• Ada Derana BIZ Sinhala
  • Orient Finance
  • Orient Minor Savings
  • sri lanka

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම ළමා දිනය වෙනුවෙන් සුවිශේෂී ‘Orient Minor Savings’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

October, 10, 2022

ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු මෙන් ම මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 ළමා දිනය නිමිත්තෙන් Orient Minor Saving' නමින් සුවිශේෂී  ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇත. මෙම ගිණුම මගින් දරුවන් තුළ කුඩා කල සිට ම ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීම මෙන් ම, එසේ ඉතිරියට නැඹුරු වන දරු දැරියන් වෙත ඉහළ ප්‍රතිලාභ ලබා දීම ද අරමුණු කරන අතර,  එමඟින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ද ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සහයෝගය ලබා දෙයි.

Orient Minor Savings ඉතුරුම් ගිණුම ආකර්ෂණීය පොලී අනුපාත ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, පෙර පාසල් අධ්‍යාපනයේ සිට ප්‍රතිලාභ ලබා දෙන සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කරයි. එමෙන් ම ඔරියන්ට් ෆිනෑන්ස් සමඟින් ඉතිරි කිරීම ආරම්භ කිරීමේ දී ස්ථාවර හා ආරක්ෂිත මූල්‍ය සේවාවක් ලබාගැනීමට මෙන් ම  එක ම වහලක් යටින්  දරුවන්ගේ ඉතුරුම් සියල්ලක් ම කල්තියා සැලසුම් කිරීමේ හැකියාව ද දෙමාපියන් වෙත ලැබීම විශේෂත්වයකි.

“වසර 40 කට වැඩි කාලයක් තිස්සේ විශ්වසනීය සේවාවක් සමඟින්,  අද්විතීය මූල්‍ය විසඳුම් රාශියක් මේ රටේ ජනතාව වෙත ලබා දීමට අපට හැකි වෙලා තිබෙනවා. කුඩා කල සිට ම ඉතිරි කිරීමේ යහපත් පුරුද්ද මේ රටේ දරු පරපුර තුළ ඇති කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.  ඒ වගේ ම දැනටමත් අප සමඟ අත්වැල් බැඳගෙන සිටින ගනුදෙනුකරුවන්ට, තම දරුවන්ගේ අනාගත මූල්‍ය කටයුතු සැලසුම් කිරීමට ඔවුන්ගේ විශ්වාසවන්ත ම මූල්‍ය සේවා සපයන්නා වන අප සමඟ එක් වීමෙන් වැඩි ප්‍රතිලාභ ලබාගත හැකියි.  Orient Minor Savings ඉතිරි කිරීමේ ගිණුම හරහා දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම නව ගිණුම, වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ මේ රටේ ජනතාව වෙත අප ලබා දෙන  ස්ථාවර මූල්‍ය සේවාවන්ට ඉතා හොඳ උදාහරණයක්.” යනුවෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී කේ. එම්.එම්.ජාබිර් මහතා පැවසුවේය.

දරුවන් තුළ යහපත් ජීවන රටාවක් ගොඩනැංවීම සඳහා යහපත්  පුරුදු අත්‍යවශ්‍ය වේ. මෙම දැක්මට සමගාමීව මෙවර ළමා දිනය නිමිත්තෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම විසින් කුඩා කල සිට ම දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දුන් අතර, එමගින් අනාගතයේ දී ඔවුන්ගේ  උසස් අධ්‍යාපනයට හා විදේශ අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය අත්වැළක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.

වසර 40 කට වැඩි කාලයක් පුරා ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නව්‍ය හා පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් සේවා සපයන්නෙකු ලෙස ස්ථාවරත්වයට පත් වී ඇති අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් කාලීන මූල්‍ය නිපැයුම් හඳුන්වා දෙන ආයතනයක් ලෙසින් ද ප්‍රචලිත වී ඇත.  ජනශක්ති සමූහයේ ශක්තිය ද සමඟින්, සිය මූල්‍ය විසඳුම් කලඹ ශක්තිමත් ලෙස ඉදියට ම ගෙන යන ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම Orient Minor Savings ඉතුරුම් ගිණුම හරහා ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

