නිර්මාණයන්ට ප්රතිචාර දැක්වීමක් ලෙස Samsung TV හරහා ස්වභාවික ශබ්ද අත්දැකීමක් පරිශීලකයින් වෙත ලබා දීමට සැම්සුන් කැපවී කටයුතු කරයි.
රූපවාහිනී තිරයන් ක්රමයෙන් විශාල වෙමින් පවතින්නේ අන්තර්ගත නිර්මාණයන්ද දිනෙන් දින වෙනස් වෙමින් පවතින පරිසරයක් තුළය. එම වෙනස්වන ප්රවණතාවන් සමඟ ඉදිරියට යමින් ස්පීකර් ප්රමාණය ඉහළ දැමීමටත්, 3D ශබ්ද හරහා එකිනෙකට ගැළපෙන ආකාරයෙන් ශබ්ද රසයක් ජනිත කිරීම වෙනුවෙන් AI තාක්ෂණයන් දියුණු කිරීම මනා ආශ්වාදයක් පරිශීලකයින් වෙත ගෙන ඒමට හේතු වී ඇත. මේ තුළින් ශබ්දය පාලනය කිරීමට තව දුරටත් දුරස්ථ පාලකයක් අවශ්ය නොවන යුගයකට පරිශීලකයන් ගෙන යාමටද හැකි වනු ඇත.
මෙම Samsung Neo QLED 8k නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් දැන් ලබා ගත හැකිය.
Video Story