December, 2, 2022
පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 59,759 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්රමාණය 628,017 ක් වේ.
නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්රමාණයක් පසුගිය මාසය තුළ දී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
සමස්තයක් ලෙස ගත් කල, 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් ප්රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි. එය 105,654 කි.







November, 17, 2022
2022 නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 27,213 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම දින 15 තුළ දී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්රමාණය 6,701 කි. මීට අමතරව ඉන්දියාව (4,404), එක්සත් රාජධානිය (2,257), ජර්මනිය (1,924), ඕස්ට්රේලියාව (1,371) හා කැනඩාව (1,008) යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙම දෙසතිය තුළ පැමිණ තිබේ.
මේ අනුව 2022 වසරේ නොවැම්බර් 15 දින දක්වා ශ්රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්රමාණය 595,471 ක් වේ.







October, 17, 2022
ශ්රීලංකන් ගුවන් සේවය , ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරයට සහය දැක්වීමේ අරමුණින්, නොවැම්බර් මාසයේ දී වාණිජ සමුළුවක් සහ සංචාරක වෙළඳපොළක් සඳහා ජාත්යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්යාවක් සඳහා ගුවන් සේවා සත්කාරකත්වය ලබාදීමට කටයුතු යොදා තිබේ. මෑත ඉතිහාසයේ ජාත්යන්තර සංචාරක වෙළඳ කර්මාන්තයේ නිරතව සිටින නියෝජිතයන් මෙතරම් විශාල ප්රමාණයක් ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය, “දැන් දිනෙන් දින රට ඉදිරියට යනවා. සංචාරක මාර්ගෝපදේශ ඉවත් කර තිබෙනවා වගේම රටේ ඉන්ධනත් තිබෙනවා. ශ්රී ලංකාවේ ආශ්චර්යයන් අත්විඳීමට නැවත සංචාරක ව්යාපාරය පුනර්ජීවනය කිරීමට අපට කාලය උදාවෙලා තියෙනවා. ජාතික ගුවන් සේවය ලෙස අපගේ ජාලය පුරා විසිරී සිටින අපගේ වටිනා හවුල්කරුවන්ට සංචාරය කිරීමට සහ කර්මාන්තය පුරා දැනුවත් කිරීමට කාලය පැමිණ තියෙනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, මෙම සමුළුව ශ්රීලංකන් ජාලය පුරා සිටින සංචාරක වෙළඳ නියෝජිතයන් ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම ශ්රී ලංකාවට සැලකිය යුතු ලෙස පිරිනමන සේවාව කෙරෙහි අවධානය යොමු කිරීමක් මෙන්ම ඔවුනොවුන් අතර ඇති සහෝදරත්වය වර්ධනය කිරීමක් වනු ඇත. මේ සඳහා පැමිණෙන නියෝජිතයන් ශ්රී ලංකාවේ සංචාරක අභිලාෂයන්, ගුවන් සමාගමේ වාණිජ දැක්ම පිළිබඳව දැනුවත් කෙරෙන අතර, ඕනෑම වර්ගයක සංචාරකයකුට සත්කාරකත්වය සැපයීමට දිවයිනේ සූදානම සහතික කිරීම සඳහා අත්දැකීම් ලබා දෙනු ඇත.
මෙම සම්මන්ත්රණයෙන් අනතුරුව සුහද හමුවක් පවත්වනු ලබන අතර, එහිදී ශ්රී ලංකා සංචාරක ක්රියාකරුවන්ට සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වලට ව්යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා පැමිණෙන නියෝජිතයන් සමඟ අන්තර් ක්රියා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.
ගුවන් සේවය දැනට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්රංශය, ඉන්දියාව සහ ඕස්ට්රේලියාව වැනි ප්රමුඛ සංචාරක වෙළඳපොලවල් ඇතුළත් ගමනාන්ත ගණනාවක් ශ්රී ලංකාවට සම්බන්ධ කරයි. ජාතික ගුවන් සේවය මෑත කාලීන සියලු අභියෝග හමුවේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය ලබා දී ඇති අතර ශ්රී ලංකාව කෙරෙහි සංචාරකයින්ගේ විශ්වාසය රඳවා තබා ගැනීම සඳහා ඵලදායි ලෙස සහ ක්රියාකාරීව බොහෝ මුල පිරීම් මෙහෙයවා ඇත.
Video Story