  • Ada Derana BIZ Sinhala
  • Greasemonkey.lk
  • Orient Finance
  • sri lanaka

රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි

August, 29, 2022

ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට Orient Finance PLC මේ හරහා ක්‍රියා කරයි.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා, Orient Finance පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනා වලට යටත්ව, රථවාහන අමතර කොටස් සහ උපාංග, වාහන ආරක්ෂණ නිෂ්පාදන, එන්ජින් ඔයිල් සහ ලිහිසි තෙල්, වාහන තත්ත්‍ව වාර්තා ලබාගැනීම් ආශ්‍රිත සේවා ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. මෙහිදී www.greasemonkey.lk හරහා භාණ්ඩ මිලදී ගන්නා Orient Finance පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් සිය භාණ්ඩ මිලදී ගැනීම සහතික කරමින්, විශේෂ කේතයක් (code) ලබාදෙන අතර, කිසිඳු කරදරයකින් තොරව භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට ද අවස්ථාව හිමිවේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, Orient Finance PLC හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී K.M.M. ජබීර් මහතා මෙලෙස පවසා සිටියි. "මෙම අභියෝගකාරී කාලසීමාව තුළ අප පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, Greasemonkey.lk හා මේ ආකාරයේ හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වෙනවා. පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳ සැළකිල්ලට ගනිමින්, අප පාරිභෝගිකයින්ගේ මූල්‍ය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා  වන පිරිවැය ඉතිරි කිරීමේ බහුවිධ මාර්ග පිළිබඳ අප දැඩි අවධානයකින් කටයුතු කරනවා වගේම, නිරන්තරයෙන්ම අප ගනුදෙනුකරුවන් ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා අප කැපවී ක්‍රියා කරනවා.  මෙම හවුල්කාරීත්වය හරහා, දැන් අප පාරිභෝගිකයින්ට ඔවුන්ට අවශ්‍ය දෑ වඩාත් පහසුවෙන් මිලදී ගෙන, නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී තියෙනවා. මෙම හවුල්කාරීත්වය අප පාරිභෝගික ජීවන තත්වයන් උසස් කරනවා යැයි අපට විශ්වාසයි. එසේම, අපගේ ගනුදෙනුකරුවන් මෙම සුවිශේෂී දීමනාව භාවිතා කර එහි ප්‍රතිලාභ ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. තවද, 41 වසරක ගමන් මඟ තුළ, අප සාර්ථකත්වය පසුපස සිටි සියලුම පාරිභෝගිකයන්, සේවකයින් ඇතුලු සියලුම පාර්ශවකරුවන් වෙත ස්තුතී කිරීමට මෙය මම අවස්ථාවක් කර ගන්නවා. පසුගිය දශක 4ක කාලය පුරාවට මෙන්ම ඉදිරියේදීත්, අප පාරිභෝගිකයන් වෙනුවෙන් කැපවෙමින්, ඔවුනට අවශ්‍ය මුල්‍යමය සහයෝගය සහ ශක්තිය ලබා දීමට අප දිගින් දිගටම ක්‍රියා කරනවා."

"අපගේ වටිනා පාරිභෝගික පදනම වෙත සේවාවන් ලබාදීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන Orient Finance PLC හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන උපාංග වෙබ් අඩවිය වන Greasemonkey.lk වෙත පිවිසෙන පාරිභෝගිකයන් වෙත, වාහන අමතර කොටස් සහ උපාංග ඇතුලුව, පුළුල් පරාසයක විහිදුනු භාණ්ඩ හා සේවා රැසක් මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිලාභ ඉදිරියටත් වර්ධනය කරමින්, පාරිභෝගිකයින් වෙත උපරිම සහන සැලසීමට අප ක්‍රියා කරනවා." Greasemonkey.lk හි කළමනාකරණ අධ්‍යක්ෂ නිදුක්ෂ වීදීසිංහ මහතා පවසයි.

වසර 41ක කාලය පුරාවට, ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය බලගැන්වූ, Orient Finance PLC, වඩාත් කාලෝචිත නිෂ්පාදන පිරිනැමීම් වෙළඳ පොලට හඳුන්වා දෙන, නව්‍ය, පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස නම් දරා ඇත. පාරිභෝගිකයින්ගේ සහ ජාතියේ මූල්‍ය යහපැවැත්ම පිලිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන Orient Finance PLC, පාරිභෝගිකයින් ශක්තිමත් කිරීම උදෙසා වඩාත් උපායමාර්ගික විසඳුම් රැසක් දියත් කරමින් සිටියි.